(අමිල චින්තක ගමගේ)
මෙවර අයවැය දැලි පිහියෙන් කිරිකෑමට උත්සාහ කරන අයවැයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.
අන්තිමට ජනතාවට කිරිත් කෑමට නොහැකිව දිවත් කැපී කෙළවර වීමට ඉඩ තිබෙන බවද ඔහු සඳහන් කළේය.
මෙවර අයවැය රනිල් වික්‍රමසිංහ ගිය නව ලිබරල් පාරෙම ලංකාව තවදුරටත් ගෙන යෑමට උත්සාහ කිරීමක් බවද ඔහු කීය.
බදු ආදායම ඉපයීම සම්බන්ධව ආණ්ඩුවට යෝජනා 22ක් තම පක්ෂය ඉදිරිපත් කළ බවත් ඒවා සැලකිල්ලට ගත් බවක් පෙනෙන්නට නැතැයිද ඔහුු කීය.
තම පක්‍ෂයේ යෝජනාව වූයේ බිලියන ගණන් ලාභ ලබන ධන කුවේරයන්ගෙන් විශේෂ බද්දක් අයකර ජනතාවට සහනදීමට කටයුතු කිරීම බවද පුබුදු ජයගොඩ සඳහන් කළේය.
එසේම බඳු පැහැර හැරී පුද්ගලයන්ගෙන් බදු අය කරන ලෙසද තම පක්ෂය යෝජනා කළ බවද ඔහු කීය.
ආණ්ඩුවේ එකම අපේක්ෂාව වාහන ආනයනයෙන් බදු පවරා සල්ලි සෙවීම වුවත් එය සාර්ථක උත්සාහයක් නොවන බවද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධව ආණ්ඩුව යෝජනා කරන සමහර කරුණු පසුගිය ආණ්ඩුව කිරීමට උත්සාහ කර ජනතා විරෝධය හමුවේ කර ගැනීමට නොහැකි ඒවා බවද ඔහු කීය.
මෙවර අයවැය රනිල්ගේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙනයාමක් බවද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 15000 කින් වැඩිවන බව පැවසුවත් එය වැඩිවන්නේ අවුරුදු තුනක් තිස්සේ බවද සැබෑවටම වැඩිවන ගණන 8250 ක් බවද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමෙන් පමණක් තිබෙන අර්බුදයට විසඳුම් නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
’’දැලි පිහියෙන් කිරි කන්න හදන අයවැයක්’’
Sara Monday, 17 February 2025 03:23 PM
ඔබලා මිනිස්සු පිළිගන්න කියලා... අනුන්ට මඩ ගහන්න එපා.
vatahuna Monday, 17 February 2025 03:25 PM
දිය යටින් ගින්දර ගෙනියන අය ලංකාවේ ඉන්නේ කකුල් දෙකෙන්ම අදින පාරම්පරික හොරු ඉන්දියාවෙන් පැන්නුවා කෙහෙල් කැන් කපන නිසා.
Kamal Koyrala Monday, 17 February 2025 03:37 PM
ඔබලා දුන් යෝජකා ජනගත කරන්න..දැලි පිහියෙන් කිරි කෑමත් අභියෝගයක් තමා අභීයෝග ජය ගත යුතුයි
karolis Monday, 17 February 2025 03:40 PM
දැන් ඉන්න අයත් බලය නැති කාලේ ඔය වගේ ලොකු කයිවාරු ගහ ගහ තමයි හිටියේ. බලය තියෙන කොට තමයි වැඩේ බරපතල කම තේරිලා ඇනගන්නේ. ඔය ගොල්ලොත් කිසි වෙනසක් නෑ එහෙමම තමයි.
මනෝජ් රණවක Monday, 17 February 2025 03:42 PM
දැලිපිහියෙන් ඔයා කපාගන්නේ නැතිව ඉන්න. ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව ඒක ලස්සනට කරයි.
Talagala Monday, 17 February 2025 04:08 PM
කුරුටුගාමීන්ට කෑගහනවා හැරෙන්ට කිසිවක් නෑ. වැඩ බැරි ටාසන්ලා
ගමේ එකාලා Monday, 17 February 2025 04:18 PM
පෙරටු ගාමියෝ කියන අයට මොනවා කළත්, පේන්නේම වැරැදි? මොලේ උඩ වෙන්ඩැති ඉන්නේ?
lakmal Monday, 17 February 2025 04:54 PM
ඔබලා රටට බරක්... වළක් කපාගෙන වැළලෙන්න තමයි වෙන්නේ...
ජයනාත් Monday, 17 February 2025 04:55 PM
මෙයාලා කියන දේවල් මිනිසුන් කොතරම් පිළිගන්නවාද යන්න මෙයාලා ගනිපු ඡන්ද ගණනින් පේනවා...
Chandima Monday, 17 February 2025 04:56 PM
මේවා කියනවාට ගාන ගෙවන්නේ මොන තානාපති කන්තෝරුවෙන්ද? කටු ලෙවකන එකත් මාර ඉල්ලමක් නේද?
පිටරටවැසියා Monday, 17 February 2025 05:01 PM
හරි දැන් ඔය කිව්වානේ, ආණ්ඩුව දැන් දැලි පිහිය පැත්තකට දාලා, කිරිකපන පිහිය අතට අරං කිරි කාවි...!
Ekanayake Monday, 17 February 2025 09:13 PM
උඹල වටේ දැලි පිහියෙන් අසුචි කනවට වඩා කිරි කන එක හොඳයිනේ බං
Shantha Tuesday, 18 February 2025 05:58 AM
අනේ පලයන් බන් යන්න
Sachintha Tuesday, 18 February 2025 11:41 AM
නුඹලාට එකම එක මංත්‍රී තනතුරක්වත් දෙන්න ජනතාව අකමැතිනම් මොකටද මිනිහෝ පක්ෂයක් අටවාගෙන බෙරිහන් දෙන්නෙ.ජනතාව කැමති අය රටේ පාලනේ කරනවා ඒකට බාධාවක් ජනතා මතය තේරුම්ගෙන වදකාරයෙක් නොවී පැත්තකට වෙලා දණිස්දෙක අස්සේ ඔලුව ගහගෙන බුදිය ගනින් බං.උඹටයි මටයි පුලුවන්ද බං ආණ්ඩුවක් කරන්න