IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


19 සම්මත කරගත් ගමන් මැතිසබය විසුරුවනවා - ජනපති

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බව මෛත්‍රිපාල සිරිසේන ජනපති පොළොන්නරුවේදී අද (9) ප්‍රකාශ කළේය.

ලබන 20 වැනිදා එම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජනපති කීවේය. විධායක ජනපති ක්‍රමයේ අත්තනෝමතික බලතල ඉවත් කරන බව සිරිසේන මහතා පසුගිය ජනපතිවරණයේදී ප්‍රකාශ කළේය.

තමා යළිත් ජනපති ධූරයට තරඟ නොකරන බවත් ධූර කාලයද වසර 6 සිට වසරකින් අඩුකළ බවත් ජනපති සිය ධූරය බාරගනිමින් ජාතිය අමතා ප්‍රකාශ කළේය.

පොළොන්නරුව විද්‍යාපීඨ ගුරුවරුන්ගේ ක්‍රීඩා තරඟයකදී ජනපති මේ අදහස් දැක්වීය. ජනපති ප්‍රකාශ කළේ දැනට පවත්නා අවුල් වියවුල් සහගත වටපිටාව පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසුව නැතිවී යන බවයි. මැතිවරණයෙන් අලුත් රජයක් පත්වූ පසු අද තිබෙන තත්ත්වය නැතිවී යාවි. යනුවෙන්ද ජනපති කීවේය.

 

 

 

 

 

 



අදහස් (0)

19 සම්මත කරගත් ගමන් මැතිසබය විසුරුවනවා - ජනපති

පද්මිණි Thursday, 09 April 2015 04:29 PM

18 කියන්නේ අසීමාන්තික වාර ගානක් ඉන්ට ඕන කියල හදපු එක. 19 කියන්නේ" අනේ මගේ අසීමාන්තික බලතල එපෝ" කියල හදන්ට යන එක. . සත්‍ය පාල වැනි අයට සත්‍ය නොපෙනීම තමා රටේ කරුමේ. දින 100න් පසු අලුත් පාර්ලිමේන්තුවක් හදන බව කලින් කියා තිබුනනේ. (ස)

:       0       0

ලලිත් Thursday, 09 April 2015 04:45 PM

අනේ මොනව කියනවද සඳුන්. ඒ දෙන්නටයි ඔයාටයි තමයි රට කරවන්න පුළුවන්. ඔයටනම් හොඳ අර සුමනදසගේ ජොබ් එක. (ස)

:       0       0

විජිත් Thursday, 09 April 2015 05:07 PM

සඳුන් වගේ ළිං ගෙම්බෝ නිසා තමයි මේ රට විනාශ වෙන්නේ. අවබෝධය බොහොම දුර්වලයි. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 09 April 2015 07:24 PM

විධායක බලය අහෝසි කරනවා කියා දුන් ප්‍රධාන ඡන්ද පොරොන්දුව ඉටුවෙන්නේ කවදාද? (නි)

:       0       0

ඇල්පිටිය Thursday, 09 April 2015 07:27 PM

හොඳදේට අපි හොඳයි කියනවා (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 09 April 2015 08:24 PM

අර සියල්ලෝම පැවසූ දස ගුණයේ සංවර්ධනය කොහේද? (නි)

:       0       0

වෙල්ගම Thursday, 09 April 2015 10:53 AM

අවුල් සහගත වට පිටාවක් තියනවා කියලා ඡන්දෙ දීපු අයට නොතේරුනාට ජනාධිපතිතුමාටත් තේරෙනවා එහෙනම් (දිල්)

:       0       0

පසන් Thursday, 09 April 2015 11:13 AM

අනිවාර්යෙන් මේක අවුල් සහගතයි. ගිය ආණ්ඩුවට 2/3 ක බහුතරයක් තිබුන පාර්ලිමේන්තුවක් මේක. (ර)

:       0       0

වසන්ත Thursday, 09 April 2015 11:30 PM

භාණ්ඩාගාර බිල් පනතට වුණදේම ඕකටත් සිදුවෙයි කියා මට හිතනවා. වඩා හොඳයි ජනමත විමසුමක් කළා නම් (නි)

:       0       0

විජේබාහු Thursday, 09 April 2015 11:53 PM

මට බලය අඩුකරගන්න ඕනෑ කියන පළවන ජනපති. අපි එතුමාට පුළුවන්තරම් සහයෝගය දෙන්න ඕනෑ. (නි)

:       0       0

යමින්ත‍ Friday, 10 April 2015 12:21 AM

ජනතාව රවටමින් මහජන මුදල් කෝටිගානක් හොරකම් කරලා නිකං තොත්තබබාලා වෙන්න හදන කම්බා හොරු ඉදිරි මහ මැතිවරණයේදි නැවත නොඑන්නම පන්නා දමමු. මේ හොරු ගැන ලක්‍ෂ 63ක ජනතාව හොඳටම දන්නවා. දැනට විශාල සහනයක් ජනතාවට ලැබිලා. මේ සැරේ තමයි අවුරුදු 35 කට පස්සෙ සිංහල දමිළ ජනතාව හරියට අවුරුදු කන්නෙ. ඇඳුම් පැළඳුම්, ආහාරපාන, එලවළු මිල, දුරකථන ගාස්තු, බස් ගාස්තු, තෙල්මිල අඩුවෙලා. වැටුප් වැඩිවෙලා. වෙනදාට වඩා ජනතාව අතරේ ගොඩක් මුදල් සංසරණය වෙනවා. මෙන්න යහපාලනය! මේ ගැන කරකියාගත හැකි දෙයක් නැති දේශපාලන හොරු කෑගහනවා. (නි)

:       0       0

රීසා Friday, 10 April 2015 12:50 AM

පින්සිද්ධ වෙනවා අපිට අළුත් ආණ්ඩුවක් හදාගන්න උදව් කළාට. පොඩ්ඩක් ඉන්න අපේ ආණ්ඩුව හරියට හැදුනහම අනිත් ටික බලාගමු (නි)

:       0       0

සනත් Thursday, 09 April 2015 11:48 AM

සම්මත කරගත්තාට පස්සේ විසුරවන්න පුළුවන් වෙයිද කියලා සැකයකුත් මට නම් තිබෙනවා (නි)

:       0       0

මහානාම - කඳාන Friday, 10 April 2015 01:52 AM

පි.සත්‍යපාල රට වෙනුවෙන් දක්වන ඔබගේ අදහස් වලට ගරු කරමි. පසුගිය රජය කාලේ විශාල වශයෙන් දුෂණ හා වංචා සිදු බව නොරහසකි. නමුත් ඒ වෙනුවෙන් රට අනාරක්ෂිත වීමට ඉඩ දිය යුතුද ? රටට අවශ්‍ය බේරා ගත් රට රැක ගත හැකි සහ ඉදිරි අවිනිශ්චිත තත්වයන්ට මුහුණ දිය හැකි නායකයෙකි. මහින්ද මහතා හෝ මෛත්‍රී වේවා අපට කම් නැත. නමුත් රටේ අවශ්‍යතාවය තේරුම් ගෙන අදහස් දැක්වීම වඩා වැදගත් බව මගේ අදහසයි. අද රටේ තත්වය 2009 ට වඩා කලින් ටත් බයානක බව දන්නේ කීයෙන් කි දෙනාද ? (නදී)

:       0       0

මහානාම - කඳාන Friday, 10 April 2015 01:56 AM

යමන්ත මහතාණෙනි, ණයට හෝ පොළියට සල්ලි ගෙන හෝ ආණ්ඩුවට පාඩු කරගෙන, බදු අඩුකිරීමෙන් ලැබෙන තාවකාලික සහන හරියට ක්‍රෙඩිට් කාඩ් එකකින් ණයට කනවා වගේ. බිල ආවහම තමා තේරෙන්නේ කරපු මෝඩකම. (නි)

:       0       0

රෝයි Friday, 10 April 2015 02:01 AM

ඉතින් විජිත්, ඔයා හිතන්නේ මේක කරන්න පුළුවන් කියලද? (නි)

:       0       0

සත්‍යපාල Thursday, 09 April 2015 12:00 PM

"19 සම්මත කරගත් ගමන් මැතිසබය විසුරුවනවා - ජනපති" ඕක සම්මත කරලා විසුරුවන්නේ මොන මගුලකටද? සම්මත කරගන්න මරාගන්න හදන්න එපා. ඔය යෝජනා ජනතාව ඉදිරියට දාන්න. රටේ ජනතාව තීරණය කරයි. රටට හොදද නරකද කියල. එක නේද නියම ප්‍රජාතන්ත්‍රවාදය ? (ස)

:       0       0

රනිල් Friday, 10 April 2015 02:03 AM

ඇත්තටම මේ තිබෙන බලය වැඩියි තමයි (නි)

:       0       0

මහානාම - කඳාන Friday, 10 April 2015 02:09 AM

මහින්ද මහතා බිලියන බිලියනයක් හොරකම් කළා කියලා උපකල්පනය කරමු. නමුත් 30 අවුරුදු කුරිරු යුද්ධය අවු 5 නවතා , ඉතිරි කර බේරාදුන් ජීවිත වල මිල කීයද කියලා පුලුවන් නම් හදලා කියන්න දන්නා කෙනෙක් ඉන්නවා නම්. නමුත් ඒ සදහා යුද්ධය නිසා මියගිය ජීවිත වල හා අබ්බගාත වූ අයගේ මිල ගණන මුලින් ගණනය කළයුතුයි. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ නැතිවූ හා සදාකල් අබ්බගාත වූ ජීවිත වල මිල තක්සේරු කර මෙහි පළකරන්න. ඉන්පසු මහින්ද මහතා හොරකම් කළා යැයි කියන මුදල් හා සසඳා මෙහි පළකරන මෙන් කාරුණිකව ඉල්ලමි (නි)

:       0       0

ප්‍රේම් Thursday, 09 April 2015 12:24 PM

අසම්මත උනත් විසුරුවන්න. පාර්ලිමේන්තු ජෝක් ඇතිවෙලා. (ර)

:       0       0

ලීල් Friday, 10 April 2015 02:41 AM

ලැම්බෝගිනි අශ්වයො කෝ ? දැන් කියනවා රටපටවලාලු.කටකතා හදලා ජනතාවගේ ඔලු හෝදපු අවාසනාව තමයි ඔය ගෙවන්නේ. (නි)

:       0       0

තනුර Thursday, 09 April 2015 12:40 PM

හොඳයි අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

තරිඳු Thursday, 09 April 2015 12:56 PM

සනත්, ඔබ හරියටම හරි (නි)

:       0       0

සත්‍යපාල Friday, 10 April 2015 04:02 AM

ඔය ලේ කොලපාට හැමදාම යූඇන්පී හෝ ලේ නිල්පාට හැමදාම ශ්‍රී ලංකා කාරයෝ නොවෙයි ආණ්ඩු වෙනස්කළේ. රට ලෝකේ ගැන අත්දැකීම් තිබෙන හොඳ නරක තේරෙන රට ගැන කැක්කුමක් ඇති උදවිය.මහින්ද වැරදි පාරේ යනකොට කෑගහුවෙත් අපි. මහින්ද එලෙවුවෙත් අපි.එහෙම එලවල මේ ආණ්ඩුව යනදිහා බලන් හිටිය.කිසිම දෙයක් විසදගන්න බැරිවෙලා දගලන දැගලිල්ල දැක්කම, දුන්න බලය වෙන අය අතට දීලා හරියට කපිතාන් නැතිව හුළගේ යන නැවක් වගේ එක එක්කනා සුක්කානම එහෙට මෙහෙට කරකවමින් මුහුදුබත් වන්නට පෙර, මහා විනාශයක් වෙන්නට පෙර හිටපු කපිතන්ට නැව දෙන එක තමයි දැනට තිබෙන හොදම විකල්පය. ඒ වෙනුවෙන් පෙනිසිටිනවා.කුනාටුව ඉවරවෙලා ගොඩබිමක් පෙනෙනවිට තව හොද කපිතාන් කෙනෙක් හිටියොත් එතකොට මෙයාවත් එලවනවා.එකයි අපේ දේශපාලනය.මේ යන විදිහට ගියොත් " අපිම දන්නේ නෑ මේ නැව අපිත් එක්ක ගිලෙනකම්"(බ)

:       0       0

ලලිත් Thursday, 09 April 2015 01:19 PM

ඒ කියන්නේ මැතිසබය විසුරවනවාට විරුද්ධ කට්ටිය 19 ට ඡන්දය දෙන්න එපාද? (නි)

:       0       0

දිලාන් Friday, 10 April 2015 04:05 AM

මහානාම, ඔයා ඔය රට රැකගත් විරුවන්ව දේශපාලන වාසි වලට ගාවාගන්න එපා. (නි)

:       0       0

සමන් Thursday, 09 April 2015 01:26 PM

සත්‍යපාල, ඔයාගෙ නායකයා 18 සම්මත කළෙත් ජනතාවගෙන් අහලා නියම ප්‍රජාතන්ත්‍රවාදී විදියට නේද? ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට. (නි)

:       0       0

රනිල් වික්‍රම Friday, 10 April 2015 04:12 AM

ඇත්තට එතුමාට මේතරම් බලතල වලින් වැඩක් නැතුව ඇති! (නි)

:       0       0

වජිර Friday, 10 April 2015 04:21 AM

අපි බලමුකෝ එහෙමම වෙයිද කියලා (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 09 April 2015 01:43 PM

18 සහ 19 වෙනස මෙන්න. 18- අවස්ථාවාදීවීම , බලයට කෑදරවීම... 19-තැනට සුදුසු නුවණ , දුරදක්නා නුවණ , පරාර්ථකාමී වීම , රටේ සුබසිද්ධිය ගැන සිතීම, ප්‍රජාතන්ත්‍රවාදී වීම (නි)

:       0       0

රුවන් සම්පත් Friday, 10 April 2015 04:31 AM

ඔය කියන 19 සම්මත වෙන්නේ නෑ .. එක නම් ස්ථිරයි (ම)

:       0       0

සත්‍යපාල Thursday, 09 April 2015 01:44 PM

සමන්,මගේ නායකයා 18 සම්මත කළ විදිහ වැරදියි කියමුකෝ.එහෙම වැරදි වැඩක් කළ මගේ නායකයා අන්තිම වැරදියි කියමුකෝ. ඒත් ඊට වඩා නවීන යුගයේ දැනුත් කවුරුහරි එවැනිම වැඩ කරනවා නම් එයාට එතකොට මොකක්ද කියන්නේ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 09 April 2015 01:49 PM

ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා නම් මේක ජනමත විචාරණයක යා යුතු නැහැ කියලා, පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත කරගන්න පුලුවන් නම් දැන් මෙතන තිබෙන වරද මොකක්ද ? (නි)

:       0       0

සමන් Thursday, 09 April 2015 01:54 PM

ප්‍රජාතන්ත්‍රවාදය වැඩියෙන් ජනතාවට දෙන්න අහන්න ඕනෑ නැහැ. නමුත් 18 තනිකරම ඒකාධිපති වියරුවක් (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Thursday, 09 April 2015 01:56 PM

මොනවද මේ කියන්නේ? මම නම් කියන්නේ ඔය එකකක්වත් කෙරෙන දේවල් නොවේ. (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 10 April 2015 05:50 AM

තමන්ට මිනිස්සු කැමැත්ත දුන්නේ තමන්ගේ විශේෂත්වයකට නොවන වගත් තමන්ට බලය ලැබුනේ විවිධ මත දරන්නන්ගේ සාමුහික එකතුවකින් බවත් එය යම් කර්තව්‍යයක් ඉටුකරවා ගැනීම සදහා පමණක්ම බවත් සාමුහිකව තමන් බලයට පත් කළ ලක්ෂ 62 බෙදී වෙන් වෙන්ව ගිය පසු තමන් නිකම්ම නිකන් පඹයකු පමණක් බවත් මනා සේ වටහා ගත් මෙතුමා ඉතාමත් සුක්ෂමව මෙන්ම අසික්ෂිතව තමන්ට විරුද්ධ වුනු ලක්ෂ 58ක මතය හා අයිතිවාසිකම් මංකොල්ල කෑමට යාමෙන් අවසානයේ දැන් සියල්ල අනාගමින් මෙන්ම අනාගත් සියල්ල හත්පොලේ ගාගනිමින් සිටිනා බවනම් ඉතාමත් හොදින් අපට පැහැදිලි වෙමින් පවතී...(බ)

:       0       0

ඉන්දික Thursday, 09 April 2015 01:57 PM

මොන වදයක්ද මේ? මට නම් මේ කතා අහලම එපාවෙලා. (නි)

:       0       0

සත්‍යපාල Thursday, 09 April 2015 02:21 PM

තමන් කැමති කෙනා කරනකොට හොඳයි-ප්‍රජාතන්ත්‍රවාදය.තමන් අකමැති කෙනා කරනකොට නරකයි-ඒකාධිපතිවාදය. "ඔහේ මට කියපු දේ තමන්ටම නේද ගැළපෙන්නේ.ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා"? (නි)

:       0       0

දිනූෂා Thursday, 09 April 2015 02:23 PM

ජනාධිපතිතුමා කියනවා 19 දිනුවාම පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා. මීට කලින් අගමැති කිව්වා ඕක පැරදුනොත් පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා. ඉතින් දිනුවත් එකයි පැරදුනත් එකයිනෙ. (නි)

:       0       0

සුමුදු හේවා Saturday, 11 April 2015 02:02 PM

සහතික ඇත්තයි පිවිතුරු යහපාල (නි)

:       0       0

තනුර Saturday, 11 April 2015 02:04 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සුමුදු හේවා Saturday, 11 April 2015 02:07 PM

මහානාම, අපි මොකටද මොහොතකටවත් මහින්ද මහත්තයා නොකළ නරකක් කළා කියලා උපකල්පනය කරන්නේ? මහින්ද මහත්තයාගෙන් රටට කෙරුණු සහ කෙරෙන්නට ඕනෑ යහපත ගැන හිතමුකෝ. (නි)

:       0       0

සදුන් Thursday, 09 April 2015 03:15 PM

මේ රට කරන්න පුළුවන් මහින්ද ගෝඨාභය වගේ අයට මිසක් ඔබ තුමාට නෙමේ . (ස)

:       0       0

නිමලලලිත Saturday, 11 April 2015 04:30 PM

ලංකාවේ තියෙන්නේ බල පෙරේත දේශපාලනය මිසක් මහත්මා දේශපාලනයක් නෙවෙයි. අ නිසි මැතිවරණයක් අවසානයේ එකම අසුනක් වැඩියෙන් ගත් පක්ෂයට නියමිත කාල සීමාව රජය කරගෙන යාමට ඉඩ නොදී සභාග කැඳහැලි සාදාගෙන රාජ්‍ය බලය ලබන්නේ.එහෙමත් නැතිනුම් රජය පරාද කරවන්නේ. එබැවින් මේ රටේ තීන්දු ගැනීමේ අයිතිය එක පුද්ගලයෙකුට ලබාදීම කිසිසේත්ම වටින්නේ නැහැ. රාජ්‍ය ආරක්ෂාව හැර අනිත් සෑම කට යුත්තකදිම රටට ආදරේ ඇති එක බුද්ධිමතුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් තුලින් අනුමත වන නීතිවලින් පමණක් මේ රට පාලනය වන,එමෙන්ම සිංහලය අනාගතයටත් රැකෙන ක්‍රමයක් සකස් විය යුතුයි. වත්තක මුරකරු තනතුරටත් චරිත සහතික පොලිස් වාර්තා සොයන බැවින් දේශපාලනය සඳහාද අනිවාර්යයෙන්ම නියම මහත්වරුන් පත්වෙන ක්‍රමයක් සැකසිය යුතුය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 10 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 46 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 85 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 202 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 159 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 458 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site