IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


’’මං විශ්‍රාම ගියේ නෑ: අපි 113ක් ගන්නවා’’

(අංජුල මහික වීරරත්න)

මෙවර මහ මැතිවරණයේදී පොහොට්ටුව ඉතා ලෙහෙසියෙන්ම 113 ක ආසන සංඛ්‍යාව ලබා ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

තමා දේශපාලනයෙන් විශ්‍රාම ගියේ නැතැයි කී මහින්ද රාජපක්ෂ මහතා මේ තාවකාලික සමු ගැනීමක් පමණක් බවද සඳහන් කළේය.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.

ප්‍රශ්නය:- මැතිවරණ සූදානම කොහොමද?

පිළිතුර:- සූදානම්

ප්‍රශ්නය:- පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය ගැන කිව හැක්කේ කුමක්ද?

පිළිතුර:- ඉතා පහසුවෙන් වැඩි ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කරනවා.

ප්‍රශ්නය:- ඔබ මැතිවරණයට ඉදිරිපත් නොවීම දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමක්ද?තාවකාලික සමු ගැනීමක්ද?

පිළිතුර:- තාවකාලික සමුගැනීමක් පමණයි.දේශපාලකයෙක් කවදාවත් විශ්‍රාම යන්නේ නැහැ.

ප්‍රශ්නය:- කට්ටිය මෙලෙස විශ්‍රාම යාමට පටන් ගෙන තිබෙන්නේ ප්‍රථම වතාවට බව ජනපති ප්‍රකාශ කර තිබුණා.

පිළිතුර:- මා ඒ කතාව පිළිගන්නේ නැහැ.ඡන්දෙ ඉල්ලපු නැති කීදෙනෙක් ඉන්නවද?

ප්‍රශ්නය:- රාජපක්ෂවරු මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවීම ගැනත් සමාජ කතා බහක් ඇතිවී තිබෙනවා.

පිළිතුර:- රාපක්ෂවරු ඔය ඉන්නේ. ශෂීන්ද්‍ර රාජපක්ෂ මොණරාගලින් ඉල්ලන්නේ.

ප්‍රශ්නය:- පොහොට්ටුවට 113 ගන්න පුළුවන් වේවිද?

පිළිතුර:- අපෝ අපි ලේසියෙන් ඒක ගන්නවා.

 



අදහස් (24)

’’මං විශ්‍රාම ගියේ නෑ: අපි 113ක් ගන්නවා’’

ng Wednesday, 16 October 2024 03:35 PM

හායි.

:       3       8

de silva Wednesday, 16 October 2024 03:35 PM

උත්සාහය අතහරින්න එපා , කැළණි ගඟේ ගැරඩියෙක් හරි බිල්ලෙක් හරි පෙන්වල හැරමිටි ගගහ පස්ස දොරෙන් හරි පාර්ලිමේන්තු ඇවිත් අපිව තව ටිකක් කන්න , අඩු පාඩුවට රනිලුත් අරන් එන්න , මැරුණත් භූතයෙක් වෙලා හරි පාර්ලිමේන්තුවේ ඉන්න.

:       8       42

dasun Wednesday, 16 October 2024 03:36 PM

දැන් සිහි විකාර වෙලා වගේ.

:       6       35

උකුස්සා Wednesday, 16 October 2024 03:36 PM

තමන්ගේ ආසනේම ඇපත් නැහැ. පුතණ්ඩියත් ජාතික ලැයිස්තුවෙන්ද? දන්නවා තරඟ කලොත් ඇපත් නැහැ කියලා.

:       5       27

pakeer Wednesday, 16 October 2024 03:38 PM

113 අරන් මොකද කරන්නේ? හොරකම්ද? හිනා යන්නේ පස්ස පැත්තෙන්... !

:       5       25

ගමේ එකාලා Wednesday, 16 October 2024 03:38 PM

ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු බලලෝබීයා. බල තණ්හාවට වැඩිය දෙයක් නැතුවා. ආසියාවේ ආශ්චර්යය පෙන්නුවා මදි වෙලාද?

:       7       27

premathilaka peramuna Wednesday, 16 October 2024 03:49 PM

113 ගන්න නිසා තමයි පුතාවත් ලිස්ට් එකට දාගත්තේ... කොහෙන් හිනා වෙන්නද?

:       4       27

sukitha Wednesday, 16 October 2024 03:52 PM

මෙතුමා නියෝජනය කරන්නේ අපේ රටේ එක යුගයක්. අදට සාපේක්ෂව ඒ යුගය විවේචනයට ලක් වූවත් ඒ කාල වකවානුවට අනුව ඒවා සාමාන්‍යයි. අද මෙතුමන්ලා නිර්දය ලෙස විවේචනය කරන අය තමන්ගේ තාත්තලා, සීයලා ජීවත් වුණු විදිය, ආකල්ප ගැන සැලකිල්ලෙන් බැලුවොත් තේරුම් ගනීවි ඔවුනුත් විවේචනයට බඳුන් විය යුතු බව..

:       18       14

Nels Wednesday, 16 October 2024 04:26 PM

@sukitha. ඔය තත්ත්වය, ඒ කියන්නේ සාපේක්ෂතාව අපේ ගොඩාක් අයට තේරුම් ගන්න ඕනෑ නෑ. හේතුව නිසා තමුනුත් කවදා හරි ඔහොම වෙයි කියලා හිතන්න අකමැති නිසා. හොඳම උදාහරණයක් තමයි හිටපු ජේවීපී නායක සෝමවංශ අමරසිංහ මහතා. ඔහු ජවිපෙන් ඉවත් වුණේ ඔහුව අනුර කුමාර ඇතුළු නව පරපුර පිළිගත්තේ නැති නිසා නේද? ඒත් 1970 ගණන්වල ඉඳලා 2010 වනතුරු ඔහු හිටියේ පක්ෂයේ ඉහළම තලයේ. නමුත් ඉන්පසු අනුර කුමාර වෙනස් ගමනක් ගත්තා. ඒ නිසා නන්දන ගුණතිලක මහතාව ඉවත් කරා. ඒ වගේම විමල් වීරවංශ ඇතුළු පිරිසකට පල නොකියා පලා බෙදුවා යන්න වෙන්න. සෝමවංශ ඔවුන් සමග තරහා වුණත් එක්ක. අන්තිමට සෝමවංශ අමරසිංහ ඔහුටත් පලා බෙදනවා කියා තේරුම් ගන්නකොට ඔහු පක්ෂයේ තනිවෙලා. ඒ නිසා ඔහුත් යන්න ගියා. ඒ නිසානේ මැරුණාමවත් අනුර කුමාරට සහ ජේවීපී අයට මරණයේ මුල් තැන නොදෙන්න පවුලේ අය තීරණය කරේ. ඒ කියන්නේ, ඒ කාලෙට සාපේක්ෂව ජේවීපී එකට සෝමවංශ අමරසිංහ මහතාවත් හරි ගියේ නෑ. ඒක තමා ලෝක ස්වභාවය. මේකට dislike දාන්නයි විවේචනය කරන්නයි ඉස්සෙල්ලා නව පරපුර මේ කතාව ගැන හොයලා බලන්න. අපි කළුතර දිස්ත්‍රික්කයේ නිසා ඔය කට්ටියම ගැන ඉතිහාසය දන්නවා. මේ බොරු නොවෙයි.

:       6       8

Lakmal - Katunayaka Wednesday, 16 October 2024 03:53 PM

මෙයාගේ මොලේත් දැන් විකාර වෙලා... අපායේ දොර පෙනි පෙනී ඉන්නේ...!

:       9       23

sujith Wednesday, 16 October 2024 03:53 PM

දැන් නම් හොඳටම මඥඥං වගේ.

:       6       23

Asela Wednesday, 16 October 2024 03:54 PM

දැන් ඩිමෙන්ශීය තත්වය සැහෙන්න උග්‍රවෙලා වගේ..!

:       6       22

Chandima Wednesday, 16 October 2024 04:09 PM

සුද්ධෝදන යලි උපදියි...

:       5       13

Gunendra Wednesday, 16 October 2024 04:10 PM

අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්, මහින්ද ලැබෙයිද මින් සැනසීමක්...

:       6       16

මහින්ද Wednesday, 16 October 2024 04:10 PM

ඹයාගේ ඉනේ ප්‍රමාණය මැනලා දැන්ම ප්‍රසිද්ධ කරලා තියන්ට... නැත්නම් වෙන්නේ තව කවුරු හරි ඇඳලා හෝදපු ජම්පරයක් අඳින්ට. කරපු යම් සේවයක් ඇති නිසා අළුත් ජම්පරයක් ලබා දේවී...

:       4       8

Kazi Shajahan Wednesday, 16 October 2024 04:11 PM

අඩුගානේ 3 වත් බේරගන්න උත්සාහ කරන්න. 113 කෙසේවෙතත්, තාම නරිවාදම අඩුවෙලා නෑ.

:       4       13

Chandima Wednesday, 16 October 2024 04:12 PM

අපි කියන්නේ කවුද? ජොනීලා, රත්තරන්ලා, කෙහෙලියලා, ප්‍රසන්නලා, සෙට් එකද?

:       2       13

DHARMATILEKE Wednesday, 16 October 2024 04:15 PM

මුළු රටේම ඡන්ද 113 වැඩියෙන් තියෙයි. මෙයා හරි.

:       4       8

පිටිගල මිලානෝ Wednesday, 16 October 2024 04:19 PM

හිරිකිතයි.

:       3       8

Jayasekara Wednesday, 16 October 2024 04:23 PM

මරු කියවනවා... තාම තණ්හාවේ ඉවරයක් නෑ...

:       2       2

අරවින්ද මොනරවිල Wednesday, 16 October 2024 04:31 PM

ඊළග ආත්මයේ තමයි එකසිය දහතුන ගන්න වෙන්නේ, ඒත් ඉතිං මනුස්සයෙක් වෙලා ඉපදුනොත් තමයි...

:       3       4

CRLG Wednesday, 16 October 2024 04:32 PM

113 ත් අරගෙනවලට තමයි යන්න වෙන්නේ....!

:       2       2

විපරමා Wednesday, 16 October 2024 04:35 PM

මොකක් හරි ගේමක් ගහලා, එහෙම නැත්නම් පවුල් පාලනේ අය ඔක්කෝම කිට්ටු කරගෙන පාස්කු ප්‍රහාරය වගේ දෙයක් එල්ලවෙන විදියට යටිකූට්ටු වැඩක් කරලා සදහටම බලයේ ඉන්ඩ ප්ලෑන් කරනවා ද කියන්න බැහැ. බල තණ්හාවෙන් පිස්සු වැටිච්චි එකෙක්නේ? අතීතයේ කියපු කරපුවා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

:       2       3

විජිත් Wednesday, 16 October 2024 04:41 PM

මම බැලුවා කවුද මේ ගොර ගොර ගාන්නේ කියලා. මේ සුනාමිනේ. ඔය තාවකාලික සමු අරගත්තු කතාවලින් අපිට වැඩක් නැහැ. දැන් ඉතින් තමුන් කරපු හොරකම්, මැරකම්, තක්කඩිකම්, වල්කම් .. වලට නීතිය ඉස්සරහට යන්න කාලය ඇවිල්ලා. හැබැයි හිරේ ගියාම තමුන්ව අල්ලාගෙන යන්න කවුරුත් නැහැ. ජම්පර් එක ඇඳගෙන හිරගෙදර වැසිකිලි පාටියේ වැඩකරන සුනාමි හොරාගේ ෆොටෝ එකක් සමහරවිට පත්තරේ ළඟදීම පලවේවි...

:       3       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෝලීය අවශ්‍යතා සලකා අධ්‍යාපනය සකස් විය යුතුයි
2024 ඔක්තෝබර් මස 16 858 0

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා


ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමක්:අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 16 438 0

අයිස් ජාවාරමේ යෙදුණු බව කියන පුද්ගලයකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් කීපදෙනකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ ජාවාරම්කරු කොළඹ ජාතික රෝහ


පොලිසියට අල්ලස් දෙන්න ගිය කුඩ්ඩා මාට්ටු
2024 ඔක්තෝබර් මස 16 463 1

හෙරොයින් ජාවාරම නිදහසේ කරගෙනයාම සදහා මට්ටක්කුලිය පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක් අල්ලස් වශයෙන් ලබාදීමට තැත්කළ මත්ද්‍රව්‍ය ජාවා


පුංචි ලෝකාන්තයෙන් පහළට දැමූ රියදුරුගේ සිරුර හමුවෙයි
2024 ඔක්තෝබර් මස 16 1484 1

පහරදී ඝාතනය කර මඩොල්සිම පුංචි ලෝකාන්තයේ අඩි 1000ක පමණ ප්‍රපාතයකට විසිකර දමා තිබූ හාලිඇල රොසට්වත්තේ 23 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරුගේ මළසිරුර දින දහසයක


නැගෙනහිර ආදායම් ලොකේකෙක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 16 480 1

නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


’’මං විශ්‍රාම ගියේ නෑ: අපි 113ක් ගන්නවා’’
2024 ඔක්තෝබර් මස 16 3139 24

මෙවර මහ මැතිවරණයේදී පොහොට්ටුව ඉතා ලෙහෙසියෙන්ම 113 ක ආසන සංඛ්‍යාව ලබා ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 542 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 478 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1503 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site