IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


2017 දී දැනුම් දුන් තුර්කි ත්‍රස්තයන් ගැන විමර්ශනත් ඇණහිටලා

(බිඟුන් මේනක ගමගේ )

තුර්කි ජාතික ත්‍රස්ත සංවිධානයක් වන ‘ෆෙටෝ‘  හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50  දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට මීට වසර දෙකකට පෙර තුර්කි තානාපති කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිසි පියවර නොගත්තේ යැයි හිටපු විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා ‘ලංකාදීපය’ යට පැවැසීය.

තම මව් රටේදී ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව තුර්කි තානාපතිවරයා 2017 හා 2018 යන වසර වලදී සිව් වතාවක් සිහි කැඳවී යැයි ද තමා ඊට අදාළව ලද සියලු ලේඛන ආරක්ෂක අමාත්‍යංශයට ෆැක්ස් මගින් දෙවතාවකදී යොමු කළේ යැයි ද සේනානායක මහතා අවධාරණය කළේය. 

ඉන්පසු ආරක්ෂක අමාත්‍යංශයෙන් ඒ ගැන සෝදිසි කරන බවත් ඊට අදාළ විමර්ශන ඉන් අනතුරුව අයත් වන්නේ ආරක්ෂක මණ්ඩලයට යැයි ද සඳහන් කරමින් ආරක්ෂක අමාත්‍යංශය විදේශ කටයුතු අමාත්‍යංශයට ලිඛිතව දැනුම්දීමක් කළේ යැයි ද සේනානායක මහතා කීය.

තමා විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා හැටියට පත්වීමට පෙරද තුර්කි තානාපති කාර්යාලය මගින් මේ බව රජයට දැනුම් දී ඇතැයි කී හෙතෙම ෆෙටෝ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 දෙනාගේ විදෙස් ගමන් බලපත් අංක පවා අදාළ රහස්‍ය ලේඛන අතරේ තිබුණේ යැයි ද සඳහන් කළේය.

රජය මේ ගැන නිසි පියවරක් නොගැනීම නිසා තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතා ආරක්ෂක අමාත්‍යංශයට ගොස් ඒ ගැන විමසා ඇතැයි ද එහිදී මුස්ලිම් ජාතික දේශපාලකයන් දෙදෙනෙකුගේ මැදිහත්මක් නිසා විමර්ශන කටයුතු අඩාල වී ඇති බවට ආරක්ෂක අමාත්‍යංශයෙන් තානාපතිවරයාට දන්වා ඇතැයි ද සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතාගෙන් මේ ගැන කළ විමසීමේදී ඔහු පැවසුවේ 2015 වසරේ සිටම මේ කරුණු ශ්‍රී ලංකා රජයට දැන් වූ බවයි.

ෆෙටෝ සංවිධානයට සම්බන්ධ සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ව්‍යාපාරික ක්‍ෂේත්‍රවල ක්‍රියාත්මකව සිටියේ යැයි ද එම සියලු කරුණු සවිස්තරාත්මකව ශ්‍රී ලංකා රජයට දැන් වී යැයි ද  ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

අදාළ රහස්‍ය ලේඛනවල කෙනන් අව්සාර්(U 12243311), ඊබ්‍රාහිම් ටොම්කින් (U 01847956), හකාන් අර්ස්ලාන් (U 03445289) ආදී වශයෙන් ෆෙටෝ සංවිධාන සාමාජිකයන් 50 දෙනෙකුගේ නම් සහ විදෙස් ගමන් බලපත් අංක හා එම සංවිධානයට සහාය දක්වන්නේ යැයි කියන දේශීය ආයතන නවයක නම් හා ලිපින අන්තර්ගතය. 

‘ෆෙටෝ‘  හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50  දෙනාගේ නම් සහ ගමන් බලපත් අංක පහත දැක්වේ.



අදහස් (33)

2017 දී දැනුම් දුන් තුර්කි ත්‍රස්තයන් ගැන විමර්ශනත් ඇණහිටලා

Rathna Monday, 29 April 2019 05:26 PM

වහෙන් ඔරෝ ඔය කියන නායකයන් ආරක්ෂා කරමින් ඉන්නේ මොකද

:       13       1721

ෂෙහාන් යාපා Monday, 29 April 2019 05:30 PM

මේ ආණ්ඩුවේ හොර ඔක්කොම දැන් ඔප්පු වෙලා ඉවරයි

:       462       1708

NUwan Monday, 29 April 2019 05:43 PM

මුළු ලෝකෙම අපට උදව් කරලත් බුද්ධි තොරතුරු දීලත් ඔය කියන මුස්ලිම් ජාතික දේශපාලුවෝ දෙන්නා නිසා මුළු රටේම ජාතික ආරක්ෂාව අනතුරේ දාන්නත් ලෝකයම ඉදිරියේ අපකීර්තියට පත්වෙන්නත් අවසානයේ අහිංසකයෝ 300ක් මරගන්නත් 500ක් අබ්බගාත කරන්නත් , ඔය කියන දෙන්න මොනවද අපේ නායකයින්ට දුන්නේ දෙයියනේ ...

:       47       3174

KumaraTuesday, 30 April 2019 08:25 AM

සුළු ජාතික ඡන්ද

:       0       126

Thilina Monday, 29 April 2019 06:31 PM

සියල්ල පැහැදිලි වෙමින් පවතී.

:       0       1063

sirimal Monday, 29 April 2019 06:41 PM

මේ ප්‍රකාශ හොඳ මැතිවරණ ප්‍රචාර. කාටද වාසි කියන එක හිතාගන්න.

:       3266       348

ranjith Monday, 29 April 2019 11:57 PM

ඡන්ද වලට බලේට කෑදරකමට අන්තවාදීන් කිට්ටු කරගැනීමේ විපාක මේ පක්ෂ විපක්ෂ මේ හැම කෙනාම රට ගෙන නෙවෙයි, බලේ ගැන පමණි හිතුවේ. ඒවාට විපාක විදින්න වෙන්නේ අහිංසක මිනිස්සුන්ට.

:       0       0

චමින්ද Tuesday, 30 April 2019 12:44 AM

බල ලෝභිත්වයෙන් පෙලෙන සිංහලයින් ත්‍රස්තයාද ජාතිද්‍රෝහියාද නොබලා බලය තහවුරු කර ගැනීමට කටයුතු කරන්න. සිංහලයන්ගේ කිසිම එකමුතුවක් නොමැතිකමින් ත්‍රස්තයින් ඒ අයගේ සියලු කටයුතු කරගන්නවා. ඒවාට විරුද්ධවන්නන් හිරගත කරනවා. දැන්වත් සිංහලයින් පක්ෂ පාට හැඟීම් ඉවතලා එකමුතු නොවුනහොත් මේ රටම අනතුරේ වැටෙනවා

:       0       0

chathuri Tuesday, 30 April 2019 01:34 AM

හිටපු ඇමතිලයි ඉන්න ඇමතිලයි කියන කතා අහනකොට ඒ අයට පිස්සුද කියලා හිතෙනවා. තමාගේ උගත්කම නැතිව රටේ බලය, ආරක්ෂාව ගත්තම කොයි තරම් විනාසයක්ද ඇතිවුනේ, මුස්ලිම් ඇමතිලා දෙන්නෙක් ඔය පරීක්ෂණය නතර කෙරුවනම්, ඒ කවුද කියලා හොයලා බැලුවද. අගමැතිට දැනුම් දුන්නද.

:       0       0

කීර්ති Tuesday, 30 April 2019 01:38 AM

මේ සියළුම දේශපාලකයන් තප්පුලන්නේ දැන්ය. ඔවුන්ටම සරිලන පරිපාලන සේවයක් සහ විදේශ සේවයක් ඔවුන්ගේ අනුග්‍රහයෙන් නිර්මාණය කරගෙන ඇත. රට මේ ආකාරයට අගාදයට ඇද දැමීමට ඔවුන් සියළුදෙනාම වගකිවයුතුය.

:       0       0

Srilankan future Tuesday, 30 April 2019 01:53 AM

1948 ඉඳලම අපි රැවටුනා මේ බලලෝභී දේශපානඥයකු තමන් ගැන මිසක් රටේ ජනතාව ගැන නොසිතන බව පැහැදිලිව පෙනි පෙනී අපි ඒ අයවම අපේ පාලකයන් විදියට පත් කරගත්තා දැන් අපි නෙළමින් සිටින්නේ අපි වපුරපු දේ

:       0       0

නාලක ජයසූරිය Tuesday, 30 April 2019 02:19 AM

දැන් පනින්න වෙලාව හරි. ඒක තමා මේ සද්දෙ

:       0       0

Amila Tuesday, 30 April 2019 02:25 AM

මෙම කියන ත්‍රස්ත සංවිධානය ගැන පොඩ්ඩක් අන්තර්ජාලයේ හොයලා බලන්න, ඔවුන් රටවල වලට පැමිණෙන්නේ ගුරුවරුන් විදිහටලු, ඉන්පසු ඔවුන්ගේ ප්‍රධානම කාර්යයන් වන්නේ දක්ෂ සිසුන්ව තෝරාගෙන ඔවුන්ව රටේ රජයේ ඉහලම තැන්වලට යොමු කිරිමලු. ඉන්පසු ඔවුන් ලවා අනිත් මුස්‌ලිම පුද්ගලයන්ගේ මනස විකුර්ති කිරීම් සිදුකරනවලු. මේ විදිහට රටේ ඉහල තැන්වල ලොකු ජාලයක් නිර්මාණය කරනවලු

:       0       0

Dhammika Perera Tuesday, 30 April 2019 02:34 AM

වසන්ත සේනානායක මොනාද මේ ගැන කලේ? කියල නිකම් හිටියද?

:       0       0

අනුර Tuesday, 30 April 2019 02:34 AM

තුර්කිය නේටෝ (NATO) සංවිධානයට අයිති රටක් වුනත්, ඇමෙරිකාව හා බටහිර රටවල් ඒ රටේ ආණ්ඩුව පෙරලීමට කල කුමන්ත්‍රණය හෙළිවීමෙන් පසු මේ අයගේ යටි අරමුණු තේරුම් ගත් රජය රුසියාව හා ඉරානය සමග එක්ව ත්‍රස්ත සංවිධානය මැඩපැවැත්වීමට එක්ව ක්‍රියා කරමින් සිටි. දැන් පෙනෙන්නේ තුර්කියේ ත්‍රස්තයන්ටත් රැකවරණ ලැබී ඇත්තේ ලංකාවේ බවයි.

:       0       0

ගල්කටස් Tuesday, 30 April 2019 02:51 AM

මේවා අපිට කාට කියන්ද? කුමක් කරන්නද?

:       0       0

Chamara Tuesday, 30 April 2019 02:58 AM

ශ්‍රිමල් ජාතික ආරක්ෂාවයි මැතිවරණයයි පටලවා ගන්න එපා..

:       0       0

ranil Tuesday, 30 April 2019 03:37 AM

සිරිමල් අංගොඩ ගියොත් නරකද

:       0       0

Darshana Tuesday, 30 April 2019 03:48 AM

ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය මේ වගේ දේවලින් පැහැදිලි වේ. කණගාටුවට හේතුව නම් මුස්ලිම් ජාතික දේශපාලකයෝ මෙතරම් ප්‍රබලද ?

:       0       6

Amarawansa perera Tuesday, 30 April 2019 03:49 AM

අපේ අයට ලොකු තමන්ට ලැබෙන ඡන්ද ප්‍රමාණය විතරයි. රට ගැන කිසිම හැඟීමක් නැහැ.

:       0       0

saman Tuesday, 30 April 2019 03:50 AM

කාට වාසි වුනත් මේක තමයි ඇත්ත.

:       0       0

sasith Tuesday, 30 April 2019 03:51 AM

අනේ සිරිමල් ඒ අය කිව්වත් දේශපාලන වාසිලු. නොකිව්වත් බනිනව මරාගන්නවලු. අපේ මිනිස්සුන්ට ප්‍රශ්නෙ වෙලාතියන්නෙ මිනිස් ජීවිත බේරගැනීම නෙමෙයි. අනෙක් අයට ද්ශපාලන වාසි ලැබෙයි කියන බය. ඒ කට කියන්නෙ කුහක කම

:       0       19

jayath Tuesday, 30 April 2019 03:56 AM

එකක් කියන්නම් කාගේත් නිරුවත දැන් එළිවෙලා ඉවරයි..... කළු බැටළුවෝ කවුද කියාලත් කවුරුත් දන්නවා (රජය ඇතුළුව ) නමුත් ඡන්ද වලට තියන පෙරේත කම හින්ද කවදාවත් එයාලට මොනවත් වෙන්නේ නැහැ කවුරු ආවත් ඕකයි කතන්දරේ

:       0       6

Rohan Yatawara Tuesday, 30 April 2019 03:58 AM

ගරු මන්ත්‍රීතුමනි , කවුද ඔය කියන දේශපාලුවෝ ඒ දෙන්න ට නම් ගම නැද්ද?

:       0       13

Rayan Tuesday, 30 April 2019 04:33 AM

රටේ ලොකුම තැනට වෙලා ත්‍රස්තවාදයට උදව් කරන මේ ඇමතිලා අත්අඩංගුවට නොගන්නේ මොකද ? ජනතාව පාරට බහිනකම්ද බලන් ඉන්නේ.

:       0       39

KANDEPOLA Tuesday, 30 April 2019 04:43 AM

දැන් ආණ්ඩුවේම මැති ඇමතිවරු ප්‍රකාශ නිකුත් කරමින් ඇඟ බේරගන්න හදනවා අරවා කිවුවා මේවා කිවුවා ගණන් හත්තේ නෑ කියලා. කාටද මේවා කියන්නේ? ක්‍රියාත්මක වුනේ නැත්තේ කවුද ? අපිද ? රටේ මිනිස්සු ඡන්දෙත් දීල කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා ඔබතුමාලව නඩත්තු කරන්නේ, රටේ අහිංසක ජනතාව බෝම්බ වලින් අනිවාර්තේ මැරුම් කාපුවහම ඇඟ බේරාගන්නද ?

:       0       53

ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 30 April 2019 08:00 AM

ඔය කියන්නා දැන් ඇවිත් කියන්නේ ඔය ගැන සෙව්වේ නැහ එයාත් පැන පැන හිටියා මිසක් සේරම බොරු කාරයෝ

:       72       10

Nuwan Tuesday, 30 April 2019 08:38 AM

මේ වගේ රට කාපු ආණ්ඩුවක් ලංකා ඉතිහාසේ හිටියේ නැහැ. ඒ වගේම හිටපු ආණ්ඩුවත් මීට දෙවෙනි නැහැ. ඒ වගේම චේ ගුවේරා පස්සෙන් යන ජප්පොත් මේ ගොඩේම තමා.

:       17       66

sirimal Tuesday, 30 April 2019 09:13 AM

මේ මහත්තයා දැන් ඉන්නේ කොයි පැත්තේද කියල කාට හරි කියන්න පුලුවන්ද? අන්තිමට පැන්න පැත්ත මතක නැති නිසයි අහන්නේ.

:       1       28

kap Tuesday, 30 April 2019 09:20 AM

අවුරුදු ගානක් මුන් එකට කාල බීල කට වහගෙන ඉදලා, දැන් වැරදි කතා කරනවා. ඒ කාලෙ උබලගෙ කටේ පිට්ටුද? රට කාපු පොරවල් මේ ඔක්කොම..මේ බෝම්බ පිපිරුනෙ නැත්නම්, මේ කතා මුකුත් නෑ..

:       0       15

Kumara Tuesday, 30 April 2019 09:36 AM

ඔබතුමාලා 225 දෙනාම රටට කොඩිවින කරන්නේ නැතිව ගෙදර ගියා නම් තමා හොඳ

:       0       11

Perakum Wednesday, 01 May 2019 03:47 AM

ගියා නම් නොවෙයි යවන්නයි ඕන. ඒත් අපි ඒක කරන්නේ නැහැ නේ. වැරැද්ද අපේ අතේ. බලන්න ඊළඟ ඡන්දෙදි මොකද වෙන්නෙ කියල. තවත් මේ වගේ කාලකන්නි රැලකට කතිරේ ගහල දියවන්නාවට එවනවා.

:       0       5

Kumara Wednesday, 01 May 2019 12:08 PM

විලි ලැජ්ජාවක් තියනවා නම් අපි කියන්න කලින් යවා, අඹ ගෙඩියක් වගේ තියෙන මේ ශ්‍රී ලංකාවට ආරක්ෂාවක් දෙන්න බැරි අය ඉන්දියාව වගේ රටක් වුණා නම් මොවුන් මොනවා කරන්නද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නඩු ගබඩාවේ අරක්කු තේ කහට වෙලා
2025 අප්‍රේල් මස 24 33 0

නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ අධිකරණ ගබඩාවේ තිබූ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බ


අදත් තැනින් තැනට වැස්ස
2025 අප්‍රේල් මස 24 6 0

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


පොලිසිය - හමුදාව දුම්රියටත් පනිති
2025 අප්‍රේල් මස 24 640 0

දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු


ඉන්දු පාකිස්තාන දේශසීමා වසයි
2025 අප්‍රේල් මස 24 831 0

ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්


හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 2283 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 325 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 681 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 486 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site