වසර 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල පැවැත්වීමේ අවස්ථාව ඕස්ටේ‍්‍රලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය විසින් දිනාගනු ලැබ ඇත. ශී‍්‍ර ලංකාවේ හම්බන්තොට නගරය ද මේ සඳහා ඉදිරිපත්ව සිටි නමුත් බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් ශාන්ත කිට්ස් සහ නේවිස්හිදී ඊයේ (11 වැනිදා) පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා සම්මේලන නියෝජිතයන්ගේ ඡන්ද විමසීමේදී හම්බන්තොට නගරය පරදවා ඡන්ද 43-27 ක පහසු ජයක් ලබාගැනීමට ගෝල්ඩ් කෝස්ට් නගරය සමත් විය. ඕස්ටේ‍්‍රලියාවෙන් මෙන්ම ශී‍්‍ර ලංකාවෙන්ද මේ සඳහා විශේෂ කණ්ඩායම් ශාන්ත කිට්ස් දිවයින බලා ගොස් තිබුණු අතර ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට 20 දෙනකු ඇතුළත් විය. ශී‍්‍ර ලංකා කණ්ඩායම 160 ඉක්මවා තිබිණ. ඡන්දය පැවැත්වීමට පෙර, ඕස්ටේ‍්‍රලියාවේ ගෝල්ඩ්කෝස්ට් නගරයට වඩා හම්බන්තොටට වාසිදායක බවක් පෙනෙන්නට තිබුණ නමුත් අවසානයේදී එය වැරදී ගොස් තිබිණ. ශ්‍රී ලංකාව ප‍්‍රථම වතාවට මෙවැනි උළෙලක සත්කාරකත්වය හිමිකර ගැනීමට තරග වැදුණු අතර ඒ වෙනුවෙන් හම්බන්තොට නගරයේ නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘති දියත් කරන බවට ශී‍්‍ර ලංකා නියෝජිතයෝ පුරසාරම් කීවෝය. පොදුරාජ්‍ය මණ්ඩලිය කී‍්‍රඩා උළෙල විශාලත්වයෙන් දෙවැනි වන්නේ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට පමණි. කෙසේ වෙතත් ඡන්දය ප‍්‍රකාශ කළවුන්ට එය ඔවුන්ගේ ‘බුද්ධිය සහ හැගීම’ අතර තීරණයක් බවට පත්ව තිබිණ. මෙම කී‍්‍රඩා උළෙල හම්බන්තොට ජනතාවගේ ජිවිත වෙනස් කරනා හැරවුම් ලක්ෂයක් බව පෙන්නුම් කිරීමට ශී‍්‍ර ලංකාව උත්සාහ කරද්දී ගෝල්ඩ් කෝස්ට් නගරය තෝරා ගතහොත් තරගාවලියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ඇත්තේ අඩු අවදානමක් බව ඔවුන්ට පෙනෙන්නට තිබිණ. හම්බන්තොට නගරය 2004 දි පැමිණි රුදුරු සුනාමි ව්‍යසනයෙන් පසුව නැවතත් ගොඩනැගෙමින් තිබෙන අතර මෙම කී‍්‍රඩා උළෙල ඒ සඳහා වඩාත් යහපත් වාතාවරණයක් සකස් කර දෙනු ඇතැයි පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා බලධාරීන්ට ඒත්තු ගැන්නීමට ශී‍්‍ර ලංකා නියෝජිතයෝ උත්සාහ කළහ. මෙම කී‍්‍රඩා උළෙල සංවිධානය කිරීමේ අවස්ථාව දිනාගැනීම සඳහා අවසන් දේශනය කළේ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිට දග පන්දු යවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන්ය. එහෙත් සිය ජීවිතයේ බොහෝ දේ සාර්ථක කරගත් මුරලිදරන් අසාර්ථක වූ දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය. කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය දිනා ගැනීම පිළිබදව අදහස් දක්වමින් මුරලිදරන් පවසා සිටියේ අඳුරු වර්ණ භේදවාදී යුගයෙන් පසුව දකුණු අපි‍්‍රකානුවන් එකමුතු කිරීමට 1995 වසරේ දකුණු අපි‍්‍රකාවේදී පැවැති රග්බි ලෝක කුසලාන තරගාවලිය සමත් වූවාක් මෙන් ශී‍්‍ර ලංකාව නව මාවතකට ගෙන යාමට පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලට අවස්ථාව තිබූ බවයි. මෙම කී‍්‍රඩා උළෙලේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා අවශ්‍ය ස්ටර්ලින් පවුම් මිලියන 745ක් හෙවත් රුපියල් බිලියන 132 ක මුදලින් සියයට 60 ක ප‍්‍රමාණයක් දැරීමට ශී‍්‍ර ලංකා රජය කැමැත්ත පළකර තිබිණ. වඩාත් වැදගත් ප‍්‍රශ්නය වූයේ 2010 නවදිල්ලි කී‍්‍රඩා උළෙලේ වැය ශීර්ෂය පවුම් බිලියන 1.4 ක් වුවත් යටිතල පහසුකම් සඳහා යන වියදම් එකතු කරන ලද කල්හි එය පවුම් බිලියන 7.9 ක් දක්වා ඉහළ ගොස් තිබීමත්, එවන් තත්ත්වයක් යටතේ තවමත් හරිහැටි නොදන්නා ප‍්‍රදේශයක් සම්බන්ධයෙන් එවැනි අවදානමක් ගැනීමට පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා සම්මේලන නියෝජිතයන් සූදානම්ද යන්නත්ය. ඇත්ත වශයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලක් පැවැත්වීමේ අවස්ථාව ගෝල්ඩ් කෝස්ට් නගරයට දීම, එය හම්බන්තොට නගරයට ලබාදීමට වඩා අවදානම අඩු බව තක්සේරු කමිටු වාර්තාවෙන් කියැවිණ. ඕස්ටේ‍්‍රලියාව මීට ඉහතදී ද මෙවන් කී‍්‍රඩා උළෙල වලට සත්කාරකත්වය ලබා දී ඇති අතර 2000 වසරේ සිඩ්නිහිදී පැවැති ඔලිම්පික් උළෙලේදී ඔවුන් සිය සාර්ථකත්වය මොනවට ඔප්පු කළේය. ඊට අමතරව ඕස්ටේ‍්‍රලියාව 2006 (මෙල්බර්න්) 1982 (බි‍්‍රස්බේන්), 1962(පර්ත්) සහ 1938(සිඞ්නි) යන වසර වලදීද පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සත්කාරක රාජ්‍යයක් ලෙස කටයුතු කර ඇත.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය ගෝල්ඩ් කෝස්ට් නගරයට