IMG-LOGO

2024 ඔක්තෝබර් මස 30 වන බදාදා


’’ලංකා ආර්ථිකයේ කොන්ද කෙලින් කරනවා’’

 

(අංජුල මහික වීරරත්න)

රටේ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බැවින්  ඊට අපනයනකරුවන්ගේ පූර්ණ සහය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අපනයනකරුවන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේය. 

අපනයන වෙළෙඳ පහසුකම් සැලසීමට අනෙකුත් රාජ්‍ය ආයතන සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධ කර ගනිමින් තනි සේවා කවුළුවක් නිර්මාණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයන වලට සම්බන්ධ රජයේ ආයතන වල කාර්යක්ෂමතාව ඉහල නැංවීම හා  ඩිජිටල්කරණයේ වැදගත්කම පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය.

එසේම බලශක්ති මිල සැලකිය යුතු මට්ටමකින් පහල දැමීම, විදේශ අයෝජන ප්‍රවර්ධනය, ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශය ලබා ගත හැකි පරිදි තානාපති සේවා ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු කරුණු පිළිබඳ රජයේ අවධානය යොමු ව ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

මෙම සියලු අරමුණු ඉතා කෙටි කලක් ඇතුලත ඉටු කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ පුළුල් දායකත්වය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.

ඉදිකිරීම්, භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම්, මත්ස්‍ය අපනයන, තොරතුරු තාක්ෂණ, මැණික් හා ස්වර්ණාභරණ, මුද්‍රණ, වීදුරු හා පිඟන් භාණ්ඩ, කුළුබඩු කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් අපනයනකරුවන් මීට එක්ව සිටි අතර  එක් එක් කර්මාන්ත වලට අදාලව සහ පොදුවේ අපනයන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ හා ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි. 



අදහස් (2)

’’ලංකා ආර්ථිකයේ කොන්ද කෙලින් කරනවා’’

යෝගා Wednesday, 30 October 2024 09:59 AM

ඔය තනතුරුවලට දාගෙන ඉන්න සෙට් එක එක්කනම් ටිකක් රෑ වෙයි කොන්ද කෙලින් කරන්න

:       4       13

Don perea Wednesday, 30 October 2024 11:29 AM

ඔබතුමා හරක් ඉන්න රටක ජනාධිපති හින්දා හොඳයි .මුන් ඕන දෙයක් අහනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැකිරාවේ වැව් බැම්මක් අසල අභිරහස් මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 30 15 0

කැකිරාව මුඩුපෙරුමාගම වැව් බැම්ම අසළ තිබී අභීරහස් ලෙස මිය ගියපුද්ගලයකුගේ මල සිරුරක් කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (30) පෙරවරුවේ සොයා ගෙන ත


ඡන්ද පෝස්ටර් ඇලවූ දෙදෙනෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 30 241 0

මැතිවරණ නිති උල්ලන්ගනය කරමින් පෝස්ටර් ඇලවු දෙදෙනකු පෝස්ටර් එක් දහස් දෙසියයක් ත්‍රී රෝද රථයක් සමග සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලීසිය පවසයි .


’’ලංකා ආර්ථිකයේ කොන්ද කෙලින් කරනවා’’
2024 ඔක්තෝබර් මස 30 720 2

රටේ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බැවින් ඊට අපනයනකරුවන්ගේ පූර්ණ සහය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


’’ විපක්ෂයට ගිහින් ආණ්ඩු බලය ගන්නත් වේවි’’
2024 ඔක්තෝබර් මස 30 1723 5

ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය ලබාගෙන ඔවුන්ට ’’ටටා බායි’’ කිව්වත් ගෑස් සිලින්ඩරයේ කණ්ඩායම රාජ්‍ය සේවක අයිතීන් දිනා දෙන තුරු සටන අත්හරින්නේ නැතැයි හි


මුදල් අච්චු ගැසීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 30 951 2

රුපියල් බිලියන සියයක මුදල් අච්චු ගැසුවා යැයි කියන කතාව ප්‍රතික්ෂේප කරමින් සහ මුදල් අච්චු ගැසීම පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදන


තැපැල් ජන්දය සලකුණු කිරීමට හැදුනුම්පත අනිවාර්යයි
2024 ඔක්තෝබර් මස 30 196 0

පාර්ලිමේන්තු මැතිවරණයේ අද (30) පැවැත්වෙන තැපැල් ජන්ද සලකුණු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ වලංගු හැදුනුම්පතක් අනිවාර්යය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් ස


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1068 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 615 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site