IMG-LOGO

2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා


’’නාමල්’’ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

(රෝෂන් තුෂාර)

එල්.ටී.ටී.ඊ සංවිධානයේ පෝස්ට් (facebook)මුහුණු පොත  සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය  කරමින් ජාතීන් අතර සංහිඳියාව බිඳී යන කරුණු සමාජගත කළේ යැයි කියන "නාමල් කුමාර" සැකකරු ලබන 23 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා  ලක්මාලී මහත්මිය අද(21) නියෝග කළාය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ  ජනරාල් එච්.එස්.කේ.ජේ .බණ්ඩාර මහතා කරන ලද පැමිණිල්ලක් අනුව රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.

සැකකරු මේ චෝදනාවට සමාන වරදක් කිරීම සම්බන්ධයෙන්  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත්,නාමල් කුමාර මෙම නඩුවේදා සැකකරුවකු ලෙස නම් කරන බැවින් ලබන විසි තුන්වෙනි දින ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන ලෙසද රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර යන සැකකරු ඔහුගේ නමින් , ඔහුගේ බිරිඳ හා බිරිඳගේ මවගේ නමින් මිලදී ගත් දුරකථන සිම්පත් භාවිතා කර පේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බවත්,එමගින් එල්ටීටීඊ සංවිධානයේ දජ,ක්‍රියාකාරකම් ලාංචන හා වෙනත් තොරතුරු ප්‍රචාරය කරමින්  ජාතීන් අතර සංහිඳියාව බීදී යන ආකාරයේ පොස්ට් පලකර ඇති බවත්,ඔහුගේ නමින් හා වෙනත් අනුවර්ත නාම වලින් පවත්වාගෙන ගිය  ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔහු විසින්ම හසුරුවා ඇති බවට  විමර්ශනවලින් අනාවරණය වූ හෙයින් මෙම පැමිණිල්ල ගොනු කරන බවත් රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

නාමල් කුමාරගේ බිරිඳ හා නැන්දනීය ප්‍රකාශයක් ලබාදී ඇති බවත් ඔවුන් පවසන පරිදි සිම්පත් සියල්ල පරිහරණය කිරීම නාමල් කුමරු විසින් සිදු කර ඇති බවත් පොලිසිය පැවසීය.

අන්තර්ජාල  ආවේක්ෂණ තොරතුරු විමර්ශනය හා ෆේස්බුක් සමාජ ජාලා මෙහෙයවන සමාගම මගින් තොරතුරුැ කැඳවා සියලු සාක්ෂි රැස් කරගෙන ඇති බවද රහස් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

සැකකරු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට සාක්ෂි මගින් අනාවරණය වන හෙයින් මෙම පැමිණිල්ල ගොනු කරන බවද ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරන ලෙසද වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය  සැකකරු ලබන විසිතුන් වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාට  නියෝග කරමින් විමර්ශන විභාගය එතෙක් කල් තැබීය. 



අදහස් (2)

’’නාමල්’’ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

Perera Wednesday, 22 January 2025 05:51 AM

කස කාරයෝ එන්න පටන් අරන්, බෙර කාරයෝ නිලමෙලත් එහෙම ඔයා පස්සෙන් එයි.

:       0       0

Lelwala Wednesday, 22 January 2025 10:46 AM

රජවරු පාවාදිම, රට පවාදිම ඇත අතීතයේ සිට පැවතෙන්නක් අද වෙන තුරුත් එම ගෑවුනු පරම් පරාවලට සාපය බලපායි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මාංචු සමඟ සැකකරු පැන ගිහින්
2025 ජනවාරි මස 30 8 0

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කර අත්විලංගු යොදා ත්‍රිරෝද රථයකින් ගාල්ල පොලිසියට රැගෙන ඒමේදී එක් සැකකරුවකු අනෙක්


සිලින්ඩර මන්ත්‍රිවරු රනිල් හමු වෙති
2025 ජනවාරි මස 30 429 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය ) නියෝජනය කරමින් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග වැදුණු අපේක්ෂකයන් සහ හිටපු ජනාධිපති වික්‍රමසිංහ ම


මාදිවෙල මන්ත්‍රී නිවාසවල කුලිය යළි තක්සේරුවට යයි
2025 ජනවාරි මස 30 554 0

‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස පිහිටි මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවසක් සඳහා මාසිකව අයකරන්නේ රුපියල් 2000 ක් පමණයි. රජයේ ප්‍රතිපත්තිය නැවත තක්ස


බඹරු ඇන පාසල් ළමුන් ඇතුලු 15 ක් රෝහලට
2025 ජනවාරි මස 30 66 0

කිලිනොච්චිය, කන්නකිපුරම් ප්‍රදේශයේ මාර්ගය අසල පිහිටි ගස් කිහිපයක බැඳ තිබූ ඹඹර කූඩු ඇවිස්සීමෙන් මාර්ගයේ ගමන්ගත් පාසල් ළමුන් ඇතුලු 15 දෙනෙකුට දෂ්ඨ කිරී


ලංගම වැඩබලන සභාපති කපිල සී .කේ. පෙරේරා
2025 ජනවාරි මස 30 865 0

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිව සිටි රමාල් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරේ වැඩබැලීම සදහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේව


පෝලන්ත සංචාරකයන් පිළිගැනීමේ නිලධාරිනිය නාවලා
2025 ජනවාරි මස 30 3005 0

වාද්දුව තරු පන්තියේ හෝටලයක පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ අවේලාවේ දියනාමින් සිටියදී එයට විරෝධය පලකල පිළිගැනීමේ නිලධාරිනියක පිහිනුම් තට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 53 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 667 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 698 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site