IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


13 වසර සිසුවා විදුහල්පතිට ගසයි

අනුරාධපුර නිවන්තක ඡේතිය මහා විද්‍යාලයයේ විදුහල්පතිවරයකුට මිහින්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ පුතකු පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිසිය කියයි.

13 වසරේ ඉගෙනුම ලබන එම සිසුවා පාසලේ තැනින් තැන ඇවිදිමින් සිටියදී ඒ ගැන විමසූ විට විදුහල්පතිට පහර දීමට තැත් කළ බවත්, එම පහර අතින් වැලැක්වූ බවත් දැනගන්නට ඇත.

අද උදෑසන සිදුවූ මේ සිද්ධියට විරෝධය පා පාසල් ගුරුවරු පන්තිකාමරවලින් ඉවත්ව කාර්යාලයයට වී සිටිති.

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රණාන්දු මහතා ඇතුළු පිරිසක් සිද්ධිය සැල වූ වහාම එම ස්ථානයට ගියහ.



අදහස් (0)

13 වසර සිසුවා විදුහල්පතිට ගසයි

සංජීව Tuesday, 18 June 2013 02:11 PM

මෙහෙමත් ළමයි ඉන්නවාද ඉස්කෝල වල (දී)

:       0       0

අල්විස් Tuesday, 18 June 2013 02:13 PM

මොකද දැන් මේකට කරන්නේ? මන්ත්‍රී අස් කරනවද ? කොල්ල අත උස්සලා තියෙන්නේ ගුරු පියෙකුට ගහන්න. ඒ නිසා මේ කරපු වරද බරපතල ලෙස සලකන්නම ඕනෑ. මේකට නිසි දඬුවම නොදුන්නොත් දවස ගානේ මේ වගේ දේවල් ආරංචි වේවි. මේවට අනුකම්පා කරන්න එපා. (නි)

:       0       0

චානුක රණවීර Tuesday, 18 June 2013 02:14 PM

පරම්පරාවෙන් ඇමති කෙනෙක් වෙන්න සුදුසුකම් සම්පුර්ණ කරනවා වගේ (නි)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 18 June 2013 02:14 PM

මෙයත් ලොකු වෙලා ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් වෙන්න පුරුදු වෙනවා වගේ. පළමුව ගෙවල් වලින් ඉගෙන ගත යුතුයි සදාචාරය. වැඩිහිටියන්ට ගරු කිරීම, ගුරුවරුන්ට ගරු කිරීම, ආගමට ගරු කිරීම,... මේවා ගෙවල් වල නොමැතිකමින් ළමයින් මේ වගේ වැඩ කරති (නි)

:       0       0

සංජීව Tuesday, 18 June 2013 02:16 PM

මම සුජිත් එක්ක 100% එකගයි. ඕක තමයි දැනට කරන්න තියෙන හොදම විසදුම. එතකොට ඔය ප්‍රාදේශීය මැරයන් මහා පොලවේ පය ගහලා ඉදියි. නමුත් ඒක එහෙම කරන්න රජය හෝ විපක්ෂය කවදාවත් කැමති වෙන්නෙ නැහැ. (නි)

:       0       0

නාලක Tuesday, 18 June 2013 02:15 PM

මෙහෙම ළමයි මොකටද ඉස්කෝලේ තියාගෙන (දී)

:       0       0

මිනෝලි Tuesday, 18 June 2013 02:17 PM

මේවගේ ගුරුවරුන්ට ගරු කරන්න දන්නේ නැති මැරවරයන්ට කිසිඳු පාසලක දොරටු අරින්න එපා. අධ්‍යාපනය තහනම් ක‍රන්න. ගෙදර හරි පාලනයක් නැහැ. මව්පියන්ගේ ආදරය කරුණාව නැතිව ඇතිදැඩි වෙන අය තමයි මේ. (නි)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 18 June 2013 02:19 PM

පළාත් සභා ඇමති කෙනෙක් වෙන්න හොදටම සුදුසුකම් තියෙනවා. නමුත් තාත්තගේ පට්ටමත් ගහලා යයි මෙහෙම වුනොත්.(නදී)

:       0       0

සදුනි Tuesday, 18 June 2013 02:18 PM

ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ (දී)

:       0       0

ජගත් සිල්වා Tuesday, 18 June 2013 02:23 PM

අයියෝ සල්ලි ලංකාවේ අධ්‍යාපනය (දී)

:       0       0

සේකර Tuesday, 18 June 2013 02:24 PM

අයියෝ සල්ලි

:       0       0

බුද්ධික Tuesday, 18 June 2013 02:24 PM

මේවා පිට රටවල් ධිර්ග කාලිනව ලංකාවේ අධ්‍යාපනය නැති කරන්න දරපු උත්සාහ (දී)

:       0       0

සේනක Tuesday, 18 June 2013 02:24 PM

ඔන්නතියෙනවා පාසල් වල තත්වය (දී)

:       0       0

කුමුදු Tuesday, 18 June 2013 02:26 PM

මේවාට මොනවාද දෙන දඩුවම් (දී)

:       0       0

සංජු Tuesday, 18 June 2013 02:27 PM

තරහා වන්න එපා මෙහෙම කියුවාට, ලංකාවේ නිතිය එක සමාන නැති කමයි මේකට හේතුව එකම වරදට දෙන්නෙක්ට නීති දෙකක් (දී)

:       0       0

සශිමාල් Tuesday, 18 June 2013 02:35 PM

කුරුත් විහිළු කරන්න එපා.රටේ ,ජාතියේ අනාගතය අවසානේ (දී)

:       0       0

මොහමඩ් සෞදි Tuesday, 18 June 2013 02:36 PM

දැන් ගොඩක් මේ වගේ දේවල් ආරංචි වෙන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලගෙන්. එක්කෙනෙක්ගේ දුව කොට ගවුමක් ඇඳගෙන ඉස්කෝලේ ගිහින් ඒකට අවවාද කරපු ගුරුවරියට දඬුවම් දුන්න. අනිත් කෙනාගේ පුතා ප්‍රින්සිපල්ට ගහලා. තව ගොඩක් දැනටමත් ආරංචි වෙලා ඉවරයි. මේක තව දුරටත් යන්න දෙනවද? (දී)

:       0       0

සමන් Tuesday, 18 June 2013 02:38 PM

අහෝ මෙහෙමත් ළමයි (දී)

:       0       0

ඕෂධී Tuesday, 18 June 2013 02:37 PM

මවන් පසුබිමක් තුල පැහැදිලි අනාගතයක් ලංකාවේ දකින්න ලැබෙන්නේ නැහැ (දී)

:       0       0

සත්වයා Tuesday, 18 June 2013 02:38 PM

මේ රටේ ළමයින්ගේ හිත් මේ වගේ වෙන්න හේතුව නම් ආගමක් නොමෙති කම ලංකාවේ අර කම මේ කම රැකගන්න සේනාව ඉන්නවා එත් මනුස්සකම රැක ගන්න කවුරුවත් නැහැ අනේ අපේ රටට ගිය කල (දී)

:       0       0

වරුණ Tuesday, 18 June 2013 02:41 PM

මට කියන්න අපිට කොතනද වැරදිලා තියෙන්නේ කියලා (දී)

:       0       0

චමින්ද Tuesday, 18 June 2013 02:40 PM

ලංකාවේ අධ්‍යාපනය පිරිහිලා

:       0       0

කමල් Tuesday, 18 June 2013 02:45 PM

මම මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

ඉන්දික Tuesday, 18 June 2013 02:52 PM

මේ හොර මැර දේශපාලුවන් දණ ගස්සවන්න පුළුවන් ජනතාවට විතරයි. අනේ ඒක මේ ජනතාව කවදා තේරුම් ගනීද ? (නි)

:       0       0

සරත් කුමාර Tuesday, 18 June 2013 02:51 PM

ඔන්න ඔහොමලු වැඩේ උනේ (දී)

:       0       0

පාල Tuesday, 18 June 2013 02:58 PM

එස්.ටී.කේ, තව ඉවසන්න. තව වුනේ නැහැ.(නි)

:       0       0

ෂෙහාන් Tuesday, 18 June 2013 03:14 PM

තාත්තා කාගේ හරි ගෝලයෙක්ද ?(නදී)

:       0       0

ශාන්ත Tuesday, 18 June 2013 03:24 PM

තාත්තලා ගුරුවරු දණ ගස්සනවා.පුත්තු විදුහල්පතිවරුන්ට ගහනවා. මේ රට මේ කොතැනටද ගෙනියන්නේ?(නි)

:       0       0

ලුම්බිණි Tuesday, 18 June 2013 03:27 PM

බලමු මේ පළාතේ දේශපාලකයොත් එකතුවෙලා නායකයන්ට කියලා මේ මන්ත්‍රීත් අස් කරවයිද කියලා. එහෙම නැත්නම් අසාධාරණයි නේ. (නි)

:       0       0

කරු Tuesday, 18 June 2013 03:33 PM

ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ පුතා මෙහෙම නම්, මෙයා පළාත් සභා මන්ත්‍රී කෙනෙක් වුණොත් පුතා මොනවා කරයිද? (ත)

:       0       0

රුවා Tuesday, 18 June 2013 03:40 PM

මේ කාගේ අවාසනාවද කියලා කව්ද දන්නේ? එක්කෝ අපේ නැත්නම් රටේ .......(නි)

:       0       0

කුමාර් Tuesday, 18 June 2013 03:51 PM

එස්.ටී.කේ, තව ඉවසන්න තව උනේ නෑ , තාම ලංකාව, ඉඩිඅමීන් ගේ කාලේ උගන්ඩාව තරමටම නරක් වෙලා නෑ, උගන්ඩා ජනපති හා සගයෝ මිනී මස් කන තැනටත් ආවනේ. ඒ එක්ක බලනකොට තාම ලංකාව ධර්ම ද්වීපයක්.(නදී)

:       0       0

අනුර ශාන්ත Tuesday, 18 June 2013 03:51 PM

ගහේ කටු උල්කරන්න ඕනෑ නැහැනේ.(නදී)

:       0       0

ප්‍රභා Tuesday, 18 June 2013 04:25 PM

මෙහෙ අයට නාම යෝජනා දුන්න අය සහ එයාලට ඡන්දෙ දුන්න අයගේ වැරැද්ද තමයි මේ(නි)

:       0       0

සරත් Tuesday, 18 June 2013 04:35 PM

මහ කකුළුවන් යන පාරේම පොඩි කකුළුවන් යනවා.මේක කොල්ලගේ වරද වගේම රටේ ඉන්න ලොකුම ලොකු කකුළුවන්ගේ ආදර්ශ.රටේ කකුළුවන්ට පැහැදිලි නීතියක් නැහැ. ඒක පොඩි කකුලුවොත් දන්නවා.උන් යන්නෙත් ඇදේටම තමා (නි)

:       0       0

තුෂාර Tuesday, 18 June 2013 12:57 PM

13 එපා කියල කෑගහන්නේ මොකද කියලා දැන්වත් තේරෙනවද ? මේ සේරම අපරාධ 13 නිසා (නි)

:       0       0

ආනන්ද ආර් Tuesday, 18 June 2013 04:37 PM

අර " වැරදි කරන අයට අපි තරාතිරම නොබලා දඬුවම් කරනවා" කියන වගන්තිය යටතේ දඬුවම් කරන්න.(නි)

:       0       0

ගාමිණී Tuesday, 18 June 2013 12:59 PM

තාත්තලා මදිවට පුතාලත් ගුරුවරුන්ට ගහන්න පටන් අරන්. ගුරුතුමා තනියම ගහගත්තා කියලා ඔන්න පස්සේ කියන්න එපා. (නි)

:       0       0

සරත් Tuesday, 18 June 2013 01:02 PM

මේ දරුවට දෙන්න තියෙන හොදම දඬුවම තමයි අර මන්ත්‍රීරියගේ කොට ගවුම් අදින කෙලීව යාළුකරලා දීලා පාසල් දෙකෙන්ම අයින් කරන එක. දෙපාර්ශ්වයම හොදටම ගැලපෙනවා (නි)

:       0       0

නීල් රංග Tuesday, 18 June 2013 01:02 PM

පහරදීමක් සම්බන්දයෙන් පොලීසියේ පැමිණිල්ලක් දැම්මහම පොලීසිය එය සමථ මණ්ඩලයට යොමු කරාවි. (ත)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 18 June 2013 01:04 PM

අනේ අපොයි මොනවද මේ වෙන්නේ? තාත්තලාගේ උණ ළමයින්ටත් බෝ වෙලා වගේ..රටට ගිය කලක් (ත)

:       0       0

එස්.ටී.කේ. Tuesday, 18 June 2013 01:03 PM

ආසියාවේ ආශ්චර්යය. සාදු සාදු සාදු! නීතියක් නැති , පොලිසිය මිනී මරණ, ගසා කන, සදාචාරයක් නැති ආසියාවේ ආශ්චර්යය ... රටක් මෙච්චර පහත් වෙන්න පුලුවන්ද කියලත් හිතෙනවා (නි)

:       0       0

චමින්ද Tuesday, 18 June 2013 01:04 PM

තාත්ත ප්‍රදේශිය සභා මන්ත්‍රී . පුතා ඇමති කෙනෙක් වෙන්න සුදුසුකම් එකතු කරන ව . ලංකාවනේ ... (ත)

:       0       0

නිල්මිණි Tuesday, 18 June 2013 01:07 PM

හොදම දේ තමා මේ ඇමතිවරුන්ගේ ළමයි ටික ඔක්කොම එක ඉස්කෝලෙකට දාන එක (නි)

:       0       0

කුමාර් Tuesday, 18 June 2013 04:54 PM

ඉවසන්න තව වුනේ නැහැ. තාම ලංකාව ඉඩිඅමීන් ගේ කාලේ උගන්ඩාව තරමටම නරක් වෙලා නැහැ. උගන්ඩා ජනපති හා සගයෝ මිනී මස් කන තැනටත් ආවනේ. ඒ එක්ක බලනකොට තාම ලංකාව ධර්මද්වීපයක්(නි)

:       0       0

විජේසුරිය Tuesday, 18 June 2013 01:18 PM

වගකිවයුත්තන් ගොළු බිහිරන් සේ හැසිරෙන රටක මීට වඩා වෙන මොනවද? (නි)

:       0       0

අස්මිත් Tuesday, 18 June 2013 01:17 PM

නිල්මිනිගේ අදහස් වඩාත් හොදයි. නමුත් කව්ද මෙයාලට උගන්වන්න ඉදිරිපත් වෙන ගුරුවරු ? (නි)

:       0       0

ලසිත Tuesday, 18 June 2013 01:20 PM

රටත් ඉවරයි, අධ්‍යාපනෙත් ඉවරයි, දෙමව්පියන්ට දරුවො පාලනය කරන්ඩ බැරි නම් මෙහෙම මරුවො නොහදා ඉන්න ඕනෑ (නි)

:       0       0

දමයන්ති Tuesday, 18 June 2013 05:02 PM

13 වසර කියන්නේ ලොකු ළමයි. ඒ දරුවන්ට හමුදා නීතිය නැතුව ආදරයෙන් කතා කළ යුතුයි. (නි)

:       0       0

රොහාන් Tuesday, 18 June 2013 01:22 PM

මේවා වෙන එක දැන්ම නවත්තන්න ඕනෑ. සුදුසු ස්ථාවර ක්‍රියාමාර්ගයක් තියෙන්න ඕනෑ. පාසල් වල විනය නැති වුනොත් ඊළඟ පරම්පරාව සමාජයට යනකොට කොහොමද යන්නේ ? (නි)

:       0       0

ජුඩ් සමන්ත Tuesday, 18 June 2013 01:22 PM

තාත්තා ඇවිත් විදුහල්පතිතුමාව දණ ගස්වයිද දන්නේ නැහැ. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 18 June 2013 01:24 PM

ආශ්චර්‍යමත් රටක් අපට ලබා දීමට දායක වූ සැමට අපේ ප්‍රනාමය! (නි)

:       0       0

නිහාල් Tuesday, 18 June 2013 01:27 PM

ඉස්සෙල්ලම වැඩිහිටියො හොඳට හැසිරෙන්න ඕනෑ. පුජ්‍ය පක්ෂය ගරු කටයුතු ලෙස කටයුතු කරන්ඩ ඕනෑ. අපි දෙමාපියන් හැටියට වැරදි නිවැරදි කරමු. (නි)

:       0       0

සුජිත් Tuesday, 18 June 2013 01:32 PM

ඇමති මණ්ඩලය 20 දක්වා අඩුකර පළාත් සබා ප්‍රාදේශීය සබා සියල්ල අහෝසි කළ යුතුයි.දිසාපතිවරුන් හරහා ප්‍රාදේශීය පරිපාලනය ඉටු කර ගත හැකිය. (නි)

:       0       0

සුජිත් Tuesday, 18 June 2013 01:31 PM

මේ ළමයට අනාගතේ ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් මේක (නි)

:       0       0

පෙරේරා Tuesday, 18 June 2013 01:32 PM

එස්.ටී.කේ.ලට තියෙන අමාරුව තේරෙනවා. ඔය අමාරුවට බේත් ගන්න ඉක්මනට. හරියට අද ඊයේ ඉපදිලා ලෝකේ දැකපු අය වගේ කතාව. මේ වගේ ඒවා ඔය මහත්තය ඉපදුනාට පස්සේ ඇහුවමද ඔය? (නි)

:       0       0

නිලන්ක Tuesday, 18 June 2013 01:35 PM

කරුණාකරලා කොසොල් මහා රජු දුටු සිහින 16 කියවන්න. සිංහල බන පොත් තිබෙනවා. එතකොට තේරෙනවා මිනිස්සුන්ට (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Tuesday, 18 June 2013 01:38 PM

තාත්ත ප්‍රාදේශීය මන්ත්‍රී කෙනක් වෙන්න ඇති. (නි)

:       0       0

ධම්මික Tuesday, 18 June 2013 01:44 PM

නිල්මිණි, ඔයාගේ කතාවනම් මාරු. නමුත් ඔය ටිකක් පරක්කු වැඩයි. මොකද ඔය අහල නැද්ද "දියවන්නාව" ගැන? ගොඩක් දේශපාලන පුත්තු ඒක ඇතුළේ. මෙයාලත් කවද හරි යන්නේ එතෙන්ට තමයි. රට ගැන දුකයි. (ත)

:       0       0

අතුල - මාලදිවයින Tuesday, 18 June 2013 01:44 PM

කොට ගවුම් සිද්දියට ප්‍රතිචාර දාපු රවිනාත්, දිල්කි කෝ? (ත)

:       0       0

නලින් Tuesday, 18 June 2013 01:48 PM

වැඩිහිටියකුට ගුරුවරයකුට සලකන්න දන්නේ නැති උන්නම් රටේ ජීවත් වෙන්නේ මොකක්ද ආශ්චර්යය? (ත)

:       0       0

අශෝක කරුණාරත්න Tuesday, 18 June 2013 01:50 PM

පුතත් තාත්තා වගේම වෙයි. රටේ අනාගතය ගැන හරිම දුකයි. (ත)

:       0       0

කමල් Tuesday, 18 June 2013 01:52 PM

ඉස්සරහට දේශපාලකයින්ගේ ගෙවල් වල හදන බල්ලොත් අපට පාට් දායි. දැන්ම හදා ගත්තේ නැත්නම් උනුත් නරක්වෙයි. (නි)

:       0       0

දිසානායක Tuesday, 18 June 2013 01:57 PM

ලංකාවේ අධ්‍යාපනය පිරිහෙන්න පටන් අරන් (දී)

:       0       0

සිරි Tuesday, 18 June 2013 01:59 PM

මේ ඇමතිලාට , එයාලගේ දරුවන්ට මොනවද මේ වෙලා තියෙන්නේ? හිතාාගන ඉන්නවද දන්නේ නැහැ ජනතාවට ගන්න මරන්න එයාලට ඡන්දය දුන්නා කියලා. පුදුම උණක්නේ මේ ඇමති පුත්තුන්ට ගහලා තියෙන්නේ. (නි)

:       0       0

සම්පත් 08 Tuesday, 18 June 2013 02:08 PM

මේවා රජයේ නම කැතකරන්න කවුරුහරි කරන කුමන්ත්‍රණ වෙන්න බැරිද? (නි)

:       0       0

සංජීව Tuesday, 18 June 2013 02:10 PM

මේ මිනිස්සුනට ඡන්දෙ දීපු අපි අපිටම ටොකු ඇන ගත ගත්තොත් හොදයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 71 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 251 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 134 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 3991 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 534 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2113 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site