IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


2017 ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල හම්බන්තොටදී?

වසර 2017ට නියමිත තෙවැනි  ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල ශ්‍රී ලංකවේ හම්බන්තොට නගරයේදී පැවැත්වීමට ශ‍්‍රී ලංකාව උත්සාහ ගනිමින් සිටී. රටවල් 44ක් සහභාගී වන ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ සත්කාරය දැරීමට වියට්නාමය හා මලයාසියාවද උනන්දුවක් දක්වන බව වාර්තා වන නමුත් එහි සත්කාරය ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පවසයි. හේමසිරි ප‍්‍රනාන්දු මහතා හා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ෂි ද සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත් කිරීමට නියමිත සක්‍යතා අධ්‍යයන වාර්තාව ගැන සාකච්ඡා කිරීම සඳහා සිංගප්පූරුවේ පිහිටි ආසියානු ඔලිම්පික් කමිටු මූලස්ථානය වෙත ගොස් සිටිති. එහිදි ඒ සම්බන්ධයෙන් සිංගප්පූරු ජාතික ඔලිම්පික් සභාව හා එහි ජාතික කී‍්‍රඩා අධිකාරියේ ප‍්‍රධානීන් සමගද ඊයේ (2) සාකච්ඡා කළ බවත් එහි සිට ”ලංකාදීප”යට අදහස් දැක්වූ හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසීය. ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ නම් ඊට පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික ඔලිම්පික් කමිටුවට මේ වන විට දැනුම්දී තිබේ. ඒ අනුව සත්කාරය හිමි වුවහොත් වසර 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව සූදානම් කරමින් පැවැති කී‍්‍රඩා ගම්මානය නිමා කර එහිදී කී‍්‍රඩා උළෙල පැවැත්වීමට ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇතැයි ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය සම්බන්ධීකාරක බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි.  වසර 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සත්කාරය හම්බන්තොට නගරයට අහිමි කරමින්  ඕස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ් කෝස්ට් නගරය ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තේය. එයද සැලකිල්ලට ගනිමින් මෙරටදී ප‍්‍රධාන පෙළේ අන්තර්ජාතික කී‍්‍රඩා උළෙලක් ශ්‍රී ලංකාවේදී ඉදිරිවසර කීපය තුළදී සංවිධානය කළ යුතු බවට එහිදී ශ්‍රී ලංකා රජය තීරණයක් ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව දැන් ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේ සත්කාරය පිළිබඳව අවධානය යොමු කර තිබේ. මෙම කී‍්‍රඩා උළෙල අවසන් වරට 2010 දී සිංගප්පූරුවේදී පැවැත්විණි.



අදහස් (0)

2017 ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල හම්බන්තොටදී?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 8 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 995 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1674 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 718 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 176 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 517 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14591 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site