IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


20 අසාර්ථක බව ජනපති පිළිගත් නිසා 19 බලාත්මක කළ යුතුයි

(අංජුල මහික වීරරත්න)

තමාට දේශපාලන පළපුරුද්ද සීමා සහිත බැවින් අගමැති සහ කැබිනට් මණ්ඩලය එකතුවී සාමූහිකව කටයුතු කරමු යැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් විසිවන සංශෝධනය අසාර්ථක බව ජනපති පිළිගෙන ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (10) පැවසීය.

දැන් කළ යුත්තේ විසිවන සංශෝධනය අහෝසි කර 19 වන සංශෝධනය යටතේ ආණ්ඩුව ගෙන යාම බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා ආණ්ඩුව විපක්ෂය සමග සාකච්ඡා කර රටේ තිබෙන ආර්ථික ප්‍රශ්න විසඳීමට එකඟතාවයට පැමිණිය යුතු බවද සඳහන් කළේය.

විසිවන සංශෝධනය අසාර්ථක බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ජනපතිට ප්‍රශංසා කරන බව ද කී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (16)

20 අසාර්ථක බව ජනපති පිළිගත් නිසා 19 බලාත්මක කළ යුතුයි

gunarathna Sunday, 10 October 2021 08:03 PM

දැන් රටේ ආර්ථික ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ 20 නිසාද ? ප්‍රධානම හේතුව කොරෝනා කියලා පිළිගන්න මේ එක දේශ පාලුවෙක්වත් කැමති නැහැ .එංගලන්තේ බඩු මිල ඉහල ගිහිල්ලා ,ඉන්දන මිල ඉහල ගිහිල්ලා තියෙන්නෙත් මේ 20 නිසාද ?ලෝක දේශපාලනය, ලෝක ආර්ථිකය එක්ක බලලා අපේ රටේ ආර්ථිකය ගැන හිතලා බලන්න රනිල් මහත්තයෝ

:       35       18

SIRIPALAMonday, 11 October 2021 05:42 AM

19 වන සංශෝධනය සාර්ථකබව දන දැනත් විසිවන සංශෝධනය අසාර්ථක උවත් පාර්ලිමේන්තුවෙ 2/3කින් එය සම්මත කර ජනාධිපතිවරයා විධායක බලතල ලබා ගනු ලැබුවේ ඔහුට රට වෙනුවෙන් යමක් කලහැකිය යන මතයේ සිට විය යුතුය. නමුත් ජනාධිපතිවරයාගේ සියලු උත්සාහයන් මේවනවිට බොඳ කරමින් මාෆියාකරුවන් සහ දුෂිතයන් රට පාලනය කරනු පෙනේ.

:       0       2

RaveendraMonday, 11 October 2021 06:32 AM

ඔහෙලා දන්නේ නැද්ද මට මිනිසුන් කියන්නේ සුත්තර පුංචා. ඒ වුනාට මගේ සුවච කීකරු තරුණ ළමයි කියන්නේ ආසියාවේ පරිනතම මොළේ කියලා....

:       3       1

vishaka Sunday, 10 October 2021 08:08 PM

රජා දොරටුපාලයා උනාට පස්සෙත් අමතක වෙලා ,තමන් රජා කියලා හිතාගෙන කෑ ගහනවා වගේ .පෙත්ත ගන්න අමතක උනාද ?

:       11       17

Lal Sunday, 10 October 2021 08:28 PM

දැන් ඉන්න එකත් අපි හිතූතරම් වැඩ්ඩෙක් නොවේ. රටේ බහුතරයට පට්ට අවුල්. දැන් එතකොට මෙයා කියන විදියට අපේ රටේ දේශපාලනය කරන්නේ දේශපාලනය ගැන, අසීමිත පළපුරුද්දක් තියෙන අයද?

:       4       18

චන්දිම Monday, 11 October 2021 12:15 AM

ජනාධිපතිතුමනි අසාර්ථක වෙන්න හේතුව ඔබේ ඇමතිවරුවත් ඔබ පත්කළ සමහර නිලධාරීන්වත් තමන් හට පැවරුන රාජකාරිය හරියට තියා බාගෙට වත් කරන්න දන්නා අය නොවන නිසා. හොරු දැන් බය නැතුව හොරකම් කරනවා. මාෆියා කාරයෝ හාල් ටිකෙනුත් ජනතාව ගසා කනවා. ඔවුන් පාලනය කරන්න ඔබට බැරි බවක් පෙනිගෙන යනවා. ඒ නිසා හරියට වැඩ නොකොළොත් ඉදිරියේදී ඔබව අතුගෑවී යාමට සිදුවේවි.

:       0       19

LankaMonday, 11 October 2021 09:15 AM

මිනීමරුවන් නිදහස් කිරීම, දුරදිග නොබලා රසායනික පොහොර එක රැයෙන් තහනම් කිරීම, එන්නත් ගෙන්වන එක පමා කිරීම, සීනි සම්බන්ද ගැසට් එකී නොකී මේවා කලේ ඇමතිවරුන්ද ? අනේ නිකන් යන්න මෙයා.. කරන ගොං වැඩ ඔක්කොම කරලා දැන් ඇමතිලා පිටේ දාල ෂේප් වෙනවා

:       0       5

විජේ Monday, 11 October 2021 03:31 AM

විසිවන දේශපාලකයන් ගේම් ගසා පාර්ලිමේන්තු එන රටේ ඕවා මොනවද

:       0       0

ranjith Monday, 11 October 2021 05:48 AM

ජනතාව ප්‍රතික්ෂේප කලත් දේශපාලනේ අත හරින්නේ නැහැ

:       0       1

swene Monday, 11 October 2021 07:07 AM

කොරෝනාව ලොකු ප්‍රශ්නයක් තමයි. ඒත් දිගට හරහට වංචා කිරීම, බදු සීමාව ඉහළ දැමීම නිසා ආදායම අඩුවීම, වැරදි කරුවන් නිදොස් කොට නිදහස් කරලා ලොකු තනතුරු දීම, තනියම පොහොර ගැන වැරදි තීරණ ක්‍රියාත්මක කිරීම කොහොමද කොරෝනා වලට බැර කරන්නේ?

:       0       1

Lelwala Monday, 11 October 2021 07:31 AM

20 තවත් ශකිතිමත් කල යුතුයි. සුලු පක්ෂ එකතු වි රජයක් ආවොත් යහපාලනය කාලෙ වගේ එම පක්ෂ වලට ඕනැ විදියට රට හසුරැවන්න පුලුවනි. මොහු බලන්නෙ අවස්ථාවෙන් ප්‍රයොජනය ගන්න.,මොහු දන්නවා කවරදාවත් ඔහුට මේ රටේ ජනාධිපති වෙන්න බෑ කියලා.

:       3       1

Bamunuarachchi Monday, 11 October 2021 07:47 AM

19 පළාතට ගෙනෙන්න එපා. ඔය අසාර්ථක කම තිබෙන්නේ ටික කාලෙකටයි කොවිඩ්වලින් මිදුනාම නැවත සාරථ කර ගන්න පුලුවන් 20 න්.

:       4       3

Bamunuarachchi Monday, 11 October 2021 07:52 AM

අසාර්තකකම එළිපිට කතාකලේ 20 නිසයි. ඔය අසාර්ථක කම තාවකාලිකයි. කට්ටියක් බලා ගෙන ඉන්නවා නැවත ගම්මිරිස් වගාවට ඇත දාන්න අමාත්‍යඅංශ ටික ගන්න. ඒ නිසා 20 ඉවත් කරන්න එපා එපා එපාමයි.

:       5       2

සෙනෙවිරත්න Monday, 11 October 2021 09:37 AM

මේ අසීලාචාර පාලන ක්‍රමයට ඔබත් වගකිය යුතුයි.

:       0       1

janahitha Monday, 11 October 2021 11:06 AM

නැවත පුපුරවා ගන්න අපිට අවශ්‍ය නැහැ. 19 දෙපැත්තට බෙදිලා ඇනකොටාගන්න අවශ්‍ය නැහැ.

:       3       1

Hafeel Monday, 11 October 2021 03:32 PM

ව්‍යවස්ථාවල් පමණක් නොවේ. ඔයගොල්ලන් ඇතුළු මේ පක්ෂ, පෙරමුණු සේරම අසාර්ථකයි. රටේ සම්පත් විකුණමින් ඉතා දූෂිත පාලනයක් කරන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 732 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 577 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 752 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5682 29

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2080 6

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 804 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 324 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 610 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1757 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site