IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘2015 දී ලංකාවටත් ලොකු ජයක්‘

2015 වසරේදී ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් කිහිපයකම සුවිසල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණයන්  සලකුණු කළ බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කියයි.

ඇමෙරිකාවේ පළවන බොස්ටන් ග්ලෝබ් පුවත්පතට ලිපියක් ඉදිරිපත් කරමින් රාජ්‍ය ලේකම්වරයා මේ අදහස් දක්වා තිබේ.

ශ්‍රී ලංකාව ,නයිජීරියාව, බුරුමය , හා වෙනිසියුලාව වැනි රටවල් මෙම සුවිසල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණයන් ලැබූ රටවල් යැයි ජෝන් කෙරී මහතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් සඳහන් කර සිටියේ  පසුගිය වසරේ ලොව ඇතිවූ වැදගත්ම සිදුවීම් අතරට ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළියද ඇතුළත් වන බවය. 



අදහස් (0)

‘2015 දී ලංකාවටත් ලොකු ජයක්‘

විජේසුන්දර Tuesday, 29 December 2015 05:42 PM

දැන් එහෙනම් ඔක්කොම හරිනේ (නි)

:       0       0

නාමල් Tuesday, 29 December 2015 05:56 PM

සමහර මෝඩ මිනිසුන්ගේ අදහස් දැක්කහම ලංකාව ගැන දුක හිතෙනවා. සුදුවෑන් ඇති මැදමුලන ඒකාධිපතිවාදයට වඩා ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය දාහෙන් සම්පතයි. කලින් හිටපු අය චීනයට ඕනෑ විදිහට නටපු හැටි අපි දැක්කා. ප්‍රජාතන්ත්‍රවාදයට අකමැති අය උතුරු කොරියාව වගේ රටවලට යන්න (නි)

:       0       0

සමන් Wednesday, 30 December 2015 07:07 AM

තිලක් ඩුබායිගේ 'නිසොල්ලාසයේ' රාත්‍රී කීයක් තිබෙනවද? (නි)

:       0       0

ලලිත් Tuesday, 29 December 2015 06:50 PM

ඒ ගොල්ලෝ අපිට හරි හොඳයි කිවුව නිසා දැන් ඉතින් ඉදිරිය මොනවා වුණත් කමක් නැහැ. සංවර්ධන වැඩපිළිවෙලවල් මොකුත් අවශ්‍ය නැහැ (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Tuesday, 29 December 2015 07:24 PM

මම මොකුත් කියන්නේ නැහැ මේ සම්බන්ධව (නි)

:       0       0

සිල්වි Wednesday, 30 December 2015 05:36 PM

නාමල් සහ ඩුබායි තිලක් යනු ඇමරිකාවට ගැති දෙන්නෙක් වගෙයි (නි)

:       0       0

ශානක Tuesday, 29 December 2015 08:04 PM

අපොයි ඔව්. පුදුමාකාර ජයක් ලබලා තියෙන්නේ (නි)

:       0       0

කුමාර් Tuesday, 29 December 2015 08:45 PM

ලෝක පොලිස්කාරයට ඕනැ හැම රටක්ම ඔවුන්ගේ යටත් වැසියන් ගානට තියාගන්න. ඉරාකෙට,ලිබියාවට කළ හරිය මතකනේ? ටිබෙට් හාමුදුරුවෝත් කිව්වනේ "ඇස්ගෙඩි දෙකට හෙණ ගහලද සිහලුන්ගේ" කියලා. (නි)

:       0       0

කමල් Tuesday, 29 December 2015 08:45 PM

ඇමරිකාව ළං කරගත් සෑම රටක්ම විනාශ වුණා (නි)

:       0       0

තිලක් Wednesday, 30 December 2015 08:42 AM

ඇමරිකානුවා යනු, ක්‍රෙඩිට් කාඩ් එකෙන් අනාගතයත් කන මිනිහෙකි. චීනා යනු තවත් මින්සුන් හතර දෙනෙකුට කන්න හදන මිනිසෙකි. ඇමරිකාව පැත්තට ගියොත් වෙන දේ කියන්න ඕනේ නැහැනේ. හොදින් හිතාගන්න.(කෞ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 29 December 2015 09:48 PM

ලැබූ ජය කෙසේදයත් රුපියලේ අගය තුට්ටු දෙකට බැහැලා. (නි)

:       0       0

මනෝජ් Wednesday, 30 December 2015 12:08 AM

ඇමෙරිකාව ලංකාවේ පියා හෝ මව නොවෙයි. ඔවුන් කතා කරන්නේ තමන්ගේ පැත්තෙන්.කවදත් නීතිය, සාමය, ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සමාජයක් ඇතිවුණ රටවල් දියුණුවුණා. ඒකට අනෙක් රටවල සහයෝගයත් ලබාගත්තා. වීරයන් වටකරගෙන පුද්ගලවාදය කරපින්නාගත් රටවල් හැමදාම අඳුරේ. කැමැත්තක් කරන්න පුළුවන්. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 30 December 2015 12:33 AM

නාමල්, ඔය කතාව ඔබ වැනිම නිවටයින්ට හොඳයි (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 30 December 2015 12:34 AM

අනේ ලොකු දෙයක් ලක්ෂිත - පැරිසිය (නි)

:       0       0

සඳරුවන් Wednesday, 30 December 2015 02:03 AM

කරීෂ් හරියටම හරි. මට කියන්න ඕනෑම දෙය කියලා තියනවා (නි)

:       0       0

දුමින්ද Wednesday, 30 December 2015 02:23 AM

මෙය පවුල්වාදයද, නූතන අධිරාජ්‍යවාදයද නොව වෙනස තුළින් ඉදිරිවාදී දැක්මකි (නි)

:       0       0

සොපි Wednesday, 30 December 2015 02:41 AM

උඹලා චරිත සහතික දුන්නු හැම රටකටම වෙච්ච විනාසේ අහස පොළොව උහුලන්නේ නැහැ (බ)

:       0       0

චමින්ද Wednesday, 30 December 2015 03:15 AM

උඹලා ජය ලැබුවාට අප ලබා ඇත්තේ පරාජයකි.ලිබියාව විනාශ වුණා . ලංකාවට අපමණ අගයක් ලබමින් පවතිනවා.(ම)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 30 December 2015 03:12 AM

ඒකාධිපතියකුට සහ පවුලකට බදු පිට බදු ගෙවමින් වහල්ලු වගේ ජිවත් වෙනවාට වඩා මිය යාම වටි. (ම)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 30 December 2015 03:23 AM

හැම ජනතා ප්‍රශ්නයේදීම "පට පට ගාල "උන්ඩයෙන් පිළිතුරු දුන්නු යුගයත් "සුදු වැන්" වලින් උත්තර දුන්නු භීෂන යුගයත්/වහල් යුගයත් නිම කරලා අපි සැබෑ නිදහසක් ලැබුවා. (ම)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 30 December 2015 03:25 AM

අපි සහ අපේ දරුවන් චීනයේ කොලනියක් වෙන්න ගිය රටක් නිදහස ලැබුණා.අපේ කොඩියක් ඔසවන්නත් චීනයෙන් අවසර ගන්න වුණ යුගයක් පසු කළා (ම)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 30 December 2015 03:30 AM

නියම වෙලාවට මුදල් ටික ලෝකයේ තිබෙන බැංකු ගිණුම් වලට වැටෙනවානම් ලංකාව සහ බත් කන හරක් ටික චීනයට විකුණ ගෙන කාපු යුගයක් අපි පසු කළා .ඒ අමිහිරි අතීතය මතක් කරන්නත් දුකයි. (ම)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 30 December 2015 04:13 AM

ලෝකයේ බැංකු වල තිබෙන ශ්‍රී ලාංකික ධනස්කන්දය ගැන කරන පරීක්ෂණ ඉක්මන් කරන්න. එතකොට බලාගන්න පුළුවන් සමහර දේශප්‍රේමියෝ අපේ රටට කරතිබෙන විනාශයේ තරම. (නි)

:       0       0

අරුණ Wednesday, 30 December 2015 05:02 AM

තිලක්-ඩුබායි, ඔබ ඩුබායිවල සිට ඇතිකරගත් මතවාද මත ජීවත් වී එහිම මියයන්න. යුද්ධයෙන් විනාශවුණු රටත්, ආශ්චර්යමත් සංවර්ධනයක් කරා ගමන් කරමින් සිටි රටත්, වර්තමානයේ යළි පිඩිත වූ රටත් මේ සියල්ල අපි අත්විඳිමින් මෙහි සිටිමු. (නි)

:       0       0

ඉන්දික Wednesday, 30 December 2015 05:16 AM

නාමල් ඔබ අනුන්ට මෝඩයන් යයි කීමට පෙර, ලෝකයේ දැනට ඇතිවී තිබෙන තත්වය සොයා බලන්න. වියට්නාමය, ඉරාකය , ලිබියාව, ඇෆ්ගනිස්ථානය, සිරියාව වැනි රටවලට සිදුවූ දේවල් සොයන්න. ජපානය යටත් වීමට සුදානම් වී සිටියදී ඇමෙරිකාව කළ දෙවල් ගැන සොයා බලන්න.ඇමෙරිකන් දේශපාලකයන්ගේ යටි අරමුණු ගැන නිදහස් මනසකින් ගවේෂණය කර ඇත්ත මෝඩයා කවුදැයි ඔබම තීරණය කරන්න. (බ)

:       0       0

කළ්‍යාණි Wednesday, 30 December 2015 05:22 AM

තිලක්-ඩුබායි යනු ඇමරිකාවට ආවඩන්නෙකු බව පැහැදිලිව පෙනේ (නි)

:       0       0

උපාලි Wednesday, 30 December 2015 05:31 AM

ඒ කෙසේවුවත් අප වසන මේ දුපතේ තවත් අභියෝග බොහෝය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යය. ස්ථාවර බලය බෙදීමක් තුළ ජනවාර්ගික ප‍්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් අවශ්‍යය. සැමට සමානව සළකන, මානව ගරුත්වය හා අභිමානය සුරකින සමාජ ක‍්‍රමයක් නිර්මාණය කරගැනීම අවශ්‍යය. නීතියේ පාලනය, අධිකරණයේ ස්වාධීනත්වය යළි පිහිටුවීම අවශ්‍යය. ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරුකරන ශිෂ්ටසම්පන්න රටක් බව යළි ලෝකයට ඔප්පු කිරීම අවශ්‍යය. ඒ වගේම බමුණු ආරච්චි වැනි වහලුන්ගේ ඔලුව සෝදා පිරිසුදු කිරීමද අත්‍යවශ්‍යය (නි)

:       0       0

කෙවින් Wednesday, 30 December 2015 05:46 AM

ඕක එයාලගේ ජයග‍්‍රහණයක් වුණාට අපේ පරාජයක්. (නි)

:       0       0

කරීෂ් Tuesday, 29 December 2015 03:17 PM

ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය යනු උන්ට නැටවිය හැකි පාලකයන් ඒ ඒ රටවලට පත්කරගැනීමයි. 2015 උඹලා ජය ලැබුවාට අප ලබා ඇත්තේ පරාජයකි. (කෞ)

:       0       0

අමා Tuesday, 29 December 2015 03:45 PM

උන්ට නැටවිය හැකි නම් එ්ක තමා ප්‍රජාතන්ත්‍රවාදය (බ)

:       0       0

මහින්ද සෞදි Tuesday, 29 December 2015 03:46 PM

උඹල නූල අදිනවා,රූකඩ ටික ගානට නටනවා,අපි බලාගෙන ඉන්නවා. (බ)

:       0       0

ප්‍රසන්න Tuesday, 29 December 2015 03:54 PM

දැන් රූකඩ තියෙන්නේ අම්බලන්ගොඩ නෙමේ දියවන්නාවේ බව මෙතුමා දන්නවා. (කෞ)

:       0       0

තිලක් Wednesday, 30 December 2015 06:11 AM

සමහර ප්‍රතිචාර වලට කියන්න තියෙන්නේ එකම දෙයයි. චිනයෙයි ඇමරිකාවෙයි වෙනස මේකයි. ඇමරිකාව බිලියන ගණන් ණය ගන්නේ, තමන්ගේ දේපල විකුණන්නේ චීනෙට. චිනේ හදන ලාබ බඩු ඇමරිකාවට යැව්වේ නැත්නම්, සාමාන්‍ය ඇමරිකන්කාරයා බඩගින්නේ. (නි)

:       0       0

රුවන් Tuesday, 29 December 2015 04:22 PM

ඉරාකය, ලිබියාව දැන් හොඳින් ප්‍රජාතන්ත්‍රවාදය විඳිනවා. අපිටත් ඉදිරියට එය විඳින්න පුලුවන් වේවි. (නි)

:       0       0

බිනර Tuesday, 29 December 2015 04:51 PM

හොඳයි හොඳයි. ඔහොම යමුකෝ (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 29 December 2015 04:57 PM

එය ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා හඳුන්වන්නේ මොනවගේ රටවල්ද කියලා අපි දන්නවා. (නි)

:       0       0

සන්තුෂ් Tuesday, 29 December 2015 05:44 PM

පසුගිය ජනාධිපතිවරණයේදී අත්දුටු සැබෑව මෙයයි. ඒ බළලා තමයි මේ මල්ලෙන් එළියට එන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 128 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 362 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2469 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2080 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1540 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8443 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34520 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site