IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


තෝරදෙණියගේ පැමිණිල්ලට ඉන්ද්‍රානන්දට කොන්දේසි සහිත වාරණයක්

(රෝෂන් තුෂාර)

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා සමාජ මාධ්‍යය හරහා පළ කිරීම වළක්වමින් හිටපු පළාත් සභා මන්ත්‍රී හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජික හිටපු පළාත් සභා මන්ත්‍රී ඉන්ද්‍රානන්ද ද සිල්වාට කොන්දේසි සහිත වාරණ ආඥාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (16)නිකුත් කළේය.

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා විසින් 2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඉන්ද්‍රානන්ද ද සිල්වා විත්තිකරු කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ ආඥාව ලබන 30 දින දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නිතීඥ සංජේ රාජරත්නම්, නීතීඥ සුදත් ජයසුන්දර මහත්වරුන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය.

ජනාධිපති නිතීඥ සංජේ රාජරත්නම් මහතා කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරු විසින් පැමිණිලිකාර අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත කරුණු මාධ්‍යයට ඉදිරිපත් කරමින් සිටින බවය.

එම අසත්‍යය සහ ද්වේශ සහගත කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ ද උඩුගත කරමින් සිටිනබව වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (6)

තෝරදෙණියගේ පැමිණිල්ලට ඉන්ද්‍රානන්දට කොන්දේසි සහිත වාරණයක්

dds Wednesday, 16 April 2025 06:46 PM

රාජරත්නම් කොහොමද දන්නේ ඇත්තද බොරුද කියලා. එතැන හිටපු මිනිස්සු තමයි දන්නේ. ඇත්ත මොකක්ද කියලා තෝරදෙණියයි, ඉන්ද්‍රානන්දයි දන්නවා.

:       4       27

හෘද සාක්ෂිය Thursday, 17 April 2025 02:27 AM

කාට බොරු කෙරුවත් තමන්ට බොරු කරන්න බෑ. ඩිමෙන්ෂියා හැදිලා නැත්තම් තමුන් කළ දේ තමුන් දනී.

:       0       0

ගුණරත්න Wednesday, 16 April 2025 08:49 PM

මාලිමාවුන් ආණ්ඩුවේ බලයේ රස බලන්න පටන් අරන්. ඉස්සර කිවූ රසකතා දැන් අමතකයි...

:       2       0

Neela Wednesday, 16 April 2025 11:13 PM

ලැජ්ජයි. තෝරදෙණිය වැරැදි නැතිනම් රුපියල් මිලියන ගණනින් ගෙවා තම නීතිඥයා කර ගනීද?

:       0       0

Lalla Thursday, 17 April 2025 09:48 AM

ජනරාල්ගේ කිල්ලෝටේ හුණු තියෙනවා වගේ හිතෙන්නේ නැද්ද..?

:       0       1

ගුණරත්න Thursday, 17 April 2025 01:11 PM

ආණ්ඩුවේ ලොකු ලොක්කොත් ඉන්නවා 88 පව් වලට සම්බන්ධ, එත් මම හමුදා නිළධාරීන්ට දොස් කියන්නේ නැහැ. ඔවුන් පවු කලේ අපව ආරක්ෂා කරගන්න ගිහින්. මිනීමරු ත්‍රස්තවාදීන් රට වනසන කොට කවුරුහෝ වීරයෙක් ඉදිරිපත් වෙලා රට බේරාගන්න ඕන, බෝසත් ජීවිතයකින් රට බේරාගන්න බැහැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආරුඪ වූ පීසී පාරේ වාහනවලට ගහලා
2025 අප්‍රේල් මස 27 2 0

දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව


මාලිමාවේ මැයි රැලිය ගෝල්ෆේස්
2025 අප්‍රේල් මස 27 231 0

ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.


හොරෙන් ගජමුතු විකුණන්න ගිය දෙන්නෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 27 103 0

රුපියල් ලක්ෂ 56 ක මුදලකට විකිණීම සඳහා රැගෙන ආ ගජමුතු දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනකු ජා ඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.


ආඩිඅම්බලම වැරදුණ වෙඩිල්ලේ සැකකරු රාජාංගනයෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 27 405 0

කටුනායක ආඩී අම්බලම දැවුමොට්ටාව ව්‍යාපාරිකයකුගේ නිවසට කඩා වැදී වෙඩිතබා ඝාතනය කිරීමට කළ උත්සාහයක් අසාර්තක වූ තැන පලා ගිය සැකකරු අනුරාධපුර රාජාංගනය ප


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 27 346 0

පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නිවස පරීක්ෂා කිරීමේදී ටි 56 උණ්ඩ යොදා පරිහරණය කළ හැකි මෙරට නිෂ්පාදිත අලුත්ම ගිනි අවියක් , ටි 56 ජිව උණ්ඩ තොගයක් සහ ඩෙටනේටර් ස


අදත් තැනින් තැනට වැසි
2025 අප්‍රේල් මස 27 57 0

දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 895 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 553 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site