IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ඉන්දියාවෙන් චෝදනාවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා ධීවරයන් ඉන්දියානු ධීවරයන්ට පහර දී ඔවුන්ගේ මාළු අස්වැන්න සහ ධීවර ආම්පන්න රැගෙන ගොස් ඇතැයි තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතා චෝදනා කර ඇත.

පහරදුන් ශ්‍රී ලංකික ධීවරයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සහ නැවත මෙවන් දෙයක් සිදුවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සමඟ මෙම ගැටළුව සාකච්ඡා කරන ලෙස එම්.කේ ස්ටාලින් මහතා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා ඇත.

පසුගිය 15 වැනිදා තමිල්නාඩු ප්‍රාන්තයේ නාගපට්ටිනම් ධීවරයන් සය දෙනකුගෙන් යුත් කණ්ඩායමක් තොප්පුතුරෙයි ප්‍රදේශයට නැගෙනහිරින් මසුන් අල්ලමින් සිටියදී ධීවර බෝට්ටු තුනකින් පැමිණි ශ්‍රී ලාංකික ධීවරයන් 10 දෙනකු තමිල්නාඩු ධීවරයන්ට පහර දී ඇතැයි එම්.කේ ස්ටාලින් මහතා චෝදනා කර තිබේ.ප්‍රහාරයෙන් එක් ඉන්දීය ධීවරයකුගේ හිසට සහ වම් අතට තුවාල වී ඇති බවත් ඉතිරි පස් දෙනාට අභ්‍යන්තර තුවාල සිදුව ඇති බවත්  එම්.කේ ස්ටාලින් මහතා පෙන්වා දී ඇත.

එහිදී ශ්‍රී ලාංකික ධීවරයන් ඉන්දීය ධීවරයන්ගේ ලක්ෂ දෙකක පමණ වටිනාකමින් යුත් උපකරණ සහ මාළු කිලෝ ග්‍රෑම් 200 ක් රැගෙන ගොස් ඇතැයි එම්.කේ ස්ටාලින්  මහතා චෝදනා කර තිබේ.



අදහස් (2)

ඉන්දියාවෙන් චෝදනාවක්

Prabha Tuesday, 21 February 2023 04:13 PM

අපේ ගෙදරට ආපු එකාට සලකන්නෙ අපිට ඔනෙ විදිහට. මූට ඒ්වත් තෙරෙන්නෙ නැද්ද?

:       0       3

අරවින්ද මොණරවිල Tuesday, 21 February 2023 05:00 PM

ඕක දෙපැත්තම කරනවා මචං. බෝඩර් එක පනින්නේ නැතුව ජොබ් එක කරන හැටි දෙගොල්ලන්ටම උගන්වන්න වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


මාතර තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 309 0


අම්බලන්ගොඩ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 513 0


අක්මීමන ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 471 0


බලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 483 0

බලපිටිය ඡන්ද කොට්ඨාසය පසුගිය ජනාධිපතිවරණයේදී. අනුර කුමාර දිසානායක 8946 රනිල් වික්‍රමසිංහ5087, සජිත් ප්‍රේමදාස 4334 නාමල් රාජපක්ෂ308, දිලිත් ජයවීර 73 ඒ අනුව ජාති


මාතලේ තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 313 0

මාතලේ දිස්ත්‍රික්කය පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද: අනුර කුමාර දිසානායක 12186 රනිල් වික්‍රමසිංහ4243, සජිත් ප්‍රේමදාස 3816 නාමල් රාජප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 239 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 558 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1669 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site