IMG-LOGO

2025 මාර්තු මස 26 වන බදාදා


පොලිස්පති හොයන්න බුද්ධි අංශ යොදවයි

(නිමල කොඩිතුවක්කු)

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය  බුද්ධි අංශ යොදවා ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී  පැවසීය.

පොලිස්පතිවරයා සොයා පොලීසිය වැටලීම් සිදුකරන බවත් හැකි ඉක්මනින් පොල්ස්පතිවරයා අත්අඩංගුවයට ගනු ඇතැයි ආණ්ඩුව විශ්වාසයෙන් සිටින බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන්  කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් කළ විමසීමකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.



අදහස් (14)

පොලිස්පති හොයන්න බුද්ධි අංශ යොදවයි

රම්බොඩ Tuesday, 04 March 2025 04:58 PM

ඇත්තටම එම පොලිස්පති තුමා කළ වරදක් ගැන අපි නොදනිමු. ඔහු බිය නැති එඩිතර නලධාරියෙක් වග පමණක් පුවත්වලන් කියවා ඇත්තෙමු. දැන් දැන් සිදුවන දේවල ගැන එ තරම් පැහදිලි අවබෝධයක් නැත. අධිකලෙස මාලිමා එන්කෙෆලයිටිස් රෝගයෙන් පෙළෙන අසරණයන් ට සතුටු වී අකුසල් ගොඩ ගසා ගැනීමට නම් හැකිය. මට අවශ්‍ය වන්නේ රටට හොඳක් වන අතරම කිසිවෙකුත් කිසිවෙකුගෙන් පළි නොගන්නා පරිසරයකි.

:       53       22

ප්‍රියන්තTuesday, 04 March 2025 05:27 PM

රම්බොඩ මහතා, මෙය දේශපාලන පලිගැනීමක් නොව, දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසු ගරු අධිකරණය විසින් ගත් නීතිමය පියවරක් බව කරුණාකර අවබෝධ කරගන්න. එකම වෙනස මෙම රජය එම නීතිමය පියවරට අවහිර නොකර නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමයි.

:       7       35

කව්ද බෝයි Tuesday, 04 March 2025 06:42 PM

ඇත්තටම එම හිටපු පොලිස්පතිතුමා මීට කලින් අධිකරණයෙන් වරදකරුවකු වීම හේතුකොටගෙන පොලිස්පතිධුරය අහිමි වූවෙක්. දැනුත් අත්අඩංගුවට ගැනීමට හොයන්නේ, මීට වසර කිහිපයකට ඉහත සිදුවීමක් මුල්කරගෙන අධිකරණ වරෙන්තුවක් නිසාවෙනි. මේ කිසිම දෙයක් වත්මන් ආණ්ඩුව මූලික කරගෙන ආරම්භ වූ දේවල් නොවන බව අවබෝධ කරගන්න. වැරැදි වටහාගැනීම් නිසා මාලිමා එන්කෙෆලයිට්ස් රෝගය වැළඳිය හැකියි. මෙම රෝගය වැළඳුන අයෙකුට නිට්ටාවටම සනීප කළ නොහැකිය...!

:       4       21

Oscar Tuesday, 04 March 2025 07:01 PM

පොලිස්පති හොයාගන්න බැරි රටේ, දැන් සොයන අපරාධ සිද්ධකළ කාන්තාව සොයාගනීද?

:       3       21

ප්‍රියන්ත Tuesday, 04 March 2025 07:06 PM

රම්බොඩ, එම වරද ඔබේ ඔය කුහක මොලය නොදැනගත්තාට, අධිකරණය දැනගත්තාම අපිට ඇති...

:       6       19

ගුණරත්න Tuesday, 04 March 2025 07:07 PM

මේවා තමයි ලෝක විහිලු, කවදා අහපු කතාද මේ?

:       4       8

Lalith Tuesday, 04 March 2025 09:37 PM

මහත්තයෝ ඉස්සරවෙලා කෙල්ලව අල්ලගන්න.

:       0       0

Gon Wednesday, 05 March 2025 12:15 AM

ඕකා හොරා වහා අත්අඩංගුවට ගන්න

:       0       0

Perera Wednesday, 05 March 2025 05:13 AM

දේශබන්දු අවංක, එඩිතර පුද්ගලයෙක් නම් බය නැතිව ඇවිල්ලා චෝදනාවකට මුහුණ දීලා නිර්දෝශී බව ඔප්පු කරන්න පුළුවන්නේ. අධිකරණය මගහරිමින් හැංගි හැංගි ඉන්නේ නැතිව.

:       0       0

රටවැසි ඇත්තෙක් Wednesday, 05 March 2025 07:02 AM

අධිකරණයෙන් අවසරයි. අධිකරණය වුනත් කැකිල්ලේ තීන්දු දෙන්නේ නැත්නම් එච්චරයි අපිට ඕනෑ. මතක විදිහට නම් මේ පොලිස් නිලධාරියාව ඔහු පොලිසියේ කියලා දැනගෙන වෙඩි තිබ්බේ නෑ. ඔහු කොළඹින් ආපු කට්ටිය එක්ක ආවේ. ඔවුන් තමන් එහෙම සිවිල් ඇඳුමින් එන බවක් වැලිගම පොලිස් බල ප්‍රදේශයට දන්වා තිබුණේ නෑ. කොළඹින් ආපු කට්ටිය වැලිගම හෝටලයකට වෙඩි තබද්දී ඒ ආරංචිය ලැබිලා ආපු වැලිගම පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසුණු අය සිටි වෑන් එකේ හිටි අයට වෙඩි තිබ්බේ ඔවුන් පොලිසිය බව නොදැන කියලයි ඒ කාලයේ නිව්ස් වලට කිව්වේ. ඉතින් කවුද හරි කවුද වැරැදි කියලා අපි දන්නේ නෑ. නමුත් දේශබන්දු අත්අඩංගුවට ගන්නේ කට්ටි දෙකම ඔහුගේ යටතේ නිසාද නැත්නම් කාගේ පැත්තට ඔහු සිටි නිසාද කියලා අපිට පැහැදිලි නෑ. ගරු අධිකරණය ඔය ටිකත් කියනවා නම් කැමැතියි.

:       1       0

ලූට මූස්Wednesday, 05 March 2025 03:27 PM

මුළු රටම දන්නා හේතුව මේ රට වැසියා දන්නේ නෑ…!

:       0       0

වසන්ත Wednesday, 05 March 2025 07:46 AM

කාගෙ හරි හිටපු ඇමැති කෙනෙකුගේ ගෙදරක ඇති

:       1       6

Toni Wednesday, 05 March 2025 12:30 PM

අන්දරේට කතිරෙ ගහලා කරගත්තු හරියක්...

:       1       1

fairoos Wednesday, 05 March 2025 12:40 PM

රනිල් රාජපක්ෂලාගේ ගෙවල් පරීක්ෂා කරන්න.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

එගොඩ උයන දුම්රිය ස්ථානයේ ගුවන් මගී පාලම කඩා වැටෙයි
2025 මාර්තු මස 26 186 0

මොරටුව එගොඩ උයන ස්ථානයේ ගුවන් පාලම හිටි හැටියේ අද (26) වන දා රාත්‍රියේ කඩා වැටී ඇතැයි එගොඩ උයන පොලිසිය කියයි.


මන්ත්‍රීන් 175කගේ දේපළ වාර්තාව අල්ලස් කොමිසමට
2025 මාර්තු මස 26 103 0

මන්ත්‍රීවරුන් 175 දෙනකුගේ වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද(26) බාර දෙනු ලැබීය.


ලීලාරත්න විදුහල් සිසුන්ගේ රටට ආදර්ශයක්
2025 මාර්තු මස 26 201 0

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පොළොන්නරුව දිඹුලාගල අධ්‍යාපන කලාපයේ ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් ගුරුවරුන්ට, මෙන්ම වසර 11 ක් අ


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 278 0

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


හරක් කටා මාතර අධිකරණයට
2025 මාර්තු මස 26 420 0

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ’’හරක් කටා” දැඩි ආරක්ෂාවක් යටතේ මාතර අධිකරණයේ විභාග වන නඩුවක් ස


රිලවුන් දූපතකට යවන්න කෝටියක් වෙන් කරයි
2025 මාර්තු මස 26 1155 1

කෘෂිකාර්මික වගාවට බරපතළ ලෙස හානි සිදු කරන රිළවුන් ආරක්ෂිතව අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 100 ක මුදලත් ලබා දීමට මධ්‍යම පළාත


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 389 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 640 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1311 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site