අද වෙසක් පෝය දා හෙලිදරව් කරන මේ පුවත දුටු ගමන් ඔබේ ඇස් උඩයන බවට සැකයක් නැත. හේතුව ආටිහාමු යනු බොහෝ සැර පරුෂ මිනිසෙක් වීමය. ඔහුට ශාන්ත සුන්දර පැවිදි ජීවිතයක් ගතකළ හැකි ද යන සැකය ඔබේ සිතේ මතුවන නිසාය. එනිසාම අපි ”ආටිහාමු” සමග මේ පිළිබඳව කතා කරන්නට තීරණය කළෙමු. ආටිහාමු හෙවත් ලයනල් වික‍්‍රම දැන් මා ඉදිරිපිටය.
ඔබට ලයනල් වික‍්‍රම කියන්න ද ආටිහාමු කියන්නද?
කැමති එකක් කියන්න.
සමහර නළුවන්ට ඒ අය ජනප‍්‍රිය වුණු නමෙන් කතා කළාම කේන්ති යනවා.
මට නම් එහෙම ප‍්‍රශ්නයක් නෑ.
ඒ කියන්නෙ ඔබට ආටිහාමු කිව්වට තරහ ගන්නෙ නෑ.
මේ ළඟදී ත‍්‍රීවීල් පාක් එකක හිටපු ඉලන්දාරි වගයක් අඩෝ ආටියා කියලා කිව්වා. මම ඒත් හිනාවෙලා යන්න ගියා.
එහෙම කිව්වාම කේන්ති යන්නෙ නැද්ද?
ආටිහාමු කියන්නෙ සැර පරුෂ චරිතයක්. මේ චරිතයට සමහරු කැමති නෑ. ඒ අය තමයි ඔය අර විදියට කතාකරන්න ඇත්තේ.
කොහොමද ඉතින් ඔබ ආටිහාමු වුණේ...
ඔය බට්ටි ටෙලි නාට්‍යයෙ චරිතයක්නෙ. මේකෙ ප‍්‍රධාන චරිත රඟපෑවෙ රොජර් සෙනෙවිරත්නයි දමිතා අබේරත්නයි. ඔය පවුලෙ තාත්තා තමයි ආටිහාමු. මේ ආටිහාමු කියන්නෙ බොහොම සැර පරුෂ දරදඬු පාලකයෙක්. හැබැයි අනෙක් හැම චරිතයකටම වැඩියෙන් ආටිහාමු ජනප‍්‍රිය වුණා.
බට්ටිගෙන් පස්සෙ ටෙලිනාට්‍ය කීයක් කළාද?
සීයක් විතර.
ඒත් හාමු චරිතද?
වැඩි හරියක්ම හාමු චරිත.
සේපාලිකා නාට්‍යයෙ දිසානායක හාමු වුණේ බට්ටි නාට්‍යයට පස්සෙ. මේ චරිතයත් ගොඩක් ජනප‍්‍රිය වුණා.
නමුත් ඔබට දිසානායක හාමු වෙන්න බැරිවුනා?
බැරිවුණා මම දිගටම ආටිහාමුම තමා.
ඔබත් නළුවෙක් වෙන්න සිහින දැකපු කෙනෙක්ද?
අපෝයි නැහැ.
එහෙමනම් නළුවෙක් වුණේ කොහොමද?
ඒක අහම්බයක්. සෝමසිරි දෙහිපිටිය කියන්නෙ මගේ මිත‍්‍රයෙක්. එයයි මමයි දෙන්නාම වැඩ කළේ මහාමාර්ග දෙපාර්තමේන්තුවෙ. මම කාර්මික නිලධාරියෙක්. සෝමසිරි ගබඩා පාලක. එයා තමයි මට නිතර කියන්නෙ මගෙ පෙනුම නළුවෙකුට මරු කියලා. ඔහොම කියන හැමදාම වගේ මම අහනවා උඹට පිස්සුද කියලා. මං කියනවට උඹ එකකට සම්බන්ධ වෙලා බලපං කියලා. එතකොට සෝමසිරි කියනවා.
මොකක්ද එක වුණේ.
තිස්ස අබේසේකරගෙ කරුමක්කාරයෝ චිත‍්‍රපටිය. මේකෙ බේබි මහත්තයා වුණේ මම.
බේබි මහත්තයාගෙ වයස කොහොමද?
අවුරුදු විසි අටක් විතර ඇති.
වැඬේ අල්ලලා ගියාද?
අපහසුවක් වුණේ නෑ, හිටපු කට්ටියත් මට උපරිම සහයෝගය දුන්නා. වැඬේ රසවත් වුණා.
ආසා හිතුණාද?
ඔව් ආසා හිතුණා.
ඊට පස්සෙ?
මම සාගරයක් මැද හිරගෙදර දොස්තරගෙ චරිතය කළා. සක්විති සුවයෙ කන්තෝරුවක ඩ‍්‍රාෆ්මන් චරිතය කළා.
ඔය හැම චරිතයක්ම ලැබෙන්නෙ සෝමසිරි දෙහිපිටිය හරහාද?
මෙහෙමයි. හුඟක් නළු නිළියෝ, අධ්‍යක්ෂවරු සෝමසිරි දෙහිපිටිය මුණගැහෙන්න එනවා. සිරිල් වික‍්‍රමගේ, බන්දුල විතානගේ, විජය කුමාරතුංග, ධර්මසේන පතිරාජ එහෙම. ඔහොම ආපු වෙලාවක පතී මගේ හොඳ යාලූවෙක් වෙනවා. ඊට පස්සෙ පතීගෙ වැඩවලදි මම නළුවට අමතරව කාර්මික පැත්තෙ රාජකාරිත් කරනවා.
එයත් නුවර මමත් නුවර. ඒ නුවරකමට අපි දෙන්න ටක්ගාල යාලූ වුණෙ. කොහොම හරි මගෙ රංගන ගුරුවරයා වුණේ පතිරාජ කිව්වොත් හරි.
මුලින්ම පතී එක්ක කරපු නිර්මාණය.
ගඟුලෙන් එගොඩට. ඒක තමයි ලංකාවෙ හයවැනි ටෙලිනාට්‍යය.
එතකොට පළමුවතාවට හාමු මහත්තයෙක් වුණේ?
ඇල්ල ළඟ වලව්වෙ. මම තමයි ආතර් හාමු. මගෙ බිරිඳ වුණේ අයිරාංගනී සේරසිංහ.
හැමදාම හාමු මහත්තයෙක් වෙන්න ලැබෙන්නෙ...
මං හිතන්නෙ මගෙ පෙනුම. අනික එක පාරක් එක චරිතයක් සාර්ථකව කළාම හැමදාම ඒ චරිතයමනෙ ලැබෙන්නෙ.
මොකක්ද මේ මහණ වුණු කතාව?
මේක මේ අලූත් ටෙලි නාට්‍යයක චරිතයක්. මම වනවාසී හාමුදුරු කෙනෙක්. හැබැයි යකාටවත් බය නැහැ.
මේ පළමුවැනි හාමුදුරු චරිතයද?
ඔව්.
මීට කලින් කවුරුවත් මහණවෙන්න කතා කළේ නෑ.
මොකද නැත්තෙ. ඒත් මම රැවුල කොණ්ඬේ කපන්න කැමති වුණේ නෑ.
මේ වතාවෙ කැමති වුණේ?
වනවාසී හාමුදුරුවරු රැවුල් කොන්ඩ කපන්නෙ නැහැනෙ.
රැවුලට ආදරෙයි..?
මට වැඩ ගොඩක් තියෙනවා. රැවුල කැපුවොත් ඒ වැඩ පාඩුවෙනවා.
මේ දවස්වල රඟපාන නාට්‍ය එහෙම.
සිල්ලර කාසි තාත්තා, බිඟු නාට්‍යයේ ප‍්‍රධාන චරිතය, මිහිදුම් කළුවරේ වලව්වක හාමු, කුරුලූ පිහාටු නාට්‍යයේ මේජර් සීයා.
ආටිහාමු ගෙදරටත් හාමු වගේද?
අපෝයි නෑ. මම බොහොම අහිංසක, ආදරණීය මනුස්සයෙක්. මං කියන්නෙ බොරු කියලා හිතෙනවා නම් වයිෆ්ගෙන් අහන්න.
ශාන්ත කුමාර විතාන
බරපතළ මූල්‍ය වංචා මිනීමැරුම් ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් පස් දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි
ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුකරුවන් ලෙස සටහන් වී ඇති , ශ්‍රී ලංකාව තුළ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සිදු කර , මෙරටින් පළා ගොස් සිටි අඹුසැමි යුවළක් සහ
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , පානදුර සමගි ජන බලවේගයේ ආසන සංවිධායක මහතා අද (27) දේශපාලන ජීවිතය සමුගන්නා බව සදහන් කලේය.
ත්‍රිකුණාමලය මුහුදු තීරයේ පාවෙමින් තිබූ නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ධීවර කාර්මික පිරිසක් ඊයේ (26) රාත්‍රී සොයාගෙන ඇතැයි වරාය පොලිසිය කියයි.
කලවාන - වතුරාව මාර්ගයේ වෙම්බියගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී යාමෙන් සිදු වු රිය අනතුරකින් තරුණයකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ක
සොරකම් කරන ලද මෝපේඩ් වර්ගයේ යතුරු පැදි නමයක් සමඟ පුද්ගලයින් හතර දෙනෙක් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හා අම්බලන්තොට පොලිසිය එක්ව ඊයේ (26) අත් අඩංගුව
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
'ආටිහාමු පැවිදි බිමට'