IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


2020දී විදුලි දුම්රිය සේවාවක්

වසර 2020  වනවිට ශ්‍රී  ලංකාවේ විදුලි දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි  ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

මෙහි සැලසුම් කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත අතර එහි ඉදිකිරීම් ලබන දෙසැම්බරයේ සිට ඇරඹීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යාංශය කියයි.

මෙම ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ වේයන්ගොඩ සිට පානදුර, වේයන්ගොඩ සිට පොල්ගහවෙල, රාගම සිට මීගමුව, කැළණිවැලි මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වාත් විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට නියමිතය.

පැයට කිලෝ මීටර් 100 ක ධාවන වේගයකින් ගමන් කළ හැකිවන පරිදි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම, නවීන විදුලි සංඥා පද්ධතියන් සවිකිරීම, ස්වයංක්‍රිය දුම්රිය ආරක්ෂක තිරිංග පද්ධතියක් හා නව දුම්රිය ස්ථාන 04 ක් ඉදිකිරීම මෙන්ම කොළඹ කොටුව සිට පානදුර දක්වා දුම්රිය මාර්ග3ක්  මරදාන සිට රාගම දක්වා දුම්රිය මාර්ග 4 ක් හා මරදාන සිට හෝමාගම දක්වා දුම්රිය මාර්ග 2 ක් ඉදිකිරීම ද සිදුවන බව එම ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතා පැවසීය.



අදහස් (0)

2020දී විදුලි දුම්රිය සේවාවක්

සිසිර Tuesday, 06 December 2016 04:45 PM

අනේ අපිට ලොකු දේවල් එපා. තියෙන දුම්රිය ටික වෙලාවට යන්න හදල දෙන්න (ර)

:       0       0

සේනක Tuesday, 06 December 2016 05:38 PM

ඉතා හොඳ යෝජනාවක්. ඉතා හොඳ ව්‍යාපෘතියක්. යහපත් ආරම්භයක ට යහපත්, උණුසුම් සුභපැතුම්! ලංකාවේ මුල්ම දුම්රිය 1867 අප්‍රියෙල් 26 දා කොළොඹ සිට නුවර දක්වා ගමන් කර ඇත. දැනට අවුරුදු 144 කට උඩදී. (ර)

:       0       0

සංජීව Tuesday, 06 December 2016 07:33 PM

කටින් බතලකොල හිටවනවා කියන්නේ මේවට තමා. අහසේ මාලිගා හදනවා. කොළඹ පාරක් හරියට නද්දත්තු කරනවද දැන්? (ර)

:       0       0

වසන්ජය Tuesday, 06 December 2016 07:42 PM

කොඉතරම් මුදල් කන්දරාවක් උවමනාද එහි බර දරන්න වෙන්නේ සාමාන්‍ය ජනතාවටය .යෝජනා කරන අය කොමිස් කුට්ටි ගණන් ගසා ගනීවි. (ර)

:       0       0

තිස්ස Tuesday, 06 December 2016 08:14 PM

දැනට තිබෙන දුම්රිය නිතරම වැඩ වර්ජන, නිතරම පීලි පනිනවා. ඔය දෙක පළමුව හදාගන්නේ නැතුව විදුලියෙන් හෝ පරමාණු බලයෙන් නැතිනම් එර්දියෙන් ගමන් කලත්, දුම්රිය පවතින්නේ කොට උඩ. (ර)

:       0       0

දුෂාරා Wednesday, 07 December 2016 10:05 AM

දුම්රිය මාර්ග දෙකක් තිබුනානම් හොදටම ඇති. (ම)

:       0       0

සත්‍යා Tuesday, 06 December 2016 10:57 PM

ඔව්! විදේශිකයන් 1867 පටන් ගත්ත දුම්රිය නිදහස ලැබුන දා දක්වා දියුණු කර දුන්නත්, ඊට පස්සේ ඕක බාරගත්ත අය ශ්‍රී ලංකා දුම්රිය 1867 ටත් එහා අතීතය ට රැගෙන ගොස් තිබෙනවා. දුම්රිය විදුලියෙන් දිව්වත් ආකල්ප තවමත් බර කරත්ත යුගයේ. (ර)

:       0       0

මුණසිංහ Wednesday, 07 December 2016 01:04 AM

මම නම් මේකට සුබ පතන්නේ නැහැ. ඔක්කොටම කලින් තියන ටික ක්‍රමවත් කරන්න.මාතර සිට කතරගම හරහා මඩකලපුවටත් , අවිස්සාවේල්ල-රත්නපුර හරහා ගෙනවිත් එයද මීට යාකර මුළු රටම ආවරණය කර ඉවර වෙලා මේවා පටන් ගන්න. පොල්ගහවෙල සිට පානදුර දක්වා තවත් මාර්ගයක් ඉදි කරන්න. (ර)

:       0       0

රුවන් Wednesday, 07 December 2016 01:09 AM

මේක ඇත්තටම කරයිද? ඇත්තටම කලොත් කොළඹ ට්‍රැෆික් එක බාගෙට බාගයක් අඩුවේවි. (ර)

:       0       0

කමල් Wednesday, 07 December 2016 01:33 AM

අපි මිට අවුරුදු 30 කට ඉස්සර මෙය බලා ගෙන උන්නේ.එත් රටේ තිබුන තත්වය හොද නැති නිසානේ ප්‍රමාද උනේ. එතකොට තව අවුරු තුනකින් ඒකෙ යන්න පුළුවන්නේ. (ර)

:       0       0

රත්නායක Wednesday, 07 December 2016 01:38 AM

හොඳ හොඳ යෝජනාත් අැහෙනව. හැබැයි ඒව ක්‍රියාත්මක වෙනබවක්නම් පේන්න නෑ.කටින් බතල හිටවල 2020 වෙනකොට හොඳ අස්වැන්ක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි. (ර)

:       0       0

තිලක් සියඹලාපිටිය Wednesday, 07 December 2016 01:59 AM

අප දුම්රිය සේවය මේ තියෙන විදිහටත් දිනකට ලක්ෂ හතරක් ප්‍රවාහනය කරනවා . ඉතින් මෙය මිලියනය දක්වා වැඩිකර පාරේ තදබදය අවමකර පරිසරයටත් හිතකර ලෙස ගමන් යමු. ව්‍යාපෘති කණඩායමට ඔබේ උපරිම සහය වචනයකින් හෝ ලබාදෙන්න. (ර)

:       0       0

ඇසළ Wednesday, 07 December 2016 02:45 AM

මේවත් හරියට නොමිලේ වයි-ෆයි , කාර්, මුලික වැටුපට 10,000, රැකියා 10 ලක්ෂයක්, වැට් නැති බඩු, වගේද එහෙමත් නැත්නම් ලොකු අයට දඩ නැති පොඩි මිනිස්සුන්ට දඩ ඇති මාරිග නීති වගේද? (ර)

:       0       0

සමන්ත Wednesday, 07 December 2016 04:02 AM

කවුරුත් කලබල වෙන්න එපා. මේ තියෙන තත්වය උඩ ඔය වගේ සංවර්ධන වැඩක් ජීවිතේට සිද්ධ වෙන්නේ නෑ. සැලසුම් සහා කතා විතරයි. (ර)

:       0       0

දිලිප් Wednesday, 07 December 2016 04:12 AM

මෙවන් ව්‍යාපෘතියක් කිරීමට නියමිත නම් එම අනාගත ව්‍යාපෘති ගැන අවධානය යොමු කර නොවේද දැනට කරන නවීකරණයන් කල යුතු වන්නේ? (ම)

:       0       0

නිහාල් Wednesday, 07 December 2016 04:15 AM

හොද වැඩක් ...හොරකම් නොකර කරපල්ලා ...අාදායම චීනයට ...නොයන පරිදි අපේ ඉංජිනේරු තාක්ෂණයෙන් ...., (ම)

:       0       0

මොහමඩ් Wednesday, 07 December 2016 04:26 AM

ශ්‍රී ලංකාවේ ප්‍රථම දුම්රිය ධාවනය වුයේ 1864 කොළඹ සිට අඹේපුස්සට.මෙය ඉතා කාලෝචිත ක්‍රියාවක්.ඔය රාජගිරියේ ගුවන් පාලම හදනවට වඩා කැලනිවෙලි මාර්ගය ද්විත්වකරණය වඩා ප්‍රයෝගිකයි (ර)

:       0       0

ආර් එමි ආර් දියඇලගෙදර Wednesday, 07 December 2016 04:30 AM

දැනට පවතින දුමිරිය සේවාව වඩාත් කාර්යක්ෂම කලොත් හොදටම ඇති. මහනුවර - කොළඔ අතර එක් කාර්්‍යාල දුමිරියක් යෙදවීමට මෙතෙක් පත්වූ කිසිදු රජයක් හෝ ප්‍රවාහන ඇමතිවරයෙක් මුල් නොවීම රටෙිම අවාසනාවක් ලෙසයි දකින්නේ. මූලික අවශ්‍යතා ඉටු නොකර සිදුකරන ව්‍යාපෘති රටෙි දියුනුවට කෙතරමි ඵලදායි වෙිද යන්න සැක සහිතය. (ර)

:       0       0

චාමර ගුණතිලක Wednesday, 07 December 2016 05:02 AM

මේ නිව්ස් එකේ නියම අර්ථය වටහා ගෙන තියෙන්නේ සමන්ත මහතා පමණි. (ර)

:       0       0

වැකෝ Wednesday, 07 December 2016 05:24 AM

පැයට කිලෝමිටෙර් 100 වේගෙන්යන්න විදුලි දුම්රිය මොනවටද? රේල් පාරවල් හරියට වැඩිදියුණු කරන්න. විශේෂයෙන් කැළණි වැලි දුම්රිය මාර්ගය . (ර)

:       0       0

අශෝක Wednesday, 07 December 2016 05:29 AM

වැඩේ නම් හොදයි. ඔය වගේ අදහස් හා යෝජනා හැමදාම ගේනවා. කීයක් ක්‍රියාත්මක උනාද කියලා අධ්‍යනයක් කලොත් හොදයි නේද. (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 07 December 2016 05:58 AM

දුවනවාට වඩා නවත්ත්වලා තියෙය් හැමදා, විදුලිය කපන නිසා. තව නොරෝච්චෝලයක් හැදුවානම්... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2875 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 501 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 752 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2732 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3562 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1934 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site