IMG-LOGO

2025 පෙබරවාරි මස 03 වන සඳුදා


කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු අල්ලයි

(සුමිත් පොතුපිටිය,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තුසිත ද සිල්වා)

කළුතර බාලිකා විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් සිසුවියක වන ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා යන දැරිය පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියයාම සම්බන්දයෙන් සොයමින් සිටී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය සමත්ව තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ඉසුරු උයනේ පදිංචි 29 හැව්රිදි පුද්ගලයකු බව සදහන්වේ .

සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැගව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාට ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පිරිසක් ගාල්ල ප්‍රදේශයේ දී අද අලුයම වැටලීම කර ඇතැයි පැවසේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිත බවද සදහන් වේ.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර ඇත.



අදහස් (28)

කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු අල්ලයි

පිටිගල මිලානෝ Tuesday, 09 May 2023 07:41 AM

පවෙන් පිරුණු, පව්කාරයන් පමණක් ඉපදෙන රටකි මේ. පින් කිරීම යනු එක් කොටසකට පමණක් තමා සතු දේ දන් දීම කියමින් කොටසක් මිනිසුන් මුලා කරමින් බුදුදහම විකුණාකමින් බොරුවෙන්ම කල් ගෙවති. මෙයම ධර්මය යැයි සිතමින් මිනිසුන් දන් දිදී පව්කාර ජීවිත ගත කරති. සසරේ දුක්ඛිතම මිනිස් උප්පත්ති ගතකරන්නේ බුදුදහමේ කාන්තාරයක් වු ලාංකිකයෝය.

:       15       105

donTuesday, 09 May 2023 03:47 PM

අද ඉඳන් මෙයාට කන්න දෙන්නේ ජනතා බදු මුදලින්...

:       1       0

ලසන්ති Tuesday, 09 May 2023 07:51 AM

හිරේ සිටින මිනිසුනේ…. මේ කාමුක තඩියාට අහවල්දෙය පෝලිමක් දමා කරමින් හොදට සංග්‍රහ කරන්න.

:       7       85

KULWTuesday, 09 May 2023 01:32 PM

100%ක් එකඟයි.

:       1       0

නන්දන පනාගොඩ-මිලානෝ Tuesday, 09 May 2023 08:40 AM

මෙහිදී තඩියා බේරෙන්නට බොහෝ ඉඩ ඇත. ළමයාව එක්කරගෙන ගියේ එයාගේ යාළුවා. හෝටලයට ඇතුල්වුනේ සාමූහිකව. ලිංගික අපරාධයක සේයාවක් නැත්නම්, දත් පාරවල් පමණක් ඇත්නම්, ළමයා ඇතිවූ තත්වයට බියෙන් පහලට පැන ඇත් නම්, තඩියා කර ඇත්තේ රිය පැදවීමත් අරක්කු බීමත් පමණි. මෙය වරදක් නොවේ. සහගහන අපරාධයක් නීතිය ඉදිරියේ වරදකරුවකු නොමැතිව විසදීමට බොහෝ ඉඩ ඇත.

:       4       54

ravin Tuesday, 09 May 2023 08:50 AM

ඇයි ඇල්ලුවේ අර විශිෂ්ට ප්‍රතිකාර සේවාව නේද දෙන්න තිබුනේ .අත් බෝම්බයක් දමා ගැසීමට සූදානම් වූවා .ආත්ම ආරක්ෂාවට වරුසාවක් වැස්සවූවා

:       3       31

Rohana Tuesday, 09 May 2023 08:59 AM

මේ ආදායමට හෙනම ගහන්න ඕනේ

:       1       17

Hashita Namalie Abeyratne Tuesday, 09 May 2023 08:59 AM

ඇයි එයාගේ නම ප්‍රසිද්ධ කරන්න බැරි .දේශපාලකයකුගේ හෙන්චයියෙක් නිසාද

:       4       31

Rohitha Tuesday, 09 May 2023 09:23 AM

ආයුධ සොයා ගැනීමට ඔහුව යවන්න

:       2       26

Ruhunu Tuesday, 09 May 2023 09:44 AM

ඇලියෙකුට යටඋනොත් මනුස්සයෙක් ඉතුරු වෙයිද?

:       1       19

Sunil Tuesday, 09 May 2023 09:56 AM

අවි ආයුද පෙන්වන්න රැගෙන යන්නෙ නැද්ද?

:       1       34

sathyapala Tuesday, 09 May 2023 10:06 AM

ව්‍යාපාරිකයෙක් සහ සල්ලාලයෙක් බැවින් මුදල් යහමින් සහ විවිධ බලවත් සම්බන්දකම් රැසක් ඇති එනිසාම ගැලවෙන විදිහ දැනටමත් දන්නවත් ඇති.මම එපා කියද්දී එකවරම දුවගෙන ගොස් එයා ජනේලයෙන් පැන්නා........ මම එයත් සමග ලිංගික සම්බන්දයකට නොව ඉගෙනීමට උදවු කරන්න කියපු නිසා අධාරයක් කරන්න හමුවුනේ...... එහෙමත් නැත්නම් මම හොදටම බිමත්ව සිටි නිසා කිසිවක් මතක නෑ...... වැනි ඉහල නීති උපදෙස් දැනටමත් ලැබිලා ඇති. ඒ ඔය ලෝකයේ උතුම්ම රටේ හැටි. එහෙත් මේ සල්ලාලයා මිනීමරුවා රටටම පිළිකාවක්. වහා මේ පිළිකාව ඉවත් කරන්න......

:       2       58

City Tuesday, 09 May 2023 10:44 AM

නීතිඥවරැන් මිට පෙනී නොසිටිය යුතුයි. වෙනසක් කල කලයුතුනම්

:       1       33

BamunuarachchiTuesday, 09 May 2023 01:17 PM

කොහේ ඉන්නා නීතිඥයින්ටද කියන්නේ? හල්ස්ඩෝෆ් වල වේලි වේලි ඉන්න ලෝයර්ලාට මේක ඉල්ලමක්.

:       1       14

Manjula Tillekeratne Tuesday, 09 May 2023 10:08 AM

මරලම දාන්න ඔනෙ ඔය කාලකන්නි පෙරේතයව

:       1       39

Rohitha Tuesday, 09 May 2023 10:40 AM

මේ මිනිහා සියලු චෝදනා වලින් නිදහස් වෙනවාට මෙන්න කැට..

:       1       33

කීර්ති වර්නකුලසූරිය Tuesday, 09 May 2023 10:42 AM

මාතෘකාවෙ කියන්නෙ සිසුවියගේ ඝාතකයා කියල. නමුත් අන්තර්ගතෙයෙ කියන්නෙ ප්‍රධාන සැකකරු කියල. අහ් මට වරදුන, ලන්කාවෙ ඔක්කොම පිරිමි ඝාතකයා කියල මට අමතක උනා. ස්මාවන්න !!!

:       3       9

SL Tuesday, 09 May 2023 11:10 AM

නීතිය හදන, නීතිය රකින සහ නීතිය ක්‍රියාත්මක කරන තැන් වල ඇති වැරදි නිසා මෙවැනි අපරාධ කරුවන්ට දඬුවම් ලැබීමට ගතවන කාලය, ලැබෙන දඬුවම ඉතා ලිහිල් නිසාත්,මේ වගේ අපරාධ කරුවන්ට නිසි දඬුවම් නොලැබීම නිසා අදත් අනාගතයේත් මෙවැනි අපරාද සිදුවේවි. මේ දවස් ටිකට, පාසැල් ගුරුවරු, ප්‍රින්සිපල් ල, ව්යාපරකියින් විසින් දරුවන්, දැරියන් සෑහෙන ප්‍රමාණයක් අපයෝජනය කරලා දැම්ම. අවසානයේ මේ 16 හැවිරිදි දැරිය ? රටේ මිනිස්සු බදු ගෙවල මේ ආයතන නඩත්තු කරන්නේ රටේම යහපත ට මිසක මේ වගේ සල්ලලයින්ගේ යහපතට නොවේ. මේ පාපතරයාට මාසයක් දෙකක් ඇතුලත දඬුවම් ල්බේද ? නැතිනම් අවුරුදු 30-40 ක් යාවිද ?

:       1       17

නිහාල් Tuesday, 09 May 2023 11:13 AM

දැන් පත්තරේ නඩුව අහලා ඝාතකයා නම් කරලත් ඉවරයි වගේ

:       24       13

SamanTuesday, 09 May 2023 01:38 PM

මේකා මේ දරුවාව හොටලෙකට අරන් ගියේ ගණිතය උගන්වන්නවත් , හැදියාව කියල දෙනන්නවත් නොවේ. ලෝකය ගැන නොදන්නා මේ දරුවාව ලිංගිකව සුරගෙන කන්න .ඒ වරදම ඇති මේ අවලමාට ජීවිතාන්තය දක්වා හිරේ තපින්න තමුන්ටත් දරුවෝ ඉන්නවා නේද ??

:       1       15

rocky Tuesday, 09 May 2023 11:35 AM

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගේන ඇමතිකමක් දෙන්න

:       1       26

ajith Tuesday, 09 May 2023 02:35 PM

දැන් තියෙන්නේ මේ මිනිහගේ දත් සැට් එක ගලවලා, අර මරුන කෙල්ලගේ ඇඟේ තිබුන දත් පාරවල් වලට ඒවා සමානද කියලා බලන එක.

:       1       8

sanath Tuesday, 09 May 2023 02:42 PM

කකුල් දෙකේ ඌරෙක් දැක්කමයි.

:       1       14

බද්රානි Tuesday, 09 May 2023 03:38 PM

මෙතන කවුරු මොන විදිහේ බණ දෙසුවත්, කුමන තරාතිරමේ පුද්ගලයෙක් වුණත්, ඔහු හෝ ඇය ලංකාවේ නම්, මේ වගේ තුච්ජ නින්දිත ගතිගුණ හා මේ හා සමාන අසමජ්ජාති ක්‍රියාකාරකම් තමයි කරන්නේ. වනචරකම, හොරකම, මදාවිකම්, හා නොකී සියලුම අමනකම් වලින් පිරුණු අධර්මිෂ්ඨ සමාජයකයි අපට ජීවත් වීමට සිදුවී තියෙන්නේ. කටින් පමණක් කාරුණික, අනෙකාගේ පීඩාව තමන්ගේ විනෝදය කරගත් නිහීන සමාජයක් ලංකාවේ බිහි වුනේ කොහොමද කියලයි අපි කල්පනා කළ යුත්තේ... මදාවියන්ට ලැබෙන සමාජ,ආගමික හා රාජ්‍ය අනුග්‍රහය අතින් අපි කප් ගහලයි ඉන්නේ. ලංකාව තුල පමණක් නොවෙයි විදේශ රටකදී පවා අප පරිස්සම් විය යුත්තේ, මේ මිලේච්ජ ජාතියෙන්ම තමයි. ඇයි මෙහෙම වුනේ?

:       0       0

Banda Tuesday, 09 May 2023 03:46 PM

ගෙදරට ඇවිත් මේ ළමයාව රවටලා එක්කර ගෙනගිය අර ගැහැණු කෙනත් ඔතැනින්ම තල්ලු කරන්නයි තියෙන්නේ...

:       1       0

kapila Tuesday, 09 May 2023 04:37 PM

මොවුන් අපරාධ කරන්නට බය නැත්තේ මේ රටේ අපරාධවලට නිසි දඬුවම් නැති නිසයි. මුන් වගේ අය නීතියෙන් ගැලවිලා එළියට ආවත්, පාර තොටේදී ගල් ගසා පන්නා දැමිය යුතුයි...

:       1       0

නිහාල් Tuesday, 09 May 2023 06:10 PM

මාධ්‍ය ප්‍රකාශක මතක් කළා මෙයාට සල්ලි තියනවා කියලා. දැන් නීතිඥයින්ගේ හූරා කන වාරය. දැන් අපි බලාපොරොත්තු වන කිසිදෙයක් වෙන්නේ නෑ...

:       1       0

Rohitha Tuesday, 09 May 2023 07:25 PM

මේ කොල්ලා අපේ රෝහිත ඇමැතිතුමාගේ හොඳම ගෝලයෙක්. මෙයා කවදාවත් වැරැද්දක් කරන කෙනෙක් නෙවෙයි.. රෝහිත ඇමැතිතුමා ඔබව ආරක්ෂා කරාවි මල්ලී...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ගම්පහ කැත් ලැබ් එකට බාලගිරි දෝෂය
2025 පෙබරවාරි මස 02 33 0

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කැතීටකරණ පරීක්ෂණ ( Cath Lab) සහ ප්‍රතිකාර ඒකකයක් ලබාදීම පිනිස බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් කෝටි 35 ක ප්‍රතිපාදන වෙන් කර දෙම


බන්දුල කරුණාරත්නගේ නිවාඩුව ජනපති පිළිගනී
2025 පෙබරවාරි මස 02 175 0

අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබේ.


කසිප්පු වලියකට තුනක් මරලා
2025 පෙබරවාරි මස 02 225 0

අම්බලන්තොට මාමඩල ,බැමිණියන්විල ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් කපාකොටා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි .


ජනපති යාපනේ ගියේ බිමින්
2025 පෙබරවාරි මස 02 524 0

ජනාධිපති අනුර දිසානායක මහතා යාපනය සංචාරයට කිසිදු ගුවන් යානයක් භාවිත නොකළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


සුළං විදුලි කුළුණක තට්ටක් නිවාස 3කට කඩා වැටෙයි
2025 පෙබරවාරි මස 02 671 0

සුළං විදුලි කුළුණක තට්ටක් හදිසියෙ අද (2) හවස කඩා වැටිමේන් කන්දකුලිය කුරිඤංපිටියේ නිවාස තුනකට හානි සිදුවි ඇති බව කල්පිටිය පොලිසිය කියයි.


වරාය හා ගුවන්⁣සේවා දියුණුවට එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සහය
2025 පෙබරවාරි මස 02 333 0

ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි මහතා අතර වි⁣


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 72 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 725 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 725 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site