ලග්ගල ප්‍රදේශයේ අවුරුදු දාහතරක දැරියකට ඇගේ නිවසේදීම දරුවකු ලැබීමෙන් පසු එම දරුවා හා මව රෝහල්ගත කර ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
ඇය නවය වසර දක්වා පාසල් ගොස් ඇත.
නියමිත කාලයට පෙර බිහි කළ දරුවාගේ තත්ත්වය අසාධ්‍ය බැවින් දරුවා ප්‍රධාන රෝහලකට මාරු කර යවා ඇත.
දැරිය සමඟ ප්‍රේම සබඳතාව ඇති කරගත් තරුණයාට (26) ආධාර අනුබල දිම සම්බන්ධයෙන් දැරියගේ මව,පියා සහ මිත්තනියද අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලීසිය සඳහන් කරයි.
ඔවුන් සෙනසුරාදා (07) නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
14 දැරිය මවක් වෙයි
පිවිතුරු යහපාල Saturday, 07 March 2015 05:22 AM
හොද වෙලාවට යහපාලානේ තිබුනේ..නැත්නම් ඕකටත් අල්ලන්නේ මහින්ද මහත්තයව.. (නදී)
භානු Saturday, 07 March 2015 06:18 AM
දැන් මේ තරුණ තාත්තාව හිරේ දමලා මේ ප්‍රශ්නය වීසඳෙනවා ද ? අපේ රටේ ඈත පිටිසර පලාත්වල බාලිකාවන්ගේ අනාගතය මෙන්න මේක තමයි. ඒ ගැන සමාජයේ වගකිව යුත්තන් යම් මැදිහත් වීමක් සිදු කල යුතුයි. පවුල් සෞඛ්‍ය සේවිකාවන් මගින් හෝ අඩු වශයෙන් කාන්තාවන්ට තමන්ට ගැබ් දැරීමට සුදුසු වයස වත් මේකයි කියල දැනුවත් කරන්න ඕන නේද ? මටත් අවුරුදු 15 ක දියණියක් සිටිනවා. බොහොම කනගාටුයි මේ අසරණ දැරිය ගැන. (නදී)
සොපී Saturday, 07 March 2015 06:33 AM
ලිංගික අධ්‍යාපනය අපේ ළමයින්ටත් රටට ගැලපෙන විදියකට ලබා දුන්නානම් හොදයි නේද ? (නදී)
නුවන් Tuesday, 10 March 2015 03:14 AM
දෙමාපියන් ළමයින් ගැන මීට වැඩිය හිතන්න ඕනැ. මොන වරදක් තිබුනත් තමන්ගේ දරුවගේ වැරදි වහන්න එපා (නි)
හෙන්රි ජෝසේෆ් Friday, 06 March 2015 02:08 PM
මේවා පාප කර්ම. කිසිදා සමාව දිය නොහැක (නදී)
බන්දුල Saturday, 07 March 2015 11:05 AM
බටහිර දියුණු රටවලත් මෙවැනි දේවල් වෙනවා .වෙනස එම අය සමාජයෙන් කොන් කරන්නේ නැහැ. දරුවා හදාගෙන පාසල් යන්න උදව් කරනවා .බඳින කැමති පිරිමිත් ඉන්නවා (අ)
ප්‍රවීන් Saturday, 07 March 2015 11:06 AM
අපේ රටේ ලිංගික අධ්‍යාපනය පාසල් යන ළමයින්ට ලබා දිය යුතුය....නැතිනම් මෙවනි දේවල් ඇසීමට දකින්නට සුලබ වේවි . (අ)
සල් Friday, 06 March 2015 02:47 PM
යහපාලනය! (නදී)
නිහාල් Friday, 06 March 2015 06:30 PM
මේ වගේ අම්මල තාත්තලා අච්චිලට හොදක් නම් වෙන්නේ නෑ. (නදී)
සෑම් Friday, 06 March 2015 09:09 PM
හද්දා පිටිසර , කිසිදු පහසුකමක් රජයෙන්වත් වෙනත් ආයතන වලින්වත් සපයා නැති මේ පළාත් වල මිනිසුන් ජීවත්වෙන්නේ මීට වසර පනහකට සීයකට පෙර තිබුන පහසුකම් සහිත පරිසරයකයි. එහිදී "නීතිය" පමණක් විසිඑක්වන සියවසේ විදියට ක්‍රියාත්මක කිරීම අසාධාරණයි. මේක බාලවයස්කාර දැරියක් දුෂණය කිරීමක් හැටියට සළකා පිරිමියා හිරේදමා දරුවා පරිවාසයට පත්කිරීමෙන් වෙන වැරැද්ද කවදාවත් නිවැරදි කළ නොහැකියි. (නි)
කුමාර Saturday, 07 March 2015 04:32 PM
මේ වගේ දේවල් ලෝකේ ඕනෑතරම් තියෙනවා. (ර)
ආර්. පිලපිටිය Saturday, 07 March 2015 05:03 PM
අපේ රටේ අය බලන්නේ කාට හරි දඩුවම් දෙන්න. නමුත් දඩුවම් ලැබිය යුතු අය මාළිගා වල. ස්ත්‍රී දුෂණ කරමින් වැජඹෙනවා. (නදී)
ලක්සිරි Saturday, 07 March 2015 08:05 PM
බන්දුල මේ දඬුවම් ලැබිය යුතු බාලවයස් අපරාධයක්. බටහිර රටවලත් මේවට දැඩි දඩුවම් තියෙනවා. (දිල්)
මිස්ටර් ජයේ Saturday, 07 March 2015 03:33 AM
සෑම් ගෙ අදහසට සම්පූර්ණයෙන් එකග වෙමි. අවසානයට සිදු වන්නේ අර දරුවාට දෙමව්පියන්ගේ රැකවරනය නොලැබෙන එක. (නදී)
රණතංග Saturday, 07 March 2015 03:42 AM
ලිංගිකත්වය කොහොමද යහපාලනයට අදාල වෙන්නේ ? (නදී)
මාලි Saturday, 07 March 2015 04:53 AM
සැමී ඔබ නිවැරදියි නීතිය විතරක් දැනගත්තට මදි මනුස්සකමත් තියෙන්න ඕන (නදී)
කමණී Sunday, 08 March 2015 07:08 AM
සෑම්, කියන්නේ ඇත්ත. නීතිය විතරක් ක්‍රියාත්මක උනාට ගුණ ධර්ම රකින්න බැහැ. (ර)
චන්ද්‍ර වීරසිංහ Saturday, 07 March 2015 05:04 AM
මිනිස්සුනේ, ඔය දැරියට ගරහන්න එපා. දුප්පත් කම නිසා මෙවැනි සිදුවීම් අනන්තව ගම්බදව අප්‍රසිද්දියේ සිදු වෙනවා. කරුණාකර දයාවෙන් කටයුතු කරන්න. දැරිය හා ළදරුවාට ආරක්ෂාව පෝෂණය සපයා ජීවිත හානියක් නොවන ලෙස කටයුතු කරන ලෙස සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්න. (නදී)