(අජන්ත කුමාර අගලකඩ)
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි විරෝධය පළ කිරීම හේතුවෙන්,එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ ගැටලුවක් මතුවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් බී දිසානායක ආචාර්ය සරත් වීරසේකර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කර ඇති අතර,එම තත්ත්වය තුළ කෙටුම්පත සම්මත කර ගැනීම ගැටළුවක් වී ඇතැයි පැවසේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීත්,අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ හමුවේ දීත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර ඇත.
එහි විශේෂත්වය වන්නේ එම සාකච්ඡා දෙකේදීම විජයදාස රාජපක්ෂ ඇමතිවරයා හැරුණු විට වෙනත් කිසිවකුත් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව අදහස් නොදැක්ව බවද දැනගන්නට ඇත.
එමෙන්ම පාර්ලිමේන්තුව වසර දෙකහමාරකට පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලබාදීම සම්බන්ධයෙන්ද පොදුජන පෙරමුණ දැඩි විරෝධය පළ කර ඇත.
මෙම පනත් කෙටුම්පත ඉකුත් 06 සහ 07දෙදින විවාදකර සම්මත කර ගැනීමට මුලින් දින වෙන් කරගෙන තිබුණද ඇතිව තිබෙන විරෝධය හමුවේ එය ලබන සතියට කල් දමනු ලැබීය
එය ලබන සතියේදී විවාදයට ගෙන සම්මත කර ගැනීම මේ තත්ත්වය තුළ ගැටළුකාරී වී ඇතැයි දැනගන්නට තිබේ.
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
22කට පොහොට්ටුවේ පිරිසක් විරුද්ධ වේ
ජගත් ලියනගේ Saturday, 08 October 2022 02:10 PM
ඕක සම්මත වුණේ නැත්තං අපිට මොකක්ද වෙන්නේ? බඩගින්නේ මැරෙන්න වෙයිද?
සමන්Saturday, 08 October 2022 05:07 PM
නෑ. බැසිල් ආපහු පාරක් ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තු ඒවි. කබ්රාල් වගේ ආණ්ඩුවට වැරැදි උපදෙස් දීලා ඩොලර් හිඟය සහ ආර්ථිකය නැති කළා කියපු අයත් ඉස්සරහට ඒවි. එතකොට ඉතින් බඩගිනි හැදේවි...!
Kumara Saturday, 08 October 2022 05:48 PM
පරිප්පුව මදි වගේ.. බඩට දැනිලා නෑ...!
Chandima Saturday, 08 October 2022 05:53 PM
රනිල්ට පින් ජනාධිපතිකම දුන්නේ ආණ්ඩුක්‍රමයේ වෙනස් කරන්න නැතිනම් ආර්ථිකය ගොඩගන්නද? නටන්න බැරි එකා පොළවේ ඇද කිය කියා ඉන්නවා වගේ වැඩක්නේ මේක..! එයා මේ හදන්නේ ඡන්දෙකට කළින් යාවජීව ජනාධිපති වෙන්න ජනතාව පත්කරපු නියෝජිතයින් කොන්ට්‍රෝල් කරන ක්‍රමයක් හදාගන්න...
Bishan Saturday, 08 October 2022 06:35 PM
පොහොට්ටුවේ අය කියන්නේ සැබෑම කාලකන්නි ජාතියක්...!
fairoos Sunday, 09 October 2022 01:20 PM
පොහොට්ටුවේ ඉන්න එවුවොන්ට රටට හෙණ ගැහුවත් කමක් නැහැ. මේ කාලකන්නි ඉන්නකම් රටට අබ සරණයි.