IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘19ට 20ට එරෙහිවන්නෝ ද්‍රෝහියෝ‘

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට විරුද්ධව කටයුතු කරන්නේ මැතිවරණවලදී තමන්ගේ ඡන්ද කුට්ටිය වෙන්දේසි කර රජුන් තනන්නන් බවට පත් වීමට උත්සාහා කරන අය බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්  ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධන මගින් ඉදිරිපත් කර ඇති නව මැතිවරණ ක්‍රමයෙන් කිසිඳු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට අසාධාරණයක් නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී 19 වැනි හා 20 වැනි ව්‍යවස්ථා සං‍ශෝධන සම්මත කැර ගැනීම සඳහා ජාතික හෙළ උරුමය සහාය දෙන බව කී අමාත්‍යවරයා එයට සහාය දෙන ලෙස අනිකුත් පක්ෂ වලින් හා සියලු මන්ත්‍රීවරුන්ගෙන් ද ඉල්ලා සිටියේය.

එය සම්මත වීමට බාධා කරන්නන් ජනතා ද්‍රෝහීන් ලෙස ඉතිහාසයට එක්වනු ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුයේ බත්තරමුල්ල ,පන්නිපිටිය පාරේ  පිහිටි ජාතික හෙළඋරුම ප්‍රධාන කාර්යාලයයේදී අද (26) පෙරවරුවේ පැවැති මාධ්‍ය

හමුවක් අමතමිනි.

 

_DSC0005

 



අදහස් (0)

‘19ට 20ට එරෙහිවන්නෝ ද්‍රෝහියෝ‘

නිර්මලා Sunday, 26 April 2015 05:30 PM

මේ පාඨලී මහත්තයා නේද කලින් 19 පරදද්දනවා කියා කෑ ගැසුවේ. ඒ අතින් ජවිපෙ., එදා ඉදලාම විධායකය අහෝසි කරන්න කටයුතු කරනවා. එත් හෙළ උරුමේ කාලෙන් කාලෙට එක එක කතාන්දර කියවනවා. අපිත් විධායක බලය අහෝසි කරනවාට කැමතියි. විධායක බලතල නිසා අපි දැන් හොඳ අත්දැකීම් ලබලා තියෙන්නේ. අප බලාපොරෙත්තු වෙන වෙනසත් එයයි.(දිල්)

:       0       0

මොරිස් Sunday, 26 April 2015 08:14 PM

අනේ මෙයාලගේ දේශප්‍රේමී දේශද්‍රෝහී විග්‍රහ තවදුරටත් අහගෙන ඉන්නත් අප්‍රියයි. මොන කෙන් ගෙධියටද අන්ත ප්‍රතිගාමී 18 ට ඡන්දෙ දුන්නේ? ඒ විතරක්ද ඉතාම යහපත් සංශෝදනයක් වූ 17 ට මෙයා විතරයි විරුද්ද වුනේ මුළු පර්ලිමෙන්තුවෙන්ම. අවුරුදු 25 ට වඩා වයස අඩු දුවල පුතාල කව්රුහරි වැඩිහිටි කෙනෙක් ගෙන් අහල බලන්න.(නදී)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Sunday, 26 April 2015 09:48 PM

ගෙම්බා මහත්තයා කටුස්සා වගේ වචන මාරුව මොකද ?(නදී)

:       0       0

වින්සන්ට් Sunday, 26 April 2015 10:03 PM

කරුණාදාස මහතාගේ අදහස අගය කරමි. එය එසේම වේවායි ප්‍රර්ථනා කරමු. විශේෂයෙන් පිඩිත පංතිය සත්‍ය තේරුම් ගැනීම යුගයේ අවශ්‍යතාවයකි.(නදී)

:       0       0

රෝයි Sunday, 26 April 2015 09:45 AM

දවස් කීපයකට කලින් මේක ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් කිය කියා මැරෙන්නේ හැදුව අපිට අමතක නෑ මෙයා (දිල්)

:       0       0

රුපවන්ති රූපසිංහ Sunday, 26 April 2015 10:22 AM

ජේවීපී එකවිතරයි කොන්ද කෙලින් තියාගෙන කතා කලේ මේ ගැන. (ර)

:       0       0

නිමල් ලාලිත Sunday, 26 April 2015 10:27 AM

ඒ වගේම ඇමතිතුමා, කොටියන්ගේ හෝ ඔවුන්ට ආවඩන සිංහල ද්‍රෝහියන්ගේ මනදොල සතුටු කිරීමට හසලක ගාමිණි විරුවාගේ පිළිරුවත් ඉවත් කිරීමට ඉඩ නොදෙන්න. (බ)

:       0       0

පංචන Sunday, 26 April 2015 10:42 AM

දැන් දවස් කීපෙකෙට කලින් මෙරෙන්න හැදුව නේද අලුත් සංශෝදන කුමන්ත්‍රණ කියා කියා..(බ)

:       0       0

කරුණාදාස Sunday, 26 April 2015 11:06 AM

ජවිපෙයි හෙළ උරුමයයි එකට එකතු වෙලා යායුතු පක්ෂ දෙකක් බව මගේ නම් පුද්ගලික හැඟිමයි. අනෙක් පක්ෂ දෙකට වඩා ඒ දෙකේ පොදු ලක්ෂණ හුඟක් තියෙනවා. හොඳ මොළ ටිකක් එකතු වෙලා රට සංවර්ධනය කරන්න පුළුවනනම් කොතරම් අගනේද?(දිල්)

:       0       0

දිල්හානි Sunday, 26 April 2015 11:06 AM

කොහොම හරි රටටට සෙතක් වෙනවනම් එච්චරයි.(දිල්)

:       0       0

ලුසිත Sunday, 26 April 2015 11:10 AM

මෙතුමාගේ කතාව සැරයි. වේගවත්. හැබැයි තර්කානුකූලයි. අහන් ඉන්න ආසයි. ඒකට තරුණ පරම්පරාව,උගත් අය කැමතියි.(දිල්)

:       0       0

පිවිතුරු යහපාල Monday, 27 April 2015 01:36 AM

කරුණාදාස මහත්තය මොන මොන්ටිසොරියටද යන්නේ..? ගුරුතුමීට කියන්න සුරංගනා කතාම නොකිය ඇත්ත කතාවකුත් කියල දෙන්න කියල..පව් ළදරුව.. (නදී)

:       0       0

ටිෂාන් Sunday, 26 April 2015 11:15 AM

පංචන දැන් කැමති අර කෑගහපු එක වෙනස් කරලා ගෙනාපු අලුත් එකට කියලයි මම හිතන්නේ. ඒක වෙනස් කරගන්න තමයි උගුර කඩාගෙන කෑගැහුවෙ මෙතුමා. (බ)

:       0       0

කරුණාදාස Sunday, 26 April 2015 11:23 AM

ජවිපෙයි හෙළ උරුමයයි එකට එකතු වෙලා ඡන්දෙ ඉල්ලන්නකො. කාට දෙම්දෝ නොදෙම්දෝ කියලා ඉන්න ජනතාව උඩ පැන පැන ඡන්දෙ දෙනවා ඒකාන්තයි. කඳ බඩ මහත උගත් කමක් නැති සම්ප්‍රදායික දේශපාළුවන්ට කතිරෙ ගහලා හෙම්බත් වෙලා ඉන්නේ අපේ රටේ මිනිස්සු. (බ)

:       0       0

පියුමන්ත Sunday, 26 April 2015 11:29 AM

ජරා ජීර්ණ වු ලංකාවේ දේශපාලනය සුද්ධ කරන්න මෙම ව්‍යවස්ථාව වෙනස් කිරීම අත්‍යවශ්‍යෙ දෙයක්. එය කෙසේ හෝ වෙනවානම් රටට හොඳයි. (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Sunday, 26 April 2015 11:43 AM

කිසිදා ජන වරමකින් ජයගත නොහැකි රනිල් මහින්ද මහත්තයව පරදා බලය ලබාගැනීමට පාවිච්චි කරපු ඉත්තෙක් උනා.දැන් ද්‍රෝහියෝ ගැන කතා කරනවා .(බ)

:       0       0

ජයසේකර Monday, 27 April 2015 02:00 AM

මහනාම - කඳාන, ඔයා කමෙන්ට් කරන්නෙ නැතුව පොතක් ලියන්නකෝ. අපිට පල්හෑලි කියවන්න වෙලා නැහැ. දැක්ක ගමන් හිතින් බනිනවා විතරයි.(නදී)

:       0       0

ප්‍රියා Monday, 27 April 2015 02:03 AM

ව්‍යවස්ථා ගැන දැනගන්න ඕනෙ නම් අපි ඒ ගැන හරියට ලියපු පොතක් පතක් බලනවා මිසක් මහනාම - කඳාන ගෙ පක්ෂග්‍රාහි අදහස් බලන්නේ නැහැ.(නදී)

:       0       0

කරුණාදාස Tuesday, 28 April 2015 10:37 PM

ආ... හරි හරි. අපි ද්‍රෝහියෝ. බලමුකෝ ඉස්සරහට (නි)

:       0       0

රිතික් Tuesday, 28 April 2015 10:41 PM

අනුන්ට ද්‍රෝහියෝ කියන මේගොල්ලෝ දේශප්‍රේමින්ලුද එතකොට? (නි)

:       0       0

දයා Monday, 27 April 2015 02:19 AM

අයි 2020 දී ජනධිපතිවෙන්නද ආසාව , දවල්ද නැත්නම් හිනෙන් බයවෙලාද (අ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Sunday, 26 April 2015 12:04 PM

අර කුමන්ත්‍රණය ඉවරද ? කන්න ඕනේ උනාම කබරගොයා තලගොයා වෙනවා කියන්නේ ඕක තමා.(බ)

:       0       0

ශිරෝන් Monday, 27 April 2015 02:20 AM

රටට ඹ්නේ මේ වගේ මොලේ තියෙන මිනිස්සු. (අ)

:       0       0

දුමිඳු Monday, 27 April 2015 02:27 AM

නැහැ කරුණාදාසගෙ කතාවෙත් ගත යුත්තක් තියෙනවා. යූඑන්පී ශ්‍රි ලංකා එකට එකතු වෙලා රට කරවන්න කියලා ඒ කාලේ කවුරු හරි කිව්ව නම් ඒක විශ්වාස කරන්නෙත් නැහැ එකල. නමුත් පසුකාලිනව ඒකත් වුනා. යහපාලට දුර දක්නා නුවන නැහැ. අදගැන විතරක් හිතලා තිරණ ගන්න එපා. (අ)

:       0       0

ලියොන් Monday, 27 April 2015 02:33 AM

19 සම්මත කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියලා රුපවාහිනි නාලිකාවල ෂෝ දැම්මේ කවුද.? එතකොට ද්‍රෝහියෝ නෙවෙයිද.? 19 තුලින් මාද්‍ය මර්ධනයක් එන බව පැහැදිළිව දකිද්දීත් ඒවා සංශෝධනය කර නොගෙන එයට පක්ෂ වෙන්නෝ ද්‍රෝහියෝ නොවෙයිද.? (ස)

:       0       0

ජෙහාන් Monday, 27 April 2015 02:35 AM

අම්මේ ඔව්. මහානාමගෙ කමෙන්ට් දැක්ක ගමන් ජබර කලන්තේ හැදෙනවා. ඒක අතඇරලා ටක් ගාලා ඊළඟ කමෙන්ට් එක බලනවා මමත්. (ස)

:       0       0

මිහිර Sunday, 26 April 2015 12:17 PM

යන්න මන්ත්‍රීතුමා බොරු බයිලා ගහන්නේ නැතුව (බ)

:       0       0

රොසෙල් Monday, 27 April 2015 02:49 AM

දවල් මිගෙල් රෑ දනියෙල්. මා හරි උගතා මා හරි ජගතා. කෙනෙක් දියුණුවේ ඉහලට යනවා බලා ඉදින්නට බැරිනම්.. මේ කොටස් සේරම මේ දෙන්නට ගැලපෙනවා. (නදී)

:       0       0

කීර්ති Sunday, 26 April 2015 12:27 PM

මෙතුමා කැගහපු නිසයි අධිකරණයෙන් තීන්දුවක් දුන්නේ වගන්ති කිහිපයක් සංශෝදනය කරන්න කියල..!. දැන් තියන්නේ සංශෝධිත ව්‍යවස්ථාව, 19-A (බ)

:       0       0

සිරි Monday, 27 April 2015 03:02 AM

මේ ගොල්ලන්ගේ ඡන්ද ලකුණට "කබරගොයා" හොඳට ගැලපෙනවා.(නදී)

:       0       0

ප්‍රසන්න Sunday, 26 April 2015 12:42 PM

සති කිහිපයකට කලින් මේ මහතා කිව්වේ වෙන දෙයක්නේ. (බ)

:       0       0

දිල්හානි Monday, 27 April 2015 03:21 AM

දැන් තියන්නේ සංශෝධිත ව්‍යවස්ථාව (අ)

:       0       0

දිලිප් Monday, 27 April 2015 03:45 AM

තම තමන්ගේ පුද්ගලික වාසි තකා ජරාජීර්ණ කල දේශපාලනය නැවත හරිමගට ගත යුතුයි. මෙය ඊට හොදම අවස්ථාවයි.18න් නැති කල ස්වාධින කොමිසන් සභා නැවත ඇති කල යුතුයි. බලතල බෙදිය යුතුයි. එක පුද්ගලයෙක් අතට අසීමාන්තික ලෙස ලබා නොදිය යුතුයි.උන්මත්තකයන් බිහි නොකළ යුතුයි. ජනමතයට හිස නැමිය යුතුයි. පාර්ලිමේන්තුව අධිකරණය ස්වාධින කල යුතුයි. (ස)

:       0       0

චන්දා Monday, 27 April 2015 10:18 AM

අපි මහා කරුමකාර කාලසීමාවක් මේ ගෙවන්නේ, දේශපාලුවන් රට නොබෝ දිනකින්ම අගාදෙට ගෙනියනවා. පසුගිය ජනාධිපති වරනෙන් පසු සිදු කරමින් ඉන්න නිර්ලජ්ජි කෙරුම් කියුම් කොපමණ සට කපටද කියා සිතන්නට තරම් වත් ඔලු ගෙඩියක් ගොඩ දෙනෙකුට නැහැ වගේම වෙන විපත හොද යයි වර්ණනා කරමින් තප්පුලයි. මේවා කියන අපිටත් ගරහයි. මහානාම- කදාන ඔබට තුති, ඔබේ කතාව පල් හෑල්ලක් නොවේ..(නදී)

:       0       0

සිරිමල් Sunday, 26 April 2015 01:00 PM

විකෘර්ති ආශාවන්ගෙන් පිරුණු අය කියන දේවල් එච්චර වැදගත් කමක් නැහැ.(බ)

:       0       0

ඉන්දික Sunday, 26 April 2015 01:32 PM

මෙන්න අපේ '' ජාතික හෙළ උරුමය '' (බ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Sunday, 26 April 2015 01:48 PM

මේයාත් දැන් හරියට දවල් මිගෙල් රැ දැනියල් වගේ. අපරාදේ මේයාට දුන් අපේ ඡන්දය (බ)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 26 April 2015 01:51 PM

ඉතාමත් නින්දිත ආකාරයෙන් රට බේරාගත් නායකයාට පහර ගසමින් රටට යුද ජයග්‍රහණයට අවමන් කල යුද විරුවන් දංගෙඩියට දක්කන්න වෙරදරන පාර්ශවයන් සමග හිරිකිතයක් නැතුව හිටගෙන ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුනට කඩේ ගියා මෙයා (බ)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 26 April 2015 02:22 PM

ඇත්තෙන්ම පාඨලී මහත්මය එහෙම කිවුවද? (බ)

:       0       0

සෙනරත් Sunday, 26 April 2015 02:49 PM

මෙයාල හිතන් ඉන්නේ මෙයාල කියන කියන විදියට මිනිස්සු ඡන්දෙ දෙන්න ඕනේ කියල. දැන් ගෙනත් තියෙන්නේ අධිකරණයෙන් අනුමැතිය දීපු ව්‍යවස්ථාව නෙමෙයි , එක කොටසකට වාසි වෙන විදියට හදාගනිපු ව්‍යවස්ථාවක්. දැන් මෙයාලට හංසයාගෙන් ඉල්ලලා දිනන්න බැරිබව දන්නා නිසා , යූඇන්පී එකට සපෝර්ට් කරලා එ්කෙන් ඡන්දෙ ඉල්ලන්නයි හදන්නේ. (බ)

:       0       0

සම්පත් වන්නිආරච්චි Sunday, 26 April 2015 03:33 PM

ද්‍රොහියෝ යනු සීඅයිඒ සහ රෝ අවශ්‍යතාවයන් උදේසා ජාතික අවශ්‍යතාවයන් ඉවත ලා කටයුතු කළ දේශපාලනඥයින් මිස 19 ට හෝ 20 ට එරෙහිවන්නන් නොවේ. 19වන සංශෝධනය යනු මේ රට අස්ථාවර කිරීමට විජාතික බලවේග ඇටවූ උගුලක්. මේ රට දියුණු කිරීමටනම් විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතුයි. එය නොවන්නට අප තවමත් ජාතිවාදී යුද්ධයක පැටලී සිටින ජාතියක්.(බ)

:       0       0

මහනාම - කඳාන Sunday, 26 April 2015 03:36 PM

19 ගැන කතා කිරීමට අපේ දැනුම මදි කියලා යි මම විශ්වාස කරන්නේ . මේ 19 කොතරම් තීරනාත්මක්ද කොතරම් මත බේදයට තුඩු දුන්නද කියල මෙතනැ අදහස් දාන අය නොදන්නවා වෙන්න බැ . ශ්‍රේෂ්ඨාධිකරණයට දාල කොච්චර වෙනස් කලාද ? එජාපය් උත්සහ කළේ , සද්ද නැතිව ඔක්කොම සම්මත කර ගන්න , අන්තිමට උසාවියෙන් කොච්චර් වෙනස් කලාද ? දැන් මොකද වෙලා තියෙන්නේ ? උසාවියට දැම්මේ එක සංසෝදන ලියවිල්ලක් , මන්ත්‍රී ගොල්ලට අධ්‍යයන කරන්න දුන්නේ තව සංශෝධාන සහිත ලියවිල්ලක් , පාර්ලිමේන්තුවේ සම්මත කරන්න යන්නේ මේ දෙකටම නැති ලියවිල්ලක් . මෙතැන් කොලේ වහලා ගහන්නේ යන්නේ කියල නොතෙරෙන්නේ මොන්ටිසෝරි යන බබාලට විතරයි . සමහරු 19 18 එක්ක සන්සන්ධනය කරන්න හදනවා , මට කනගාටුයි ඇයි එයාල මෙච්චර පටු විදිහට ජාතික පර්ස්නයක් ගැන හිතන්නේ කියලා . 18 කියන්නේ ඉතා සුලු දේශීය වශයෙන් බලපාන සංශෝන සහීන වෙනසක් , 19 කියන්නේ මුලු ආණ්ඩු ක්‍රම වියව්ස්තාවම උඩු යටි කුරු කරන සංශෝදන සංකීර්ණ සහීත වෙනසක් . මොනවද 18 වුනේ , ස්වාධීන් කොමිෂන් සබා බල රහිත කළා , ඇත්තටම එක ලොකු වරදක් , වෙන මොනවද ? ජනාතධිපති ගේ වාර ගැන 2 ඉවත් කර අසීමිත කළා , ඒක කිසිම ප්‍රස්නයක් නැ , 2 පාරද 3 පාරද 4 පාරද , එහෙම නැතිනම් 0 පාරද කියලා තීර්නය කරන්නේ මහා ජනතාවයි , එහෙම නැතිව යල් පැනපු නීති නොවේ . 1978 ජේ ආර් මහතා 2 පාර කලේ එයා ගේ වයස ගැන හිතලා මිස ඇමෙරිකන් හෝ ප්‍රංස වියවස්තා ගැන හිතලා නොවේ , එහෙම හිතුවා නම් අනෙක් නිත් රීතිත් ඒ වගේම කල යුතුව තිබුනා , එක නිසා අපේ උදවිය පක්ෂ බෙදා වලින් තොරව මේ ප්‍රශ්න ගැන සිතා බැලිය යුතුයි .(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 190 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1082 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3800 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2914 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3379 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1483 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site