IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


19 දිනුම ජනපතිගේ දිනුමක්

පසුගිය බදාදා පැවැත්වූ කැබිනට් මණ්ඩල රැස්වීම උත්සවයක සිරි ගත්තේය. කැබිනට් අමාත්‍යවරුන් අත්පුඩි ගසමින් මේසයට තට්ටු කරමින් ප‍්‍රශංසා වැකි කියමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන කළ මෙහෙය අගය කළෝය. ඔවුන් අතරින් ඉදිරියෙන්ම සිටියේ රවුෆ් හකීම් හා රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් දෙදෙනාය .ජනාධිපතිවරයාට ජය වේවා යැයි සදහන් කළ හකීම්, අගමැති රනිල් වික‍්‍රමසිංහ දෙස බලා අපේ අගමැතිතුමාටත් මේකෙ ස්තූතිය හිමිවෙන්න  ඕනේ .ඒත් එයාටත් අන්තිමට ඉවසීම නැති වුනානේ යැයි පැවසීය. වහාම ඊට පිළිතුරු දුන් වික‍්‍රමසිංහ තමන්ට එම අවස්ථාවේදී වුවමනා වූයේ මහින්ද රාජපක්ෂගේ බළල් අත මෙන් කටයුතු කරන අතර සදාචාරය ගැන පාඩම් කියාදීමට එන කිහිපදෙනෙක්ගේ වෙස් මුහුණු ගැලවීම බව කීවේය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එක්කරනවා යැයි මුලින් පැවසුනු කරුණු සියල්ල එහි සදහන් නොවුනත් විධායක ජනාධිපතිගේ බලතල යම්තාක් දුරට අඩු කිරීමට පියවර ගෙන තිබීම අගය කළ යුත්තකි. දැන් ජනාධිපති ලෙස පත්වන පුද්ගලයාට ඥාති සංග‍්‍රහයේ යෙදීමට වංචනික කි‍්‍රයාවන්හි යෙදීමට අත්තනෝමතික ලෙස රට පාලනය කිරීමට ඇති ඉඩ අවමය. ඊට අමතරව ජනපතිවරයා පාර්ලිමෙන්තුවට වගකියන පුද්ගලයෙකු බවට පත්කර තිබීමත් පුද්ගලයෙකුට ජනපතිධූරය තරග කළ හැකි වාරගණන වාර දෙකකට සීමා කර තිබීමත් පාර්ලිමෙන්තුව විසිරුවීමට ජනපතිවරයාට අවස්ථාව ලබාදී තිබෙන්නේ පාර්ලිමෙන්තුවේ ආයු කාලය නිම වීමට මාස 6 ක් ඉතිරිව තිබියදී වීමත් ස්වාධීන කොමිෂන් සභා යම්තරමකට හෝ බලාත්මක කර තිබීමත් තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවගේ ව්‍යවස්ථාමය අයිතියක් බවට පත්කර තිබීමත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත වැදගත් කරුණුය.

මේ සියල්ලේ ගෞරවය හිමිවිය යුත්තේ ජනපතිවරයාටය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දෙවැනි කියවීම පරාජය වීමේ වාතාවරණයක් ඇතිව තිබියදී එය මැඩපවත්වාගත හැකිවූයේ ජනපතිවරයා තැනට සුදුසු නුවණ භාවිතා කර ඉවසිලිවන්තව කටයුතු කළ නිසාවෙන් බව බොහෝ දෙනෙක් නොදන්නා දෙයකි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට සූදානමින් සිටියදී ඔවුන්ගේ අදහස වෙනස් කිරීමට ජනපතිවරයා සමත්විය. ඔහු පක්ෂය එක්සත් කළේය. මේ එක්සත් භාවය පසුගියදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාලියේදී තව තවත් තහවුරු වූ අයුරු දැකගත හැකිවිය. රැළියට සහභාගීවනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එයට සහභාගීව සිටියේ නැත. ඔහු පණිවුඩයක් එවා තිබුණු අතර සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා එය කියැවීය. මෙයින් පැහැදිලි වන්නේ තම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා හා කළ සටනේදී ලද අනපේක්ෂිත පරාජයේ කම්පනයෙන් ගැලවී ගැනීමට තවමත් මහින්ද රාජපක්ෂට නොහැකිවී ඇති බවයි. පක්ෂයේ කටයුතු වලට සෘජුව දායකවීමෙන් වැළකී උපදේශකයෙකු ලෙස අවශ්‍ය තැන්හි දී තමන්ගේ දායකත්වය ලබාදීමට සිතාගෙන ඇති අයුරක් ඔහුගේ වත්මන් හැසිරීමෙන් හදුනාගත හැකිය. හිටපු ජනපතිවරයා හා ජනපති සිරිසේන අතර මුහුණට මුහුණ හමුවක් නුදුරේදීම පැවැත්වෙන ලකුණු ද ඇත.

මා සිතනවා ඔබට අතීතය මතක ඇතැයි කියා. එදා මැයි දින පෙළපාලි පැවැත්වුනේ දැඩි ආරක්ෂක රැකවල් මැද. දශක 3 කට අධික කාලයක් මේ රටට පිළිලයක් වෙලා තිබුණු සිවිල් යුද්ධය 2009 වසරේ අවසාන වීමත් සමග වැඩකරන ඔබ ඇතුලූ රටේ සියලූ ජනතාවගේ අයිතීන් නැවත වතාවක් සුරක්ෂිත වුනා. රජයේ ආයතන පෞද්ගලීකරණය වන එක අපි නැවැත්වුවා. විදේශ බලවේග අපේ රටේ කටයුතු වලට මැදිහත්වෙන එක අපි නැවැත්වුවා. එයයි අප ලැබූ සැබෑම ජයග‍්‍රහණය .අද අප එසේ බේරාගත් ආයතනවල සේවය කළ විශාල දෙනෙක් රැකියා නැති තත්ත්වයට පත්වෙලා ඉන්නවා. වැඩකරන ජනතාව නොසළකා හැරලයි තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂය පරාජය කරන්න පුලූවන් ඔබ සියලූදෙනා එකතු වුනොත් පමණයි. 1951 වසරේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කටයුතු කළේ කොහොමද කියලා ඔබට මතක ඇති. ඔබ සියලූදෙනා එකතුවෙන දවසට මමත් ඔබ හමුවට එනවා. වැඩකරන ජනතාව ආරක්ෂා කරගන්න ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන්න මමත් ඉදිරිපත් වෙනවා.

හිටපු ජනපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළියට එවා තිබුණු පණිවුඩයේ සදහන්ව තිබුණේ එසේය.

හිටපු ජනපතිවරයාගේ ප‍්‍රබල ආධාරකරුවන් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල එක්ව සංවිධානය කර තිබූ මැයි දින රැළියක් කිරුළපනදී පැවැත්වුනු අතර මේ රැළියේදී කියවීම සදහා එකම අර්ථය රැගත් නමුත් වචන වල සුලූ වෙනස්කම් තිබූ පණිවුඩයක් එවීමට හිටපු ජනපතිවරයා කටයුතු කර තිබුණි. ජනතාවාදී රජයක් බිහි කිරීම සදහා යැයි රැළියේ තේමාව විය. මහින්ද රාජපක්ෂ මෙම රැළියටත් පණිවුඩක් එවීමෙන් පෙනී යන්නේ ඉදිරි දින කිහිපයේදී දේශපාලන වේදිකාව කෙසේ වෙනස්වනු ඇත්ද යන්නත් එම සිදුවන වෙනස අනුව තම අනාගතය සකස් කර ගැනීමට ඔහු තමාට ඇති සියලූ අවස්ථා සළකා බලමින් සිටින බවයි. ඒ අනුව ඔහු නැවත දේශපාලන කරළියට නොඑනු ඇතැයි කිසිවෙකුටත් සහතිකයක් දීමට හැකියාවක් නැත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද විශාල කාර්යභාරයක් ඉටුකළේය. සුලූතර රජයක් නියෝජනය කළද 19 වැනි සංශෝධනය දෙවන වර කියවීමේදී අදහස් දක්වමින් මේ තම පක්ෂය ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනය නොවන බව පවසා සිටීමට තරම් හයියක් ඔහුට තිබුණි. නමුත් ඊට විරෝධය පළ නොකර එය සම්මත කරගැනීමට ඔහු සහය දුන්නේය. මොකක්වත් නැතිවට වඩා මොකක් හරි තියෙන එක හොදයි ඔහුගේ අදහස විය. ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට අවශ්‍ය සහය ලබාගැනීමට ඔහු පාර්ලිමෙන්තුවේ එක් එක් මන්තී‍්‍රවරුන් හා සාකච්ඡා ද පැවැත්වීය.

සදුදා දිනයේදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමෙන්තුවේ විවාදයට ගැනෙමින් තිබියදී ජනපති සිරිසේන දේශපාලන පක්ෂ නායකයින් පාර්ලිමෙන්තුවේ විශේෂ කමිටු කාමරයකට කැදවීය. මෙහි අරමුණ වූයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකයින්ට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය දිය යුතුවන්නේ ඇයි දැයි පෙන්වාදී ඒ සදහා ඔවුන්ගේ සහය දිනාගැනීමය. නමුත් අගමැති වික‍්‍රමසිංහ හා හිටපු විදේශ අමාත්‍ය ජී.ඇල් පීරිස් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් ඊට බාධා කළේය. සංශෝධනයට සහය පළකරන බවට පොරොන්දුවී දැන් පළායෑමට තැත් කරන බව කියමින් වික‍්‍රමසිංහ ජී.ඇල්ට චෝදනා කළේය. තමන්ට නැගෙන චෝදනා වලට ජී.ඇල් නම් පිළිතුරු දුන්නේ වුවමනාවට එපාවට මෙන්ය. ඒ සමග හමුවට පැමිණ සිටි පක්ෂ නායකයෝ එම ස්ථානයෙන් පිටව ගියහ.

19 වැනි ව්‍යවස්ථාව සම්මත කරගැනීමට පෙර පාර්ලිමෙන්තුවේ තිබුණේ ඉතාම නොසන්සුන්කාරී වාතාවරණයකි. එක්සත් ජාතික පක්ෂයේ හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මතවාදයන් මීට හේතුව විය. පක්ෂ දෙකම එකම ජාතික රජයක නියෝජනය දැරුවත් එය එම පක්ෂ වල දේශපාලන මතවාදයන් වෙනස් කිරීමට හේතුවක්ව නොමැති බව පෙනෙන්නට තිබුණි. එක්සත් ජාතික පක්ෂය තමන්ම පත්වූ රජයක් ලෙස පෙනී සිටිමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණ විපක්ෂය ලෙස සළකමින් කටයුතු කරන බවට එම පක්ෂයේ ඇතැම් සාමාජිකයෝ චෝදනා කළහ. සැබෑවටම ගැටලූව වූයේ දෙපාර්ශවය අතර යහපත් සංවාදයක් ගොඩනැගී නොතිබීම වුවද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වූ චෝදනා වලට පදනමක් තිබුණි. මෙය දෙපාර්ශවය අතර සහයෝගය ඇතිකිරීම සදහා ජනපති සිරිසේන නොයෙක්වර ලබාදුන් උපදේශනයන්ගෙන් ද පැහැදිලි විය.

තම තමන්ගේ ගැටලූ සාකච්ඡාවෙන් විසඳා ගන්නැයි කණ්ඩායම් දෙකට නියෝග ලැබිණි. රජයේ පාර්ශවය නියෝජනය කළේ නාගරික සංවර්ධන අමාත්‍ය රවුෆ් හකීම් නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අජිත් පෙරේරා සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර එම්.ඒ. සුමන්තිරන්ය. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා, ෆසියර් මුස්තාෆා හා ලිබරල් පක්ෂයේ නායක රජීව විජේසිංහ විරුද්ධ පාර්ශවය නියෝජනය කරමින් පෙනී සිටියහ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනා සම්බන්ධයෙන් එකතාවයකට පැමිණීම පිළිබඳ දෙපාර්ශවය අතර ඉතා දැඩි වාද විවාදයන් සිදුවිය. එහිදී එක් අවස්ථාවක සංශෝධනයේ සදහන්ව තිබූ කිසියම් පුවත්පත් ප‍්‍රකාශකයෙකු මැතිවරණ සමයේදී ඡන්ද නීති කඩකොට ඇතැයි හෙළිවුව හොත් ඔහුට සිර දඩුවම් පැනවිය යුතුය යන වගන්තිය ඉවත් කිරීමට ෆයිසර් මුස්තාෆා මැදිහත් විය. එම වගන්තියෙන් රජය මාධ්‍ය නිදහස මර්ධනය කිරීමට යන්නේය වැනි අදහසක් ගෙන දෙන බව ජනපතිවරයාට පෙන්වාදීමට ඔහුට හැකිව තිබීම මීට හේතුව විය.

පාර්ලිමේන්තුවෙන් තෝරාගන්නා මන්තී‍්‍රවරුන් කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් ලෙස හෝ කැබිනට් නොවන අමාත්‍යවරුන් ලෙස පත්කිරීමට ජනපතිවරයාට හැකිවන්නේ අගමැතිවරයාගේ අනුමැතිය එම මන්තී‍්‍රවරුන් සම්බන්ධයෙන් ලබාගත්තායින් පසුවය යන වගන්තිය වෙනස් කිරීම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වුවමනාව විය. එය එසේ කැබිනට් ඇමතිවරුන් පත්කරද්දී අගමැතිවරයාගේ මතය විමසීමට ජනපතිවරයාට අවශ්‍ය වන්නේ ඔහුට එසේ කිරීමට සිතුනහොත් පමණය හා ජනපතිවරයාට පත්කරන ලද කැබිනට් අමාත්‍යවරුන් පසු අවස්ථාවක වෙනස් කළ හැකිය ලෙස සංශෝධනය විය යුතු බව නිදහස් පක්ෂය කියා සිටියේය. අවසන ජය හිමිවූයේ ඔවුන්ටය.

19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වීමට ප‍්‍රථමයෙන් එහි සදහන්ව තිබූ අගමැතිට විධායක බලතල භාවිතා කිරීමේ අවසරය ලබාදීම සම්බන්ධයෙන් මුලින්ම විරෝධය නැගුනේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි.එසේ අගමැතිවරයාට බලතල ලබාදීම යනු ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය උල්ලංඝණය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේය. ඒ සමග අගමැතිවරයාට හිමිව තිබූ බලතල සංශෝධනය කිරීමට සිදුවිය. ඒ අනුව මුල් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සදහන්වූ පරිදි කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස පෙනී සිටීමට කැබිනට් අමාත්‍යවරුන් කී දෙනෙකු පත්විය යුතුදැයි තීරණය කිරීමට එම අමාත්‍යවරුන්ට ලබාදිය යුතු අමාත්‍යධූරයන් කවරේ දැයි තීරණය කිරීමට දැන් අගමැතිවරයාට අවකාශ නොමැත. කැබිනට් මණ්ඩලයේ පත්කිරීම් සම්බන්ධයෙන් අගමැතිවරයාට ලබා දී තිබූ තවත් බලතල සංශෝධනය කළ යුතු යැයි ශී‍්‍රලංකා නිදහස් පක්ෂය යෝජනාවක් ගෙන ආවේ මෙම සංශෝධන සිදුකිරීමෙන් පසුවය. ජනපතිවරයා කැබිනට් මණ්ඩලයේ පත්කිරීම් සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් විමසිය යුතු වන්නේ ජනපතිවරයා එක් දේශපාලන පක්ෂයකිනුත් අගමැතිවරයා තවත් දේශපාලන පක්ෂයකිනුත් පත්ව සිටින අවස්ථාවක පමණක් බව නිදහස් පක්ෂයේ අදහස විය. මෙය පිළිගැනුනි.

හාස්‍යජනක කාරණය වන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අගමැති වික‍්‍රමසිංහ සදාකාලයටම ශී‍්‍ර ලංකාවේ අගමැතිධූරය උසුලනු ඇතැයි සිතා කටයුතු කරන අයුරක් පෙනීමයි. වික‍්‍රමසිංහට අගමැතිධූරය හෙබවීමට අවස්ථාව ලැබෙන්නේ ඊළග පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වෙන තෙක් පමණී. මැතිවරණයේදී ඉහළින් ජයග‍්‍රහණය කිරීමට ඔහුට නොහැකිවුවහොත් අගමැති පුටුව හිමිවන්නේ වෙනත් අයෙකුටය. නමුත් වත්මන් වාතාවරණය සැළකීමේදී එළැඹෙන මැතිවරණයෙන් රනිල් වික‍්‍රමසිංහ ඉහළින්ම ජයග‍්‍රහණය කරනු ඇතැයි බියක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇතිව තිබෙන බව පෙනේ.

අවසානයේ සංශෝධනය කෙරුණේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වූ ව්‍යවස්ථා සංශෝධනය නොවේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අදහස් එය වෙනතකට ගෙන ගියේය. මෙයට අගමැති රනිල් වික‍්‍රමසිංහද අඩුවැඩිය සපයා ඇත. ජාතික රජයක අගමැතිවුව ද ඔහු තම රජයේ හවුල්කරුවන් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගේ අදහස් වලට වැඩි තැනක් දුන්නේ නැත. සමාගම් අධ්‍යක්ෂ මණ්ඩල හා ආයතන පරිපාලන ව්‍යුහයන්ට පත්කිරීම් සිදුකරද්දී නිදහස් පක්ෂයෙන් ලබාදුන් නාමයෝජනා ගැන ඔහු සැළකිල්ලක් දැක්වූයේ නැත. මේ හේතුවෙන් බොහෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් නගන චෝදනාව වන්නේ වික‍්‍රමසිංහ රාජ්‍ය ආයතනයන්ගේ මුල් පුටු පුරවා ඇත්තේ ඔහුගේ පාසැල් සගයින්ගෙන් හා හිතමිතුරන්ගෙන් බවය. මෙයට සාක්ෂි සැපයීමට මෙන් ඇතැම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිතිද වෙනස් දේශපාලන මතයක් දැරීම නිසා තමන්ව නොසළකා හැරීමට හා අයුතු ලෙස දඩුවම් ලබාදීමට ආයතනය පාළනාධිකාරිය කටයුතු කරන බවට චෝදනා කරමින් සිටී.

‘‘රජය අපේ සාමාජිකයින්ට ඉතාම සැළසුම් සහගතව පහර ගසමින් සිටිනවා. කැබිනට් මණ්ඩලයේ සිටින අපේ පක්ෂයේ අයට පවා ඉන් ගැලවීමක් නැහැ.‘‘ යැයි සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර පි‍්‍රයදර්ශන මහතා පැවසීය. මූළ්‍ය අපරාධ පිළබඳ විමර්ෂණ ඒකකයේ කටයුතු සම්බන්ධයෙන් ද චෝදනා මුඛයෙන් අදහස් පලකළ ඔහු ‘‘එයාලා තමයි තීරණය කරන්නේ කවුද අල්ලන්න  ඕනේ කියලා. අපි මේ ගැන දැනටමත් ජනපතිව දැනුම්වත් කරලායි තියෙන්නේ“ කීය. මෙවැනි අදහසක් දේශපාලඥයින්ට මෙන්ම ජනතාවටත් ඇතිවීමට හේතුව අප නොයෙක් වතාවන්හිදී මෙම තීරුවෙන් පැහැදිලි කර දී ඇත. නැවත වතාවක් කියතොත් එම හේතුව වන්නේ මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගන්නේ කුමන චෝදනාව යටතේද යන්න පුලූල් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජනතාව අතරට මෙන්ම දේශපාලඥයින් අතරටත් ගෙනයෑමට රජය අපොහොසත්ව තිබීමයි. මූල්‍ය පිළිබඳ විමර්ශන ඒකකය පිහිටුවීම ව්‍යවස්ථානුකූල නොවන බවට චෝදනාවක් ඇතත් නම සදහන් නොකිරීමේ පෙරොන්දුව මත ඒ පිළිබඳ අදහස් දැක්වූ පොලිස් දෙපාර්තමෙන්තුවේ ඉහළ නිළධාරියෙකුට අනුව මූල්‍ය අපරාධ පිළිඹද විමර්ෂණ ඒකකට පිහිටුවීමේ කටයුතු සිදුව ඇත්තේ නිවැරදිව හා ව්‍යවස්ථානුකූලවය.

මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය කි‍්‍රයාත්මක වන ආකරය පිළිබඳ අවධානය යොමුකිරීමට ජනපතිවරයා කටයුතු කර ඇත. මෙම විමර්ෂණ ඒකකය දැනට කි‍්‍රයාත්මක වන්නේ අගමැතිවරයාගේ අධීක්ෂණය යටතේ කි‍්‍රයාත්මක වන දූෂණය පිටුදැකීම සදහා පිහිටුවා ඇති උප කමිටුවක් යටතේය. මෙම උප කමිටුවේ රාජකාරිය වන්නේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් ලැබෙන චෝදනා විමර්ෂණය කිරීමය. මෙම චෝදනා කමිටුව වෙත යොමුවන්නේ අරලියගහ මන්දිරයේ ස්ථාපිත කර තිබෙන විශේෂ දූෂණ මර්ධන ලේකම් කාර්යාලයකිනි. ලැබෙන දූෂණ චෝදනා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබෙන පරිදි දූෂණය පිටුදැකීම සදහා වන උප කමිටුවට යොමුකිරීම හෝ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යොමුකිරීම හෝ පොලිස්පතිවරයා වෙත යොමුකිරීම හෝ සිදුවන්නේ මෙම කාර්යාලය මගිනි.ඩජනපතිවයා උපදෙස් දී ඇත්තේ මේ සා පියවර ගණනාවක් කි‍්‍රයාත්මක වන තුරු නොසිට මහජනයාට සෘජුවම මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශන ඒකකය හා සම්බන්ධවීමේ පහසුකම් ඇති කරන ලෙසය. මේ සම්බන්ධයෙන් එම ඒකකය ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත අතර ඒ අනුව ඉදිරියේදී අගමැතිවරයාගේ දූෂණ විමර්ශන උප කමිටුව යටතේ කි‍්‍රයාත්මකවීම අවශ්‍ය නොවනු ඇත. මෙම පියවරට අමතරව මග නැවතී ඇති පරීක්ෂණ කටයුතු හා ආරම්භවීමට නියමිත පරීක්ෂණ කටයුතු පිළිබඳ සොයාබැලීමට ද ජනාධිපතිවරයා අරමුණු කරගෙන සිටින බව සදහන්ය.

මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශන ඒකකය පිළිබඳ නැගෙන චෝදනාවන්ට පිළිතුරු දීමට අමතරව රජය හමුවේ ඇති අනෙක් ගැටලූව වන්නේ යෝජිත ව්‍යවස්ථා කවුන්සිලයට පත්කළ යුත්තේ කවර සාමාජිකයින් දැයි යන්න අරබයාය.කවුන්සිලයේ සියලූ සාමාජිකයින් පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් වියයුතුයැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවයි. මේ සම්බන්ධයෙන් ජනපතිවරයා හමුවේ අදහස් පළකළ රවුෆ් හකීම් තමන් ඇතුලූ රජයේ නියෝජිතයින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නිදහස් පක්ෂ සාමාජිකයින් හමුවූ අවස්ථාවේදී ඔවුන් ගැටලූව ගැන ඉහළින් සිටින අය දැනුම්වත් කර ඇතැයි තමන්ට පැවසූ බව කීවේය. නිදහස් පක්ෂයේ යෝජනාව පසුපස සිටින්නේ වාසුදේව නානායක්කාර හා දිනේෂ් ගුණවර්ධන බව ඔහු පැවසුවේය. මේ ඇසූ ජනාධිපතිවරයා ඔහුට පිළිතුරු දෙමින් තමන් මේ පිළිබඳව වාසුදේවගෙන් දුරකථනය ඔස්සේ විමසන බව කීවේය. කියූ පරිදිම වාසුදේව හා දුරකථනයෙන් සම්බන්ධවූ ජනපතිවරයා ව්‍යවස්ථා කවුන්සිලය සම්බන්ධයෙන් අනෙක් පක්ෂ වල මතයටත් ඉඩදෙන්නැයි ඉල්ලා සිටියේය.

පසුගියදා පැවත්වුනු පක්ෂ නායක හමුවේදීද මේ කරුණ ඉස්මතු කෙරිණ. අගමැති රනිල් වික‍්‍රමසිංහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ආදීහු එයට සහභාගීව සිටියහ. ව්‍යවස්ථා කවුන්සිලයට පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් පමණක් පත්විය යුතුයැයි නිදහස් පක්ෂය ඉදිරිපත් කරන යෝජනාවට කිසි ලෙසකින්වත් එකගවිය නොහැකි බව සියලූ දෙනාගේ මතය විය. ජනතාව මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය දුන්නේ මෙවැනි තීරණයන් කි‍්‍රයාත්මක කරන්නට නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක දැඩිව කියා සිටියේය. අගමැති වික‍්‍රමසිංහ ද ඊට පක්ෂව අදහස් දැක්වීය.

පසුගිය බදාදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා යෝජිත නව මැතිවරණ ක‍්‍රමය සම්බන්ධ ව්‍යවස්ථා සංශෝධනය නම් වූ කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. එහි කේවල හා සමානුපාතික ඡන්ද ක‍්‍රමයක් භාවිතයට ගැනීමට ඇති හැකියාව පෙන්වාදී තිබිණ. මෙය දැනට මැතිවරණ ක‍්‍රමයේ සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් වන සාකච්ඡා සදහා භාවිතයට ගැනීමට සකස්කළ ලියැවිල්ලක් මිස සංශෝධිත අවසාන ලියැවිල්ල නොවන බව ජනාධිපතිවරයා කීවේය.

පහත දැක්වෙන්නේ එම කැබිනට් පති‍්‍රකාවේ සාරාංශයකි.

1 ඡන්ද කොට්ඨාශ සීමා නීර්ණය කිරීම සදහා වන කොමිසමක් පිහිටුවීමට අවශ්‍ය නෛතික පරිසරය සැකසීම.

2 පාර්ලිමෙන්තුවේ සාමාජික සංඛ්‍යාව 255 දක්වා වැඩි කර වැඩි ජනතා නියෝජනයකට ඉඩ ලබා දීම.

3 සීමා නීර්ණය පිළිඹද කමිටුවේ උපදෙස් ප‍්‍රකාරව දිවයින ඡන්ද දිස්ති‍්‍රක්කයන් 20 - 25 අතර ප‍්‍රමාණයකට බෙදීම. එම එක් ඡන්ද දිස්ති‍්‍රක්කයක ඡන්ද කොට්ඨාශ 3 කට නොඅඩු 16 කට නොවැඩි ප‍්‍රමාණයක් ඇතිකිරීම.

4 භූවි ෂමතා ලක්ෂණ ජන වර්ගය අත්කරගෙන ඇති සංවර්ධනය සංස්කෘතිකමය ලක්ෂණ හා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාවඡුන්ද කොට්ඨාශ ඇතිකිරීමේදී සළකා බැලිය යුතු කරුණුය.

5 නියෝජිතයින් එක් අයෙකුට වඩා සිටින ඡුන්ද කොට්ඨාශයන් මෙන්ම එක් නියෝජිතයෙකු සිටින ඡන්ද කොට්ඨාශයන්ද ඇති කෙරෙනු ඇත. පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයින් 165 දෙනෙක් පත්කර ගැනෙන්නේ මෙම ඡන්ද කොට්ඨාශ වර්ග දෙකම ආවරණය වන පරිදිය.

6 පාර්ලිමෙන්තුවේ දැනට සිටින මන්තී‍්‍රවරුන් 196 දෙනා ඇතිකෙරුනු ඡුන්ද කොට්ඨාශ නියෝජනය කරන පරදි සමානුපාතික නියෝජන ක‍්‍රමය යටතේ බෙදෙනු ඇත.

7 නාමයෝජනා භාරදෙන විට කිසියම් මැතිවරණ දිස්ති‍්‍රක්කයක් සදහා සමානුපාතික ක‍්‍රමය යටතේ ලබාදිය හැකි උපරිම නම් සංඛ්‍යාවට තවත් තුනක් එකතු කිරීමෙන් ලැබෙන අගයට සමාන අගයක නාමයෝජනා ප‍්‍රමාණයක් භාරදිය යුතුය .නාමයෝජනාවල නම් සදහන් පුද්ගලයින් කවර ඡන්ද කොට්ඨාශය නියෝජනය කරන්නේ දැයි සදහන් කළ යුතුය.

8 එක් මැතිවරණ දිස්ති‍්‍රක්කයකින් පක්ෂයෙන් පත්විය යුතු නියෝජිතයින් සංඛ්‍යාවත් හිමිවන බෝනස් ආසනයන්ට පත්කළ යුත්තේ කවුරුන්ද යන්නත් තීරණය කිරීමේ අයිතිය ප‍්‍රකාශිත ඡන්ද වලින් සියයට 5 කට වඩා ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකරගන්නා පක්ෂ වලට හා ස්වාධීන කණ්ඩායම් වලට හිමිය.

9 කිසියම් ඡන්ද කොට්ඨාශයක සාර්ථක ලෙස තරග වැදුනු නියෝජිතයෙකු වේ නම් (නියෝජිතයින් එකකට වඩා වැඩි පිරිසක් සිටින ඡන්ද කොට්ඨාශයක නම් නියෝජිතයින් 2 ක් හෝ  3 ක්)  ඔහුව හෝ ඇයව එම ඡන්ද කොට්ඨාශයේ නියෝජනය ලෙස තෝරාගත යුතුය.

10 කිසියම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමකට සමානුපාතික ක‍්‍රමය යටතේ ඔවුන්ට හිමි ආසන සංඛ්‍යාවෙන් අඩු සංඛ්‍යාවක් දිනා ගත් අවස්ථාවක් වේ නම් එම අවස්ථා පිරවීම සදහා අදාළ ඡුන්ද කොට්ඨාශ වලට තරග කර ඔවුනොවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාවන් අනුව වැඩි අගයේ සිට අඩු අගය දක්වා එම පක්ෂයේ නියෝජිතයින් පෙළ ගස්වා එතැනින් වැඩිම ඡන්ද ගණනක් ලබාගෙන ඇති නියෝජිතයින් එම අවස්ථා සැපිරීම සදහා තෝරාගැනීමට පක්ෂයට හැකියාව ලැබේ.

11 යම් අවස්ථාවකදී පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සමානුපාති ක‍්‍රමය යටතේ නිර්දේශිත නියෝජිතයින් සංඛ්‍යාවට වඩා නියෝජිතයින් සංඛ්‍යාවක් පාර්ලිමෙන්තුවට පත්කිරීමේ හැකියාවක් ඇතිවුවහොත් එම සාමාජිකයින් ජාතික ලැයිස්තුව මාර්ගයෙන් පාර්ලිමේන්තුවට පත්කරගත හැකිය.ජාතික ලැයිස්තුවේ මන්තී‍්‍රධූරයන් සංඛ්‍යාව 59 කි.

12 ඡන්ද කොට්ඨාශයක පුරප්පාඩුවක් ඇතිවූ අවස්ථාවක එම පුරප්පාඩුව පිරවීම සදහා ඡන්ද විමසීමක් සිදුකළ යුතුය.

අවධානයට - එවැනි පුරප්පාඩුවක් ඇතිවූ අවස්ථාවක පවත්වන ඡන්ද විමසීමට ඉදිරිපත්විය හැක්කේ නියමිත මනාප සංඛ්‍යාව ලබාගත නොහැකිව පරාජය වූ අපේක්ෂකයින්ට හෝ තම නම මැතිවරණ නාමයෝජනාවලියේ හෝ ජාතික ලැයිස්තු නාමාවලියේ සදහන්වූ අපේක්ෂකයින්ට පමණක් ලෙස සදහන් වන පරිදි මැතිවරණ කෙටුම්පත වෙනස්විය යුතුය.

අවධානයට 2 - 10 කොටසේ සදහන් වූ පරිදි නියෝජිතයින් තෝරාගැනීමේදී ඇතිව තිබෙන පුරප්පාඩු වලින් සියයට 50 ක් නියමිත ඡන්ද සංඛ්‍යාව ලබාගත නොහැකිව පරාජයවූ එම පක්ෂයේ අපේක්ෂකයින්ගෙන්ද අනෙක් සියයට 50 අදාළ පක්ෂයේ ලේකම්වරයා නම් කරන අපේක්ෂකයින්ගෙන්ද පිරැවෙනු ඇත.

යෝජිත මැතිවරණ ක‍්‍රමය පිළිබඳ සදහන් වන 20 ඒ ව්‍යවස්ථා සංශෝධනය දැන් පක්ෂ විපක්ෂ නායකයින්ගේ අවධානය දිනාගෙන ඇත.ජනපතිවරයා පසුගිය 22 දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ මැතිවරණ ක‍්‍රමයේ වෙනස්කම් පිළිබඳ සදහන්වූ කැබිනට් පති‍්‍රකාවට මේ වන විටත් සුලූ පක්ෂ නායකයින්ගේ විරෝධය එල්ලවී තිබේ. ඔවුන් වෙනම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් සකස් කර එය ජනාධිපතිවරයාට භාරදී ඇත. මේ පසුපස සිටින්නේ රවුෆ් හකීම් රිෂාද් බදුර්දීන් හා පලනි දිගම්බරම් යන තිදෙනාය.ඔවුන් තම විරෝධයන් පලකළේ ඔවුන් ම සකස් කළ 20 වැනි සංශෝධනයක් ජනපතිවරයාට භාරදුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා පැවැත්වූ සාකච්ඡාවකින් පසුව වීම විශේෂය.

සුලූ පක්ෂ වල යෝජනා වන්නේ

සියයට 50 ක් පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් තෝරාගත යුත්තේ කේවල ක‍්‍රමය යටතේය. ඉතිරි සියයට 50 සමානුපාතික ඡන්ද ක‍්‍රමය යටතේ තෝරාගත හැකිය.

දිස්ති‍්‍රක් නාමයෝජනාවලියෙන් සමානුපාතික ක‍්‍රමය යටතේ තරග වදින අපේක්ෂකයින්ට සියයට 75 ක ඉඩක් වෙන්ව තිබිය යුතුය. ඉතිරිය තෝරා ගැනෙන්නේ ජාතික ලැයිස්තුවෙනි.

ඡන්ද දායකයෙකුට ඡන්ද දෙකක් හිමිය. එක් ඡන්දයක් එම ඡන්ද කොට්ඨාශයෙන් තරග වදින අපේක්ෂකයෙකු වෙනුවෙන් පලකළ හැකිය.අනෙක් ඡන්දය තමන් කැමති දේශපාලන පක්ෂය වෙනුවෙන් ලබාදිය හැකිය.මේ ඡන්ද දෙක අතර සම්බන්ධයක් නොමැත. එක් අපේක්ෂකයෙකුට එක් මනාපයක් ලබාදී අනෙක් මනාපය එම අපේක්ෂකයා අයත් නොවන වෙනත් පක්ෂයකට ලබාදීමට ඡන්ද දායකයාට හැකිය.

සාමානුපාතික ඡන්ද ක‍්‍රමය යටතේ මැතිවරණයට ඉදිරිපත් වන්නේ කවුදැයි අදාළ පක්ෂ වලින් දැනුම්දිය යුතුය. සාමානුපාතික හා කේවල ක‍්‍රමය යටතේ තරගවදින්නන් වෙන් කිරීම පක්ෂ වලට අයත් කාර්යයකි. ඡන්ද කොට්ඨාශයකින් ඉහළම මනාප ලබාගන්නා අපේක්ෂකයා ජයග‍්‍රාහකයා වේ.

ජාතික මට්ටමින් එක් එක් පක්ෂය ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව මත එම එක් පක්ෂයකට හිමිවන ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර සංඛ්‍යාව තීරණය වේ.

පක්ෂ වෙනුවෙන් පළවන සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 5 කට වැඩි ප‍්‍රතිශතයක් අත්කර ගැනීමට කිසියම් පක්ෂයක් අපොහොසත් වන්නේ නම් එම පක්ෂ පරාජිතයින් ලෙස සැළකේ.

මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම සදහා සියලූ දේශපාලන පක්ෂ වල සහය ලබාගැනීම අභියෝගයකි. මේ හේතුවෙන් ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා ජනතා විමුක්ති පෙරමුණ පවසමින් සිටින්නේ එළැඹෙන මැතිවණය ද පැරණි ක‍්‍රමය යටතේ පවත්වා පත්වන නව රජයට නව මැතිවරණ ක‍්‍රමයක් හදුන්වාදීමට අවැසි කාලය ලබාදිය යුතු බවයි. ඡන්ද කොට්ඨාශ සකස් කිරීමට ජනපති සිරිසේන පත්කිරීමට යන සීමා නිර්ණායක පිළිබඳ කමිටුවට එම කාර්යය ඉටු කිරීමට සැළකිය යුතු කාලයක් ගතවනු ඇත. 20 ඒ සම්මත කරගන්නා තෙක් තමන් පාර්ලිමෙන්තුව විසිරුවා නොහරින බවට ජනපතිවරයා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට පොරොන්දුවක් ද දී තිබේ.කෙටියෙන් කිව හැක්කේ එම පොරොන්දුව ඉටු කිරීමට දිගු කලක් ගතවනු ඇති බවයි.

මෙය එක්සත් ජාතික පක්ෂය නායකත්වය දරන රජය ඉදිරියේ තබන්නේ පැනයකි. පක්ෂයේ ප‍්‍රධාන කමිටුව ගෙවී ගිය අපේ‍්‍රල් මස 23 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවා හැරිය යුතුයැයි දැඩි මතයක සිටිය දී එසේ නොව තවත් සති කිහිපයක් ඉවසා සිටිය යුතුයැයි පැවසූයේ පක්ෂ නායකත්වයයි. මෙම අවස්ථාවේදී කුමක් කරන්නට සැරසෙන්නේදැයි සන්ඬේ ටයිම්ස් විමසූ විට රනිල් වික‍්‍රමසිංහ පවසා සිටියේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති කිරීමට එක්රැස් වූ දේශපාලන බලවේග දැන්ම බෙදී වෙන්වී නොයා යුතුව තිබෙන බවයි. මැතිවරණ ක‍්‍රමය සකස් කිරීමට තවත් කල් ගතවුනත් එතෙක් ඉවසාගෙන සිටීමට එක්සත් ජාතික පක්ෂය අදහස් කරගෙන සිටින බව මෙයින් පැහැදිලි වේ.

19 ඒ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම ජනපති මෛති‍්‍රීපාල සිරිසෙන ලද ජයග‍්‍රහණයකි. එය ශී‍්‍රලංකා නිදහස් පක්ෂයද ලද ජයග‍්‍රහණයක්ද වන්නේ දින සියයයේ වැඩසටහනෙන් ඉදිරිපත් කර තිබූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නොතිබුණු යෝජනා දෙකක් එයට එක් කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබුණු නිසාය. 19 ඒ ගෙන එන්නට විශාල වැඩකොටසක් කළ එක්සත් ජාතික පක්ෂය ද ජයග‍්‍රාහකයින් බවට පත්ව සිටින්නේ වෙනස්කම් සිදුවුවත් බහුතර මතයට ගරු කරමින් 19 ඒ වෙනුවෙන් පෙනී සිටින්නට බුද්ධිමත්ව කටයුතු කළ නිසාය. ඒ හේතුවෙන් 19 ඒ සියලූ දෙනා ලැබූ ජයග‍්‍රහණයකි .දැන් ඔවුන් ඉදිරියේ ඇත්තේ 20 ඒ සම්මත කරගැනීමේ අභියෝගයයි.



අදහස් (0)

19 දිනුම ජනපතිගේ දිනුමක්

රිතික් Tuesday, 05 May 2015 02:37 PM

දිනුම කාගේ වුණත් කවුරු කවුරු ඩීල් දැම්මත් පැරදුනේ රට කියලා කට්ටියට තේරෙනකොට පරක්කු වැඩියි (නි)

:       0       0

ශාමිලා Monday, 04 May 2015 05:42 AM

මෛත්‍රිපාල මහතාව ජනාධිපති කළ අපේ රටේ ප්‍රගතිශීලී ජනයාට මෙහි ගෞරවය හිමිවිය යුතුයි. ප්‍රධාන වශයෙන්ම එහි විශාලම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට හා එහි නායකතුමාට!! (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 04 May 2015 02:24 PM

මහානාම, මේක කාගෙවත් ජයක් නොව ජනතාවගේ ජයක් බවත් මහානාමට වෙලා තියෙන්නේ උතුර දකුණ මාරුවීමක් බවත් පවසමි. මොනවා කළත් කමක් නැහැ , ඔබේ නිවස ආසන්නයේ මහබාගේ ඇති ක්ෂය රෝග රෝහලට ගොස් පපුව පරීක්ෂා කරගන්න (නි)

:       0       0

පෙරේරා Sunday, 03 May 2015 06:37 PM

ලංකාවේ ජනතාවට ජයග්‍රහණය ලැබෙන්නේ කවදාද කියලයි මම මේ බලාගෙන ඉන්නේ. (නි)

:       0       0

මහානාම - කඳාන Monday, 04 May 2015 02:50 AM

19 න් ශ්‍රී ලංකාවට ලැබෙන දේවල් හා අහිමිවෙන දේවල් කතා කළයුතුයි. කෙසේවුවද 19 ජයග්‍රහණයට ජනාධිපතිගේ දායකත්වය ඉතා ඉහළ අතර, හිටපු ජනාධිපති මේ සඳහා නිලනොවන ලෙස දායක වී ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 6 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 281 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 263 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 105 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1411 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1661 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24932 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site