IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


19 ට කථානායක නමින් ඡන්ද විමසයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හරියටම අද පස්වරු 7 ට සිය පිළිතුරු කථාව අවසන් කළේය. කථානායක චමල් රාජපක්ෂ මහතා දෙවැනි වර කියවීම ඉදිරිපත් කළේය.

මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීම ඇරඹිණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු කථාව කරමින් විධායක ජනාධිපති ක්‍රමය වෙනස්කිරීමට එදා සිට අද දක්වා ගත් ක්‍රියාමාර්ග විස්තර කළේය.

මෙම ක්‍රමය ඇති කළ ජේ.ආර්.ජයවර්ධන දවසක් තමා සමග පැවසූයේ ‘රනිල් මේ තනතුරට පත්වන කිසිම කෙනෙක් මේ බලතල ඉවත් කිරීමට කැමති වන්නේ නෑ. එයා පැරදුණොත් පමණයි බලතල නැතිවන්නේ‘ ජේ.ආර් එදා එසේ කීවත් එම තනතුරට පත්වූ මෛත්‍රිපාල සිරිසේන ජනපති එම පදවියේ රැඳී සිටිමින්ම සිය අයිතිවාසිකම් කපා දැමීමට එකඟවී සිටිනවා. එය සුවිශේෂ සිද්ධියක්. 19 වැනි සංශෝධනයෙන් විධායක ජනපති ක්‍රමයේ සියලු දොස් නොනැසෙන නමුත් ලද දෙයින් සතුටුවීමට අපට සිදුවී තිබෙනවා. ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්වූ වගන්ති අප ඉවත් කළා. පාර්ලිමේන්තුවට වගකියන ජනපතිවරයකු ඇතිකිරීම සඳහාවන සංශෝධන ඉදිරිපත් කළා. ගිය රජය අහෝසි කළ 17 වැනි සංශෝධනයේ අහිමි කළ ස්වාධීන කොමිෂන් සභා යළි පිහිටුවනවා. 18 වැනි සංශෝධනය ඉවත් කරනවා. ඉන් කියවුණේ දෙවරකට වඩා පුද්ගලයකුට ජනපති පදවිය දැරිය හැකි බවයි. මේ සංශෝධනයෙන් එය ඉවත් කෙරෙනවා. ඒ අනුව තරග කළ හැකි වාර ගණන දෙකයි.



අදහස් (0)

19 ට කථානායක නමින් ඡන්ද විමසයි

මහනාම - කඳාන Tuesday, 28 April 2015 01:46 PM

රට පාවා නොදී , ලබා ගත් නිදහස පාවා නොදී , බෙදුම් වාදීන්ට රට නොදී , රණ විරුවන්ව ආරක්ෂා කරගෙන , මහින්ද , බැසිල් ගෝටා යන හිරේ නොවේ එල්ලා මැරුවත් අපිට කමක් නැ . මොකද අද අපේ සමහරක් අයට අද ප්‍රබාකරන් ට වඩා හතුරෙක් ලෙස පෙන්නේ මහින්ද ව නේ (බ)

:       0       0

නිමල් ලාලිත Tuesday, 28 April 2015 02:28 PM

දැන් ඉතින් කළයුත්තේ මේ රටේ ජනතාව දේශපාලන වහලුන් නොවී බුද්ධිමත්ව කටයුතු කිරීමයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 28 April 2015 02:41 PM

ඇති යාන්තම්... (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 28 April 2015 02:47 PM

ඉතින් ඒක කරනවා කියල නේන්නම් දහඅතේ දිව්රලා පොරොන්දුවෙලා ආවේ.අනෙක් කවුරුවත් ඕක මුලට දාලා ඡන්දෙ ඉල්ලුවේ නැහැනේ.කොහොම වුණත් විධායකයේ තටු කැපිලා නම් නැහැ.ඉස්සර වගේම පියාඹන්න පුළුවන්. (නි)

:       0       0

යසෝමා Wednesday, 29 April 2015 06:35 AM

පාදඩකරණය වූ මෙරට සමාජ දේශපාලන ක්‍රමය පවිත්‍ර වීමට 19 ඉවහල් වේවා (බ)

:       0       0

මහින්ද Tuesday, 28 April 2015 04:00 PM

මෛත්‍රී රනිල් ඔබ විශිෂ්ටයි. රටට අනාගතයට ජය (බ)

:       0       0

අර්ජුන රණවන Tuesday, 28 April 2015 04:16 PM

මෙය ඓතිහාසික අවස්ථාවකි. පනතට පක්ෂව ඡන්දය දුන් සැමට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

මාපලගම පත්මා Tuesday, 28 April 2015 04:55 PM

මහානාම කඳාන මහත්තයෝ, ඔයා මත්්‍රදව්‍ය අරගෙනද ඉන්නේ? රටේ සිදුවූ හොර මැරකම්, දුෂණ, ජනතා මුදල් කොල්ලකෑම දුටුවෙම නැද්ද? මෛත්‍රී කියන්නේ දෙවියෙක් වැනි කෙනෙක්. තමාගේ බලතල කප්පාදු කරගත් එකම ජනාධිපති (නි)

:       0       0

අනුර Tuesday, 28 April 2015 05:11 PM

මහනාම - කඳාන, ඔබතුමා ඔය විකෘති වූ මනසෙන් ඈත්වෙලා පියවි ලෝකෙට එනවද? මෛත්‍රී, රනිල්, ඔබ විශිෂ්ටයි.ඉදිරියේදී ඒකීය ශ්‍රී ලංකාවක් තුළ මුළු රටම ගොඩනඟනවා (නි)

:       0       0

අනුර Tuesday, 28 April 2015 05:52 PM

මේ ජයග්‍රහණ රටේ දියුණුව වෙනුවෙන් යොදවමින් ජනතා සිතුම් පැතුම් ඉටුකිරීමට අතිගරු ජනාධිපති සහ අතිගරු අගමැති දෙපළට ශක්තිය ලැබේවා! අති විශිෂ්ටයි. රටට අනාගතයට ජය! ජනතාව ලැබූ මේ ජය එකතුකරගෙන ඉන්දියන් සාගරයේ මුතු ඇටය නොහොත් අභිමානවත් ශ්‍රී ලංකාවක් ලෙස ලෝකය ඉදිරියේ පෙන්වීමට ඔබ දෙපළට හැකිවෙනු ඇත. (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Tuesday, 28 April 2015 09:28 PM

හිතවත් මහානාම මහතාණෙනි , ඔබ හරියට දන්නවා නම් මේ ආකාරයට කියන්නේ නැහැ. අපි අතීතයේ දුටු මහින්ද නෙමෙයි මේ මහින්ද කියලා මම හිතනවා (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 28 April 2015 10:24 PM

මහානාම-කඳාන, කිසිවෙක් හිරේ යැවීමට දෙයක් පාර්ලිමේන්තුවේ සිදුවී නොමැත.සරලව කියනවා නම් රටේ පාලනයේ නිවැරදි වියයුතු තැනක් පක්ෂ භේදයකින් තොරව යම්තාක් දුරට ඉටුකර ගැනීමක් සිදුවී තිබෙනවා. හැමදෙයක්ම එක පුද්ගලයෙක් මත පිහිටා අදහස් ප්‍රකාශ කිරීමට යාම ඔබත්,පිවිතුරු යහපාලත්,සුමුදු හේවාත් තුළ දකින්නට ඇති ලක්ෂණයකි. එසේ කිරීම ඒ තුළ යැපීමක් බව ඔප්පුකර ගැනීමකි. (නි)

:       0       0

සඳුන් Tuesday, 28 April 2015 10:29 PM

මහානාම, යන්නේ කොහෙද මල්ලේ පොල්. මේ ව්‍යවස්ථා සංශෝධනය ගැනයි පුවත. මහින්දගේ වැඩ ගැන පරීක්ෂණ නොවෙයි. (නි)

:       0       0

සීලරත්න Wednesday, 29 April 2015 12:01 AM

මහනාම - කඳාන, මොනවද මේ කියන වැඩකට නැති කතා. කවුරු කළත් හොඳ දේ හොඳයි‍. ඒක අගය කරන්න පුරුදු වෙන්න යාළුවා. මේකෙන් රටට හොඳක්නේ වෙන්නේ. රටේ බහුතර අංශ දේශපාලනයෙන් මිදිලා ස්වාධීන වෙන එක මොනතරම් හොඳද? (නි)

:       0       0

කපිල Wednesday, 29 April 2015 12:02 AM

අනේ! අපේ පුංචි ලංකාවත් දියුණු වෙනවා නම්, මඩගොහොරු දේශපාලනය සුද්ද වෙනවා නම් මොනතරම් අගනේද? මෙම නව වෙනස එයට මුලපුරයි කියලා හිතනවා. (නි)

:       0       0

යසන්ත Wednesday, 29 April 2015 12:05 AM

අනේ! අපිට නම් මහින්ද මහත්තයාවත් ගෝඨාභය මහත්තයාවත් හතුරෙක් ලෙස පෙනෙන්නෙ නැහැ. එතුමන්ලා කළ හොඳ හැමදාම තිබෙනවා. නමුත් ඊටපසු ඇතිවූ හා ඇතිවෙමින් පැවති සිදුවිම් ගැන ජනතාවගේ අප්‍රසාදය තමයි ඡන්දයෙන් ප්‍රකාශ කළේ. ඊට වඩා දෙයක් එතන නැහැ. (නි)

:       0       0

කරුණාදාස Wednesday, 29 April 2015 12:07 AM

අමතක කරලමු පැරණි කතා..... එක්වෙමු ජාතික දියුණ පතා........... නැඟී සිටිය හැක එක්සක් වී...... බෙදීගියොත් රට යයි සුන්වී........ (නි)

:       0       0

වසන්ත Wednesday, 29 April 2015 12:15 AM

වික්‍රමනායක මන්ත්‍රීතුමා දැන් මොනවාද දන්නෙ නැහැ කියන්නේ? (නි)

:       0       0

ලසිත Wednesday, 29 April 2015 12:52 AM

විරුද්ධව ඡන්දෙ දුන් කෙනයි, ඡන්දය දීමෙන් වැළකුනු කෙනයි ගැන කියන්න වචන නැහැ මට. (නි)

:       0       0

රකිත Wednesday, 29 April 2015 12:57 AM

මහනාම - කඳානට වයර් මාරුවෙලා වගේ (නි)

:       0       0

තිළිණ Wednesday, 29 April 2015 01:06 AM

ජයවේවා! ජයවේවා! (නි)

:       0       0

යහම්පත් Wednesday, 29 April 2015 01:08 AM

මෙලෝ මනුස්යෙක් මේකට ඡන්දය දෙන්නෙ නැතුව ඉන්නෙ නැහැ. (නි)

:       0       0

සම්පත් Wednesday, 29 April 2015 01:12 AM

මහනාම - කඳානට ඔක්කොම රුයිතෙට පෙනෙන්නේ. කවදා හැදෙයිද මන්දා? "ජීවිතයේ දරුණුම සතුරා ආත්මාර්ථකාමිත්වයයි" කියලා කියමනක් මම අහලා තිබෙනවා. (නි)

:       0       0

ආටිගල Wednesday, 29 April 2015 01:20 AM

මහනාම - කඳාන, රට ගැන හැඟීමක් නැහැ. මොනවා කිව්වත් කියන්නෙ අර මහත්තයා මේ මහත්තයා ගැන විතරයි. තමන් වන්දනාමාන කරන පුද්ගලයින් පුම්බන්න විතරයි උවමනාව. සමස්තයක් ලෙස ප්‍රශ්නයක් දිහා බලන්න දන්නෙ නැති කෙනෙක්. (නි)

:       0       0

සේකර Wednesday, 29 April 2015 01:27 AM

විරුද්ධව ඡන්දය දුන් කෙනාටයි, ඡන්දය දීමෙන් වැළකුනු කෙනාටයි ඊයේ රෑ ඉඳලා කිවිසුම් ගිහින් ඉවරයක් නැතුව ඇති. ‍කෝටි 2 ක විතර ජනතාවක් මතක් කරනවනේ. (නි)

:       0       0

ගාමිණී Wednesday, 29 April 2015 02:00 AM

අර හිමිනමක් කිව්වා නේද 19 වන සංශෝධනය කියන්නේ මරණ වරෙන්තුවක් කියලා. ඒ ස්වාමින් වහන්සේට දැන් හිතෙන්නේ මොකක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

දුමින්ද Wednesday, 29 April 2015 02:48 AM

මුලින් ගෙනාපු එකට වෙනස්කම් -එකඟ වුන එක දස්කම්.(හේ)

:       0       0

රණවීර Wednesday, 29 April 2015 02:57 AM

රජෙක් නැතිව සාමාන්‍ය මනුස්සයෙක් රටක ජනාධිපති වීමේ වැදගත්කම මෙම දේවල්වලින් පේනවා. (ත)

:       0       0

ශෂික Wednesday, 29 April 2015 03:57 AM

තාම යහ පාලනයක් නම් නැහැ...ඉස්සරහට වුනොත් එ්ක ලොකු දෙයක්. (බ)

:       0       0

කෙවින් Wednesday, 29 April 2015 04:33 AM

ශෂික, ඊයේ රෑ තමයි 19 සම්මත වුනේ. උදේ නැගිටලා බලන කොට යහපාලනය තියෙන්න විධියක් නැහැ. (බ)

:       0       0

කරුණාදාස Wednesday, 29 April 2015 04:49 AM

යහපාලනය කියන්නෙ කඩේකට ගිහින් සල්ලි දිලා ගන්න පුළුවන් වගේ දේකට නෙමෙයි. ඒක නිතියෙන් හා රටේ ජනතාවගේ කැපවීමෙන් හදාගතයුතු ‍දෙයක්. මහජන මුදල් හොරකම් කරන්න බය විම යහපාලනය ඇති රටක පුරවැසියන්ගේ ලක්ෂණයක්. ඒවගේම හොරකම් කරලා අහුවුනොත් තරාතිරම නොබලා නිතියෙන් දඩුවම්දිම යහපාලනය ඇති රටක තවත් ලක්ෂණයක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 156 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 2038 3

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2293 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2983 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1304 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 280 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24965 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site