නීතී විරෝධිව සෞදි අරාබියේ රැදී සිටින විදේශිකයින් සදහා සෞදි රජය විසින් ලබා දී ඇති පොදු සමා කාලයට සමගාමීව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ජෙඩා නුවර පිහිටි කොන්සියුලර් කාර්යාලය මගින් ශ්‍රී ලාංකිකයින් 12000 කට පමණ තාවකාලික ගමන් බලපත්‍ර ලබා දී ඇතැයි බලධාරීහු පවසති.
නැගෙනහිර කලාපයේ දමාම් අල්කොබාර් හා අනෙකුත් ප්‍රදේශයන්හි 750 කට අධික පිරිසකට තාවකාලික ගමන් බලපත්‍ර මේ වන විට ලබා දී ඇති අතර මේ මස 07 වැනි සිකුරාදා අල් කොබාර් දමාම් ප්‍රදේශයේ ඇස්ටුන් රෝහල ඉදිරිපිට යෝජිත ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේදී තව දුරටත් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කරන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
කෙසේ වුවද ජුනි 15 වැනි දිනට පෙර සියලු අවතැන් වුවන් තානාපති කාර්යාලය වෙත වාර්තා කරන ලෙස දන්වා සිටී.
මේ අතර රියාද් තානාපති කාර්යාලයයේ අමාත්‍ය උපදේශක අනුර මුතුමාල මහතා පැවසුයේ තාවකාලික ගමන්බලපත්‍ර ලබාගෙන පිටවීමේ වීසා ලබා ගත් සියළුම ශ්‍රී ලාංකියින් ගුවන්ගමන් ආරම්භක වේලාවට පැය පහකට කලින් ගුවන්තොටුපළවලට ගොස් අවතැන් වුවන් සදහා වෙන් කැර ඇති ආගමන විගමන කාර්යාල කවුළුව වෙත ගොස් පොදු සමා කාලයට අනුව රටෙන් පිටවීම සදහා සුදුසුකම් ලබා ඇති බව සනාථ කරන බවයි.
කෙසේ වුවද මේ වන විට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තානාපති නිලධාරියකු රියාද් කිං කාලිඩ් ගුවන්තොටුපළ පර්යන්තයේ රදවා සිටින බැවින් යම් ප්‍රශ්නයක් මතු වන්නේ නම් 0508179006 නැමැති දුරකථන අංකයෙන් අමතන ලෙසද දන්වා සිටී.
මේ අතර ජෙඩා කලාපයේ කොන්සියුලර් කාර්යාලය මගින් ජෙඩා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කිසිදු නිලධාරියකු මේ වෙනුවෙන් රදවා නැති නමුත් එවැනි ප්‍රශ්නයක් මතු වුවහොත් 0226065414 හෝ 0226063442 දරණ කාර්යාලීය අංක ඇමැතීමෙන් සිය ප්‍රශ්නය විසදා ගත හැකි බව ජෙඩා කොන්සියුලර් කාර්යාලය කියයි.
අවතැන්වුවන්ගේ වැඩි විස්තර ලබා ගැනීම සදහා 0114608232 හෝ 0114608235 රියාද් තානාපති කාර්යාලය අමතන මෙන්ද ඉල්ලා සිටී.
ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර
අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.
දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා
මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි
කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල
සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
12000 කට ගමන් බලපත්‍ර දීලා
සිසිර Thursday, 06 June 2013 06:19 PM
මම ගිවිසුම් කාලය සම්පුර්ණ කරලා තියෙන්නේ මගේ අනුග්‍රාහකයා මාව බලෙන් තියන් වැඩ ගන්නවා. කාට හරි පුලුවන්නම් මට ගෙදර යන්න උදව් කරන්න. 00966558481206. මම තානාපති කාර්යාලයට කතා කලා වැඩක් උනේ නෑ. (නදී)
විරාජ් Friday, 07 June 2013 02:31 PM
අයියෝ සල්ලි