IMG-LOGO

2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා


දැරියට වද දී කොණ්ඩය කැපූ පුංචි අම්මා අත්අඩංගුවට

 

(ඇල්ල ප්‍රසාද් රුක්මල් ) 

රිදීමාලියද්ද  ප්‍රදේශයේ නිවසකදී 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියකට අමානුෂික ලෙස පහරදී ඇයගේ කොණ්ඩය කපා දමා කෲරත්වයට පත් කලැයි දැරිය ගේ පුංචි අම්මා අද  (5) සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීමාලියද්ද  ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක යැයි පොලිසිය කීය .

සිය පුංචි අම්මාගේ කෲරත්වයට පත් ව තුවාල ලැබු 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරිය මහියංගණ මූලික රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය .

මෙම දැරියගේ මව මීට වසර කීපයකට ඉහතදී මියගොස් ඇති බවත් , පියා වෙනත් විවාහයක් කරගෙන එම කාන්තාව සහ මෙම දැරිය සමග එකම නිවසක පදිංචිව සිටින බවත් පොලිසිය සදහන් කළේය .

අමතර පංතියකට ගිය දැරිය යලි නිවසට ඒමට ප්‍රමාද වූවායි කෝපයට පත් මෙම සැකකාර  කාන්තාව දැරිය නිවසට පැමිණ පසුව අතින් පයින් අමානුෂික ලෙස පහරදී යාබද නිවසකින් කතුරක් ගෙනවිත් දැරිය ගේ කොණ්ඩය කපා දමා දැරිය කෲරත්වය ට පත් කර ඇති බවත් පොලිසිය පවසයි .

 

 

 



අදහස් (4)

දැරියට වද දී කොණ්ඩය කැපූ පුංචි අම්මා අත්අඩංගුවට

Rupika Thursday, 05 December 2024 06:33 PM

සාමාන්‍යයෙන් පුංචි අම්මා කියන්නේ තමන්ගේම අම්මාගේ නංගිට කියලා තමයි අපි නම් කුඩා කාලයේ වගේම දැනුත් භාවිතා කරන්නේ... පුංචි අම්මා කියලා තමයි. එහෙම පුංච් අම්මා කෙනෙක් නම් තමන්ගේ අක්කාගේ දරුවන්ට කෲරත්වයෙන් සලකන්නේම නැහැ. ඒත් තාත්තාගේ දෙවැනි විවාහයේ බිරියට කියන්නත් බාප්පාගේ බිරිඳට කියන්නෙත් කුඩම්මා කියලා මිස පුංචි අම්මා කියලා නොවෙයිනේ...

:       1       25

shyamadFriday, 06 December 2024 04:09 AM

පුංචි අම්මා ද කුඩම්මා ද නෙවෙයි මෙතන වැදගත්

:       0       0

C.K.Lankaputhra Thursday, 05 December 2024 06:47 PM

අනේ මේ දැරියට දැන් ඉතින් කාගේ පිහිටද, මට නම් හිතාගන්නවත් බැහැ...

:       1       12

රම්බොඩ Thursday, 05 December 2024 10:53 PM

පුංචි අම්මා නෙවෙයි කුඩම්මා . තම මව අහිමි වූ විට දරුවන්ට වෙන මොන සරණද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට
2025 ජනවාරි මස 24 432 0

ගිරිබාව පොලිසියේ පොලිස් සැරයන්වරයෙකු රුපියල් 20000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (24) දහවල් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කි


වාරි ව්‍යාපෘති 24 ක් කොටඋඩ: කෝටි 30 ක පාඩුවක්
2025 ජනවාරි මස 24 393 0

වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාරි ව්‍යාපෘති රට පුරා වාරි ව්‍යාපෘති 24 ක් අතර මග නතර කිරීමෙන් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් නාස්ති වී ගොස් තිබූ බව ජාතික වි


ගල්කිස්ස ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට
2025 ජනවාරි මස 24 829 0

ගල්කිස්ස බඩෝවිට සිරිපාල මාවතේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර පලා ගොස් සැඟව සිටි වෙඩික්කරු දින 6 කට පසු බියගම මල්වාන ප්‍රදීපගම පාරේ බෝඩිම් කාමරයක සැඟව


පශු සම්පත් සංවර්ධනය මණ්ඩලය විකුණන්නේ නෑ
2025 ජනවාරි මස 24 563 0

ජාතික පශු සම්පත් සංවර්ධනය මණ්ඩලය විකිණීමට පසුගිය රජය තීරණය කර තිබුණද වත්මන් රජය යටතේ එය කිසි ලෙසකින් විකුණන්නේ නැතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වා


ගල්කිස්සේ වෙඩි තැබීමට ගිනි අවිය දුන් අය අත්අඩංගුවට
2025 ජනවාරි මස 24 844 0

ගල්කිස්ස සරණපාල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවිය ලබාදුන් සැකකරුවෙකු බද්දේගම ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංග


කෝඬුකාර සොනාල් ටෙස්ට් සංචිතයට එයි
2025 ජනවාරි මස 24 2361 1

සංචාරක ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව මේ මස 29 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කෝඬුකාර ත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 18 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 536 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 643 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site