IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’

(අංජුල මහික වීරරත්න)

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ  පුළුල් සන්ධානයක්  හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ  මහතා පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානය බිහිකරන බවද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

වික්‍රමසිංහ මහතා නව සන්ධානයට නායකත්වය දුන්නද ඔහු මහ මැතිවරණයට තරඟ කරන්නේ හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්නේ නැතැයි දැනුම් දී තිබෙන්නේ යැයිද අලුත්ගමගේ මහතා කීය.

ගෝඨාභය ජනාධිපතිවරයා කළ දේම දැන් අනුර කුමාර ජනාධිපතිවරයාත් කරමින් සිටින බව කී අලුත්ගමගේ මහතා ගෝඨාභයත් ජනාධිපති වූ සැණින් ජනාධිපති කාර්යාලයේ වාහන 993ක් වෙනත් ආයතන වලට බෙදා දෙමින් ජනාධිපති කාර්යාලයේ දවල් බත් වේල කපා හරිමින් ,කිරි තේ වෙනුවට ප්ලේන්ටි දෙමින්,  ජනපති මැදුර වෙනුවට පුංචි ගෙදරක ජීවත් වෙමින් කටයුතු කළ බව පැවසීය.

ජනතාව වැඩි බලාපොරොත්තු තියාගෙන ආණ්ඩු හැදූ විට එම පාලනය ගෙනයාම ඉතා අමාරු බව කී අලුත්ගමගේ මහතා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටත් සිදුවූයේ එයම බව කීය.



අදහස් (18)

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’

Prabha Sunday, 29 September 2024 03:21 PM

නීතිය හරියට ක්‍රියාත්මක වුණොත් ගමන කෙළවර වෙන්නේ වැලිකඩින්....

:       7       87

පිටිගල මිලානෝ Sunday, 29 September 2024 03:43 PM

වැලිකඩින්ම ගමන යලි අරඹමු…

:       6       52

චතුරි Sunday, 29 September 2024 03:44 PM

ගෙදරින් පෝරකේට. යන්න ලෑස්තිවෙන්න. හතර ව්ටේ ගහාපු පැට්ව්වුන්ට කන්න දෙන්න. බිරින්දෑවරුන්ට. ශෝ එකට ඉන්න මුදල් දෙන්න ක්‍ර්මයක් දැන් නැහැනේ. රනිල්ව ගෙදර ඇරියේ ජනතාව ඔබලාව පොරකේට අරින්නෙත් ජනතාව. ඔබලා බුදිය ගත්තාට කමක් නැහැ. මතක තියා ගන්න ලොකේ හැම දේශපාලකයෙක්ම ජනතාවට වැඳගෙන ඉන්නේ. හැන්ද ජනතාව අතේ. කොහොමද? දැන් සැපද? මයිනාගෙ පිහාටු ගැලවෙන කොට. අයින් කරලා. අනිත් මයිනාගේ පිහාටුත් හැලෙන්න අරන් තියෙන්නේ..!

:       3       41

ගමේ එකාලා Sunday, 29 September 2024 03:45 PM

පොහොට්ටුවේ ඉඳලා හොරාකාලා බඩවඩා ගත්තු එවුන් දැන් මොකටද රනිල් එක්ක යන්නේ? රනිල් එක්ක තියා මොකා එක්ක ගියත් වැඩක් වෙන එකක් නැහැ. රටම හොරාකාලා විනාශ කරපු කාලකන්නි දූශිත දේශපාලුවන් ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි.

:       3       38

Boxter Sunday, 29 September 2024 04:02 PM

ඔව් ඔව්. ගමන නං යන්න ලං වෙලා ඉන්නේ කියලා පෙනෙනවා.

:       2       24

සෙනෙවිරත්න Sunday, 29 September 2024 04:04 PM

අනේ යනවා හලෝ, රනිල්ම කියනවා තමුන්ලාගෙන් බලාපොරොත්තු වෙච්චි ඡන්ද ලැබුනේ නැතිබවත් ඉදිරියට ඔහේලා එක්ක නැති බවත්, මෙයා පයින් ගහන ගමන් පයේ එල්ලිලා අනුරට වහසි බස් කියවනවා. තමුන්නැහැලා තනිවම ඉල්ලන්නකෝ... එතකොට තත්ත්වය බලාගත හැකියි, ගෝඨාභය කළදේ අනුර නොකරන බව හොඳටම දැනගෙන කුහකයා වගේ කියවනවා, තව ටික දවසක් ඉන්නකෝ...!

:       1       17

VIMAL Sunday, 29 September 2024 04:12 PM

සැරයටියෙන් අපි යනෙන තුරා.. සංසාරේ අපි එකට ඉමු.

:       1       14

ranjith Sunday, 29 September 2024 04:43 PM

රටේ වාසනාවට මේ හොරු ටික එක මිටට සෙට් වුණේ... එක මිටට ගෙදර යවන්න පුළුවන් ඡන්දෙන්. ඊට කළින් හොරකම්වලට අහුවුණොත් මහඋළුගෙදර තමයි.

:       0       8

Dinesh Sunday, 29 September 2024 04:48 PM

රනිල් එන්නේ නැතිනම්, අගමැති අපේක්ෂක කවුද?

:       1       3

සචිත් Sunday, 29 September 2024 05:06 PM

මොනවා වුණත් ඇත්ත කියනවා නේද..? ගෝඨාභයට වටේ හිටපු අය තමා එයාව විනාශ කළේ. වටේ හිටියේ ඉතිං ඔයා වගේ අයනේ..

:       2       8

sukitha Sunday, 29 September 2024 05:17 PM

අනුර මොවුන්ගේ ප්‍රතිවාදියා වුවත් ඒ විවේචනය ඉතා වැදගත් සහ නිවැරැදි එකක්. හිතේ ඇතුළ අපිරිසිදු නම් මෙවැනි විවේචන නොකර අනුරලා විනාශය කරා ඇදී යන විදිය බලා සිටින්න තිබුණා. ගෝඨාභය විවේචනය කළ සුසිල් ප්‍රේම ජයන්ත කැබිනට් එකෙන් එළියට දැම්මා...

:       3       2

WCA Sunday, 29 September 2024 05:38 PM

ගෝඨාභය පත්කළේ ඔහේලා එකතුවෙලා අනුර පත්කරේ මිනිස්සු එකතුවෙලා... ඒකයි වෙනස.

:       0       0

රම්බොඩ Sunday, 29 September 2024 05:41 PM

පාලනය, එළියේ සිට කතා කරනවා සේ පහසු කාර්යයක් නොවේ. එබැවින් ඉතා පරිස්සමෙන් සහ පළපුරුදු අය සමඟ කරගෙන යා යුතුයි. අනුන්ගෙන් පළිගැනීම වැනි කාර්යයන් සඳහා කාලය වැය නොකර රට හොඳින් පාලනය කර ගැන්මට මූලිකත්වය දීගෙන යනවා මිසක අනවශ්‍ය දේ මුලින්ම පටලවා නොගත යුතුයි. බොරු ෂෝ පෙන්වීමද යහපත් දෙයක් නොවේ...!

:       0       0

Rohana Sunday, 29 September 2024 05:43 PM

ඒ ගෝඨාභය මේ අනුර ගෝඨාභයයි, අනුරයි සංසංදනය කරන්න බෑ. ගෝඨාභය කිව්ව විදියට කාබනික පෝරම හොඳයි කියලා ඇන ගත්තා මතකද?

:       0       0

Rata Perata Sunday, 29 September 2024 05:54 PM

අවංකවම දැන්නම් මේ කාලකණ්ණි දකින කොටත් අප්පිරියයි...

:       0       1

fairoos Sunday, 29 September 2024 05:58 PM

ගෝඨාභයට කෙළවුණේ බහුතර සිංහල ඡන්දෙන් දිනපු නිසා... ජාතිවාදයෙන් රට කරන්න ගිහින්...

:       0       0

ජයනාත් Sunday, 29 September 2024 06:02 PM

ඔබලා ජනාධිපතිවරණයට කලින් කිව්වා නේද නියත ජනපති රනිල් කියලා. අන්න ඒ ප්‍රතිඵලයම තමයි මහ මැතිවරණයට දෙන්නෙත්. ඊටත් භයානකයි. ඔබලා සේරම එකට තියලා වැලිකඩට යවන්න පුළුවන්. රට කාබාසිනියා කලේ ඔබලා... ඔබලා ගෝඨා එක්ක හිටි නිසා එයාට ගෙදර යන්න වුණාට අනුරට එහෙම නැහැ...

:       0       1

කිරු Sunday, 29 September 2024 06:03 PM

කනත්තට තමයි ඉතින් යන්න තියෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 11 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 646 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1531 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3425 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1796 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 688 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site