(යොහාන් භාසුර)
මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්තමානයේ මෙරට වඩාත් ජිවිත තර්ජන ඇති පුද්ගලයා බවත් අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිතුමා වුවත් ඔහුට ජිවිත තර්ජනයක් නෙනාමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (3) පැැවසීය.
සාගර කාරියවසම් මහතා, බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අද (3) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
ත්‍රස්තවාද සංවිධානයක් සමඟ ගැටෙනවා කියන කාරණය සරළ දෙයක් නොවන බවත් ඉන්දිරා ගාන්ධී සික් ත්‍රස්තවාදි සංවිධානයකට එරෙහිව කටයුතු කර ඊට වසර කිහිපයකට පසුව එතුමියගේ ලඟ හිටි සික් ජාතික ආරක්ෂක සෙබලකු ලවා එතුමියව ඝාතණය කළ බවත් ඒ මහතා කීය.
ත්‍රස්තවාදි සංවිධාන පළිගන්නේ දීර්ඝ කාලයක් තරහව හිතේ තියාගෙන බව කී කාරියවසම් මහතා පැවසුවේ දැනටත් බුද්ධි අංශ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වැඩිම ජිවිත තර්ජනයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ට බවත්ය.
එතුමාව ආරක්ෂා නොකර මින් ඉදිරියට එවැනි තත්වයක් ඇතිවු විට ඉදිරියේ පත්වන කිසිම නායකයෙක් රට වෙනුවෙන් තීන්දු සහ අභියෝග භාරනොගන්නා ත්වයක් ඇතිවිය හැකි බව ද ඒ මහතා කීය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට දී තිබෙන නිල නිවස ප්‍රකාශ කරන වටිනාකම් සමඟ බැලුවොත් ඊට වඩා වැඩි අගයක් ගන්නා බවත් එතුමා ඒ සම්බන්ධයෙන් පළමුවෙන්ම තීරණයක් නොන්නේ ඇයිදැයි ගැටලුවක්මතුවන බවත් කාරියවසම් මහතා සඳහන් කළේය.
අනුර කුමාර දිසානායක මහතාට මහනිද් රාජපක්‍ෂ මහතා පමණක් ප්‍රශ්නයක් වීම මත එය සම්පූර්ණයෙන්ම කුහකකම සහ පළිගැනීමක් බව ක කීය.
ඡන්දහිමි නාම ලේඛනයට සියලු පුරවැසියන් ඇතුලත් විය යුතු බැවින් සුදුසුකම් ලැබු ඡන්දහිමියන් අත් නොහැරෙන අකාරයට ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන බව අතිරේක මැත
නීතිඥ සුපුන් විජේරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි අද (3) වැඩ බාර ගත්තේය.
රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදී ඇතිවන අධික ප්‍රමාදය වැලැක්වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙ
පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් දරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කිරීමෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ආණ්ඩුක්‍රම ව්‍යව
මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්තමානයේ මෙරට වඩාත් ජිවිත තර්ජන ඇති පුද්ගලයා බවත් අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිතුමා වුවත් ඔහුට ජිවිත තර්ජනයක් නෙන
ශ්‍රී ලංකාවේ පෞරාණික තැපැල් කාර්යාලයක් වූ ගාල්ල කොටුව තැපැල් කාර්යාලය නිරීක්ෂණය කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා එහි සංචාරය ක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
’’මෙරට වැඩිම ජිවිත තර්ජන ඇත්තේ මහින්දට’’
Panku Monday, 03 February 2025 03:49 PM
හොරුන්ට තමයි තර්ජන තියෙන්නෙ.
admin Monday, 03 February 2025 04:40 PM
මැසි මදුරුවන් ගෙන්ද කොල්ලෝ
Dewa Monday, 03 February 2025 04:56 PM
මොකද්ද මේ නිමක් නැති අදෝනාව ?
සාලිය Monday, 03 February 2025 05:00 PM
අපූරුවට උන්නු මහින්ද මහත්තයා විනාස කලේ සාගර වගේ උන් තමයි.
චතුරි Monday, 03 February 2025 05:36 PM
ඒක නම් ඇත්ත ගෝනෝ මොකද මහින්දගේ පවුලේ අයතරම් දූශිත වැඩ කෙරුවේ නැහැ කිසි නායකයෙක් මහින්දට බය තියෙන්නේ ආරක්ෂාව නැති වුනොත් පවුලට මැරුම් කන්න වෙන එක රජ්ජුරුවෝ වගේ හිටියා රජපැටව් වගේ ජීවත් වුණා. මිනීමැරුම් මන්කොල්ල නිධන් හාරපුවා පගාව මොනවද නොකලේ..? ත්‍රස්ත වාදීන්ගෙන් කිසිම තර්ජනයක් නැහැ තියෙන්නේ ගනුදෙණු කරපු කට්ටියගෙන් පුතාලාට බිරිඳට සහෝදරයින්ට එක රැයින් යන්න වෙනවා... මේ නඩේගෙන් අහන්න කැමැති මහින්දගේ ආරක්ෂාව ගැන කතා කරන්න මාත් එක්ක එන්න කියලා...
ගුණරත්න Monday, 03 February 2025 05:38 PM
අකෘතඥ මිනිස්සු කියන්නේ කවුද කියල බලාගන්න.
Kamal Koyrala Monday, 03 February 2025 05:46 PM
මාධ්‍යයට ප්‍රකාශ නොකර තර්ජන ඇත්තේ කොහේද කියා සවිස්තරාත්මකව අදාළ අංශවලට පැමිණිලි කරන්න. ඔබලා එසේ නොකර තවමත් එතුමාගේ නම විකුණගෙන දේශපාලනය කරන්නයි මේ දඟලන්නේ.