IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


'දඩිබිඩිස්' කියනවට මම හරි කැමැතියි

2017-01-27-ent-17

"දඩිබිඩිස්ගේ ටෙලි කොළම අටපට්ටම"

”අටපට්ටම ලෝක සවාරිය ඇතුළු තවත් අරුම පුදුම විශ්මිත විශේෂාංග රැසක් අද අටපට්ටමෙන්... ටිකක් ඉන්නකෝ...”

ලොකු කුඩා කාගෙත් ආදරය දිනාගත් ටෙලිවිෂන් සඟරාමය වැඩසටහන ”අටපට්ටම” පුංචි තිරයේ ඉතා ජනප‍්‍රිය වැඩසටහනක් බවට පත්වී හමාරයි. අද ගුවනේ තරු සමග අපට මුණගැහෙන්නේ ඔබ ආදරය කරන චරිතයක්. ඔහුගේ නාමය කියනවට වඩා ‘දඩිබිඩිස්’ යන නාමය ඔබට හුරු පුරුදු නාමයක්. තවත් වින්දනාත්මක හෝරාවක් ගැන කතා කරන්න අද අපිට මුණගැහුණ ඔහු හසන්ත හෙට්ටිආරච්චි...

 

ඉතින් කොහොම ද? මේ දවස්වල මොනව ද අලූත් වැඩ?

2017-01-27-ent-16සුපුරුදු විදිහට වැඩ ටික කරගෙන යනවා.

 

මෙහෙම ඇහුවොත්... ඔබ කරන වැඩසටහන්වලින් වැඩිපුරම ජනප‍්‍රිය අටපට්ටම ද? දොරමඬලාව ද?

වැඩසටහන් දෙකම පේ‍්‍රක්ෂකයෝ ගොඩදෙනෙක් වැළඳගෙන ඉන්නවා. කොහොම වුණත් අටපට්ටමට ලොකු කුඩා හැම කෙනෙක්ම ආදරය කරනවා.

 

”අටපට්ටමේ” ආරම්භය ගැන කතා කළොත්?

ඇත්තටම මීට අවුරුදු දහසයකට කලින් මම මගේ පශ්චාත් උපාධිය සඳහා වසරකට ජපානයට යනවා. ඒ යනවිටත් මම රූපවාහිනී නිවේදකයෙක් විදිහට වැඩ කළා. ඒ වෙලාවේ මම කරපු සියලූ වැඩසටහන් නතර කරල ගියේ නැවත ලංකාවට ඇවිත් අලූතින් මොකක් හෝ වැඩසටහනක් කළ යුතුයි කියන අදහසින්. මම ජපානයට ගිය වෙලාවේ පොඩි කැමරාවක් මිලදී ගෙන ඒ රටේ අරුම පුදුම විශ්මිත දේවල්, ලස්සන තැන් වීඩියෝගත කළා. ඒක මම කළේ විනෝදයට. ඔහොම ඉන්නකොට වසරක් ගතවෙලා මම නැවත ලංකාවට ආපු දවසේම රංජිත් හේවාබටගේ මහත්තයා (ඔහු තමයි එදා ෂඔභ වැඩසටහන් අංශයේ ප‍්‍රධානියා) මට කතා කරලා කිව්වා, ”හසන්ත අද රෑ අටට යන්න තියෙන ටෙලි නාට්‍යයේ කොටස් ගණන ඉවර වෙලා. ඉතින් ඔයාට බැරි ද මේ වෙලාවට මොකක් හරි කරලා දෙන්න” කියලා...

මටත් හිතාගන්න බැරිවුණා. තව තියෙන්නේ පැය ගාණයි. මම කිව්වා ”දැන් වෙලාව මදිනේ. ඊළඟ සතියේ ඉඳලා හොඳ දෙයක් කරමු” කියලා. ඒත් එතුමා සෑහීමකට පත්වුණේ නැහැ.

”බෑ බෑ... අදම මොකක් හරි කරන්න වෙනවා හසන්ත” කියලා දුරකථනය තිබ්බා.

ආ... තව කිව්වා ”ඔයාම මේකට නමකුත් දාගන්න” කියලා.

 

ඉතින් පැය ගණන ඇතුළත නමක් දැම්මා ද?

නැතුව... නැතුව... ? අටටනේ යන්නේ. මම එතුමාට ඒ වෙලාවේ හිනා වෙවී කිව්වා ”මේ හදිස්සියේ අටපට්ටමක් තමයි හදලා දෙන්න වෙන්නේ” කියලා.

 

ඉතින් එතුමා මොකද කිව්වේ?

”අනේ අටපට්ටමක් හරි දාලා වැඩසටහනක් කරලා දෙන්න” කියලා එතුමා විහිළුවට වගේ කිව්වා. කොහොම හරි වැඩසටහනට අටපට්ටම කියලා නම වැටුණේ ඒ විදිහට. හැබැයි අටපට්ටම කියන නම සරල වුණාට තේරුම හරිම බැ? රුම්...

 

අටපට්ටම කියලා නම දාන්න හේතුවත් කියමු?

අටපට්ටම කියන්නේ පැති රාමුව කියන අදහස. රාමු 8යි. පැති 8යි. මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ රාමු 8ක් ඇතුළේ සහ පැති අටක් ඇතුළේ. අටපට්ටමේ පෙන්නන දේවල් සරල වුණාට මේ දේවල් ඇතුළේ තියෙන්නේ ලෝකයේ සැබෑ ස්වභාවය. ඒ තමයි අටලෝදහම. මේ වැඩසටහන සරල වුණාට ඇතුළ ගොඩක් ගැඹුරුයි.

 

අටපට්ටම් ලෝක සවාරියේ විශ්මිත දේවල් පෙන්වන්න හිතුනේ ඇයි?

මට හිතුනා මොනවහරි අලූත් දෙයක් කරන්න ඕන කියලා. සමාජයට හරවත් දෙයක්, දරුවන්ට ඉගෙනගන්න දේවල් වගේම අරුම පුදුම විශ්මිත දේවල්, භාෂාවේ තියෙන සුන්දරත්වය, වටිනාකම, ගුණාත්මකභාවය ඉස්මතු වෙන විදිහට වැඩසටහන සකස් කළ යුතුයි කියලා මට හිතුනා.

එදා පැය ගාණක් ඇතුළත සකස් කරපු වැඩසටහනටත් මට පෙන්වන්න තිබුණේ ජපානයේදී මම එකතු කරගෙන ආපු තොරතුරු ටිකක් විතරයි.

 

ලැබුණු ප‍්‍රතිචාර මොනවද?

වැඩසටහන පටන්ගත්ත අලූත අපට ගොඩක් අරුම පුදුම විශේෂිත දේවල් හරියට ලැබුණා. අරුම පුදුම දේවල් දැක්කම අටපට්ටමට කියන්න ඕන කියන හැඟීම පේ‍්‍රක්ෂකයෝ අතර ඇතිවුණා. මගේ භාෂා ශෛලියත් එක්ක පුංචි දරුවෝ අතරේ වැඩසටහන ගොඩක් ජනප‍්‍රිය වුණා.

 

අටපට්ටම ලංකාවට විතරක් කොටු වුණේ නැහැ. ලෝකේ වටෙත් ගියා...?

ඇත්තටම ලෝකයේ ගත්තම අරුම පුදුම විශ්මිත දේවල් ගොඩක් තියෙනවා. ඒ තැන්වලට හැමෝටම යන්න අවස්ථාව නැහැ. ඒ නිසාම තමයි අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ දැනුමත් දරුවන්ට දෙන්න අපි අටපට්ටම ලෝකේ වටේ අරගෙන ගියේ.

 

දැනට රටවල් කීයකට විතර ගිහින් තියෙනව ද?

ලෝකයේ රටවල් හැටකට ආසන්න සංඛ්‍යාවකට මම ගිහින් තියෙනවා. ගිහින් නිකම්ම ඇවිත් නැහැ. වටිනා දුර්ලභ දේවල්, කෙනෙකුට ලේසියෙන් දැකගන්න නොලැබෙන ආකාරයේ විශ්මිත දේවල් මම රූගත කරගෙන ඇවිත් අටපට්ටමේ පෙන්නලා තියෙනවා. පෞද්ගලිකවම මම ඒ දේවල් පේ‍්‍රක්ෂකයාට පෙන්නලා දැනුම ලබාදීලා අප‍්‍රමාණ සතුටක් විඳිනවා. අවුරුදු අටක් ජනප‍්‍රියතම වැඩසටහන බවටත් අටපට්ටම පත්වෙලා තියෙනවා.

 

තවත් දෙයක්... රූපවාහිනියේ ලස්සනට සුන්දරව පෙන්නුවම හුඟක් අය ”හරි ෂෝක්... ගොඩක් රටවල යන්න පුළුවන්... වාසනාවන්තයි නේද?”

කියලා මගෙන් අහනවා.

මේ ඡායාරූප, පටිගත කිරීම් පේ‍්‍රක්ෂකයන්ට දෙන්න කන කට්ට දන්නේ මම විතරයි. අපි මේ රූපගත කිරීම් කරන්න කොච්චර දුක් විඳිනව ද කියලා රූපවාහිනී තිරේට පේන්නේ නැහැ. නිදිමරාගෙන, හරියට කෑමක් නැතුව මේ රූපරාමු ගන්න ලොකු කැපකිරීමක් කරනවා. ගොඩක් තැන්වල ඡුායාරූප, පටිගත කිරීම කරන්නේ මමයි. ලංකාවේ නම් ප‍්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම ෂඔභ එකේ හිටපු සභාපතිවරු සහ වර්තමාන කාර්යමණ්ඩලය මට ලොකු සහායක් ලබාදෙනවා.

 

හසන්තට ”දඩිබිඩිස්” කියලා නම වැටෙන්නේ කොහොම ද?

දඩිබිඩිස් කියන්නේ සන්නිවේදන උපක‍්‍රමයක්. දඩිබිඩිස් කියලා නම දැම්මේ ඇත්තටම දරුවන්ගේ ආකර්ෂණය දිනාගන්න. අටපට්ටම කියන්නේ අමතර වෙලාවක ඉඩක් පුරවන්න හදපු එකක් වුණාට, දැන් ලංකාවේ ජනප‍්‍රියම වැඩසටහන බවට පත්වෙලා. දැන් මට හසන්ත කියනවාට වඩා හැමෝම කතා කරන්නේ දඩිබිඩිස් කියලා. මම ඒ නමට හරි ආසයි.

 

මේ වැඩසටහන්වලට හසන්ත අයියට විවේචන එල්ල වෙලා නැද්ද?

බණිනවා ඇති. හැබැයි කවුරුවත් තාම මූණට බැණලා නැහැ. අපිත් සියල්ල සම්පූර්ණ නැහැ. අඩුවක් තියෙනව නම් අපි හදාගන්න ලෑස්තියි.

 

අටපට්ටම් ලෝක සවාරියේ ඔබට විශේෂිත සිදුවීම් ඕන තරම් ඇති?

අපෝ ඔව්. විශේෂයෙන්ම ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ආරක්ෂක මණ්ඩලය ඇතුළු රහස් කාමරය වගේම එහි සියලූම විශේෂ තැන්වලට ගිහිල්ලා බලන්න, පටිගත කරන්න මට අවස්ථාව ලැබුණා. ඒක මට මගේ මාධ්‍ය ජීවිතේ ලැබුණ දුර්ලභ අවස්ථාවක්. හැබැයි මම තැනකට ගියොත් එතන තියෙන ඉස්තරම්ම දේ කොහොම හරි අරගෙන තමයි එළියට එන්නේ. ඒ දඩිබිඩිස්ගේ හැටි.

 

නදීශා අතුකෝරළ

 

2017-01-27-ent-15



අදහස් (0)

'දඩිබිඩිස්' කියනවට මම හරි කැමැතියි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලාෆ් ගෑස් මිල ඉහළට
2025 මාර්තු මස 31 58 0

‘ලාෆ්’ ගෑස් සමාගම අප්‍රේල් මස සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමන බව එම සමාගම අද (31) පස්වරුවේ පැවසීය.


අගමැතිනිය ප්‍රංශයට යයි
2025 මාර්තු මස 31 419 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ’යුනෙස්කෝ’හි ඉහළ පෙළේ සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශය බලා අද (31) පිටත්ව ගියාය.


පුනරුත්ථාපන රෝගියාගේ මරණයට සැක 16ක් රිමාන්ඩ්
2025 මාර්තු මස 31 173 0

මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොල


දේශබන්දුට විරුද්ධව යෝජනාවක් ගේන්නේ කොහොමද?
2025 මාර්තු මස 31 700 1

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් නැතිකර අැති හෙයින් ඔහු නොදරන පොලිස්පති ධූරයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මන්ත්‍රීවර


කෝටි 25ක යාත්‍රා අනතුර ගැන මහවත්තගෙන් පැය 4ක ප්‍රකාශයක්
2025 මාර්තු මස 31 950 0

ත්‍රිකුණාමලය වරායේ ස්ථානගත කර ඇති නවීණ නියමු යාත්‍රාවක් නීති විරෝධීව පරිහරණය කිරීමේදී අනතුරකට ලක්ව රුපියල් කෝටි 25 කට අධික අලාභයක් කළේ යැයි කියන සිද්ධ


හිටපු අමාත්‍ය ටිරාන් පැය හයකට පසු සී.අයි.ඩීයෙන් පිටව යයි
2025 මාර්තු මස 31 368 0

මාතර වැලිගම හෝටලයක් අසල 2023 වර්ෂයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැය 06කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්ත


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 35 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 664 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 745 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site