(ආරියරත්න රණබාහු)
හොරුන් අල්ලන්න මෙතරම් ප්‍රමාද ඇයිදැයි හොරුන්ම අපෙන් විමසුවත් එය ක්‍රමානුකූලව කරන ක්‍රියාවක් බැවින් ඊට රජයට කිසිදු හදිසියක් නැතැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කැස්බෑවේදි පැවසුවාය.
කැස්බෑව නගර සභා ශ්‍රවනාගාරයේ පැවති කැස්බෑව ආසනයේ ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුව අමතමින් ඒ බව පැවසු අගමැතිනිය එහිදී මෙසේද කීවාය .
හොරු අල්ලන්න ප්‍රමාද මොකද කියලා හොරුම අපෙන් අහනවා.කලබල වෙන්න එපා.අපි මේ හොරා පොලිස් සෙල්ලම කරනවා නෙවෙයි. .ඒගොල්ලෝ වගේ නාට්‍යයක් රඟ දක්වනවා නෙවෙයි
රටක් හදන්න අපි මේ උත්සාහ කරන්නේ. හොරු ඇල්ලීම මාධ්‍ය ඉස්සරහා කරන රඟනයක් නෙවෙයි.අපි ඒගොල්ලෝ වගේහොරු බොරුවට අල්ලලා බන්ධනාගාර රෝහලට යවල පසුව අත්සනක් වැරදුනා කියලා එළියට යවන්න නෙවෙයි මේක කරන්නේ.
අපි මේක කරන්නේ හරියට නීතියට අනුවයි හරි දඬුවමකට ලක් කිරීම අවශ්‍යයි. ඒවා නිවැරදි විදියට කළයුතුයි. ඒනිසා අපට කලබලයක් හෝ හදිසියක් නැහැ .ඒවා ක්‍රමානුකූලව කරගෙන යනවා.කට්ටියට හිරේ යන්න හදිසි උනාට අපට කරන්න දෙයක් නෑ. අපේ ගිවිසුම තියෙන්නේ පරජය වු පක්ෂවලට හෝ පුද්ගලයන්ට උත්තර දෙන්න නෙවෙයි ජනතාව සමඟයි.
මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි මහතාද අදහස් දැක්වීය
දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැන
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.
මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදි මීට ටික වේලාවකට පෙර පිලි පැනිමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව
හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා අඩු කර ඇත.
හංවැල්ල ආටිගල පාර බටවල හන්දිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවෙසට අද (31) අලුයම යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් ඇතැ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
’’හොරු අල්ලන්න ප්‍රමාද ඇයිදැයි හොරුන්ම අහනවා’’