IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


මැණිකේ ඇළ කැඩී ගොවීන් අමාරුවේ

(නිමල් ජයරත්න)

පොළොන්නරුව මහවැලි බි කලාපයේ මැණිකේ ඇළ ස්ථාන පහකින් ගංවතුරට කැඩීගොස් එම ඇළේ ජලය පිටාර ගැලීමෙන් තම කුඹුරු බිම් තුන්වන වරටත් ගංවතුරෙන් සහ වැලිවලින් යටවීම නිසා තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව දිඹුලාගල පැළැටියාව ගොවීහු පවසති.

ගංවතුර ගලා වැලිවලින් යටවීම හේතුවෙන් පැලටියාව 17 ඇළ ප්‍රදේශයේ කුඹුරු අක්කර සීයක් පමණ සම්පූර්ණයෙන් වැලිවලින් යටව මාසයක් පමණ වයසැති පැළ ගොයම විනාශ වී ඇති බව ප්‍රදේශයේ ගොවීහු කියති.

තම කුඹුරු බිම්වල පිරී පවතින වැලි ගෙවතුවලට ඇද ගන්නා ලෙසට රජය අවසර දුන්නද, එම වැලි කුඹුරෙන් ගෙවතු කරා ප්‍රවාහනය කර ගැනීමට නොහැකි වී ඇති බවත්, ඊට හේතු වී ඇත්තේ පසුගිය කාලවල පැවැති ගංවතුරට කුඹුරු කරා යන මාර්ග සම්පූර්ණයෙන් කැඩී විනාශ වී යාම බවද ගොවීන් පිරිසක් සඳහන් කළහ.

පැළෑටියාව මැණිකේ ඇළ තුළ කුඹුක් ගස් විශාල වශයෙන් වැවී තිබෙන අතර, පසුගිය ගංවතුරට එම කුඹුක් ගස් කඩා වැටී ඇළ හරහා වැටි තිබෙන බවත්, මේ හේතුවෙන් අරලගංවිල ප්‍රදේශයේ සිට පැමිණෙන ජලකඳ හරස් වී මැණිකේ ඇළ ප්‍රදේශයෙන් පිටාර ගලන නිසා තමන්ගේ කුඹුරු බිම් නිරන්තරයෙන්ම ජලයෙන් යටවන බවද ගොවීහු පෙන්වා දුන්හ.

 



අදහස් (1)

මැණිකේ ඇළ කැඩී ගොවීන් අමාරුවේ

Nilame Thursday, 19 December 2024 04:29 PM

ඕවා ඔහොම තමයි, අපේ මැණිකෙගේත් ඇළ කඩෙනවා මාසෙකට වරක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්
2025 පෙබරවාරි මස 08 857 1

එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ග


පාස්පෝට් කාර්යාලයට නව පොලිස් මුරපොළක්
2025 පෙබරවාරි මස 08 1128 3

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහා සහ ජනතාවට සහාය සඳහා නව පොලිස්


’බිම්ස්ටෙක්’ මහලේකම් අගමැති හරිනි හමුවෙයි
2025 පෙබරවාරි මස 08 377 0

’බිම්ස්ටෙක්’ සංවිධානයේ මහලේකම් සහ තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාල


ත්‍රීරෝද රථයක් ලොරියක ගැටී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 08 442 0

පොළොන්නරුව දීපඋයන ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ත්‍රීරෝද රථයක් ගැටී අද (08) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, තිදෙනකු බරපතල තු


පොලිස් ලොක්කෝ 6කට ස්ථාන මාරු
2025 පෙබරවාරි මස 08 1473 1

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


ලී කොටන් දෙකකට යටවී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 07 1226 0

ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 42 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 842 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site