(නිමල කොඩිතුවක්කු)
විසි වැනි සංශෝධනය පිළිබඳ කතාව වෙන පැත්තකට යන බව පෙනෙන්නට ඇතැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී අද(14) පැවසීය.
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට පෙර ජනතා ප්‍රශ්නවලට විසඳුම් සැපයීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු බවද අත්තනායක මහතා සඳහන් කළේය.
කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙසේද කීය.
“විසි වැනි සංශෝධනය පිළිබඳ කතාව වෙන පැත්තකට යනවා කියලා දැන් අපට පේන්න තියෙනවා. රටේ ප්‍රශ්න විසඳුවා සේ සලකලා ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න ආණ්ඩුව බොහොම කඩිමුඩියේ තීන්දුවක් ගත්තා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යම් සාධනීය විසඳුමක් ඉදිරිපත් කරලා තියෙන 19 වැනි සංශෝධනය පැත්තකට දාලා 20 සම්මත කරගැනීමෙන් තමයි රටේ සියලු දේ ඉටුකරගන්න පුළුවන් කියලා මේ අය කිව්වා. සමගි ජන බලවේගය විදියට අපි මේ විසිවැනි සංශෝධනයට අපේ සම්පුර්ණ විරෝධය පළ කරලා තියෙනවා.
දහනමයෙ තිබුණු මානුෂීය සහ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ විස්සෙන් යටපත් කරලා තියෙනවා. දහනව වන සංශෝධනයේ යම් අඩුපාඩුකම් තිබුණනම් එය තවදුරටත් ශක්තිමත් කරනවා විනා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන 20 සම්මත කිරීම ආණ්ඩුව නොකළ යුතුයි. අපේ විරෝධය සහ ජනතාවගේ විරෝධය නිසා ආණ්ඩුවට යම් ආකාරයක රිදීමක් ඇති වෙලා තියෙනවා. දැන් ආණ්ඩුව පාර්ශ්වයෙන්ම 20 ගැන මතවාද ගැටුමක් ඇති වෙලා තියෙනවා.
විසි වැනි සංශෝධනය පිළිබඳ කමිටුවක් පත්කරන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියම කරල තියනවා. අගමැතිතුමාගේ කමිටුව මඟින් 20 ගැන ආණ්ඩුවේ ඇතුලේ තිබෙන අර්බුදය හොඳින් පෙන්නුම් කරනවා. 20 ගැන බරපතළ සංශෝධන ගණනක් තියෙනවා කියලා විමල් වීරවංශ මහතා පැවසුවා. ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමෙන් ජනතාවගේ බඩ කට පිරෙන්න නැහැ කියලා විමල් වීරවංශ මහතා කිව්වා. අපිත් කියන්නේ ඒකමයි.
මේ රටේ මූලික ප්‍රශ්නය ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම නෙමෙයි. ආර්ථිකය කඩාගෙන වැටිලා, ණය ගෙවා ගන්න විදිහක් නැතුව ඉන්නවා, ජනතාවට රැකියා අහිමි වෙලා, ජීවන වියදම ඉහළ ගිහින් රටේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. මේවට තමයි කඩිනම් විසඳුම් ඕන. එහෙම නැතුව 20 ගෙනවො කියලා මේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ. ජනාධිපතිවරයා ශක්තිමත් කරමින් අගමැතිවරයා පියන්ගේ තත්ත්වයට මේ විසිවන සංශෝධනයෙන් පත්වෙනවා. විසිවන සංශෝධනය ගෙනාපු කෙනෙක් අද වන විට හොයාගන්න නැහැ.
මේක සකස් කළේ කවුද කියලා තමන් දන්නේ නැහැ කියලා විසිවන සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා කියනවා. විමල් වීරවංශ මහත්තයා කියනවා මේකෙ පීතෘ කෙනෙක් හොයාගන්න නැහැ කියලා. විස්ස කියන්නේ හරියට නිකම් පියෙක් නැති දරුවෙක් වගේ. මෙහෙමද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කරන්නේ ඇයි කියලා අපි ආණ්ඩුවෙන් අහනවා'' යැයි ද කීය
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’20 වැනි සංශෝධනය ගැන කතාව වෙන පැත්තකට යනවා’
Sanka Monday, 14 September 2020 09:14 AM
සහතික ඇත්ත. මේ කෝවිඩ් අනතුරින් රට දැන් අනාථ වෙලා තියෙන්නේ. බඩුමිල අධිකයි. රැකියා ලක්ෂ ගණන් අහිමිවෙලා. ව්‍යාපාරිකයෝ නන්නත්තාර වෙලා. දුප්පතා කබලෙන් ලිපට වැටිලා. ඉතින් මේ හුස්ම ගන්න බැරි මිනිස්සුන්ට මොන ව්‍යවස්ථාද? 2/3 ලැබුණා කියලා ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පයින් ගහලා මේ කොහේද යන්නේ..?
චමින්ද Monday, 14 September 2020 11:41 AM
කවුරු ඩිස්ලයික් දැම්මත් සේනකගේ අදහස සියයට දාහකින් හරි කියලා වැස්සකටවත් පාසැලක හෙවනට ගිය අයෙක් නම් දන්නවා...
Bamunuarachchi Monday, 14 September 2020 12:20 PM
කතාව ඕනෙ පැත්තකට ගියාවේ. 20වන සංශෝධනය වෙනවා නම්.. අනික මොකද බය වෙන්නේ? මේ අවුරුදු 05 ඉවර වුණාම ආණ්ඩුව පෙරළා ගත්තොත් පුතාණෝට මේ සියලු බලතල ඇතිව ජනාධිපති වෙන්න පුළුවනිනේ. මොකද මේ බලතල හදාගන්න ඔයගොල්ලන්ට මේ කල්පේ 2/3 බලයක් ලැබෙන්නේ නැහැනේ.