වත්මන් මැතිවරණ ක්‍රම සංශෝධනය ගැන විශේෂ විවාදයක් පැවත්වීමට අඟහරුවාදා (23) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද කොළඹ ශ්‍රාවස්තියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.
‘සුළු පක්ෂ මේ ගැන පාර්ලිමේන්තුවේ හෙට විවාදයක් ඉල්ලලා තියෙනවා. නමුත් අපි ඒකට විරුද්ධයි. මේක ගෙනාවේ තුන් සැරයක් කල් දාලා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාම රවුෆ් හකීම් මේකට එකඟ වුණා. දැන් සුළු පක්ෂවලට අවාසියි කියනවා. මේ විවාදේ ඉල්ලලා තිබෙන්නේ 20 ට කකුලෙන් අදින්නයි. මේ රටේ ජනතාවට පැහැදිලිවම පේනවා රනිලුත් අකමැතියි. ජවිපෙත් අකමැතියි. ‘ යනුවෙන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
‘අපේ රජය කාලයේදී කොටි සංවිධානයට නැවත හිස එසවීමට ඉඩ නොදී ජාතික ආරක්ෂාව හොඳින් තර කරලා තිබුණා. ඒක අද අඩු වෙලා තියෙනවා. එහෙම වෙන්න ඉඩ තියන්න එපා‘ යැයිද විපක්ෂ නායකවරයා කීවේය.
එම අවස්ථාවට සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුද එක්ව සිටියහ.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(වීඩියෝ ශාන්ත රත්නායක)
(ඡායාරූප ශාන්ත රත්නායක)
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘20 ට රනිලුත් අකමැතියි : ජවිපෙත් අකමැතියි‘ - විපක්ෂ නායක
නාරද Monday, 22 June 2015 10:43 AM
ඉතින් ඔය අය කැමැති වෙලා ඉක්මනට මේක කරලා දාලා කකුලෙන් අදින අයව රටට හෙලි කරමු - ඔබව අගමැති කරවමු. (ර)
ඉමේෂ් Monday, 22 June 2015 10:46 AM
ඒ කියන්නේ ඔබ තුමාලා ප්‍රශ්නේ හරියට විසඳලා නැහැ නේ? ප්‍රශ්නේ යට ගහලා. (ර)
සේනක Monday, 22 June 2015 10:57 AM
කොටියා මතක් කර කර බලයේ ඉන්න බලනවා. (ර)
රාධා Monday, 22 June 2015 09:19 PM
අගමැති වෙන්න ඇත තරමකට ඉඩ- දෙන්නා කළු කෝට් නොමදෙයි හිරට ඉඩ- මොනවා කරන්නද පුරුවේ පවට වැඩ - මේ තුන්දෙනාටම දෙමු දැන් මසල වඩ... (නි)
සරත් Monday, 22 June 2015 11:34 AM
ඉතින් ඔයාලා පනත ගෙනල්ලා සම්මත කරගන්නකෝ.ඔක්කොම එකයි.(හේ)
සිල්වා - බර්ලින් Tuesday, 23 June 2015 02:41 PM
ඉතින් ඒදවස්වල වගේම දැනුත් ඔබලාගේ පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවානේ එජාපෙ කැමති නැත්නම් ඒගොල්ලන්ට කුද ගහගන්න කියල ඔබල තනියම ඕක සම්මත කරගන්න (බ)
දුමින්ද Monday, 22 June 2015 11:52 AM
උගුරට හොරා බෙහෙත් බීම (නි)
ප්‍රියදර්ශන Monday, 22 June 2015 12:10 PM
අපිත් අකමැතියි (නි)
පාලිත Monday, 22 June 2015 12:54 PM
කොතනට ගියත් කොටියාව නැතුව බැහැ මෙයාලට.හරියට හොද්දට ලුණු නැහැ වාගේ.නටපු තොවිලයකුත් නැහැ,බෙරේ පලුවකුත් නැහැ. (හේ)
සමන්ති Monday, 22 June 2015 01:34 PM
මන් කැමතියි විස්සට - පක්ෂේ කැමති නැහැ මට - ඉන්න තැනින් පස්සට - නොයමි මලත් මිහිපිට .අපි කුමක් කරම්ද?(හේ)
ඩිඑෆ්ජි Monday, 22 June 2015 01:45 PM
මහින්ද පිලත් අකමැතියි, හරිනේ.... (ර)
අහමඩ් අල් රසීඩ් Monday, 22 June 2015 02:10 PM
ආරක්ෂක ඇමති පක්ෂයේ නායකයා කියලා අමතකද.? (ර)