(විමුක්ති එස් රුද්‍රිගු)
තායිවානයේ තායිපෙයි අගනුවරදී විශේෂ බර ඉසිලීමේ තරඟයක් පසුගිය 21 වැනිදා පැවැත්වුණු අතර එහිදී වයස අවුරුදු 90 ක පාර්කින්සන් රෝගයෙන් පෙළෙන ආච්චි අම්මා කෙනෙකු කිලෝ ග්‍රෑම් 35 ක් සිනාමුසු මුහුණින් ඉණ ළඟට ඔසවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එලෙස කිලෝ ග්‍රෑම් 35 එසවූ ක්‍රීඩිකාව නමින් චෙන්ග් චෙන් චින් මෙයි ය. පාර්කින්සන් රෝගයෙන් පෙළෙන චින් මෙයි බර ඉසිලීමේ ක්‍රීඩාවට 2023 වසරේ පිවිස ඇත. තමා පර්කින්සන් රෝගය පෙළෙන බව දැනගත් විට බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමුවීම සඳහා සිය මිණිපිරිය තමාව දිරිමත් කළ බව චින් මෙයි පැවැසුවාය. චින් මෙයි එලෙස කිලෝ ග්‍රෑම් 35 ක් ඔසවද්දී නරඹන්නන් අතර සිටි පරම්පරා තුනක් ඇයට ඔල්වරසන් දී තිබිණි.
මෙම බර ඉසිලීමේ තරඟය සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 44 දෙනෙකු වයස අවුරුදු 70 හෝ ඊට වැඩිවීම එහි විශේෂත්වය විය. එම තරඟය වට තුනකින් සමන්විත වී ඇති අතර එහිදී චින් මෙයි උපරිම කිලෝ ග්‍රෑම් 45 ක් බරක් ඔසවා ඇත. මෙම තරඟයේ අනෙක් විශේෂත්වය නම් චින් මෙයි මෙම තරඟයට සහභාගී වූ වයස්ගතම ක්‍රීඩිකාව නොවීමය.
අවුරුදු 92 පුද්ගලයකුද මෙම බර ඉසිලීමේ තරඟයට සහභාගී වී ඇත.
අප්‍රිකාවේ සිට කැනේරි දූපත් බලා යාත්‍රා කරන්න වූ අනවසර සංක්‍රමණිකයන් රැගත් කුඩා ඩිංගි බෝට්ටුවක් තුළ දරු ප්‍රසූතියක් සිදුවිය. අලුත උපන් බිලිඳා, මව සහ බ
රුපියල් මිලියන එක්ලක්ෂ හත් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් මෙම ජනවාරි 15 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවේ.
හිටපු ආණ්ඩුකාරවරයෙක් සහ හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු වන කීර්ති තෙන්නකෝන් මහතා බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨා
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
මහ කන්නයේ (2024/2025) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රම
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
90 අච්චි බර ඉසිලීමේ තරගෙට
රුවන් Wednesday, 25 December 2024 06:42 AM
හිත ඇත්නම් පත කුඩාද?
පොඩිඑකා Wednesday, 25 December 2024 01:35 PM
ඕක මොකක්ද, අපේ ආච්චිට 94යි, සීයා කිලෝ 65යි!