IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


13 රකින්න රනිලුත් එයි

13 වන ව්‍යාවස්ථා සංශෝධනය ආරක්ෂා කර ක්‍රියාත්මක කිරීමට බල කරමු, බලය බෙදා එක් වෙමු  යන තේමාව යටතේ විපක්ෂයේ විරෝධය විසින් සංවිධානය කෙරුණු විරෝධතා පෙත්සමකට අත්සන් එකතු කිරීම එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අද සවස පැවැත්විණි. එය ආරම්භ කරමින්  විපක්ෂනායකවරයා  ඊට තම අත්සන යොදු අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකනයින් ද  අත්සන් කෙරූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර,  එරාන්  වික්‍රමරත්න, තිස්ස අත්තනායක ඇතුළු එක්සත් ජාතික  පක්ෂ නියෝජිතයන් ද මනෝ ගනේෂණ්, වික්‍රමබාහු කරුණාරත්න, සිරිමසිරි හපුආරච්චි , සරත් මනේමෙන්ද්‍ර, සිරිතුංග ජයසූරිය යන විපක්ෂයේ නායකයින් ද මෙයට එක් ව සිටියහ.



අදහස් (0)

13 රකින්න රනිලුත් එයි

ප්‍රනාන්දු-ඩුබායි Thursday, 04 July 2013 12:27 AM

මට මුහුණු පොතක් නැත්නම් මට අදහස් දාන්න අයිතියක් නැද්ද?(නදී)

:       0       0

රත්නසිරි Thursday, 04 July 2013 12:32 AM

අයෙත් විපක්‍ෂයේම ඉන්න වාගේ කල්පනාව, උතුර දිනන්න කථා කියලා රටම මෙයාට නැතිවෙනවා.(නදී)

:       0       0

පොඩි බණ්ඩා Thursday, 04 July 2013 09:44 AM

මැරෙනකල්ම විපක්ෂයට වෙන්නේ පෙත්සම් ගහන්න තමා ඉතින් ..... (ස)

:       0       0

නීල් Thursday, 04 July 2013 09:46 AM

නියම කෙනා තමයි ඉදිරිපත් වෙලා ඉන්නේ. (ස)

:       0       0

මිලින්ද Wednesday, 03 July 2013 06:37 PM

අර 2009 යුද්ධය අවසන් වෙන්න කලින් තිබුන හවුලනෙ, ඔයගොල්ලන්ගෙ කෙරුවාව කවුරුත් දන්නවා.(නදී)

:       0       0

නිමල් ලලිතා Thursday, 04 July 2013 09:46 AM

වෙල්මුරුගන් ඔයගොල්ලන්ට නැති, සිංහල අපිට ඇති වැඩි අයිතිවාසිකම කුමක්ද. ඔයගොල්ලන් අපි අතර සුවසේ මිනිසුන් වශයෙන් ජීවත් වෙනවා. නමුත් අපිට බැහැ ඔයාලා වැඩියෙන් ඉන්න පළාත්වල ජීවත් වෙන්න. ඔයගොල්ලන්ට නීති පනවා ගත හැකියි දෙමල අයම රජ කරන පාර්ලිමේන්තුවක් ඕනානම්. ඒක තමිල් නාඩුවේ පිහිටුවාගන්න. ඒක කිරීමට, අද අපිට වඩා බන දෙසන ඉන්දියානු මහා ආන්ඩුවත් ඉඩ දෙන්නේ නැහැ. තව ඔය ගොල්ලන්ට දීමට ඇත්තේ එකම දෙයි. එය මෙහි සඳහන් කිරීමට බැහැ. මෙහෙ දී ඔයගොල්ලන්ට එහෙම දෙයක් කරොත් පොලිසි යන්න පුළුවන්. කරපු එකට විරුද්දව පෙත්සම් ගහන්න අය ඉන්නවා. නමුත් අපිට උතුරේදී එහෙම දෙයක් උනොත් අඩු වසයෙන් දෙවියන් කියන කට්ටියගේ වත් බැල්ම නැහැ. ඉතින් ජාතිවාදීන් කියන්නේ කව්ද කියල පෙනෙනවානේ. තවත් එකක් මතක තියා ගන්න ඔබලා මෙහෙ වෙනම රාජ්‍යයක් උතුරේ පිහිටුවා ගතහොත් මෙහෙ ඉන්න සැමටම එහි යන්න වේවි. එදාට අපිට අහිංසක දෙමල මිනිසා, දෙමල ජාතිවාදීය කියලා වර්ග කරන්න බැහැ. ඔබලා වැනි වෙනම රටක් පතන දෙමල ජාතිවාදියෝ අර අහිංසක දෙමල මිනිසාගේ දරුවවත් දෙමල ජාතිවාදියෙකු කිරීමට ඉඩ ඇති නිසා. දැන් කියාවි මම ජාතිවාදියෙක් කියලා. ඔව් මම දෙමල ජාතිවාදය ඉදිරියේ උග්‍ර සිංහල ජාතිවාදියෙක්. නමුත් මම රැකියාව කරද්දී ඔයගොල්ලන්ගේ දෙමල නායකයන්ගේ ගෝලයන් නිසා ගැහැටට පත් අහිංසක දුප්පත් දෙමල මිනිසුන්ව බේරගත්තා. ඔයගොල්ලා අපිට වින කිරීමට උත්සහ නොකලොත් අපි ඔබලාට සලකන්නේ අපේම අය විදිහට.(නදී)

:       0       0

ඉසාල Wednesday, 03 July 2013 06:40 PM

මෙයා රජ වෙලා හිටියනම් . අපි සුළු ජාතියක් වෙලා දැන් වෙන කොට. මොකද නඩුවේ ඉන්න හිගන්නෝ ඔක්කොම මෙහෙ පදිංචි වෙලා. තවමත් හදන්නේ එක කරන්න තමයි. දෙයියන්ගේ නාමෙට ඉන්දියාව ජේ.ආර්. ට දුන්නු 13 අපිට එපෝ. (අ)

:       0       0

චාමික Thursday, 04 July 2013 12:45 PM

ඇයි මහත්තයෝ 17 ගැන නැති උනන්දුවක් 13 ගැන ? (නදී)

:       0       0

ජෙරාඩ් Wednesday, 03 July 2013 06:43 PM

රනිල් මනෝ වික්‍රම බාහුලා ඔක්කොම හරි ජේ.වී.පී අය තමා අඩු.(නදී)

:       0       0

අබේසිංහ Wednesday, 03 July 2013 06:46 PM

අලි බබා සහ හොරු 40.(නදී)

:       0       0

නිමාලි Thursday, 04 July 2013 09:53 AM

ඒක නම් ඇත්ත මැරෙන කන්ම පෙත්සම් ගහන්න තමා වෙන්නේ...මෙහෙම ගියොත්.(නදී)

:       0       0

රන් Thursday, 04 July 2013 12:57 PM

ඇත්ත ඇති ලෙස නොදකින අපේ මෝඩ ඡන්දදයකයෝ සිටින තුරු අපිට දෙයියන්ගේම පිහිටයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය රජයට පො‍රොන්දු වී තිබුණේ 13වෙනි සංශෝධනයෙන් එහා ගිය විසදුමක් ලබාදීමට තම රජය එකඟ බවයි.(නදී)

:       0       0

සුනෙත් Thursday, 04 July 2013 09:57 AM

අපේ රට කෑලි වලට කඩන කන් මෙයාලට නින්ද යන්නෙ නෑ.(ස)

:       0       0

රොහාන් Thursday, 04 July 2013 01:00 PM

ආණ්ඩුව කරන හැමදේකටම විරුද්ධ වෙන පුරුද්දට මේකටත් අත ගහලා.(නදී)

:       0       0

සුනිල් Thursday, 04 July 2013 09:59 AM

ආණ්ඩුවේත් විපක්ෂය..රටෙත් විපක්ෂය..ජනතාවගේත් විපක්ෂය.(නදී)

:       0       0

සුකිරි Thursday, 04 July 2013 10:01 AM

පක්ෂේ රකින්න බැරුව 13 රකින්න හදනවද?(නදී)

:       0       0

මැක්ෂි Thursday, 04 July 2013 03:13 AM

දහය යකාට ගියදෙන් ඉතුරු ටිකවත් ඉතුරු වෙන්නේ නෑ වගේ මේ සැරේනම්.(නදී)

:       0       0

උපාලි Thursday, 04 July 2013 10:09 AM

නිමල් ලලිතාට මල් මිටක් !(නදී)

:       0       0

ආනන්ද Wednesday, 03 July 2013 07:13 PM

මෙයාලා බලයේ හිටිය නම් මේ වෙනකොට ප්‍රබාකරනුත් ඉන්නවා. ඊළමත් පිහිටුවලා. මෙයාලා බොර දියේ මාළු බාන්න හදනවා.(නදී)

:       0       0

කවින් Friday, 05 July 2013 03:18 PM

මාක්ස්වාදීන් හැමවිටම පීඩිතයා වෙනුවෙන් පෙනීසිටී. පීඩකයාගේ ජාතිවාදය ප්‍රතිගාමී ය. පීඩිතයාගේ ජාතිවාදය ප්‍රගතිශීලිය. ප්‍රජාතන්ත්‍රවාදි මිනිසුනි, බලන් කඩතුරා හැර දෑසේ....... (දී)

:       0       0

ගජ මෑන් Thursday, 04 July 2013 10:11 AM

ඔච්චර තමයි. ඔතනින් පස්සේ මුකුත් කරන්නේ නැහැ. බොරුවට පේන්න විතරයි මේ හැමදේම.(නදී)

:       0       0

සනත් Thursday, 04 July 2013 03:54 AM

මුන් ඔක්කම අල්ලලා මූක්ෂයේ යැව්වා නම් උනුත් සන්තොසයි අපිටත් හොදයි.(නදී)

:       0       0

චතුර Thursday, 04 July 2013 10:14 AM

එදා ගිවිසුම අත්සන් කරපු හැටි එහෙම මතක් වෙනවා ඇති නේද මාමේ...(ස)

:       0       0

අසංග Thursday, 04 July 2013 10:17 AM

මේ රටේ කාටවත්ම මොන බලතලවත් දෙන්න අවශ්‍ය නැහැ. මේ රටේ එක නීතියයි තියෙන්නේ. ඕනෑම කෙනෙකුට ඒ දේවල් අව්ශ්‍යනම් තමිල්නාඩුවට යන්න පුළුවන් අනිත් අයට ඕනෙනම් සෞදියට නැත්නම් වෙන රටකට යන්න පුලුඅවන්.මේක කාටත් සමගියෙන් ඉන්න පුළුවන් රටක්.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 05 July 2013 03:23 PM

සජිත් දයාසිරි වැනි නයකින් මහන්සි වෙලා හදන චන්ද පදනම කඩන්න තමයි මෙය නිතරම හදන්නේ , ආණ්ඩුවට 2/3 බලයක් තිබෙන නිසා ආණ්ඩුවට පුළුවන් කැමති දෙයක් කරන්න , (අ)

:       0       0

බන්දුල Thursday, 04 July 2013 04:12 AM

ඔබතුමාලා ඔය විරුද්ධවාදිකම් කරන්න හදන්නේ ආණ්ඩුවට විරුද්දව නෙමෙයි මාතෘ භූමියට විරුද්ධව කියන එක මතක තියාගන්න. (නි)

:       0       0

රූපා Thursday, 04 July 2013 10:21 AM

සැමදාම ගහන පිස්සු පෙත්සම් එකතු කරන විකාර අත්සන්. බංකොලොත් කාරයෝ. එන සැරේනම්. විපක්ෂ නායක කමත් ඉතුරු වෙන්නේ නෑ .(නදී)

:       0       0

මලිත් Wednesday, 03 July 2013 07:33 PM

'බලය බෙදා එකතු වෙමු' එකතු වෙනවා නම් බෙදන්නේ මොකටද? (නි)

:       0       0

ටෙවිසන් Thursday, 04 July 2013 01:26 PM

දැන් මේ කියන්නේ විපක්ස නායක තුමා 13 ට එකගයි. ඒ කියන්නේ ඉදිරියේදී රට බෙදීමට එකගයි. බොහොම හොදයි. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව පෙරලලා අලුත් ආණ්ඩුව පිහිටුවන්න බලා පොරොත්තු වෙන්නේ සිංහල බහුතර ජන්ද වලින් නෙවිනේ. අනේ අපේ නායක තුමටයි පක්ෂයටයි දෙයියන්ගේම පිහිටයි ඉතින් ආයුබෝවන්.(නදී)

:       0       0

ඩෙනම් Thursday, 04 July 2013 01:30 PM

දෙමල මිනිස්සු එහෙම නැහැ , කව්රුත් වරදවා තේරුම් ගන්න එපා , සිංහල මිනිහගෙන් ඔවුන්ට ලැබුන කුඩම්මාගේ සැලකිලි නිසා තමා ඔවුන් ආයුධ අතට ගත්තේ,ඔවුන්ට දකුණට ඇවිල්ල ජීවත්වෙන්න උවමනාවක් නැහැ, ඔවුන්ට ඔවුන්ගේ ප්‍රදේශයේ නිදහසේ තමන්ගේ භාෂාවෙන් වැඩකටයුතු කරගන්නයි ඕනේ. දැන්වත් රට සංවර්දනය කරන්න බලන්න. මොනවා වුනත් දමිල මොළේ පාවිච්චි කරලා හරි අපේ රට දියුණු කරන්න බලමු. ඊර්ෂ්‍යාවෙන් තමා අපේ රට මෙතරම් දුර පල්ලෙහටම ගියේ.(නදී)

:       0       0

ඉන්දික Thursday, 04 July 2013 10:26 AM

නිමල් ලලිතා, ඔය හරියටම හරි. කව්රුවත් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. අපිට නැති දෙමල ජනතාවට පමණක් තියෙන ප්‍රශ්නය මොකක්ද ? එහෙම ප්‍රශ්නයක් තියෙනවනම්, ඒ ප්‍රශ්නයම සිංහල ජනතාවට තියෙනවා උතුරට ගියහම.(නදී)

:       0       0

කුමාර් Wednesday, 03 July 2013 08:02 PM

ජේ ආර් රට පාවාදෙනකොට මෙයාලත් ඒවාට වහල් වෙලා බලු කුක්කෝ වගේ පක්ෂය තුල හිටිය, දස දහස් ගණන් රටේ නැතිඋන තරුණ ජීවිත වලට මෙයාල කෙලින්නම වගකියන්න ඕන. (අ)

:       0       0

හේමමුණි Thursday, 04 July 2013 10:37 AM

එදා වගේම රටට ද්‍රෝහි වැඩ ඔහු කරන්නේ. කොටි පුල්ලි දැන් හොදට පේනවා.(නදී)

:       0       0

නිසාන් Wednesday, 03 July 2013 08:26 PM

අපේ රටේ මිනිස්සු කරන්නේ පිස්සු...(අ).

:       0       0

කෙනත් Wednesday, 03 July 2013 08:36 PM

මෙතන අඩු ප්‍රභාකරම් විතරයි !! හැබැයි ඔක්කොම බංකොලොත් කාරයෝ, වැලේ වැල් නැහැ මේ වෙනකොට. (අ)

:       0       0

පෙරේරා Wednesday, 03 July 2013 09:19 PM

අම්මප මුන්ට ගහල එලවන්න කොන්දක් තිබුනේ නෙද්ද කෝච්චියේ යන එන එවුන්ට..(අ)

:       0       0

ලකී ජයසූරිය ලන්ඩන් Wednesday, 03 July 2013 09:21 PM

මේක උගුලක්.එයාල බොරදියේ මාළු බාන්න හදනවා මම හිතන්නේ සුළු සංශෝදනයක් කර 13 වන ව්‍යවස්ථාව ආරක්ෂා කලයුතුයි.(අ)

:       0       0

කල්ප Thursday, 04 July 2013 07:32 AM

ඉංග්‍රීසින් ලබාදුන් පක්ෂ ක්‍රමයත් රජිව් ගාන්ධි ලබාදුන් පළාත් සභා ක්‍රමයත් තිබෙන තුරු රට රැකෙන්නේ නැහැ (නි)

:       0       0

සමන් ද අල්විස් Wednesday, 03 July 2013 09:31 PM

මොන දේකට අත්සන් කලත් හොද කල්පනාවෙන් හොදේ (නි)

:       0       0

සිල්වා Monday, 08 July 2013 03:09 AM

අපේ රට කියනකොට දෙමල මුස්ලිම් මිනිස්සු අහුවෙන්නේ නැද්ද? ලෝකයේ දියුණු වෙච්ච රටවල් දිහා බලන්න මිනිසුනේ.අනික් මිනිසුන්ගේ අයිතිය පිලි අරගෙන බලය බෙදාගෙන තමයි දියුණු වෙලා තියෙන්නේ. (නි)

:       0       0

මර්සි ලංකා Wednesday, 03 July 2013 09:35 PM

ලජ්ජා නැති කම මහා මුදලි කමට වඩා ලොකුලු (අ)

:       0       0

රනා Thursday, 04 July 2013 11:12 AM

බංකොලොත් විපක්ෂයේ බල ලෝබී ලජ්ජා නැති විරෝධය.(අ)

:       0       0

ශෙහාන් Thursday, 04 July 2013 11:12 AM

අපේ සදාකාලික විපක්ෂ නායක තුමාට ජයවේවා!(නදී)

:       0       0

මිනිපේ Thursday, 04 July 2013 07:56 AM

අපි දන්නා කාලේ සිට පිටරැටියන්ට ඕනෑ විදියට අපි වැඩ කෙරුවේ. (නි)

:       0       0

රෝශන Thursday, 04 July 2013 11:16 AM

විපක්ෂ නායක තුමෝ මෝඩ වැඩ කරන්න එපා. 13 ඉවත් කරන්න හදන්න. ඒක අපිට වැඩක් නැති දෙයක් බව තේරෙන්නේ නැද්ද? ඒකෙන් වෙන්නේ ප්‍රබාකරන් අපේ සහෝදරයන්ව මරලා ගන්න හදපු එක දෙන්න නෙමෙයිද? (නදී)

:       0       0

ස්ටීව් Wednesday, 03 July 2013 09:49 PM

එතකොට දැන් කට්ට්ටිය ප්‍රබාකරන් ගැන විතරෛ තවම කතා කරන්නේ එතකොට කරුණ කේ. පී. පිල්ලෙයාන් මෙයාල බබාලා වෙන්න ඇති අපේ රටෙත් ඉන්නේ නූගතුන්ගෙ තරම (අ)

:       0       0

ආසිරි Thursday, 04 July 2013 11:17 AM

13 බලය අඩු කළ යුතුමයි. නැත්නම් උතුරේ නැගෙනහිර සිංහල ජනතාව විනාශ වේවි. දැනට පොහොර සහනාදාර කපලා ඉන්න අයට යන්න කියනවා. එහෙම අයට තව පොලිස් බලතල දුන්නොත් ඉවරයි. (නදී)

:       0       0

මංගල කොලොන්නාව Wednesday, 03 July 2013 09:56 PM

මේ හැම දෙයක්ම සිදු වන්නේ සිංහල එකමුතුව නැති කම නිසාය . වෙනත් සුළු ජාතීන්ගේ සහය බලයට පැමිණීමට අවශ්‍ය නිසා . ඕනෙම පාවා දීමක් කරන්න අපේ සිංහල දේශපාලකයන් ඇප කැපවී සිටිති . සිංහලයන් මෙය තේරුම් ගත්දා අපට මේ සංශෝදන හෝ සුළු ජාතීන්ගේ සහය අවශ්‍ය නැත . බල ලෝබී කම නිසා එක පිට නැගී අනික නැගීසිටීමට පොරකන සමාජයක මේවා සාදාරන සිදුවීම් ලෙස කොටසක් දකිති(අ)

:       0       0

ජයලාල් Wednesday, 03 July 2013 09:56 PM

සකලවිද දේශද්‍රෝහීන් එක්සත්ව එක්සිත්ව කොටිය වෙනුවෙන් හඬ නැගීම.(අ)

:       0       0

රූපා Thursday, 04 July 2013 08:13 AM

දේශද්‍රෝහී කල්ලියට ප්‍රබාකරන් තමා අඩු.(නදී)

:       0       0

ඉස්මෛල් හුසේන් Thursday, 04 July 2013 08:14 AM

මේකෙන් පැහැදිලි වෙනවා මෙතුමා තව දුරටත් මේ රටේ විපක්ෂ නායක කියලා. මොකද අපිත් කැමති නැහැ රටේ පොලිසි 9ක් තියනවට. දැනටත් වඩා ප්‍රශ්නයක් විසදගන්න කල් යයි. මුස්ලිම් ප්‍රජාව කොහොමත් මේවට කැමති නැහැ. අපිට වෙළදාමක් කරගන්න හැමතැනම ඉඩක් තිබුනම ඇති. (නි)

:       0       0

අංජන Thursday, 04 July 2013 08:19 AM

ස්ටීව් ඔබද කොටි හිතවාදියෙකි. ත්‍රස්තවාදියෙකි. මෝඩ කතා කියන්න එපා 1989 මිනී මරපු ජේ.වී.පී අය වැරදි හදාගෙන අද පාර්ලිමේන්තුවේ ඉන්නේ මොකද? (නදී)

:       0       0

වෙල්මුරුගන් Thursday, 04 July 2013 08:29 AM

පුලුවන් නම් ඡන්දයක් තියන්න උතුරටත්, නැගෙනහිරටත් සිංහලයත් එක්ක එකට ජිවත් වෙනවද නැද්ද කියලා බලන්න. ඊට පස්සේ තීරණයක් ගමු (නි)

:       0       0

ගයන් Wednesday, 03 July 2013 10:10 PM

මෙය වගෙය් නායකයෝ පොල් පිත්තෙන් කපන්න පුළුවන්. කුල්ල වගෙය් ඇලිල ඉන්නවා. (අ)

:       0       0

ප්‍රසාද් Thursday, 04 July 2013 08:51 AM

කල්ප කියන දෙය 100% හරි.(ස)

:       0       0

විජායි Wednesday, 03 July 2013 10:29 PM

,, බොර දියේ මලු බානවා....(අ)

:       0       0

ඉන්දික Thursday, 04 July 2013 08:52 AM

ප්‍රභාකරන් විතරයී අඩු.(නදී)

:       0       0

ඩයස් Thursday, 04 July 2013 08:54 AM

13 උතුරු ඡන්දෙන් පසුව සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න ඕනෑ. මමත් කැමතියි. (නි)

:       0       0

සමන්ත Wednesday, 03 July 2013 10:36 PM

මෙයා නම් හරිම පුදුමයි. රට විනාශ කරන දෙයක් තිබ්බොත් මෙයා එතෙන ඉන්නවා.. ඉතින් හැම දාම යූ. එන්. පී. එකට ගොඩ ඒමක් නැ.(අ)

:       0       0

චමිලා Thursday, 04 July 2013 11:38 AM

රටට ආදරයක් නැති මිනිස්සු

:       0       0

පෙරේරා Wednesday, 03 July 2013 10:38 PM

ජයලාල්, වචන දාහකින් කිය යුතු දේ ඔබ එක වචනයකින් කිව්වා..ඔබ හරියටම හරි. (නි)

:       0       0

නිමල් Wednesday, 03 July 2013 10:40 PM

මේ ගොල්ල ඉතින් කවදත් මේ රට කඩල දෙන්න කිව්වා අයනේ. (අ)

:       0       0

සමන්ත Wednesday, 03 July 2013 10:40 PM

කොහොමද මේ අයත් එක්ක ගමනක් යන්නේ (අ)

:       0       0

නිමල් ලලිතා Wednesday, 03 July 2013 10:42 PM

මැරෙන තුරුම විපක්ෂ නායක වශයෙන් සිට වාර්තාවක් තැබීමට කරන උත්සහයක් වගේ. විපක්ෂ නයකකම්ටත් වෙනත් සිංහලයෙකු පත්වේවා.(නදී)

:       0       0

ඉසාල Thursday, 04 July 2013 09:07 AM

ඉදගෙනම ඉදල මොලේ තැලිලා මම හිතන්නනේ. (අ)

:       0       0

උපාලි Thursday, 04 July 2013 09:17 AM

වෙල්මුරුගන්,ආයෙත් වත් අයහපත් ප්‍රශ්න නොකරන්න. (නි)

:       0       0

ලලිත්-එස්.එල් Wednesday, 03 July 2013 11:12 PM

ඒ ගොල්ලොම පෙත්සම් ගෙනැල්ලා ඒ ගොල්ලොම අත්සන් කරනවා. අපි නොදන්නා විපක්සෙ.(නදී)

:       0       0

වෙල්මුරුගන් Thursday, 04 July 2013 09:18 AM

13 ගෙනාවේ දෙමල ජනතාවගේ ප්‍රශ්නය විසදන්න ඇයි ජතිවාතින් දගලන්නේ? (ස)

:       0       0

තිසල් Thursday, 04 July 2013 09:19 AM

රනිල් මහත්තයා අහිංසකයි. (නි)

:       0       0

ප්‍රනාන්දු-ඩුබායි Wednesday, 03 July 2013 11:16 PM

දෙමල මිනිස්සු නැගිට්ටවන්න නෙමෙයි එයාට ඕනේ ඒ අහිංසක මිනිස්සුන්ගේ අන්ධ ඡන්දය.(නදී)

:       0       0

විජේසිරි Thursday, 04 July 2013 09:30 AM

අයියෝ තවත් ලජ්ජා නෑ ඉතින් මෙයාට. දැන් කීපාරක් ඡන්දෙන් පැරදුනාද ? හැමදාමත් ඉතින් ඔය ටිකම තමයි වෙන්නේ. ඒ උනත් ලජ්ජා නැතුව රංචු ගැහිලා එහෙ මෙහෙ යනවා. අන්තිමට නටපු නැටිල්ලකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.(නදී)

:       0       0

සේනානායක Wednesday, 03 July 2013 11:28 PM

පිස්සු විකාර මේවා. වෙන වැඩක්ඇත්තෙම නැද්ද මේ අයට? (නි)

:       0       0

චින්තක Thursday, 04 July 2013 09:31 AM

අම්මෝ නියම සෙට් එකක් එක්කනේ ලොක්කා එකතු වෙලා තියෙන්නේ මේ පාර. ඔය පිටිපස්සේ ඉන්න සෙට් එක මේ රටේ තාමත් ජීවත් වෙලා ඉන්නේ සිංහලයගේ තියෙන හොද කමට. ඒක හොදකමක් කිව්වට මෝඩ කමක්. වෙන රටක මිනීමරුවන්ට කඩේ ගිය අයට වෙන දේ දන්නවනේ.(නදී)

:       0       0

උපාලි Thursday, 04 July 2013 09:34 AM

වෙල්මුරුගන්,දෙමල ජනතාවට ඇති ප්‍රශ්න මොනවද? ජාතිවාදී ඔබයි.මේක සිංහල/දෙමල/ මුස්ලිම් කාගේත් අපේ මාතෘ භූමිය. (නි)

:       0       0

කිර්ති Friday, 05 July 2013 08:35 AM

ඊලග කොටස තවත් භයානක වෙන්න පුළුවන්... (නි)

:       0       0

ෂින් Wednesday, 03 July 2013 06:18 PM

වික්‍රමභාහුත් එක්ක එකට එකතු වෙලා ඉන්නෙ රටට ආදරෙ නිසා වෙන්න ඇති. (අ)

:       0       0

රානා Thursday, 04 July 2013 09:36 AM

ජේ ආර් රට පාවාදෙනකොට මෙයාලත් ඒවාට වහල් වෙලා බලු කුක්කෝ වගේ පක්ෂය තුල හිටියා. 13 උතුරු ඡන්දෙන් පසුව සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න ඕනෑ.(නදී)

:       0       0

එදිරිසංහ Wednesday, 03 July 2013 11:49 PM

වික්‍රමභාහු සහ සිරිතුංග ඔබට එක්වීමෙන් ඔබටවත් ඔබේ පක්ෂයට වත් යහපතක් සිදුනොවේ විපක්ෂ නායකතුමනි.(නදී)

:       0       0

සුරංග Thursday, 04 July 2013 09:37 AM

මේ රට නැති කරන්න ඕනේ අය ඔක්කොම ඕක අත්සන් කරයි.(නදී)

:       0       0

ඩෙනම් Wednesday, 03 July 2013 06:20 PM

ජයවේවා !!! අපිට අපේ රටේ නිදහසේ ජීවත් වෙන්න ඉඩ ප්‍රස්ථාව සලසා දෙනු මැනවි ! (නි)

:       0       0

දම්මික පෙරේරා Thursday, 04 July 2013 12:18 AM

මුනුස්සය හොඳ උනාට අපේ රටට නායකයෙක් හැටියට මට නම් මදි මදි වගේ. කොටි හුරතල් කරන්නත් විදේශ බලවේග වලට අවශ්‍ය වීදියට රට ගෙනියන්නත් හොඳයි නේද? . දැන් ඉතින් බල ලෝභී කම ඉවතලා පක්ෂය කරන්න පුළුවන් අයට දුන්නානම් හොදය නේද? (නදී)

:       0       0

රේඛා Wednesday, 03 July 2013 06:32 PM

රටක් කැති කට්ටියට ඕන එකකට අත්සන් කරන්න පුළුවන් ඉස්සෙල්ලා ප්‍රබා එක්කත් අත්සන් කරලා දුන්නේ ඕකම නේද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 498 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 235 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3234 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1153 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 598 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1993 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24906 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 735 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site