IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


13 සංශෝධනය පරණ පාන් කෑල්ලක් වගෙයි

13වෙනි ව්‍යවස්ථා සංශෝධනය  නැමති පරණ පාන් කෑල්ල ජාතිවාදයෙන් තෙමා බලය රැක ගැනීමට රජය ක්‍රියාකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා කියයි.

‘මේ මතවාදය යල්පැන ගියපු පැරණි මතවාදයක්. හරියට පරණ පාන් කනවා වගේ. ඉන්දියාව අපේ රටේ  ජාතික සමගිය නැති කරමින් අපේ රටට මේ දේ බලෙන් පටවපු දවසේ ඉදලා මේ දේශපාලන මතවාදය තිබුණා. පාලක පක්ෂ සුළු දේශපාලන පක්ෂය හරහා තම බලය රැකගන්න 13වැනි සංශෝධනය කියන පරණ පාන් කෑල්ල ජාතිවාදයෙන් තෙමනවා. අද මේ රජය කරන්නෙත් ඒ ටිකම තමයි. අරක ඕනෑ මේක ඕනෑ අරක එපා මේක ගේන්න කියලා කවුරුන් මොන විදියට කෑ ගෑහෑවුවත් ඉන්දියාව ඈඟිල්ල දික් කර ගමන් චණ්ඩි ටික සීරුවෙන් හිටගන්නවා. ජනාධිපතිතුමාගේ සොහොයුරා පසුගියදා ඉන්දියාවට ගියා. එතනදි ඉන්දියාව ඈගිල්ල දික් කරලා පුංචි තරවටුවක් දැම්මා. දැන් කට්ටිය සීරුවේන් කෝ කෑ ගහපු චන්ඩි? මොනවද අයින් කලේ? හෑබෑයි 13වෙනි සංශෝධනයෙන් පළාත් සභා වලට තියෙන දෙටත් වඩා එහාට ගිය එවා දෙන්න මේ අය පොරොන්දු වෙලා. එවා මොනවද කියලා කවුද දන්නේ? මෙ පළාත් සභා රටට බරක්. රටට කිසිම වෑඩක් නොකරන පළාත් මහා ඇමතිවරු නම දෙනෙක් ඇමතිවරු මන්ත්‍රිවරු නඩත්තු කරන්න මොනතරම් මුදලක් නිකරුනේ වැය වෙනවද? පළාත් සභා අහෝසි කරන්න ඕනි කියලයි අපි කියන්නේ.  ජනතා විමුක්ති පෙරමුණේ අපි ඒක එදත් කිවුවා අදත් හෙටත් කියනවා.

 2009 මැයි 19 වැනිදා යුද්ධය ඉවරකළ ගමන්ම අපි ජනාධිපතිට කිව්වේ බෙදුම්වාදි යුද්ධය ඉවර කළත් බෙදුවාදී දේශපාලන මතවාද කරලියට එනවා එවා නවත්වන්න දෑන් ක්‍රියා කල යුතුයි කියලා. නමුත් එතුමා කළේ තමන්ගේ දේශපාලන ගමන් මාර්ගය එළි පෙහෙළි කරගන්න එක විතරයි. අද මොකද වෙලා තියෙන්නේ?.

රටේත් ඉන් පිටතත් බෙදුම්වාදය ශක්තිමත් වෙලා. ඉන්දියාව ඇතුළු බටහිර රටවල් එවාට උල් පන්දම් දෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කරලා උපරිම ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර සමාජ සංහිදීව සහෝදරත්වය ඇති කළොත් පළාත් ඉන්දියාව තියා මොන ජගතටවත් අපේ රටට අත පොවන්න බැහැ. හැබැයි ඒ රටවල මිනිස්සුන්ට වඩා ඉහළ නිදහසක් ඉහළ අයිතිවාසිකම් අපි ලබා දෙන්න ඕනෑ.

එහෙම නෑතිව ජාතික ආරක්ෂාව කියලා විදුහල්පති වරුන් නර්නල්ලා බ්‍රිගේඩියර්ලා කරලා ගමක් ගමක් ගානේ හමුදා කදවුරු පෑටව් ගස්සලා මෙවා කොරන්න බෑහෑ.

 අපි ඉන්දියාවට කියන්නේ ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගෑන කතාකරන්න කලින් තමන්ගේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගෑන හොයලා බලන්න කියලා කන්න අදින්න දෙන්න කියලා. ලොකේ වැඩිම දුප්පතුන් ඉන්න රට ඉන්දියාව.  පළාත් සභා වලට විරුද්දත්වය දක්වන ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා මැතිවරණ වලට ඉදිරිපත්ව මන්ත්‍රිධුර ලබාගන්නේ ඇයිදැයි එසෑණ කල විමසුමට පිලිතුරු දුන් සෝමවංශ මහතා මෙසේ පැවසීය. පළාත් සභා වලට අපි සුජාත භාවය ලබා දෙන්නේ නෑහෑ. මෙයින් ජනතාවට කිසිදු දෙයක් කළ නොහැකියි බව අපි ඇතුලේදීත් සිටත් ඉන් පිටදීත් නොබියව පවසනවා.



අදහස් (0)

13 සංශෝධනය පරණ පාන් කෑල්ලක් වගෙයි

කමල් Friday, 12 July 2013 11:55 PM

ඒ කාලේ මෙයාලා ඕකට විරුද්ධ වෙලා අපේ රටේ තරුණයෝ 60000 විතර බිලි ගත්තා. දැන් පරණ පාන් කෑල්ලලු. පරණ නිසා දැන් එක හොදක් ඇති නේ. ඕකට දාන්න ඕනේ ජනතා මුලා කිරීමේ පෙරමුණ කියලා.(නදී)

:       0       0

සුජිත් Friday, 12 July 2013 11:56 PM

මෙන්න කතා කරන දෙයක් අහුවෙලා. කොහෙද මෙච්චර කල් හිටියේ ඔබතුමා.(නදී)

:       0       0

ජනිත් Friday, 12 July 2013 11:58 PM

ඕකට සිංහලෙන් කියනේ කන පතේ පහරවනවා කියලා.(නදී)

:       0       0

රුවන් Saturday, 13 July 2013 02:38 AM

පක්ෂේ මොනවා උනත් කතාව මසුරන් වටිනවා. අපි මේ වෙලාවේ පක්ෂ බේදයකින් තොරව රටේ වෙන විනාසය නවත්තන්න කටුතු කරොත් අපිට හොඳ අනාගතයක් ඇතිවේවි. (නදී)

:       0       0

හේරත් Saturday, 13 July 2013 04:06 AM

අනේ සෝමේ අය්යේ.....දැන් නාකියි නේද. මොකක්ද මේ තණ්හාව.(නදී)

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Saturday, 13 July 2013 04:15 AM

අමරසිංහ මහත්තයා අද තමයි ඇත්ත කිව්වේ මාත් කතාවට එකඟයි.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Saturday, 13 July 2013 04:51 AM

අනේ මෙයාගේ බයිලා, පළාත් සබාව සුදු අලියෙක්. ඒක වෙනම කතාවක් එහෙනම් මෙයාලට කරන්න තිබුනේ පළාත් සභා වලට ඡන්දේ ඉල්ලන්නේ නැතුව ඉන්න. එක පළාත් සභාවක්වත් බේරගන්න බැරි උන තැන දැන් අර නරිය වගේ මිදී ඇඹුල් කියනවා. මේවා හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට.(නදී)

:       0       0

උපාලි Saturday, 13 July 2013 05:50 AM

කතාව නම් ඇත්ත. එත් ඉතින් දැන් ඔබතුමාගෙ පක්ෂෙත් පරණ පාන් කැල්ලක් නේද? හපන්න බැරි, ගල් වෙච්ච ගුල්ලෝ ගහපු.(නදී)

:       0       0

ලුම්බිණි Saturday, 13 July 2013 06:33 AM

මේ රටේ සියලු දෙනාට සමාන අයිතිවාසිකම් දෙනවා නම් ඉන්දියාව හෝ වෙනත් බටහිර රටවල් පළාත් සභා තියාගන්න කියන්නේ නැහැ. පළාත් සභා කිසිම වැදගැම්මකට නැති නාස්තියක්. ඒක ඇත්ත. (නි)

:       0       0

ගයාන් Saturday, 13 July 2013 08:46 AM

තමන්නන්සේලා නේද මේ ආණ්ඩුව එදා ඉඳලම රැක ලැජ්ජයි.මිනීමරුවෝ,හොරු නේද අපිව පාලනය කරන්නේ. 4-5ට බැස්සත් තනියම සටන් කරන්ඩ පුරුදුවෙන්ද.(අ)

:       0       0

සංජිව Saturday, 13 July 2013 08:49 AM

ලුම්බිණිලට සම අයිති වසකම් ලැබිල නැද්ද, ඕන තම ලැබිල තියෙනවා. පුලුවන්නම් අරාබියේ වැඩ කරන සිංහල අයට සම අයිති වාසිකම් ඉල්ලලා දෙන්නකෝ. ලංකාවේ හැම පළාතකම ඉන්න සිංහල අයට වගේම, මුස්ලිම් සහ දෙමල අයට සම අයිති වාසිකම් ලැබිල තියෙනවා, මොනවද ලැබිල නැත්තේ පුලුවන්නම් කියන්න. ඔයාලට ඕනේ වැඩි අයිති වසිකමක්, එකේනේ පුල්මුඩේ වලිටිකත් එයාලට අල්ල දෙවියෝ දුන්න කියල කියන්න. එයාලට මේකත් පර්කිස්තානයක්, ඇෆ්ගනිස්ථානයක් කරන තුරු සැනසීමක් නැහැ.(අ)

:       0       0

ගයන් Friday, 12 July 2013 09:48 PM

මේගොල්ලෝ ඔහොම කතා කලට අතීතයේ කරපු දේවල් කවදාවත් මකාගන්න බැහැ. හොඳ දර්ශනයක් ඇතුව ආවා නම් විප්ලව ඕනේ නැහැ. ඉන්න හොරු පන්නන්න.(නදී)

:       0       0

මිනිපෙ Friday, 12 July 2013 10:15 PM

පරණ පාන් කෑල්ලේ කතාව කෙසේ වෙතත්, රටක උපදින හැම කෙනෙකුටම එම රටේ නීතියට ගරුකව එක හා සමානව ජිවත් වීමේ අයතිවාසිකම ලබා දිය යුතයි.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Saturday, 13 July 2013 11:14 AM

13 ට මමත් විරුද්ධයි ඒ නිසා කරුණාකරලා ඔබ තුමා මේ ගැන කතා නොකර ඉන්නවද? ඔබතුමා මේ ගැන කතා කරන්න ගියොත් මෙයට විරුද්ධ අය අඩුවෙලා යයි. (අ)

:       0       0

කුමාරසිරි Saturday, 13 July 2013 10:00 PM

මට අදහගන්න බැහැ මේ සෝමවංශ මහාත්තයාද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 23 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 162 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 173 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 272 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 935 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 575 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37673 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site