IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


21 පාසල් ඇරියත් විදුහල්පති එන්නේ නෑ

(රංජන් කස්තුරි)

මේ මස 21 වැනි දා පාසල් විවෘත කළ ද විදුහල්පතිවරුන් සේවයට වාර්තා නොකරන බව ලංකා විදුහල්පති සංගමය අධ්‍යාපන ලේකම්වරයාට දන්වා තිබේ.

ගුරුවරන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුවට තවමත් විසඳුමක් නොලැබී ඇති හෙයින් එම තීන්දුව ගත් බව ද ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා අධ්‍යාපන ලේකම්වරයා යවා ඇති ලිපියේ සඳහන් වෙයි.

ජාතික හා පළාත් සභා පාසල්වල සේවය කරන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ විදුහල්පතිවරුන් නියෝජ්‍ය විදුහල්පතිවරුන් සහ සහකාර විදුහල්පතිවරුන් එම තීන්දුව ක්‍රියාත්මක කරන බව ද එම ලිපියේ සඳහන් වේ.



අදහස් (26)

21 පාසල් ඇරියත් විදුහල්පති එන්නේ නෑ

SUNIL MILANO Thursday, 14 October 2021 06:43 PM

උඹලා ඔහොමම ගෙදරම නවතියල්ලා .මුළු මහත් දරු පරපුරටම කරන ලොකු සේවයක් .මුදල ගිජු උන ගුරුවරුන්යයි පවසන මේ අපතයන්ගෙන් දරුවන්ට සිදුවන සේවයක් නොමැත

:       11       31

පිටිගල මිලානෝ Friday, 15 October 2021 05:11 AM

බයියෝ.... අවුරුදු දෙකෙන් දෙකට ලෑන්ඩ් කෲශර් ඉල්ලන අර 225 ට මොනාද කරන්නේ?

:       2       3

BamunuarachchiFriday, 15 October 2021 02:01 PM

මැට්ටෝ 225 ට වාහන දෙන්නේ දෙකෙන් දෙකට නොවෙයි පහෙන් පහට. දෙන්න පටන් ගත්තේ 1977 බලයට ආපු එජාපය. ඒ කාලේ කිව්වේ බත් ගොට්ටෝ කියලා මතකද? මැතිනිය වාහන දෙන ගොන් තීන්දු ගත්තේ නැහැ. ජෙප්පෝ විරුද්ධ උනාද ?

:       1       2

RaveendraFriday, 15 October 2021 02:46 PM

ඔබ කියන බයියෝ කෙසේවෙතත් පක්ෂ, විපක්ෂවලට අදාළ 225ම අවුරුදු 5න් 5ට ගත්බව නම් ස්ථිරයි. මෙය පටන්ගත්තේ සටකපට ජේ.අාර්. බව අප රටේ පුරවැසියන්ට අමතක වීම කණගාටුවකි...

:       1       1

RaveendraFriday, 15 October 2021 01:16 PM

අපේ රටේ මුල් පුරවැසියාගෙන් නැවත වරක් මෙසේ ඉල්ලා සිටින්නෙමු. තම රාජකාරියට නොයෙන "එකදු කෙනෙකුට" මහජන බදුමුදල් වලින් එක සතයකවත් ගෙවීමක් නොකරන ලෙස. "විදුහල්පතිලා වේවා, තක්කඩි ගුරාලා වේවා" කිසිඳු කෙනෙකුට වැටුප් නොගෙවන ලෙස. එසේම අප නැවත වරක් මෙයද සඳහන් කරන්නෙමු. මේ ඉන්නේ ගුරුවරු නොවන බවත්... මේ ඉන්නේ ගුරුහොරු බවත් සඳහන් කරන්නෙමු. "ස්ටාලින් හා සිංහ නමැති අයට" මෙය අදහස් කියවීමට හැකි වේවා...!!! නුඹලා සියල්ලන්ම මේ අතගසා ඇත්තේ මහා පාපකර්මයකටයි. එබැවින් සියල්ලන්ම අඹුදරුවන්ද සමග එයට වන්දි ගෙවනු නියතයි...

:       1       1

SUNIL MILANO Thursday, 14 October 2021 06:44 PM

රාජකාරියට රපොර්තු නොකරන සියලුම දෙනා පන්නා දැමිය යුතුයි

:       12       30

saman Thursday, 14 October 2021 07:10 PM

ඉස්සර අපි විදුහල්පති තුමාට කිව්වේ පිනා කියලා .දැන් තමා තේරෙන්නේ අපිට හොඳ අනාගත දැක්මක් තිබිලා බව

:       12       28

පිටිගල මිලානෝ Thursday, 14 October 2021 07:11 PM

හමුදාවෙ කෙනෙක්ව තාවකාලිකව පත්කරන්න.

:       20       14

මුදියන්සේ. Thursday, 14 October 2021 07:19 PM

ගුරු දෙවිවරු ලෙසින් සිසු දරුවන් සැලකූ ගුරුවරුන්ට යළිත් සිසු දරුවන්ගේ මුහුණු බැලිය හැකිද ?

:       11       26

මහජනයා Thursday, 14 October 2021 07:43 PM

මෙලෙස දිගින් දිගටම මොවුන්ට කටයුතු කල හැකිද? මේ අරගලය අවසානයේ මේ උදවියට පාසලක පරිපාලනයක් කිරීමට පෞර්ෂයක් ඉතිරීවද? සෙසු ගුරුවරු හෝ සිසුන් මොවුන්ට මෙතෙක් ලබාදී තිබූ ගෞරවය කොතරම් ඉතිරිවේ දැයි අවිනිශ්චිතයි. රටක පරිපාලනයට මෙම රැල පාලනය කල නොහැකිනම් අනිවාර්යයෙන් මෙම විනයක් නැති පිරිසට පාසලක් පරිපාලනය කල නොහැකි විනයෙන් පිරිහුණු තැනක් වේවි.

:       11       26

මහජනයා Thursday, 14 October 2021 07:44 PM

කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සැහීමකට පත් නොවේනම් කලයුතු හොදම දෙය තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයන් එලෙස කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුද මෙම ක්‍රමය අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ පමණක් මෙම ක්‍රමය වෙනස් වන්නේ ඇයි? මෙසේ වන්නේ මොවුන් මේ ලබන ප්‍රතිලාභ වෙනත් රැකියාවකින් ලබාගත නොහැකි නිසා නොවේද? මෙම වසංගත සමයේ අධ්‍යාපන ක්‍රියාවලිය හා තම රැකියාවේ වගකීම් යුතුකම් පැහැරහරිමින් දින 100 දක්වා අඛණ්ඩ වර්ජනයක් කර ගීනස් වාර්තාවක් තැබීමට මොවුන් උත්සහ කරන බවක් පෙනේ. මෙවන් වියසනකාරී අවස්ථාවක නොවුවත් කිසිදු රටක මෙවන් දීර්ග නිර්ලජ්ජිත වැඩ වර්ජනයක් නොකෙරෙනු ඇත. මෙය ජාත්‍යන්තරයේ අපේ අධ්‍යාපන මට්ටම ගැන සදහන් දර්ශක වල ඍන අගයන් සටහන් කරවන මෝඩ, පව්කාර අරගලයකි.

:       11       29

RaveendraThursday, 14 October 2021 08:52 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. විනයක් නැති ගුරුහොරු අනාගතේදී කෙසේ දරුවනන්ට විනය පිලිබදව උපදෙස් දෙන්නේද ? කිසිදු ලැජ්ජාවක් නැතිව මහජන මුදලින් නිකන් පඩි ගන්න පුළුවන් කිසිදු රාජකාරියක් නොකර එමගින්ම පැහැදිලි වෙන්නේ මේ ස්ටාලින් ප්‍රමුක බුරුවන් රැල මේ නටන්නේ වැලේ වැල් නැති දේශපාලුවන්ගේ පදයට බව. ස්ටාලින් ප්‍රමුක ඒ බුරුවන් රැලට අප මෙසේ සදහන් කරන්නෙමු.. ලංකා මාතාවගේ අනාගත පරපුරට කරනා මේ විනාශයට "තොපි" සියල්ලොගේම දරුවන්ද වන්දි ගෙවනු නියතය. එලෙසම තොපේ මේ ඉල්ලීම් දිනාගත්තත් "තොපි" එකෙකුටවත් දරුවන්ගරු නොකරනු නියතය.මෙම අදහස් ස්ටාලින්, ගොන්සිංහ සහ බුරු රැළට කියවීමට හැකි වේවා.....අපගේ මාතෘ භූමියට යහපතක්ම වේවා....

:       1       2

Lelwala Thursday, 14 October 2021 07:45 PM

මේ සම්බන්දව රජය දැඩි තින්දුවක් ගත යුතුයි. සේවයට වාර්තා නොකොලොත් සේවය අතහැර ගියා සේ සලකා තරැණ උපාධිදාරි ගුරැවරු බදවා ගන්නා මෙන් ඉල්ලමි. මොහුන්ට වෙනත් යමක් කල නොහැක.

:       9       27

Sriland Thursday, 14 October 2021 08:01 PM

වැඩට එන්නේ නැති සැවොම අයින් කරලා සුදුස්සන්ට විදුහල්පතිකම දෙන්න

:       8       24

චන්දන Thursday, 14 October 2021 08:09 PM

මම දන්නා විදුහල්පති වරු කීප දෙනෙක් නම් කිව්වේ දැනටමත් එයාල අවශ්‍ය රාජකාරි කරන බවත් පාසල් පටන් ගත්තා ට පස්සේ නියමිත පරිදි වැඩට යන බවත්ය . මං හිතන්නේ එයාල ගුරු දෙවිවරුන් කියල .

:       6       29

Ratne Thursday, 14 October 2021 09:48 PM

උද්දච්ච පාලකයින් ගුරු ගැටලුවට සාධාරණය ඉටු නොකර මැරයින් ලෙස කටයුතු කිරීමේ විපාකයකි. යන්තම් සා.පෙ. සමත් හෝ අසමත් පිරිස්වලට රැ. ලක්ෂය ඉක්මවා වැටුපක් ඇතත්, ගුරුවරුන් ඉන් අඩක් වත් නොලැබීම කණගාටුදායකය.

:       1       0

Dharma Thursday, 14 October 2021 10:03 PM

ඔව් නුඹලට ගෙවල් වල ඉඳල පිංපඩි කන්න පුලුවන් මේ නපුංසක ආණ්ඩුව තියෙන කල්. දෙමළ මුස්ලිම් ගුරුවරුන් යසට උගන්නද්දි අපේ පැටවුන් ගෙන් පලිගනිල්ලා

:       1       0

සිරි Friday, 15 October 2021 12:12 AM

මෙයාලට ජේ ආර් ගේ පොතෙන් පාඩමක් ඉගැන්විය යුතුයි. ස' මෙයාලට බුරුල පෙන්වනවා වැඩියි.

:       0       0

පැරකුම් Friday, 15 October 2021 02:42 AM

පාසැල් පටන්ගත්තම බලන්න 85%ක් වැඩට එනව. ස්ටාලිනුත් එක්ක ඉතිරි 15% ගෙදර යවන්න. වැටුප් විෂමතාවය සාකච්ඡා කල පරිදි නොවරදවාම ක්‍රියත්මක කරන්න.

:       0       0

දාස Friday, 15 October 2021 06:41 AM

කෑම නැතිව හෝටල් ඇරියා වගේ.

:       1       0

ගජමෑන් Friday, 15 October 2021 06:44 AM

පොඩි හෝ ගැටලුවක් නැහැ .සිටින ගුරුවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය වැඩිම කෙනකු විදුහල්පති කරන්න (ජ්‍යෙෂ්ඨත්වය කියන්නෙ එකම පාසැලේ දිගුකලක් සිටි කෙනකු නොවෙයි ශ්‍රේණියේ ඉහළ කෙනෙක් විය යුතුය)

:       1       1

Sk Friday, 15 October 2021 07:54 AM

මාස ගානක් නිකන් ගෙදර හිටපු නිසා පාසල් එන්න අකමැති ඇති

:       1       1

Sisira Friday, 15 October 2021 07:55 AM

පෞද්ගලික පාසල් වල උගන්නනවා ඔන්ලයින් .දුප්පත් අපිට තමයි ඔක්කොම දේවල් වෙන්නේ .නිදහස් අධ්‍යාපනයේ හැටි

:       1       1

Nimal Friday, 15 October 2021 08:54 AM

නිවාඩු අවලංගු කරන්න .හොඳටම ඇති ගෙදර හිටියා ,පැමිණුනේ නැත්නම් පඩි කපන්න .මෙයාලට විතරද ප්‍රශ්න .මට පෙර අදහස් සියල්ල සමග එකඟ වෙමි .මේ ප්‍රශ්නය මෙතනින් ඉවර කරන්න .ගුරුවරුනේ වැඩිය දඟලන්න එපා .ඔබලාගේ ගරුත්වය තව තවත් කෙලෙසා ගන්න එපා .ඔහෙලත් මේ රටේ මිනිස්සු බව අමතක කරන්න එපා .ඔබලටත් ළමයි ඉන්නවා නේද

:       2       2

SUNIL MILANO Friday, 15 October 2021 01:45 PM

මම කීප වතාවක්ම කිව්වා . මේ පිටිගල මිලානොගේ මොලේ කොලොප්පන් වෙලා කියලා .ප්‍රශ්නෙට අදාලව නෙමෙයි උත්තර දෙන්නේ .මොකෙක්ගේ රෙදිද අපුල්ලන්නේ

:       1       1

Bamunuarachchi Friday, 15 October 2021 02:05 PM

21 පාසල් නාවොත් 1985 මෙන් සේවය අතර ගියා සේ සලකන්න. සේවයට වාර්තා නොකට දවස් වලට වැටුප් ගෙව්වොත් එය ජාතියට කරන අසාධාරණයක් අපේ බදු මුදල්වලින්... ඒ අයට වැටුප් ගෙවන්න එපා..

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 531 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 157 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1142 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 148 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 347 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2270 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site