IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


13 හරියට ඕනෑ : මෝදි මහින්දට කියයි

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා 2010 වසරේ දී පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව බහුතරයක් ජීවත්වන පළාත්වලට පුළුල් බලතල දෙන ලෙස ඉන්දියා නව අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනපතිට අවධාරණය කළ බව හින්දු පුවත්පත කියයි.

ඉන්දියාවේ හිටපු අගමැති මන් මෝහන් සිං හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කි මූන් සමඟ 2010 මාර්තු මාසයේ පැවැති සාකච්ඡාවක දී බලය බෙදීම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය විසඳුමක් ලබා දීමට ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු විය.

ඉන්දියා අගමැතිවරයා උපුටා දක්වමින් එරට විදේශ ලේකම්වරිය සඳහන් කළේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය හා ඊට වඩා එහා ගිය විසඳුමක් මඟින් මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගත හැකි බවයි.



අදහස් (0)

13 හරියට ඕනෑ : මෝදි මහින්දට කියයි

සෙනරත් Wednesday, 28 May 2014 09:45 PM

ඉන්දියාවේ ආණ්ඩු වෙනස් වුනාට විදෙස් ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. (ස)

:       0       0

නිමල් ලලිතා Wednesday, 28 May 2014 12:57 PM

පාට පාට දේශපාලනය පිටු දකින්න තාලය ඇවිත්. මේ රට හැර වෙනත් මව් රටක් අපට නැත. සාමය, සමගිය සමානාත්මතාවය කියමින් මුළු රටම විනාශ වෙන්න ඉඩ හරිනාවදි? නැතිනම් රැක ගන්නවාද? (නදී)

:       0       0

සුරවීර Wednesday, 28 May 2014 12:58 PM

ඕක නේ අපි කිව්වේ. දැන් මොකද කියන්නේ? (නදී)

:       0       0

නුවන් Wednesday, 28 May 2014 12:59 PM

ඉතින් එයාලට ඉන්දියාවෙන් දෙන්න පුළුවන්නේ ..කොච්චර හොදද ...ඉන්දියාවේ ඉඩම් බෙදල දීල ඡන්දෙ ගන්නත් පුළුවන් (නදී)

:       0       0

රජින්ද Wednesday, 28 May 2014 01:01 PM

මේ ලෙඩේ මුලින්ම දා ගත්තේ කව්ද? (නදී)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 28 May 2014 01:02 PM

ඔය බොරුවට.(නදී)

:       0       0

පිටිගල Wednesday, 28 May 2014 10:09 PM

ඉතින් එහෙනම් පොරොන්දු වුණා කියලා කියන්නේ මොකක්ද? (නි)

:       0       0

ජානි Saturday, 31 May 2014 08:42 AM

මෝදිට ඕනේ බලය විතරයි.. අපේ රට ගැන කියන්න එයා මොනවද දන්නේ? (ස)

:       0       5

නිසාර් Wednesday, 28 May 2014 01:18 PM

දහතුනෙන් එහාට ගිහිල්ල තමා 18 එන්නේ. (ස)

:       0       0

නාමලී Wednesday, 28 May 2014 01:18 PM

බඩු මිල වැඩිවේ.(නදී)

:       0       0

ප්‍රේමේ Wednesday, 28 May 2014 01:22 PM

පුදපු ගමන් කාපි යකා. (නදී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 28 May 2014 10:34 PM

බලමුකෝ අන්තිමට ගන්න තීරණය මොකක්ද කියලා (නි)

:       0       0

සුපුන් Saturday, 31 May 2014 08:47 AM

දැනටම ඕනවට වඩා බලය දීලා.. සිංහලයෙකුට කිසිම අයිතියක් නැහැ මාලුවෙක් අල්ලන්න බැහැ සිංහල නම්. ඇත්ත තත්වේ කතාකරනවා පාටලී චම්පික නම්... හමුදාව හිටියට වැඩක් නැහැ. තරහින් බලාගන ඉන්නවා විතරලු.(ස)

:       0       0

අනුර ශාන්ත Wednesday, 28 May 2014 01:24 PM

ඔහෙප්පල්යන්! (නදී)

:       0       0

ශාන්ති Saturday, 31 May 2014 08:49 AM

ශමිලාට බැරිද අපේ අයිතිය වෙනුවෙන් කතාකරන්න? (ස)

:       0       0

සිරී Wednesday, 28 May 2014 01:24 PM

ලොකු ටොපියක් නේ දීලා තියෙන්නේ.(නදී)

:       0       0

සුනිල් ගම්පහ Wednesday, 28 May 2014 01:31 PM

ඔන්න පැනල කරගෙන ආපු දෙයක්. මෙයා ඉල්ලන ඒවා දෙන්නම වෙයිද ? (ස)

:       0       0

සීල Wednesday, 28 May 2014 11:27 PM

ඔය කෙහෙම්මල් පළාත් සභා අහෝසි කළාම ඉවර නේ. ඉන්දියන් කාරයෝ කොහොමද අපේ ප්‍රශ්න වලට ඇගිලි ගහන්නේ. ඒ අයට කුද ගහගන්නයි කියනවා. ඔය මල ඉලව් වලට අපි යන්න ඕනේ නැහැ,එත් ඉතින් උගන්ඩාවයි, සිම්බබ්වෙයි ,ඇරුනම කොහේ යන්නද?. (අ)

:       0       0

හෂාන් Wednesday, 28 May 2014 01:33 PM

මොදි මහත්තයා බලයට පත් වෙච්ච ගමන් ඉන්දියාවේ ප්‍රශ්න විසඳන්නේ නැතුව ලංකාවේ ප්‍රශ්න විසඳන්න පටන් අරගෙන වගෙයි. (ස)

:       0       0

වසන්ත Wednesday, 28 May 2014 01:34 PM

දෙනවා ක්ව්වනම් දෙන්න ඕන, නැත්නම් දැන් කියමු පැහැදිලිව ම අපි බලය බෙදන්නේ නෑ කියල. හොඳම දේ තමයි මැතිවරණයකින් ජනතා අදහස් ගැනීම (ස)

:       0       0

නිමල් Wednesday, 28 May 2014 01:37 PM

හිතාගෙන ඉන්නේ ලංකාව උන්ගේ ප්‍රාන්තයක් කියලද දන්නේ නෑ. අපිට චීනෙත් උදව් කරනවා. 13 නෙවෙයි වැඩිය දැගළුවොත් මේ බලතලත් නැති කරන්න ඕනේ. (ස)

:       0       0

නිමන්ත Wednesday, 28 May 2014 01:39 PM

මෝඩි අවොත් ලංකාවට විශේෂයෙන් සිංහල ජනතාවට හොඳයි කියපු කට්ටියට දැන් මොනවා හිතෙනවද දන්නේ නෑ. (ස)

:       0       0

හසිත Wednesday, 28 May 2014 01:41 PM

ඔන්න විමල් මහත්තයෝ කෙලින් කතා කරන්න වේලාව. ජාතියම ඔබ තුමා පස්සෙන්. (ස)

:       0       0

අසෝක Thursday, 29 May 2014 01:55 AM

ඔහොම යමු, මොකද වෙන්නේ බලන්න (නි)

:       0       0

හේමන්ත Wednesday, 28 May 2014 01:43 PM

මට නම් හිතෙන්නේ ඡන්ද ගන්න ජාති ආලය සමග දේශප්‍රේමය පතුරුවාලීමේ ප්‍රතිපල කියල මේ ඔක්කොම. (ස)

:       0       0

සහන් Thursday, 29 May 2014 03:53 AM

17 වැනි සංශෝදන වෙනස් කරලා 18 ගෙනාවා වගේ මොකද 13 වෙනස් කරන්නේ නැත්තේ? (නි)

:       0       0

ශාන්ති Saturday, 31 May 2014 04:27 PM

ශමිලා බැරිද අපේ අයිතිය වෙනුවෙන් කතාකරන්න? (අ)

:       0       0

නිශාන්ත Wednesday, 28 May 2014 01:47 PM

එයා ඉන්දියාවෙ අගමැතිද? අපේ රටේ ජනාධිපතිද? ඉන්දියාවෙ මෙච්චර ප්‍රශ්න තිබියදී එනවා අපේ රටේ ප්‍රශ්න වලට අතදාන්න. (නි)

:       0       0

දයා Wednesday, 28 May 2014 01:55 PM

තව ටිකක් කල් යනවිට අපේ අයට කියන්න සිදුවෙනවා මන මෝහන් සින් හිටියා නම් හොදා කියලා.(නදී)

:       0       0

සමුද්‍ර ලංකා Wednesday, 28 May 2014 01:56 PM

ඔන්න ඉතින් අපි කිව්වා. කියපු විදියටම සිද්දිය පරණ පුරුදු විදියටම වෙන්ඩයි යන්නේ. ඉන්දියන්කාරයා කියන්නේ කවදත් ලංකාවේ සිංහල අපිට කෙනෙහිලිකම් කරන්ඩ බලාගනම ඉන්න සතෙක්.(නදී)

:       0       0

සංජීව Saturday, 31 May 2014 04:39 PM

මදැයි වෙච්ච දේ? (නි)

:       0       0

රාජුන් Wednesday, 28 May 2014 01:59 PM

පුදනකොටම කාපි යකා කියන්නේ ඔන්න ඕවට.(දිල්)

:       0       0

දර්ශන Thursday, 29 May 2014 06:04 AM

අගමැති වෙනස් වුණාට රටේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ. බලන්න අපට ඉගෙන ගන්න තියෙන දේ. ලංකාවේ අයට දෙන පොරොන්දු වගේ නෙවේ, රාජ්‍ය නායකයෙක් රජයකට උන පොරොන්දුවක් මේක. දැන් ඉතින් ඉන්දියාව පතුරු ගහයි මාධ්‍ය ඉස්සරහ. නමුත් ඉන්දියාවට ගිහින් රාජ්‍ය තාන්ත්‍රිකව මේ ප්‍රශ්නේ විසදන්න පුළුවන් විද්වත්තු ආණ්ඩුවේ ඉන්නවද කියන එකය් ප්‍රශ්නේ. (අ)

:       0       0

ඔසී Thursday, 29 May 2014 06:15 AM

ඔන්න දැන් හොදම වෙලාව ජන මතයක් තියන්න.(අ)

:       0       0

බණ්ඩාර Wednesday, 28 May 2014 02:20 PM

හේමන්තට මමත් එකඟ වෙනවා (නි)

:       0       0

ඩිලාන් Wednesday, 28 May 2014 02:20 PM

දැන් අපි මේ ඉල්ලන දේවල් දෙනවද? (නි)

:       0       0

පුෂ්පා Thursday, 29 May 2014 06:35 AM

බොහෝ දෙනා පොරොන්දු දෙන්නේ එදා දවසේ තත්ත්වය බලා එම වාතාවරණයට ගැළපෙන අන්දමටයි. එම යෝජනා ක්‍රියාත්මක කරන කාලය එනවිට, වසර ගණනක් ගත වූ විට, සමහරවිට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා තියෙන්න පුළුවන්. එම යෝජනාවන් මුළුමනින්ම නුසුදුසු වෙන්න පුළුවන්. එම වෙලාවට දේශපාලකයෝ කරන්නේ එම යෝජනාවන් දැන් සුදුසු නොවෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන එකයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 29 May 2014 06:38 AM

කවුරු මොනවා කිවුවත් සේනාව සමඟ සිංහල බෞද්ධයා එකතු වුණොත් ගොඩක් දේවල් කළහැකියි (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 28 May 2014 02:23 PM

කොහොමද මෙහෙම පොරොන්දුවක් වුණේ? (නි)

:       0       0

චාමර Wednesday, 28 May 2014 02:24 PM

මහත්තයෝ,ලංකාවට ඇඟිලි ගහන්න පෙර තමන්ගේ වැඩක් බලාගත්තොත් නේද හොඳ (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 28 May 2014 02:32 PM

කොහොමද මම කියූ දෙය? දැන් ඉන්දියාව ආයෙත් හොඳ නැහැ. දවස් කීයද ඉන්දියාව හොඳ වුණේ? (නි)

:       0       0

ගිහාන් Wednesday, 28 May 2014 02:33 PM

මේ මොනවද දෙයියනේ ඒ ගමන වෙන්න යන්නේ? (නි)

:       0       0

සෙනරත් Wednesday, 28 May 2014 02:35 PM

පටන් ගන්නකොටම අපට නම් හිතුනා මෙහෙම දෙයක් වෙයි කියලා (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 29 May 2014 08:19 AM

දැන් අපේ වාසුදේව ඩියු ගුණසේකර රාජිත දිලාන් ප්‍රමුක පෙඩරල් බලකායට හරි සතුටු ඇති.දයාන් ජයතිලක මහත්තය විශ්ලේෂණ හදනවා ඇති මාධ්‍ය වලට දෙන්න. ඔය කියන ඒවා පළාත් සභාවකට දුන්නම මධ්‍යම ආණ්ඩුවක් මොකටද මේ රටට. කට්ටිය බය වෙන්න එපා. මෝඩි ඔලුවෙන් හිට ගෙන කිවත් අපේ රටේ බලය ගන්න අය ඔය බලතල දෙන්නෙත් නැහැ. දෙන්න මිනිස්සු ඉඩ දෙන්නෙත් නැහැ. අනෙක මෝඩි කවුද අපිට එහෙම කියන්න.මේක එයාගේ ප්‍රාන්තයක් නෙමෙයිනේ. ලංකාවට පරිප්පු දාන කොට තිබුණු විදියේ වාතාවරණයක් නෙමෙයි අද ලෝකේ තියෙන්නේ. කට්ටිය හදන්නේ නැති බිල්ලෝ මවල මැරිච්ච 13 ට පන දෙන්න, මොදිව ඉස්සරහට දාල. (ස)

:       0       0

අහිංසා Wednesday, 28 May 2014 02:35 PM

ඇත්තටම මේක අපි සැමගේ ජීවිත වලට විතරක් නොව ඉන්දියාවේ පැවැත්මටත් බලපාන අතිසංවේදී ප්‍රශ්නයක්.ලෝකයේ ප්‍රබල රටවල් එකක්වත් ජාතික ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ.දැන් අපි පොරොන්දු වෙලා තියෙනවානේ 13 කියලා එකක් දෙන්න.ඉන්දියාව ඔය කොච්චර කෑගැහුවත් අරක දෙන්න මේක දෙන්න කියලා, එයාලා කවදාවත් අදහස් කරන්නේ නැහැ නිදහස් රාජ්‍යක් දෙන්න කියලා. අපි බලාගෙන ඉඳිමු දැන් අපේ රටෙන් මොනවාද මේකට කරන්නේ කියලා. (නි)

:       0       0

ගලබඩ Wednesday, 28 May 2014 02:35 PM

ඉතින් දැන් අපි මේක දුන්නොත් මොකද වෙන්නේ? (නි)

:       0       0

සෑම් Wednesday, 28 May 2014 02:53 PM

13 දුන්නම ඉඩම් සහ පොලිස් බලතල ලැබුනොත් ඒකෙන් විශාල ප්‍රශ්නයක් ඇතිවේවි. (අ)

:       0       0

දිලූ Thursday, 29 May 2014 08:43 AM

එක එක්කෙනාගෙන් ණයට ගත්තහම ඕව අහන්න වෙනවා. (ස)

:       0       0

ගැමුණු Wednesday, 28 May 2014 02:58 PM

කරුණු කාරණා කෙසේවෙතත් එකී ව්‍යවස්ථාව සහ ගිවිසුම් ඇති කළේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොවෙයිනේ. (නි)

:       0       0

අසංග Wednesday, 28 May 2014 03:00 PM

නුගත් මිනිහ හිතනවා ලංකාවේ ගොන්නුන්ට වගේ පිටරටවල ඉගෙනගෙන දේශපාලනය කරන අයත් රවට්ටන පුළුවන් කියල. දෙනවා කිව්වනං දෙන්න ඕනනේ.(ස)

:       0       0

කවීෂ් Wednesday, 28 May 2014 03:03 PM

හොඳ වැඩේ, බොරුව හැමදාම බැහැ. ලංකාවේ මිනිස්සුන්ට බොරු කිව්වට ලෝකෙට බොරු කියල බේරෙන්න බැහැ. දැන් දීපල්ලකෝ. (ස)

:       0       0

චන්ද්‍රා Tuesday, 03 June 2014 04:22 AM

මේ ඉන්දියාවේ ඉන්න අයට ලංකාවට ඇඟිලි ගැහුවේ නැත්නම් තමන්ට පැවැත්මක් නැති විදියටමනේ වැඩ. එ්ක එහෙම නම් අපිටත් එයාලට යම් බලපෑමක් සුළුවෙන් හෝ කරන්න පුළුවන් වගේ. අදාල පොයින්ට් එක හරියටම අල්ලගත්තා නම් අපිව නටවන්න එන්නෙත් නැහැ නටවන්න අවොත් කරන්න ඕන දේ අපිට හොයාගන්න පුළුවන්. නිදහසේ බලපෑම් නැතුව ජීවත් වෙන්නත් පුළුවන්.(නදී)

:       0       0

ප්‍රියන්ත පටබැඳි Wednesday, 28 May 2014 03:03 PM

අල්ලපු රටේ එදා මෙදා තුරා ආපු හැම දේම හැදුවේ අපේ රටට වින කරන්න මිසක් අපට හොඳක් කරන්න නොවන බව අමතක වීම කණගාටුවට කරුණක්.(ස)

:       0       0

ශාන් Wednesday, 28 May 2014 03:07 PM

සේනාව මේ ගැන මොකද කියන්නේ ? (ස)

:       0       0

සමන් Tuesday, 03 June 2014 06:23 AM

හෙමෝම පටන්ගන්නකොට ඔහොම තමයි.(නදී)

:       0       0

ඉශාන් Wednesday, 28 May 2014 03:10 PM

ඔය ඉතින් (ස)

:       0       0

මධුෂාන් Wednesday, 28 May 2014 03:12 PM

ඕක තමයි ගිහිල්ල ඉල්ලා ගත්තේ නේද? (ස)

:       0       0

චරිත Thursday, 29 May 2014 09:31 AM

මෝඩි, කරුණාකර ප්‍රථමව වැසිකිලි ටිකක් හදන්න. ඉන්දියානු ජනතාව ලෝකයේ දුප්පත්ම ජනතාව. 80% වැඩි ජනගහනයකට ස්ථිර පදිංචියක් නැත. ඔවුනට ගෙවල් ටිකක් සාදා දෙන්න.(නදී)

:       0       0

හිල්මි Thursday, 29 May 2014 09:32 AM

13 ලු, 17 වෙලා 18 වුනා වගේද? මට නම් තේරෙන්නෙම නැහැ මේවා‍. ඒ වුනාට මම උදාරගේ පළමුවන අදහසට කැමතියි. (ස)

:       0       0

බාසුරු Wednesday, 28 May 2014 04:33 PM

අපි නොදුන්නොත් ? එදා ලැබුන පොලුපරින් තේරෙනවා නේද අපි අකමතී කියල. එහෙම දෙන්න මේ රට කාගෙවත් බූදලයයක් නොවෙයි. මේක සිංහලයාගේ රට. රටේ ජනතාව අකමැතිනම් කොහොමද දෙන්නේ? (ස)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 28 May 2014 04:34 PM

එහෙම කියන්න එයා අපේ රටේ නායකයෙක් නොවෙයිනේ, එය නායකයා වෙන්නේ ඉන්දියාවට. (නි)

:       0       0

අජන්ත Wednesday, 28 May 2014 04:35 PM

දැන් මෝඩිට හොඳ කියපු කට්ටියට මොනවා හිතෙනවද දන්නේ නැහැ. (නි)

:       0       0

අබ්දුල් මලීක් Thursday, 29 May 2014 10:14 AM

මෝඩි මහත්තයෝ ලංකාව නිදහස් ස්වෛරී රටක් ......(ස)

:       0       0

සංජීව Monday, 02 June 2014 02:41 AM

අන්තිමේදී මේ මොනවද වුණේ? (නි)

:       0       0

පෝල් Wednesday, 28 May 2014 04:57 PM

හේමන්ත වරදවා තේරුම් ගන්න එපා . මේක මේ මහින්ද ජනාධිපති දුන්න පොරොන්දුවක් නොවේ . ජාත්‍යන්තර බලපෑම නිසා මහින්ද ට දෙන්න වෙන පොරොන්දුවක් . නමුත් මේ ජනාධිපති තුමා කවදාවත් ජාත්‍යන්තරයට ඔලුව නමලා මේ රට පාවා දෙන්නේ නැ . නමුත් අද අපිව කොන්කරලා අපිට ආර්ථික සම්බාධක පනවන්න යුඑන් එක හරහා කුමන්ත්‍රණයක් ඇති බව හොදට මතක තියා ගන්න . කරුණා කර පාට කන්නාඩි වලින් මේ ප්‍රශ්නය දිහා බලන්න එපා (අ)

:       0       0

තිලක් Thursday, 29 May 2014 10:31 AM

මෝඩි කියනවට වඩා ඇත්තටම මේක අපි සැමගේ ජීවිත වලට යහපතක් වෙනවා නම්, දෙනවා කිව්වා නම්, දෙන්න ඕන, නැත්නම් දැන් කියමු පැහැදිලිව ම අපි බලය බෙදන්නේ නෑ කියල. (ස)

:       0       0

රකිත් Thursday, 29 May 2014 11:00 AM

මේ වෙලාවට තමයි අපේ සර් ජෝන් මහත්තයාගේ අගය තේරෙන්නේ. 13 දෙන වගක් පොරොන්දු වුනේ නැත්නම් ඇයි කෙලින්ම කියන්න බැරි? කවුද දැන් විශ්වාස කරන්නේ? එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා සහ හිටපු ඉන්දීය අගමැතිවරයාද නැත්නම් අපේ ජනාධිපතිතුමාද? (ස)

:       0       0

සරත් පර්ත් Wednesday, 28 May 2014 05:49 PM

ආරාධනාවක් කරලා ළඟටම ගෙන්නලා දුන්නේ නැතැයි ටොක්කක් (දිල්)

:       0       0

මාලා Wednesday, 28 May 2014 06:06 PM

මහින්ද ලංකාවේ ජනතාව ගොනාට අන්දලා බොරු බෙගල් කියල ඡන්දෙ අරගත්තට, බොරු කියල මෝධි රවටන්න බෑ වගේ. (අ)

:       0       0

සිල්වා Wednesday, 28 May 2014 06:48 PM

සිංහල මිනිස්සු අකමැති නම් කොහමද දෙන්නේ ? බලෙන් ගන්න පුලුවන්ද ? (අ)

:       0       0

ඒ. එච්. හේවගේ Wednesday, 28 May 2014 07:04 PM

ඉන්දියාවේ කිසිම පාලකයෙක් ලංකාව ස්වාදීනව ගොඩ නැගෙන්නට කිසිදාක ඉඩ දෙන්නේ නැහැ. එය හිතේ තියාගෙන අපේ පාලකින් උපාය උපක්‍රම තෝරන්න ඕනි. (අ)

:       0       0

පෙරේරා Wednesday, 28 May 2014 07:43 PM

මම නම් කියන්නේ අපි නොබියව ඍජු මතයක සිටිය යුතුයි කියායි (නි)

:       0       0

ශමිලා Thursday, 29 May 2014 12:59 PM

අනේ මෙහෙම ලිඳේ ඉන්න ගෙම්බෝ ටිකක්. රුසියාව යුක්රේනයට කරපු දේ කර ගන්න මේ ගොල්ලෝ ලෑස්ති වෙන්නේ. (ස)

:       0       0

සුනිල් Wednesday, 28 May 2014 07:54 PM

හැබැයි දෙනවා කියලා පොරොන්දු වෙලා නම් ඉතින් දෙන්න වෙනවා නේද? (නි)

:       0       0

මදු Wednesday, 04 June 2014 02:02 PM

එයාට අපේ රටට ඇගිලි ගහන්න තියෙන අයිතිය මොකක්ද ? (නදී)

:       0       0

බණ්ඩා Wednesday, 04 June 2014 08:53 PM

පොරොන්දු උනා නම් දෙන්න ඕනා. කඩ උන පොරොන්දු දුන්නොත් නම් ඉන්දියාවෙන් ඉල්ලගෙන කන්න වෙනවා.(නදී)

:       0       0

උදාර Wednesday, 28 May 2014 12:36 PM

ඔන්න මහත්තයෝ ලොකු අයියා පොල් තෙල්වත් නොගා තමයි ගේමට එන්ටර් වෙන්න යන්නේ.(නදී)

:       0       0

සාමා Wednesday, 28 May 2014 09:19 PM

13 දුන්නා නම් ලංකාවත් ඇෆ්ගනිස්ථානයක් වෙනවාමයි. ඉන්දියානු පදයට අපි නටන්න අවශ්‍ය නැහැ. ජනාදිපතිතුමා එහෙම පොරොන්දුවක් වෙලත් නැහැ.(නදී) .

:       0       0

සමරනායක Wednesday, 28 May 2014 12:40 PM

මේ මොකද්ද මේ වුණේ ? (නදී)

:       0       0

රංජිත් Wednesday, 28 May 2014 09:28 PM

13 දෙනවා කියලා අපේ ජනාදිපති තුමා පොරොන්දු වුනාද? එ්ක තමා ඔය ඉල්ලන්නේ. කාලා වරෙල්ලකෝ.(නදී)

:       0       0

නීල් Wednesday, 28 May 2014 12:42 PM

එතකොට මෝදි මහත්තයා, සිංහල ජනතාව ඉන්න පළාත් වලට වැඩ්පුර බලතල දුන්නට නමක් නැහැ නේද? (නදී)

:       0       0

පෝල් Wednesday, 28 May 2014 09:33 PM

මාලා ඔයා කොයි ලෝකෙද ඉන්නේ ? මහින්ද 13 දෙනවා කියලා ලංකාවේ ජනතාව ගොනාට ඇන්දුවේ නැ . මොකටද සිංහල ඡන්ද වලට 13 , මේ කතාව කිව්වේ යුද්දේ ඉවර කරන්න ඉන්දියාවේ උදව් ලබා ගන්න . කරුණා කර කරුණු නොදැන රට පාවා දෙන කතා කරන්න එපා .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 781 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1711 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1631 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 408 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 665 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 486 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24317 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site