පාර්ලිමේන්තුව හෙට උදෑසන 9.30 වන තුරු කල් තබන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා දැනුම් දුන්නේය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර නව ව්‍යවස්ථාවක් ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි
ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම අරඹයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.
පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ඇරැඹෙයි
නව රජයේ නව වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් අද (20) පස්වරුවේ ආරම්භ කෙරිණි.
අද (20) පස්වරු 2.40 ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.
පාර්ලිමේන්තුව පස්වරු 3 තෙක් කල් තබයි
නව වන පාර්ලිමේන්තු සභාවේ කටයුතු පස්වරු 3 දක්වා කල්තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
විරුද්ධ පක්ෂයේ නායක ධූරයට සජිත්
නව වන පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශවයේ නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත් කළේය.
පාර්ලිමේන්තු සභානායක ධූරය දිනේෂ්ට
පාර්ලිමේන්තුවේ සභානායක ධූරයට දිනේෂ් ගුණවර්ධන මහතා ද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කළේය.
නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්
නියෝජ්‍ය කාරක සභා නායක ලෙස අංගජන් රාමනාදන් මහතා පත් කළේය.
නව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා පත් කළේය.
නව කතානායක මහින්ද යාපා අබේවර්ධන
පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා පත් කළේය.
සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ස්ථිරත්වයෙන් කථානායකවරයා පත් කළේය.
නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම ඇරඹේ
(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
නව වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම අද (20) පෙරවරු 9.30 ට ආරම්භ විය.
මෙහිදී නව කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා හා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා තෝරා ගැනීමත් අභිනව මන්ත්‍රීවරුන් කතානායකවරයා ඉදිරියේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම් ලබාදීමත් සිදුවේ.
පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 03.00 ට පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කරන අතර එහිදී ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපතිවරයා පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට එතුමාගේ උපදෙස් මත, කටයුතු යොදා ඇත.
ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාළි නොපැවැත්වෙන අතර ඒ වෙනුවට පාර්ලිමේන්තුව ඉදිරිපිට දී ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත ආචාර දැක්වීමක් සිදුවේ.
එහිදී ආරාධිත අමුත්තන්ගේ පැමිණීම පස්වරු 2.15 සිට සිදු වන අතර, පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදුවීමට නියමිතයි.
පසුව නව කථානායකවරයාගේ පැමිණීමෙන් පසු, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදුවන අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුවය.
එහි දී නව කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසල දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට නියමිතය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව
චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය
මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.