IMG-LOGO

2024 ජුලි මස 08 වන සඳුදා


“උරුමයෙන්’’ තවත් ලක්ෂ 20කට ඉඩම්

(අංජුල මහික වීරරත්න)

ඇතැමුන් සමාජවාදය ගැන කථා කළද නියම සමාජවාදය ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රට බංකොලොත්භාවයෙන් මුදාගත් ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන මඟින් තවත් ලක්ෂ 20කට  ඉඩම් අයිතිය හිමි වන බව කීය.

ජනාධිපතිවරයා මේ බව පැවසූයේ  සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලාභීන් 73,143ක් අතුරින් පුද්ගලයන් 463ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන්  කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේ අද (5)පැවති උත්සවය අමතමිනි. 

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාලව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 5ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 3ක ණය කපා හැරීමක් සිදුවන බව ජනාධිපතිවරයා කීය.

ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 8ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 



අදහස් (4)

“උරුමයෙන්’’ තවත් ලක්ෂ 20කට ඉඩම්

PGPTHILAK Friday, 05 July 2024 09:07 PM

දැන් තිබෙන ස්වර්ණ භූමි,ජය භූමි ආදී ඔප්පු සින්නක්කර ඔප්පු කරන්නට මිනිස්සු රස්තියාදු කරවමින් අනවශ්‍ය හිරිහැර කරන්නේ මොකටද? ජනාධිපති විදියට නිවේදනයක් නිකුත් කළා නම් ඉවරයිනේ සියළු ඔප්පු අද සිට සින්නක්කර ඔප්පු කියලා! එක වලංගු නැත්නම් පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවනන් ඉවරයි නේද!! රටේම මිනිස්සු රස්තියාදු කරවමින් ජාතික ධනය අපතේ යවමින් කරන ඡන්ද මංකොල්ල කන දට්ටු දෙකේ දේසපාලුවන් රට බංකොලොත් කරලා රට නැත්තටම නැතිකර දැමීම දැන්පවත්තපල්ලා!!!

:       8       21

sudath Saturday, 06 July 2024 10:27 AM

තිලක් මහතා මතකද ඒ දවස්වල රතු තරුව කියලා ලේබලයක් අලවාගෙන මිනිස්සුන්ට ආධාර බෙදුවා. ඒකත් ඡන්ද කැම්පේන් එකක් තමයි මහත්තයෝ. නැතිනම් නිකන්ම මිනිස්සුන්ට ආධාර බෙදාදෙන්න තිබුණානේ. කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියෙනවා. නමුත් හැමදෙනාටම පෙනෙන්නේ අනුන්ගේ කිල්ලෝට විතරයි. කවුරු කළත් හොඳ වැඩේට හොඳයි කියන්න බැරි කුහක හිත් ඇති අයටයි.

:       4       3

Rata Perata Saturday, 06 July 2024 12:43 PM

අපේ රටේ ඉඩම් ජනතාවට තමයි අයිති. මෙයා මේක දන්නේ හරියට අම්මා, තාත්තාගේ බූදලය බෙදනවා වගේනේ. ඡන්දයක් කටේ තියාගෙන මෙයා කරන වැඩේ සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕනෑ. ඡන්දයෙන් පස්සේ මේවාට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඕනෑ.

:       3       4

විජිත් Saturday, 06 July 2024 04:28 PM

ඔබ හරි. මේ මොහොතේත් මැතිවරණ නිතිය බලපවත්වෙනවා... මොකද පසුගිය පලාත්පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කොට නමුත් ඡන්දය තවමත් නොපැවැත්වූ නිසා. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ මැතිවරණ කොමිසම ප්‍රකාශයක් නිකුත් කළා. කොහොම වුණත් මේ අය අනිවාර්යයෙන්ම හිරේ යනවා !!!

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෞද්ධ දර්ශනය ලොව පතල කරන්න වෙනම ආයතනයක්
2024 ජුලි මස 08 11 0

ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ දර්ශනයත් මෙරට ඉතිහාසය, ශිෂ්ටාචාරය සහ බුදු දහම ලෝකයේ ව්‍යාප්ත වීම පිළිබඳව අධ්‍යයනය කළ හැකි සහ පාලි, සංස්කෘතික ඇතුළු භාෂා දැනුම ව


අතුරුගිරියේ ඝාතකයන් පලා ගිය වෑන් රථය බුලත්සිංහලින් හමුවෙයි?
2024 ජුලි මස 08 474 0

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි තබා පලා ගිය වෙඩික්කරුවන් ගමන් කළ බවට සැකකරනු ලබන වෑන් රථය බුලත්සිංහල දෙල්මෑල්ල ප්‍රදේශය


නිමල්- අමරවීර යළි ඩාලි පාර හොල්ලති
2024 ජුලි මස 08 607 0

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ එහි ඉදිරිපිට සිට ලියවිල්ලකට අත්සන් කොට පක්ෂ ලේකම


පොහොට්ටු තීරණය රනිල් වුනොත් අපි ඔක්කොම උදව් කරනවා
2024 ජුලි මස 08 794 0

පොහොට්ටුවේ ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට තීරණය කළහොත් ඒ සුබ තීරණය සඳහා සහයෝගය ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ම


ව්‍යාපාර 14ක් අලුතින් බදු දැලට
2024 ජුලි මස 08 1047 0

ක්ෂේත්‍ර තවත් 14කින් බදු අය කිරීමට තිරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


දක්ෂ කපිතාන්ලා බිහි වෙන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක
2024 ජුලි මස 08 951 0

කපිතාන් වරයකුගේ දක්ෂතාවය හඳුනාගත හැකි වන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 783 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1717 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3614 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site