IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


18 සම්මත කිරීමත් ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමත් වැරදියි - මහින්ද අමරවීර

අවුරුදු 26ක තම දේශපාලන ජීවිතයේ නින්ද නොගිය එකම රාත්‍රිය 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ දා බවත්, පසුගිය රජයේ ඇතැම් ක්‍රියාමාර්ග තමා අනුමත නොකළත්  කණ්ඩායමක් ලෙස කටයුතු කරද්දී එකඟ වීමට සිදුවූ බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

‘මගේ දේශපාලන ජීවිතයේ නින්ද නොගිය එකම දවස 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අත ඔසවපු දිනයයි.‘ යැයි ඔහු කියයි.

ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට අත එසවීමද එලෙස සිදුවූවක් බවත් සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීම වැනි සිදුවීම් නොවිය යුතුව තිබූ ඒවා බවත් අමරවීර මහතා කියයි.

ඔහු මේ බව කීවේ කොළඹ තැපැල් මූලස්ථානයේ පැවැති වැඩසටහනකට සහභාගී වෙමිනි.

පසුගිය ආණ්ඩුව තවත් කාලයක් තිබුණේ නම් තේවලට පවා තහනමක් ඒමට ඉඩ තිබුණු බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් කිරීමට තමා වැඩ නොකළත් එම වේදිකාවේ දුන් පොරොන්දු රැසකට තමන්ද එකඟ බවත් අමරවීර මහතා ප්‍රකාශ කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාට එකළ ජනමාධ්‍යය තුළ හරි ඉඩක් නොලැබුණු බව කී ඇමැතිවරයා විවිධ සංවිධාන හා කණ්ඩායම් රැසක් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළ බව ද පවසයි.



අදහස් (7)

18 සම්මත කිරීමත් ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමත් වැරදියි - මහින්ද අමරවීර

Sanjeewa Tuesday, 16 May 2017 02:53 PM

නින්ද යන්නැති ඊලග දවස එන්නේ ශ්‍රී.ලං.නි.ප පරද්දන දාට

:       375       564

lalith Tuesday, 16 May 2017 03:05 PM

එදා ඉඳන් මේ වෙනකල්ම නිදාගෙන ඉන්ඩ ඇති මගේ හිතේ? නැතිනම් මෙතරම් කාලයක් ඕක නොකිව්වේ?

:       1       116

wije Tuesday, 16 May 2017 03:51 PM

දැන්ද මහත්තයෝ කියන්නේ ඒ කාලේ කොන්දක් කියලා එකක් තිබුනේම නැත්ද ?

:       77       156

sunil Tuesday, 16 May 2017 04:49 PM

ඔය දෙකටම ඔබ තුමා එදා අත නොඋස්සා හිටියානම් මොකද වෙන්න තිබුනේ කියලත් කිව්වනම්?

:       184       266

නන්දාවතී Tuesday, 16 May 2017 10:39 PM

මටනම් හිතෙන ප්‍රශ්නෙ පහුගිය කාලෙ සිදුවූ දේවල හරි වැරැද්ද නොවේ දැන් මෙයාලට කබරයත් තලගොයා වගේ පෙනෙන එකයි. ඔය කාවද සතුටු කරන්නේ, ජනතාවනම් නොවේ.ජනතා සිත්වලින් මැකීයාම වැඩි ඈතක් නොවේ.

:       0       0

ලුම්බිණි Wednesday, 17 May 2017 02:28 AM

මම විශ්වාස කරනවා මෙතුමා කියන්නේ ඇත්ත කියල.

:       0       0

Hafeel Wednesday, 17 May 2017 10:14 AM

පහුගිය රජය කලේ කැබිනට් ඇමතිවරුන්ට මෙහමනං? අපිට හිතාගන්න හැකි කොතරම් දුරට ඒකාධිපති පාලනයක් කරයි කියල. ලැජ්ජයි ෆොන්සේකා මහතාට කල අපහාසය ගැන. වෙනම රටකනං එතුමාව දෙවියෙක් වගේ සලකාවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපතිගේ ප්‍රකාශයට කොමිසමෙන් 21 තීරණයක්
2025 අප්‍රේල් මස 18 61 0

ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්


සැමියාගේ පොරෝ පහරින් බිරිය මරුට
2025 අප්‍රේල් මස 18 46 0

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.


අපේක්ෂා රෝහලේ කෝටි 40ක් පුස්කන්න අැරලා
2025 අප්‍රේල් මස 18 80 0

මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ


මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 213 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 723 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 343 3

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site