IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


19 වියෙදී කෝටිපතිනියක් වූ Kylie Jenner

2016-11-06-ent-98

2016-11-06-ent-99දහනව වැනි වියෙහි පසුවන දැරියක බොහෝවිට රැඳී සිටින්නේ තම දෙමවුපියන් සමගයි. ඒත් එවැනි වයසකදී ජනප්‍රියත්වය, කීර්තිය සහ ඉසුරුමත් ජීවිතයක් තමන් විසින්ම උදාකරගනු ලැබූ යුවතියක් හොලිවුඩ්පුරයේ සිටින බව මේ වන විට බොහෝදෙනා දන්නා කරුණකි. ඇය තමයි කයිලි ජෙනර්. ඇය නිරූපිකාවක් පමණක් නොව, ඇමෙරිකාවේ රියලිටි වැඩසටහන් ඉදිරිපත් කරන්නියකි. ඇය බොහෝදෙනා හඳුනන්නේ කිම් කාර්ඩිෂන්ගේ නැගණිය ලෙසයි.කෙසේනමුත් පසුගිය අගෝස්තු 10දා දහනව වැනි වියට පා තැබූ මේ සුරූපිනිය පසුගියදා තුන්වැනි නිවසත් මිලදී ගනු ලැබීය. කැලිෆෝනියා ප්‍රාන්තයේ හිඩ්න් හිල්ස් ප්‍රදේශයේ පිහිටි නිවසක් මෙලෙස ඇය මිලදීගෙන තිබිණ. වර්ග අඩි 12,000ක ප්‍රමාණයකින් යුතු මේ නිවසෙහි නිදන කාමර 4ක්, නාන කාමර 4ක් සහ කාර්යාල කාමර ඇතුළු නවීන පහසුකම් රැසක් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කයිලි ජෙනර් මිලදීගත් මෙම නිවසෙහි වටිනාකම ඩොලර් මිලියන 4.5ක් වන බව විදෙස් වෙබ්අඩවි සඳහන් කරයි.

2007 වර්ෂයේදී ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූ ඇය ඉතාමත් සීමිත කාලයක් තුළ ඉතා ධනවතෙකු වූ බව සඳහන් වෙයි. Keeping Up with the Kardashians රියලිටි වැඩසටහන් තුළින් නිවේදන දිවිය ආරම්භ කළ ඇය 2007 වර්ෂයේ සිට තවමත් එහි නිවේදිකාවක ලෙස කටයුතු කරනු ලබයි. තම පවුල නමින් මෙම රියලිටි වැඩසටහන E නාළිකාව ඔස්සේ විකාශනය කරනු ලබයි. මෙම වැඩසටහනෙන් පසුව ඇය 2010 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා Kourtney and Khloé Take Miami නම් රූපවාහිනී ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ විය. එතැන් පටන් ඇය රූපවාහිනී කතා මාලාවන් සඳහා දායක වීම ආරම්භකරන ලදී. මේ වන විට ඇය ටෙලිනාට්‍ය 8ක් සදහා දායක වී ඇති අතර, ඇය දායක වූ I Am Cait නම් රූපවාහිනී කතා මාලාව සඳහා තවමත් ඇය රංගනයෙන් දායකත්වය ලබාදෙනු ලබයි. 2013 වර්ෂයේදී ඇය Choice TV Reality Star ලෙසද සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ.

මේ අතර විදෙස් මාධ්‍ය තවත් ආන්දෝලනාත්මක් පුවතක් වාර්තා කරනු ලබයි. ඒ ආරංචිවල සඳහන් වන්නේ හිඩ්න් හිල්ස් ප්‍රදේශයේම පිහිටි තවත් නිවසකට යෑමේ අදහසක් කයිලි තුළ ඇති බවයි.

මේ නිවස අවට ජෙනිෆර් ලෝපෙස්, මිලී සයිරස් සහ ජෙසිකා වැනි කලාකාරියන්ගේ නිවෙස්ද පිහිටා තිබෙන බවයි සඳහන් වන්නේ. කයිලිගේ වැඩිමහල් සොයුරිය වන කිම් කාර්ඩිෂන් සහ ඇගේ සැමියා වන කාන්යෙ වෙස්ට් ද ඒ සමීපයෙහි පදිංචිව සිටින බව සඳහන් වෙයි.  

2015 වසරේ අවසානය වන විට නිල නොලත් ලෙස ඇයගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 11,903,713 ලෙස සඳහන් වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

 

2016-11-06-ent-100
2016-11-06-ent-98
2016-11-06-ent-97
2016-11-06-ent-96
2016-11-06-ent-95
2016-11-06-ent-94
2016-11-06-ent-93
2016-11-06-ent-92
 



අදහස් (0)

19 වියෙදී කෝටිපතිනියක් වූ Kylie Jenner

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 48 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 200 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1041 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2748 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1106 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1085 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site