(නිමන්ති රණසිංහ)
"සිරකරුවෝද මනුශ්‍යයෝය" යනුවෙන් නමට පමණක් බෝඩ් ගසාගෙන සිටියාට වැඩක් නැහැ. හරක් රෑනක් වගේ රංචු පිටින් සැකකරුවෝ එකම දම් වැලක ගැටගසා මින්පසු අධිකරණයට ඉදිරිපත් කරන්න එපා" යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා බන්ධනාගාර නිලධාරින්ගේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක්කරමින් විවෘත අධිකරණයේදී ඊයෙ (21) ප්‍රකාශ කළේය.
එහෙමත් සෞඛ්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින විදේශීය මෙන්ම දේශීය සැකකරුවන් විශාල පිරිසක් මාංචු දමා එක පෙලට දම්වැල් වල ගැටගසා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ගේ ක්‍රියා ක්‍රියාකලාපය දැඩි ව දෝෂ දර්ශනයට ලක්කරමින් මෙසේ ප්‍රකාශ කළේය.
සිරකරුවෝද මනුශ්‍යයෝය යනුවෙන් බෝඩ් ගසාගෙන සිට සැකකරුවන් සත්තු රැලක් මෙන් රංචු පිටින් එකම දම්වැලේ දමා ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු නොකළ යුතු බවත් මින් මතු ඒ ආකාරයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකල යුතු බවටත් මහේස්ත්‍රාත් වරයා බන්ධනාගාර නිලධාරීන්ට දැඩිව අවවාද කළේය.
මෙක්සිකෝ බොක්ක ’’ඇමෙරිකා බොක්ක’’ ලෙස නිල වශයෙන් නම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයට අත්සන් තබා ඇත.
අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය.
සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සු
කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත
ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
‘‘නමට බෝඩ් එපා‘‘- මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්
Samitha Senaka Aluthgamage. Wednesday, 22 March 2023 08:36 AM
විනිසුරුතුමාගේ කතාව ඉතාමත් නිවැරදියි.නමට පමණක් බෝඩ් ගසාගෙන මෙවන් දේ නොකළ යුතුයි.හරක් රෑන් සේ එකදිගට දම්වැල් වලින් බැඳ සිරකරුවන් ගෙනයාම නතර කළ යුතුය.
fairoos Wednesday, 22 March 2023 12:23 PM
දැන්වත් කරයි ද මන්ද? අපේ පොලිසියනම් කියල වැඩක් නැහැ
Bunny Preena Wednesday, 22 March 2023 01:05 PM
ශතකයේ හොඳම කියමන .සිර කරුවෝ ද මනුෂ්‍යයෝය .ඔවුන් පාලනය කරන්නේ අමුනුශ්‍යයෝය .කියලා අලුතින් ලිවුවොත් හොඳයි
de silva Wednesday, 22 March 2023 01:49 PM
දෙවියෙකු මෙන් සිතන මනුෂ්‍යයෙක් වන මහේස්ත්‍රාත් තුමන්ට මගේ ප්‍රමාණය පුදකරමි.
de silva Wednesday, 22 March 2023 01:51 PM
ඔබ හරි. සිරිකරුවෝත් මනුෂ්‍යයෝ යි. ඔවුන් පාලනය කරන්නේ අමනුෂ්‍යයන් බැවින් ඔවුන් හිරේ තුළ සහ ඉන් පසුවත් හැසිරෙන්නේ අමානුෂ්‍යයන් ලෙසයි.
C.K.Lankaputhra Wednesday, 22 March 2023 02:07 PM
ප්‍රසන්න අල්විස් මහේස්ත්‍රාත් තුමනි, කිසිම බලපෑමකට අවනත නොවී ඔබතුමා දෙන නිවැරදි හා ආදර්ශමත් තීන්දු හා නියෝග අපි ඉතාමත් අගය කරමු. ඔබ තුමා වැදගත් විනිසුරු තුමෙකි.