IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


2015 ලෝක රූ රැජින තරගයට ලංකාවෙන් යන ”තාරුකා තිළිණය”

 

   SAN_7548-C  

 

2015 ෆේෂියා මිස් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා රූ රැජිණ ලෙස මෙවර තේරී පත්වුණේ මේ සුරූපිනියයි. ඇය නමින් තිලිණි තාරුකා අමරසූරියයි. නිරූපණ ක්‍ෂේත‍්‍රයට අමුත්තියක නොවන ඇය වඩා ප‍්‍රකටව සිටින්නේ සුන්දර මනාලිය, ලස්සන මනාලිය යන නම් වලිනි. නිරූපණ ක්‍ෂේත‍්‍රයේදී ඇය වැඩිපුර පෙනී සිටින්නේ සුන්දර මනාලියක ලෙස වීම ඊට හේතුවය.

දැන් මේ සුන්දර මනාලිය සූදානම් වන්නේ  2015 ශ්‍රී ලංකා රූ රැජින ලෙස මෙම ඔක්තෝබරයේදී චීනයේ බීජිං නුවර පැවැත්වෙන ලෝක රූ රැජින තරගයට සහභාගිවීමටය. ඒ සඳහා සූදානම් වෙමින් සිටින මොහොතක ඇය සඳැල්ල කතාබහකට එක්වුණේ මෙලෙසිනි. 

 

 

dfh

 

 
button ‘තිලිණි’ ඔබ ගැන අප දන්නා දේට වඩා යමක් කිව්වොත්.
‘තිළිණි’ අහිංසකයි. බොරුවට අකමැතියි. අහිංසක වුණාට අහිංසක අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න පුළුවනි. මට මගේ ගැන හිතෙන්නෙ එහෙමයි.

 


button තවත් විස්තර කිව්වොත්? 
ගම කිරිබත්ගොඩ. ඉගෙන ගත්තේ විහාරමහාදේවි බාලිකාවෙන්. ලග්නය වෘෂභ. වයස අවුරුදු 20යි. උස අඩි 5යි අඟල් 6යි. සාමාන්‍ය පෙළ සමත්වූ පසු පාසලේ අධ්‍යාපනයෙන් ඉවත් වුණේ, ෆැෂන් ඩිසයින් ගැන උපාධියකට පෙනී සිටීමටයි. නමුත් දැනට ඒ අදහස ප‍්‍රමාද වෙලා. ශ්‍රී ලංකා  රූ රැජින වූ නිසා ලෝක රූ රැජින තරගය  නියෝජනය කිරීම දැන් තියෙන ලොකුම අරමුණයි. 

 


button රූ රැජිනක් වෙන්න හිතුවෙ ඇයි?
ඒක ඇත්තටම කුඩා කාලයේ ඉඳලාම මට තිබුණු  සිහිනයක්. මේ සිහිනය සැබෑ කරගන්න මම එළඹුණේ 2013 දීයි. මෙම රූ රැජින තරගයේදීම එදා 6 වැනි ස්ථානය ලැබුණා. එතකොට වයස අවුරුදු 18යි. ඉන්පසු අවුරුද්දකට පසු නැවතත් මෙවර තරගයට  ඉදිරිපත් වුණා

 


button වතාවක්  6 වැනිදා වූ ඔබ මෙවර පළවැනියා වේවි කියලා හිතුවද? 
පොඩි කාලයේ ඉඳලාම තිබුණු සිහිනයට මම ආදරය කළා. ඒ ආදරය නිසාම බලාපොරොත්තු අත්හැරියේ නැහැ. ඇත්තටම මෙවර තේරේවි කියලා ලොකු විශ්වාසයක් තිබුණේ. නමුත් අනෙක් තරගකාරියන් හැමෝම වගේ හරිම ලස්සනයි. ඒ නිසා පුංචි බයකුත් තිබුණා. මෙම තරගාවලියේදී මිනි පැජන්ට් තුනකදී ජයග‍්‍රහණ ලැබුවා. එවිට ආත්ම විශ්වාසය තවත් වැඩිවුණා.

 


button කුඩා  කාලයේදීම රූ රැජිනක වීමේ සිහිනය ඇතිවීමට හේතු වුණේ?
නිරූපණය හෝ විලාසිතා අංශය ගැන තමයි හිත තිබුණේ. රූ රැජින වීම ලොකුම සිහිනයක් වුණා.

SAN_7638

 


button ඒ කාලයේ ඉඳලාම ඔබ ලස්සනයි කියලා  හැමෝම කියලා තිබුණාද?
එහෙම නැහැ. නමුත් පැහැදිලි නර්තන සහ පිහිනුම් ඉසව් වලදී දක්‍ෂතා පෙන්වුවා. ඒ නිසා පාසැලේදී පුංචි පහේ තරුවක් වී සිටියාය කිව්වොත් නිවැරදියි. පාසලෙන් ලැබුණු අත්වැල නිසා මගේ සිහිනයට යා හැකි වුණා.

 


 button 2015 රූ රැජින  ලෙස ඔබගෙ නම ප‍්‍රකාශ වුණාම මොන වගේ හැඟීමක්ද ඇතිවුණේ?.
විස්තර කරන්න වචන නැති තරම්. හිතන්න කෙනෙකුට කුඩා කාලයේ ඉඳලාම තිබුණු සිහිනයක් ඉටුවුණාම ඇතිවන හැඟීම. තවම මට හැෙඟන්නෙ මම ඒ  හීනය ඇතුලෙ ඉන්නවා වගෙයි. ඒක ඇත්තටම ජීවිතයේ ලොකුම කඩඉමක්.

 

SAN_7612

 


button දැන් ලෝක රූ රැජින තරගයට යන්නේ කවදද?
මෙම ඔක්තෝබරයේ අවසානයේ චීනයට යා යුතුයි. අවසාන තරගය තිබෙන්නෙ නොවැම්බර් 19 වැනිදායි.  

 


button මොන වගේ ස්ථානක් ඔබට ලැබේවිද?
රටවල් 128ක සුරූපිනියක් ඊට දායක වෙනවා. ඒක ලොකුම අවස්ථාවක්. මට මගේ රටට අඩු තරමින් අවසන් 20 දෙනා අතරටවත් එන්න ලැබුණොත් ඒක ලොකුම අභිමානයක් වේවි. මේ දක්වා ලෝක රූ රැජින තරගයකදී ශ්‍රී ලංකාවේ සුරූපිනියකට අවසන් 20 අතරට ඒමට ලැබුණේ නැහැ. මෙවර හෝ ඒ අවස්ථාව ලැබේවි කියා හිතනවා.

SAN_7633


 button ඔබ ලස්සනයි කියලා කියනවට ආඩම්බරයිද?
ටිකක් ආඩම්බරයි. නමුත් ඒ නිසා කාටවත් රිදවීමක් ආඩම්බරතාවක් නොවෙයි. 

 

 

 
 

button ඔබ සුන්දර නිසා පිරිමි ළමුන්ගෙන් විවාහ යෝජනා එහෙම ලැබෙනවා ඇති නේද?
ඉල්ලීම් නම් බොහෝම තමයි නමුත් වැඩක් වෙන්නේ නැහැ.

 


button හේතුව ? 
විවාහ වන කෙනාට බහදීලා ඉවරයි. මෙම රූ රැුජින තරගයේදී විටෙක ආ අභියෝග හමුවේ මම පසු බෑ අවස්ථාවලදී මගේ අම්මා, තාත්තා, අයියා, සහ එයාත් ගොඩක් ශක්තියක් වුණා.

 


button සුරූපී කාන්තාවන් අතරින් ඔබ දුටු සුන්දරම කාන්තාව කවුද?
ජැකලීන් ෆර්නැන්ඩස්. 

SAN_7529


button ඇය මෙන්  ඔබත්, රඟපෑමට ඒවිද?
ආරාධනා ලැබුණා නමුත් මම රඟපෑමට එන එකක් නැහැ. නිවේදනය සහ නිරූපණය පමණක් කරාවි. 

 


button කාන්තාවක් කොහොම විය යුතුය කියලද ඔබ හිතන්නෙ?
කාන්තාවකට තම හැසිරීම යහපත් විය යුතුමයි. ඒ වගේම ඇය බුද්ධිමත් විය යුතුයි. අභියෝගවලට නොසැලී මුහුණදීමට වාගේම  ඕනෑම කෙනෙක්  එක්ක සුහදව සිටීම වැදගත්. සංගීතා වීරරත්න මහත්මිය අන්න ඒ වගේ චරිතයක්. ඇය ඇත්තටම කාන්තාවකට වගේම විශේෂයෙන්ම තරුණියක් වන අපට හොඳ මාර්ගෝපදෙශිකාවක්. ඒ ගැන කියන්නම  ඕනෑ.

 

SAN_7525

විලිසිතා Nathaliz

sadun-gamage



අදහස් (0)

2015 ලෝක රූ රැජින තරගයට ලංකාවෙන් යන ”තාරුකා තිළිණය”

කසුන් Thursday, 22 October 2015 09:31 AM

මෙය ලස්සන නම් ...උරේෂා රවිහාරිත් ලස්සනෛ.... හික්...හික්...හික්....(ම)

:       0       0

මලිත් Wednesday, 21 October 2015 12:13 AM

මෙහෙමද ජනතාව අතරට ගිහින් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ? ආඩම්බරකම ශ්‍රී ලාංකික ප්‍රතිරූපය නෙමෙයි (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 20 October 2015 12:06 PM

ඉතාලියේ මිලානෝ නගර මධ්‍යයේ දශක තුනකටත් අධික කලක් වසන මා තරම් සුරුපිනියන් දකින කෙනෙක් තවත් නැතුව ඇති. නමුත් මා අනුලා කරුණාතිලක, පුන්‍යා හීන්දෙනිය සහ ස්වර්ණා කහවිට වැනි ලංකාවට ආවේනික වූ රුප සම්පත්තියක් ඇති මේ අයට වඩා රූමත් කෙනෙක් නම් දැක නැත. (ර)

:       0       0

සමරදිවාකර Tuesday, 20 October 2015 12:18 PM

හොඳ උසක් තිබෙනවා ඇයට (නි)

:       0       0

විජේසුන්දර Thursday, 05 November 2015 03:03 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 20 October 2015 12:24 PM

ලංකාවේ නම රඳවන්න ඇයට ලැබේවා! (නි)

:       0       0

තනුර Tuesday, 20 October 2015 12:36 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

වජිර Tuesday, 20 October 2015 12:49 PM

කවුරුන් මොනවා කිවුවත් ඔබගේ අධිෂ්ඨානය බලවත් නම් ජයග්‍රහණය ස්ථිරයි (නි)

:       0       0

ජයනි Tuesday, 20 October 2015 12:49 PM

මීට බොහෝ කලකට පෙර ලංකාවේ කෙනෙක් තුන්වෙනි තැන ලබාගත්තාලු. පුවත්පතක ඡායාරූපයක් අපේ අම්මාගේ මහ ගෙදර තිබිලා මට හමුවුණා. හරිම ලස්සන කාන්තාවක්. අඩුගානේ දැන් මේ තරඟයට සම්බන්ධ වෙන අයට ලංකාවේ ඉතිහාසය ගැන හොඳ දැනුමක් තිබෙනවද? (නි)

:       0       0

ඩොනල්ඩ් Tuesday, 20 October 2015 12:53 PM

අපේ අය නම් ඉතින් කොයිතරම් ලස්සන කෙනෙක් ගියත් අඩුවක් හොයන කට්ටියනේ (නි)

:       0       0

නෞෂි Tuesday, 20 October 2015 12:55 PM

ඔබට අපේ රටේ නම බබළවන්න ලැබේවා! (නි)

:       0       0

තුෂාර Tuesday, 20 October 2015 12:53 PM

නිල් පාට අක්ෂි කාච දමාගෙනද ලංකාව නියෝජනය කරන්න යන්නේ? අනේ මන්දා , මට නම් කිසිම ස්වාභාවික ලස්සනක් නැහැ. (නි)

:       0       0

රමණී Wednesday, 21 October 2015 03:26 AM

අනෙක් රටවල තරුණියන් උසස් අධ්‍යාපනයක් ලබා යම් දැනුමක් ජිවිතයට එකතු කරගත් උසස් මට්ටමක තරඟකාරියන්. අපි යවන්නේ හමේ පාට විතරක් බලලා. එතන ගිහින් අනෙක් උදවිය සමඟ සාමාන්‍ය දැනීමක්වත් නැතුව හැසිරෙනකොට ඉබේම මුලික වටයෙන්ම හැළෙනවා (නි)

:       0       0

මඩුල්ල Tuesday, 27 October 2015 03:00 PM

ගොඩක් ලස්සනයි රටේ නම බබලවන්න ඔබට හැකි වේවා (බ)

:       0       0

මංජු Tuesday, 20 October 2015 12:58 PM

මට නම් ශ්‍රී ලාංකික පෙනුමක් නැහැ. අමුතු මවාගත් පෙනීමක් තිබෙන්නේ. අනේ මන්දා! (නි)

:       0       0

කුෂාන් Tuesday, 20 October 2015 01:00 PM

ස්වභාවික ලස්සන සහ මේකප්වලින් ලබා ගත් පෙනුමයි කියන්නේ දෙකක්. මෙයාට නම් තියෙන්නේ හරිම කෘතීම පෙනුමක්. හරියට අර ඉටි රුප තිබෙන කෞතුකාගාරයේ ඩමියක් වගේ .(රේ)

:       0       0

චජෙ Friday, 23 October 2015 04:40 PM

මට නම් මෙයාගේ අඩුවක් පෙනේනේ නැහැ , ඔය සමහර අය ඉල්ලනවවගේ ලංකවේ පෙනුම තියන චාම් අය ව යවන්න ඕනේ අවුරුදු කුමාරි තරග වලට මිස ,ජාත්‍යන්තර රු රැජින තරංග වලට නෙමයි (රේ)

:       0       0

Charikaa Sunday, 25 October 2015 11:33 AM

ලොකුම අඩුව තමන් ගැන තිබෙන අධි තක්සේරුව. රෝසි, ජකලින් වගේ උදවියට මොනවා වුනත් ඔය ගතිය නම් පෙනුනේ නැහැ. වෙනිසුවේලාව වගේ ලතින් ඇමෙරිකානු රටවලින් එවන්නේ අඩි 6ත කිට්ටු තරුණියන්. පසුගිය තරඟ වල අපේ අයට උස ප්‍රශ්නයත් බලපාන්න ඇති. (අ)

:       0       0

මාලතී Sunday, 25 October 2015 11:43 AM

මේවට යවන්න ඕන අඩු වශයෙන් උසස්පෙලවත් සමත් ලෝකයගැන සාමාන්‍ය දැනීමක් තිබෙන තරුණියන්. එහෙම නැතිව මුළු දවසම කන්නාඩිය ඉස්සරහ ඉන්න උදවිය නෙවෙයි. පෞරුෂත්වය මනින අවස්ථාවකදී ගොත ගහන්න වෙන්නේ යම් උසස් අධ්‍යාපනයක් හැදෑරීමක් නැතිව මේවාට යන උදවියට. (රේ)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 20 October 2015 01:14 PM

ලංකාවට හොඳ රූප රාජිණියෝ ටිකක් ඉදිරියට අවශ්‍යවෙයි වගෙයි (නි)

:       0       0

චාරිනි Tuesday, 20 October 2015 01:29 PM

මේ තරුණියට ලංකාවේ තරඟ ඉතිහාසය උගන්වලා පිටත් කලොත් හොඳයි. මිට කලින් ලෝක රු රැජින තරඟයේ තුන් වෙනි තැන ගත් කෙනා ගැන මෙලෝ හසරක් දන්නේ නැතිව එයාගේ වාසියට දොඩවනවා. ඒ කාන්තාව දැන් ඉන්නේ ඇමෙරිකාවේ. නම මොරින් හින්ගර්ට්. (රේ)

:       0       0

මලික් Tuesday, 20 October 2015 01:37 PM

තමන් ගැන තිබෙන අධිතක්සේරුවේ විදියට එතන ගිහින් ලැබෙන තැන හිතා ගන්න පුළුවන්. මේ වගේ තරඟවල දී අනෙකුත් රටවල තරඟ කාරියන් අඩු ගානේ උස 5" 8 සිමාවේ ඉන්නේ. (ර)

:       0       0

කුමාර Sunday, 15 November 2015 06:38 PM

සුබ පැතුම්! (නි)

:       0       0

රනිල් වික්‍රම Wednesday, 21 October 2015 09:54 AM

ඉතින් අපි හැමදාම පරාද වෙන එක අහන්නත් දෙයක්ද?(ම)

:       0       0

සුරේනි Sunday, 25 October 2015 01:05 PM

දිනුවේ නැතත් හොඳ තරඟකාරියක් වීම වැදගත්.හැබැයි ඉතින් අක්ෂි කාච පලන්දාගෙන අයිශ්වර්යාගේ පෙනුම ගන්න උත්සාහ කළ පමණින් ඕක සිදුවෙන්නේ නැහැ. (බ)

:       0       0

කල්පිත Thursday, 29 October 2015 04:11 AM

ඇයගේ සිහිනය හා ලංකාවට දිනුමක් ලබාගැනීමට මාගේ හදවතින්ම සුබ පැතුම්! (නි)

:       0       0

බන්දු Thursday, 29 October 2015 04:19 AM

මොකෙක්ද මේ (බ)

:       0       0

පුෂ්පා කුමාරි Wednesday, 21 October 2015 11:36 AM

මාත් කියන්නේ ස්වභාවික ලස්සනින් ගියානම් තැනක් ලැබේවි (හේ)

:       0       0

කසුන් Monday, 26 October 2015 08:00 AM

මීට වඩා ලස්සන කෙල්ලෝ මොනතරම් ලංකාවේ ඉන්නවද? (ර)

:       0       0

ප්‍රසන්න Friday, 06 November 2015 08:28 AM

අනේ මන්ද මෙයට වඩා හොද කෙල්ලෝ නම් ඕන තරම් ඉන්නවා (ම)

:       0       0

රුවන් Monday, 16 November 2015 06:22 AM

මේ තරගය විනිශ්චය කලේ අන්ධ විද්‍යාලයේ පිරිසක්ද......? (ස)

:       0       0

ශානිකා Friday, 23 October 2015 05:22 AM

කොච්චර ලස්සන අය ලංකාවේ ඉන්නවද අනේ......... (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 21 October 2015 06:23 AM

ලංකාවේ විදිහට චාම් පෙනුමෙන් ඉදිරිපත් වුණොත් හොඳයි. ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

සුපුන් Wednesday, 21 October 2015 06:25 AM

මට නම් ඇත්තටම කියන්න තරම් ලස්සනක් නැහැ (නි)

:       0       0

සම්පත් Wednesday, 21 October 2015 06:25 AM

ලස්සන යනු සම පැහැපත්වීම පමණක් නොවේ (නි)

:       0       0

දුමින්ද Wednesday, 21 October 2015 06:34 AM

අනාගතයට හොඳ ඉල්ලුමක්.රටට ඉල්ලමක් (නි)

:       0       0

උමේශ් Wednesday, 21 October 2015 12:48 PM

හිටපු රූ රැජිනක් වන රෝසි සේනානායක මහත්මියට තියෙන්නේ උත්පත්තියෙන් ලැබුන ස්වාභාවික බටහිර පෙනුමක්. සමහරු හිතනවා ඇති කෘතිමව බටහිර පෙනුම ගත්තාම දිනන්න පුළුවන් කියලා. (නි)

:       0       0

රූපවතී Tuesday, 20 October 2015 06:35 PM

ඔබේ බලාපොරොත්තුව රටේ කීර්තියම වනු ඇත. ඔබට සුබ පැතුම් ..! තෙරුවන් සරණයි..!!! (නි)

:       0       0

ශ්‍රීමා Thursday, 22 October 2015 08:27 AM

ඔබට ජය! (නි)

:       0       0

ඩේව්ඩ් Friday, 23 October 2015 01:03 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඉන්දු Friday, 23 October 2015 01:00 PM

ඔබට අවංක සිතින් සුබ පතනවා (නි)

:       0       0

දිනිති Friday, 23 October 2015 01:03 PM

රූ රැජින තෝරන්නේ ලස්සන විතරක් බලලා නෙමෙයි. අපේ රටේ මිනිස්සු හැමදේම විවේචනය කරනවා. ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

සන්ජි Friday, 30 October 2015 10:43 AM

දත් ටික ඉස්සරහට ඇවිත් ප්ලේට් එකක්වත් දාන්න වෙයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 1037 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අම්බලන්ගොඩ අනුරට
2024 සැප්තැම්බර් මස 22 413 0

අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානයක මහතා දිනාගත්තේය.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 964 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 413 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 380 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 430 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14637 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 217 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site