ශ්රී ලංකා පාසල් අත්පන්දු සංගමය සංවිධානය කරන ‘නියෝ අභියෝග කුසලාන’ සමස්ත ලංකා පාසල් අත්පන්දු (හෑන්ඩ්බෝල්) තරගමාලාවේ වයස 19 න් පහළ තරගාවලිය අනිද්දා (1) ඇරැඹෙයි. තරගාවලිය නොවැම්බර් මස 3 වැනිදා දක්වා කොළඹ ඞී. එස්. සේනානායක විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙවර තරගාවලියට බාලක කණ්ඩායම් 22 ක් සහ බාලිකා කණ්ඩායම් 12 ක් සහභාගිවේ. පසුගිය වසරේදී අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියෙන් පාසල් තුළ ආරම්භ කළ අත්පන්දු ක‍්‍රීඩාව මේ වන විට පාසල් 50 කට වැඩි සංඛ්‍යාවක ජනප‍්‍රිය ක‍්‍රීඩාවක් බවට පත්ව තිබේ. මෙම තරගාවලිය පසුගිය වසරේදී පළමු වරට පැවැත්විණ. පසුගිය වසරේ බාලක ශූරතාව මොරටුව වේල්ස් කුමර විදුහල දිනාගත් අතර ඞී.එස්. සේනානායක විදුහල අනුශූරතාව හිමිකර ගත්තේය. ගල්කිස්ස උසස් බාලිකා විදුහල සහ නුගේගොඩ අනුලා විදුහල පිළිවෙලින් බාලිකා ශූරතාව සහ අනුශූරතාව එවර දිනා ගත්තේය. පාසල් අත්පන්දු තරගමාලාවට අනුග‍්‍රහය දක්වන නියෝ හෝම්ස් සමාගම මෙම තරගාවලියට ද අනුග‍්‍රහය දක්වයි. තරගාවලියේදී දස්කම් දක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ශ්‍රී ලංකා පාසල් අත්පන්දු සංචිතයට ඇතුළත් කර ගන්නා බව පාසල් අත්පන්දු සංගමයේ ලේකම් කපිල ප‍්‍රදීප් මහතා පැවසීය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක
හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි
දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත
ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.
පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච
ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
19 න් පහළ සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගාවලිය අනිද්දා සිට