(යොහාන් භාසුර)
ක්‍රීඩාවෙන් දේශපාලනය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරා සියලුම ක්‍රීඩාව රැගෙන යාමේ සැළසුම් 2025 ජනවාරි මාසේ මුල් සතියේ ආරම්භ කරන බවත් ඒ අනුව 2028 වසර ඔලිම්පික් බලාපොරොත්තු තබාගත හැකි වසරක් ලෙස බලාපොරොත්තුවක් තැබිය හැකි බවත් නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා අද (9) පැවසීය.
ජාතික දුන්නෙන්විදීමේ ශූරතාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා එසේ පැවසීය.
රටේ ක්‍රීඩාව එකතැන පල්වීමට අවස්ථාව නොදී ක්‍රීඩා සමාජ තුළ තිබෙන ප්‍රශ්න කඩිනමින් නිරාකරණය කරන බවත් ක්‍රීඩාවෙන් ඉදිරියට යා හැකි ලස්සන රටක් තුළ පොහොසත් රටක් නිර්මාණය කිරීමේ ජාතික මෙහෙවර ආරම්භ කර ඇති බවත් තිලකරත්න මහතා කීය.
දුන්නෙන්විදීමේ ක්‍රීඩාව වගේම අපේ රටේ සියළුම ක්‍රීඩා ජාත්‍යතර ජයග්‍රහණ කරා රැගෙන යාමේ වගකීම් ක්‍රීඩා අමාත්‍යංශය සතු මෙන්ම 2028 වසර ඔලිම්පික් බලාපොරොත්තු තබාගත හැකි වසරක් කළයුතු බවත් ලස්සන රටක් පොහොසත් රටක් තේමාව ක්‍රීඩාව තුළින් යථාර්තයක් බවට පත් කිරීමට සියලු දෙනා එකතු වියයුතු බවත් නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා වැඩි දුරටත් පැවසීය.
77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපති සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් 285 ක් හෙට (4) නිදහස් ලබන බවත් එම රැඳවියන් අතරට පිරිමි රැඳවියන් 279ක් සහ කාන්තා රැඳවි
කොළඹ වරායේ බහාලුම් තදබදයට විසඳුමක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් සකස් කළ බ්ලුමැන්ඩල් පරිශ්‍රයේ අක්කර 2.5 ක පමණ කොටසක් තාවකාලිකව බහාලුම් අංගනයක් ලෙස
ඡන්දහිමි නාම ලේඛනයට සියලු පුරවැසියන් ඇතුලත් විය යුතු බැවින් සුදුසුකම් ලැබු ඡන්දහිමියන් අත් නොහැරෙන අකාරයට ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන බව අතිරේක මැත
නීතිඥ සුපුන් විජේරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි අද (3) වැඩ බාර ගත්තේය.
රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදී ඇතිවන අධික ප්‍රමාදය වැලැක්වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙ
පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් දරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කිරීමෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ආණ්ඩුක්‍රම ව්‍යව
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරනවා
pj Monday, 09 December 2024 02:25 PM
ඇමැතිතුමා ක්‍රිඩකයන් සමග පොටෝ ගත්තහම දේශපාලනය ඉබෙම ක්‍රිඩාවට ගෑවිල නේද...
PereraMonday, 09 December 2024 11:29 PM
හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන කෙනෙක්...!
Kazi Shajahan Monday, 09 December 2024 02:29 PM
අපෝ කාගෙ කාගෙත් කයිවාරු... කෝ දැන් ඡන්දයට කළින් ගහපු කයිවාරු... අපිත් ඒ කයිවාරු අහලා ඡන්දෙ දුන්නා... අන්තිමට පොල්සම්බෝලයක් එක්ක බත් ටිකක් කන එකත් නැති වුණා...
වික්‍රම විද්‍රරMonday, 09 December 2024 05:03 PM
KAZI SHAJAHAN කාසි සාජහන් ඔහෙලා වගේ කම්මැලි බඩජාරි හිඟන මිනිස්සු නිසා තමයි අද රට මේ තත්වෙට පත්වුණේ.. කන්න බොන්න ජනසවිය සමෘද්ධි අස්වැසුම ටකරං ලැට් පෝච්චි අරක්කු කාලා බාගේ ගත්තා මදිද..? උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු.. බාර් පර්මිට් ඕවා තමයි තමුන්ලාගේ ලෝක. අයිසේ පොඩ්ඩක් අත පය දිගෑරලා රස්සාවක් කරලා කීයක් හරි හම්බකර ගන්නකෝ... නැත්තං ඔය කරුම පරම්පරාව ඔතැනින් නවත්තන්න ආණ්ඩුවෙන් නොමිලේ කොන්ඩම් ඉල්ලගන්නවා.. පුදුම වදයක්නේ මේ හිඟන්නන් එක්ක...
Alfread Monday, 09 December 2024 04:25 PM
මට පේන විදියට නම් සුගත් තිලකරත්න තමයි තමන් ගත්තු ක්ශේත්‍රය ගැන දැනුමක් තියෙන එකම මනුස්සයා. ඒ වගේම මහන්තත්තකම් නැති මිනිහෙක්. ඒ නිසා එතුමාට ජයෙන් ජයම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...