IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි

(රෝෂන් තුෂාර)

"දැඩිගම" නම භාවිතා කර  රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන  මහනුවර  පුද්ගලික සමාගමකට "දැඩිගම" නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින්  අතුරු තහනම්  නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.පී.ප්‍රනාන්දු මහතා නිකුත් කළේය.

දැඩිගම වෙළඳ ලකුණ භාවිතා කිරීමට තමන්ට අයිතියක් ඇති බවට විත්තිය ඉර්දිරිපත් කළ විරෝධතා  ප්‍රතික්ෂේප කරමින් මෙම අතුරු නියෝගය නිකුත් කළේය.

දැඩිගම වෙළඳ ලකුණට සමාන නම්  යොදා ගනිමින් අසාධාරණ තරඟයක නියැලීම තහනම් කරමින් මෙම අතුරු නියෝගය  මහනුවර කටුගස්තොට, කුරුණෑගල පාරේ ඩි.ඒ.සි.පි. දැඩිගම උකස්  පුද්ගලික  සමාගමට එරෙහිව  නිකුත් කෙරිණි.

දැඩිගම උකස් මධ්‍යස්ථානය(Dedigama pawning sentre)දැඩිගම රන් ණය මධ්‍යස්ථානය(Dedigama gold loan sentre)දැඩිගම උකස්කරුවෝ(Dedigama pawn Brokers) යන නාමයන්ට සමාන නාමයන් භාවිතා කිරීම ,දැඩිගම වෙළඳ ලකුණ භාවිතා කිරීම,දැඩිගම නමින් ප්‍රචාරය කිරීම, දැඩිගම  නමින් නව වෙළඳසැල් ආරම්භ කිරීම තහනම් කරමින් මෙම අතුරු නියෝගය නිකුත් කෙරිණි.

දෙහිවල පාර, මහරගම දැඩිගම ගෲප් ප්‍රයිවට් ලිමිටඩ් හා එහි සභාපති රංජන් මලින් දැඩිගම මහතා  බුද්ධිමය දේපල පනත යටතේ පැවරු නඩුවක් විභාග කිරීමෙන්  පසුව මෙම අතුරු තහනම නිකුත් කෙරිණි.

සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි උපදෙස් පරිදි  නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ  විත්තිකාර සමාගම දැඩිගම කෙරෙහි ජනතා විස්වාසය  හා කීර්ති නාමය  භාවිතා කරමින් ව්‍යාජ ව්‍යාපාරයක නිරතව සිටින බවය.විත්තිකරුවන් විසින් පැමිණිලිකරුවන්ගේ දැඩිගම නාමයට සමාන වෙළඳ ලකුණක් භාවිතා කරමින් එම වෙළඳ ලකුණ ඇතුළත ජනතාවට නොපෙනෙන අයුරින් ඩි.ඒ.සි.පි. අකුරු හතර යොදමින් අසාධාරණ තරගයක නිරත වන බවද පැවසීය. 1950 ආරම්භ කළ දැඩිගම ගෲප් පුද්ගලික සමාගම ශ්‍රී ලංකාව පුරා ශාකා 281 ක් ස්ථාපිත කර ඇති බවත්,විත්තිකරු එම ජනප්‍රියතාවය ව්‍යාජ ව භාවිතා කරමින්  සිටින බවත් පැවසීය.2023 අංක 36 දරණ බුද්ධිමේ දේපල පනතේ 144 වගන්තිය ප්‍රකාරව මෙය නීති විරෝධී ක්‍රියාවක් බවත්,එම පනතේ 121 වගන්තිය,160වගන්තිය  යටතේ අසාධාරණ හා ජනතාව නොමග යවන සුළු ක්‍රියාවන් බවය.

එහෙයින් ජනතා විශ්වාසය දිනූ පැමිණිලිකරුගේ කීර්ති නාමය උපයෝගී කරගනිමින් වෙළඳ කටයුතුවල නිරත වීම වළක්වන වාරණ නියෝගයක් හා අතුරු තහනම් දැන්වීම් නොතීසී විත්තිකරුට නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

විත්තිකාර ඩි.ඒ.සි.පි උකස් සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මහතා කරුණු ඉදිරිපත් කළේය.

විත්තිකාර සමාගම දැඩිගම යන නාමය වසර තිහක( 30) සිට භාවිතා කරන බවත්,විත්තිකරුවන්ගේ පෙළපත් නාමය දැඩිගම වන හෙයින් ඒ භාවිතා කිරීමේ නීතිමය අවකාශ ඇති බවත්,පැමිණිකාර සමාගමේ වෙළඳ ලකුණ කොන්දේසි සහිතව ලියාපදිංචි කර ඇති බවත් විත්තිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ කුවේරද  ද සොයිසා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.එය අනුව පැමිණිල්ලේ ඉල්ලීම නිෂ්ප්‍රභ කරන ලෙසද විත්තිය වෙනුවෙන් ඉල්ලා සිටියේය.

අදාල විරෝධතා ප්‍රතික්ෂේප කර ඇති මහාධිකරණ  විනිසුරු ප්‍රනාන්දු මහතා සිය තීන්දුව ලබාදෙමින් සඳහන් කර සිටියේ වසර තිහක් අදාල වෙළඳ නාමයේ භාවිතා කළේ යැයි විත්තිය කරුණු ඉදිරිපත් කළද ඊට අදාළ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවය.විත්තිකාර සමාගමේ ව්‍යාපාර  කටයුතු ආරම්භ කිරීමේ කරුණු පැමිණිල්ලේ කරුණු දැක්වීම මත බිඳී යන බවද පෙන්වා දී ඇත.විත්තිකරුවන්ගේ පෙළපත් නාමය  වෙළඳ ව්‍යාපාරය හා යා කළ නොහැකි බවත් වෙළඳ ලකුණ කොන්දේසි සහිතව ලියාපදිංචි කිරීම යන හේතුව ඉවත දැමූ මහාධිකරණ විනිසුරුවරයා   පහසුවේ සමබරතාවය යන නීති කොන්දේසිය අනුව වෙළඳ ලකුණේ හිමිකාරීත්වය පැමිණිලිකරුවන් සතු වන බවත් පෙන්වා දෙමින් විත්තිය විරෝධතා ප්‍රතික්ෂේප කරමින් මෙම තහනම නිකුත් කළේය .

පැමිණිකාර සමාගම වෙනුවෙන් සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි උපදෙස් පරිදි නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා සමග නීතිඥ නතායා නානායක්කාර මහත්මිය, නීතිඥ චමත්කා ද සිල්වා මෙනවිය, නීතිඥ ලක්ෂාණි පෙරේරා මෙනවිය සහ නීතිඥ ගිම්හානි හෙට්ටිආරච්චි මෙනවිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

විත්තිකාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මහතා සහ නීතිඥ අමා සඳමිණී මහත්මිය ඇතුළු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ. 



අදහස් (0)

’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 283 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 211 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 566 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 267 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 87 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 257 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site