IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


’’මාන්නප්පෙරුම ජනපතිවරණයෙදි වැඩ කළේ නෑ’’

(නිමල කොඩිතුවක්කු)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කළ යුතුයි කියන මතයේ සිටි බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් ජනාධිපතිවරණයේදී සක්‍රීය දායකත්වයක් ලබා නොදුන් බවත් සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.

එවැනි තත්ත්යක් තුළ සමගි ජන බලවේගය අජිත් මාන්නප්පෙරුම මහතාට නාමයෝජනා ලබාදෙන්න කටයුතු කළ බවත් හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේය.

පරදින බව දන්න නිසා ඔහු මහමැතිවරණයට තරඟ කිරීමෙන් ඉවත්ව ඇති බවත් සමගි ජන සන්ධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසීය.

එහිදී තවරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේද කීවේය.

“අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති කරවන්න තමයි මුල ඉදලම කටයුතු කළේ. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අජිත් මාන්නප්පෙරුම මහතා සක්‍රීයව දායකත්වය ලබා දුන්නේ නැහැ. නමුත් සමගි ජන බලවේගය අජිත් මාන්නප්පෙරුම මහතාට නාමයෝජනා ලබාදීමට කටයුතු කළා. නාමයෝජනා භාරදීලා ඡන්දය ඉල්ලන්න නොහැකි බව ඔහු ප්‍රකාශ කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ කුමන්ත්‍රණයේ දිගුවක් ලෙස තමයි අපි දකින්නේ.

පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය නිසා ජනතාවගේ ජන ජීවිතය සම්පුර්ණයෙන්ම අඩාල වෙලා තිබෙනවා. ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා වන රජයේ මැදිහත්වීම ඉතාම අවම මට්ටමක තමයි පවතින්නේ. ගංවතුරෙන් පීඩාවට පත්වුණ ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා රජය නියෝජනය කරන කිසිදු දේශපාලඥයෙක් එම ස්ථානවලට නොගිය බවට අපට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ගංවතුරෙන් පිඩාවට පත් ජනතාවට කඩිනමින් සහන ලබාදීමට කටයුතු කරන්නැයි කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. 



අදහස් (3)

’’මාන්නප්පෙරුම ජනපතිවරණයෙදි වැඩ කළේ නෑ’’

Sriyal Tuesday, 15 October 2024 05:34 PM

මෙයාට පිස්සුද මාන්නප්පෙරුම හොඳින්ම වැඩ කළ අයෙකු බව මම දනිමි...!

:       1       0

යෝගා Tuesday, 15 October 2024 05:45 PM

මාන්නප්පෙරුමව කැපුවේ කවුද කියලා දැන් පැහැදිලියි. තමුන්ගේ නෝංජල් නායකයාට ඡන්දය ඉවර වෙනකල්වත් දිස්ත්‍රික්කයේ සමගිය රැකගන්න බැරි වුණු බවත් පැහැදිලියි...!

:       0       4

බණ්ඩා Tuesday, 15 October 2024 05:56 PM

මාන්නප්පෙරුම සජිත් දිනවන්න වැඩ කළාද නැද්ද? අපි දන්නේ නෑ. හැබැයි මාන්නප්පෙරුම කියන්නේ උගත්, බුද්ධිමත් මිනිහෙක් බවත්, තාත්තලා නිසා රට කන්න දේශපාලනයට ආපු මිනිහෙක් නොවෙන බවත් අපි දන්නවා. සජිත් කියන්නේ පුද්ගලික අපේක්ෂා සහිත, රාජපක්ෂලාගේ පන්නයේම කෙනෙක් බව දැන දැනත් තවම ඒ වගේ පුස්සෙකුට කඩේ යන අයට ජනතාව මෙදා හොඳ පාඩමක් උගන්වයි. එදාට රනිල්ගේ පිහිට නැතුව වෙන පිහිටක් ඔහේටත් නැතිවෙයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දැදුරුඔය ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 15 46 0

දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී


පාසල් හෙට සිට යළි විවෘතයි
2024 ඔක්තෝබර් මස 15 47 0

මහවැසි හේතුවෙන් තාවකාලික වසා දැමුණු පාසැල් හෙට(15) සිට සාමාන්‍ය පරිදි යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් තිදෙනාට නඩු
2024 ඔක්තෝබර් මස 15 203 0

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව මැතිවරණ වියදම් වාර්තා ලබා නොදුන් බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු තිදෙනාට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභ


රිය අනතුරකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 15 68 0

මරදන්කඩවල ගනේවල්පොල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ලොරියක් එකිනෙක ගැටී අද (15) සිදුවූ රිය අනතුරකින් යතුරු පැදි කරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


ශිෂ්‍යත්වය යළි ඉල්ලා අධිකරණයට යති
2024 ඔක්තෝබර් මස 15 422 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටින මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සි


සුරාබදු ලොක්කන්ට ලක්ෂ 12 ගෙවන්න වෙයි
2024 ඔක්තෝබර් මස 15 962 1

සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 485 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1460 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site