(ආරියරත්න රණබාහු සහ තිලකරත්න දිසානායක)
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
මේ රටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන වසර බවට ලබන වසර පත් කරන බවකි ජනාධිපතිවරයා දුගී දුප්පත් බවෙන් පෙළෙන ජනතාව ඉන් මුදා ගැනීම තම පාලන සමය තුළදී ඉටු කරන බවද කීය.
ඒ සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහි කිරීමට මේ මස 14 වෙනිදා සිය ඡන්දය මාලිමාව වෙනුවෙන් කැප කරන ලෙස ඒ මහතා ජනතාවගේ ඉල්ලා සිටියේය
"රට හදන අපි එකට" "මැතිසබය ක්ලීන් කරමු මාලි මාවෙන් පුරවමු" යන තේමාව යටතේ ගම්පහ නගර සභා පිටියේ පැවති ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මහ මැතිවරණ ප්රචාරක රැස්වීම් මාලාවේ අවසන් රැලිය අමතමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය
ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
මහා ඡන්දේ අවසන් දිනය අදයි. මම කිව්වා අපි දිනන්න ඕන ඇඬෙන්න කියලා ඒත් දැන් අපිට පේනවා අපි දිනන්න ඉස්සෙල්ලම කට්ටිය අඬනවා. ඒක එහෙම වෙන්න ඕන. දශක හතකට වැඩි කාලයක් විරාජමානව ඒ අය මේ රට පාලනය කළා. මේ වෙනකොට රටේ ජනතාව පොදු ජනතාවගේ අතට බලය හුවමාරු කර තිබෙනවා
දූෂිත ප්‍රභූ අයගේ පාලනයෙන් මේ රට නිදහස් කරන්න ජනතාවට හැකි වුණා. කවදාවත් මේ දෙයක් වෙයි කියලා ඔවුන් සිතුවේ නෑ. මේ පරාජය දරා ගන්න බැරුව ඒ අය එකම කතාව විවිධ විදියට කියනවා. මේ පාලනය බිඳ වට්ටන්න ඔවුන් මාන බලනවා
හැත්ත හතේ ඉඳන් පාර්ලිමේන්තුවේ ඉන්න කෙනා විශ්‍රාම ගන්නවා කිව්වා ආයෙ ඉන්නෙ නෑ කිව්වා. ඒත් තාම දේශපාලනය කතා කරනවා. ඔවුන් උත්සාහ කරන්නේ මේක හරවන්න නමුත් ජනතාව ඒකට ඉඩ දෙන්නේ නෑ. රටේ උතුරු නැගෙනහිර ජනතාව ඇතුළුව බොහෝ ජනතාවක් සුබවාදී බලාපොරොත්තුවක් අප කෙරෙහි තබා තිබෙනවා.
මේ රටේ දේශපාලනය පිරිසිදු කිරීම කළ යුතුයි. මෙහිදී පාර්ලිමේන්තුව පළමුවෙන්ම පිරිසිදු කිරීම සිදු කළ යුතුයි. මේ වෙනස සිදු කිරීම පිනිස පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරවීමට පියවර ගනිමු."
අමාත්‍ය විජිත හේරත් මහතා අදහස් දක්වමින් , අදවන විට තිදෙනෙකුගෙන් යුත් ඇමති මණ්ඩලයක් විසින් රට පාලනය කරන බවත් අතීතයේ සිටි ඇමතිවරුන් අතර කාර්ය භාරයක් නොමැති වශයෙන්ද කොටසක් පත්ව සිටි පැවසූ අතර මේ වන විට එම ජනතා මුදල් කාබාසිනියා කිරීම අවසන්වී ඇති බවද කීය.
මෙහිදී අමාත්‍ය විජිත හේරත් , ජාතික ජනබලවේගය විධායක සභිකයින්වන අපේක්ෂක මහින්ද ජයසිංහ , අශෝක රන්වල , මහාචාර්ය වසන්තා සුභසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂක මහත්ම , මහත්මීන්ද අදහස් දැක්වූහ.
(ඡායාරූපය: තිලකරත්න දිසානායක)
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව
වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.
පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
ඇමැතිවරුන්ගේ බංගලා සංචාරක නිවස ලෙස යොදා ගන්නැයි ඉදිරිපත් වී ඇති යෝජනාවක් ගැන රජයේ අවධානය යොමු වී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’
m. saman perera Wednesday, 13 November 2024 09:41 AM
ඔබට ජය ජනාධිපති තුමනි .අලුත් ශ්‍රීලංකාවක් ගොඩනගන්න
Eranga Wednesday, 13 November 2024 11:13 AM
පච කියන්නෙත් ඉතින් මාර ගැම්මකට