IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


24 වැනිදා රෑ හතට පොකට් කොන්සර්ට් එකක්

2016-09-20-ent-45

එළඹෙන 24 වැනිදා රෑ හතට පොකට් කොන්සර්ට් එකක් අරන් චාමින්ද රත්නසූරිය හා ලසිත් ධීරන්ත බත්තරමුල්ලේ අපේ ගමට රොද බඳින්න එන්නට ඔබ සැමට ආරාධනා කරයි. පොකට් කොන්සර්ට් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න හා ඔවුන් කරන්නට යන්නේ කුමක්ද යන්න ගැන කතා කරනට අපි ඔවුන්ව අදට සම්බන්ධ කරගතිමු.

 

චාමින්ද රත්නසූරිය හා ලසිත්ධීරන්ත

 

2016-09-20-ent-42චාමින්ද - අපි පොකට් කොන්සර්ට් නම් සංකල්පයක ප්‍රසංගයක් තමයි පවත්වාගෙන යන්නෙ. ලංකාවෙ සංගීතය තුළ හැමදාම ඒකාකාරී කතාවක් මතුවෙලා තිබෙනවා. මට විශේෂයෙන්ම අවශ්‍ය වුණා ප්‍රේක්ෂකයනුයි වේදිකාවයි අතර තිබෙන පරතරය පියවන්න. දෙසීයකගෙ පමණ සහභාගීත්වයෙන් විනාඩි අනූවක කාලයක් පුරා විහිද යාමයි මෙහි මූලික අරමුණ වෙලා තිබුණෙ. තමන් කැමති සංගීතඥයා සමග කතා බස් කරන්න ඔවුන් එක්ක අදහස් බෙදාගන්න පුළුවන් ඉඩහසර හදා දෙන්න තමයි මේ සංකල්පය ගෙනාවෙ. පළමු ප්‍රසංගය නදීක ගුරුගේ විසින් සිදුකළා. දෙවැන්න ලෙලුම් රත්නායක බත්තරමුල් සිංහ සමාජයීය ශාලාවේදී සිදුකළා. එය අති සාර්ථක වුණා. අනතුරුව තෙවැන්න ඊට වඩා වැඩි පිරිසකගේ සහභාගීත්වයකින් අපේ ගම තියටර් හෝල් හිදී පැවැත්වීමට නියමිතයි.

ලසිත් - මගේම ගීත කිහිපයක් මෙදින ගායනා කරනවා. එමෙන්ම අපට ඇහිල තිබෙන ජනප්‍රිය ගීත වෙනත් විදියකින් ගිටාරයේ භාවිතයෙන් වෙනස් හැඩයකට වෙනම ශබ්ද වර්ණකයන්ගෙන් ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ‍.

 

මෙවැනි වැඩකට සම්බන්ධ වෙන්න ඔබ හිතුවේ ඇයි?

ලසිත් - මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳව උපාධිය හැදෑරුවා. මේ ආකෘතියේ සංගීතය බොහෝදුරට හදාරා තිබෙනවා. මම උපාධිය හැදෑරුවේ වෙස්ටර්න් ක්ලැසිකල් මියුසික්වලින්. මේ සියල්ලගේම සම්මිශ්‍රණයක් තමයි නිර්මාණවල තිබෙන්නේ. ඒවා විතරක් නෙවෙයි මූලිකව ෆ්ලෙමින්කෝ සහ ඉන්දියානු සංගීතය, ලංකාවේ සංගීතය හා ජෑස් , බ්ලූස් සංගීතයේ මිශ්‍රණයක් තමයි එම නිර්මාණවල තිබෙන්නේ. මෙදිනට ගීත දාසයක් ගයන්න බලාපොරොත්තු වෙනවා. මගේම ගීත 5 ක් සහ මගේ ෆියුෂන්ස් දෙකක් වාදනය කරනවා. ඊට අමතරව ජනප්‍රිය ගීත කිහිපයක් තෝරගෙන තිබෙනවා.

චාමින්ද - ලංකාවේ සංගීතයේ වෙනස් හැඩයක් අවශ්‍ය වෙලාවක් තමයි මෙය. ඒ ගැන හිතල තමයි අපි පොකට් කොන්සර්ට් සංකල්පය ගේන්නෙ. ඉස්සරහට ලසිත් වැනි අලුත් පරම්පරාවේ අයත් එක්ක තමයි මං වැඩකටයුතු කරගෙන යන්නේ. මගේ පරම්පරාවේ කසුන්, නදීක වැනි අයත් එක්ක වැඩ කළා වගේම අලුත් අයත් එක්ක මේ කටයුත්ත දිගට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

 

මේ සංකල්පය නාගරික අවකාශය වටේම නේද භ්‍රමණය වෙන්නේ?

චාමින්ද - අපිට අනුරාධපුරය සහ ගාල්ල වැනි ප්‍රදේශවලින් කතා කරල තිබෙනවා. ඒ තැන්වල මෙය වෙන වැඩක් විදියට අපි එළියට අරගෙන යනවා. මේ ප්‍රසංගය කරන්න කැමති අය ඉන්නව නම් අපිට කතා කරන්න පුළුවන්. මෙහි විශේෂත්වය තමයි එළිමහන් ප්‍රදේශයක තමයි මේ ප්‍රසංගය පවත්වන්නේ. මුහුදු වෙරළක වෙන්න පුළුවන්, හොටෙල් ලොබි එකක වෙන්න පුළුවන්. ස්වාභාවික පරිසරයත් එක්ක සින්දු දාසයක් සංගීතයත් එක්ක මුසුවුණ හැන්දෑවක් ගත කරන්න තමයි මෙය අපි නිර්මාණය කරන්නෙ. ඇත්තම කිව්වොත් මෙය මධුවිතක් එක්ක තමයි දොඩමළු වෙන්නෙ. එහිදී තමන් කැමති සංගීතඥයා නැතිනම් ගායකයා එක්ක ගීතයක් විඳින ගමන් ඒ ගීතයත් එක්ක බැඳුණු කතන්දර එක්ක සංවාදගත වෙමින් සුන්දර සන්ධ්‍යාවක් එක්ක සැරිසරන්නයි මේ සූදානම.

 

ඔබේ සංගීත හැදෑරීම කෙබඳුද?

ලසිත් - මට තිබෙනවා ප්‍රාසාංගික කලා විශේෂ උපාධියක්. ඊට අමතරව ඉන්දියානු සංගීතය හදාරා තිබෙනවා. පාසලේදීත් සංගීතයයි හැදෑරුවේ. ඊට අමතරව ක්ෂේත්‍රයේ නිර්මාණ කරමිනුයි සිටින්නේ. මගේ පළමු සංගීත භාණ්ඩය වයලීනය. එක්තරා කාලයක මම බීට් බෑන්ඩ්ස්වලට සම්බන්ධවෙලා හිටියා. අනතුරුව කීබෝඩ් වාදනයට මාරුවුණා. පසුව තමයි ගිටාරය අතට ගත්තෙ. එහිදීත් මම ලයිට් පැත්ත තමයි වාදනය කරන්නේ. කැම්පස් ගියාම තමයි ෆ්ලෙමින්කෝ සහ ක්ලැසිකල් ගිටාරය පැත්තට යොමු වෙන්නේ.

 

මෙය එක්තරා කොටසකින් එහාට ගෙනියන්න වැඩපිළිවෙළක් තිබෙනවාද?

2016-09-20-ent-44චාමින්ද - මෙය අලුත් අත්දැකීමක්නේ. ඒ නිසා මෙහි වෙළෙඳ ප්‍රචාරණ අංශයේදී අමාරුකම් ටිකක් තිබෙනවා. මෙය මුදල් උපයන්නම කරපු වැඩක් නෙවෙයි. මිනිස්සු අතරට මියුසික් ගෙනියන ගමන් ඔවුන් එක්ක සංවාදගත වීම තමයි මෙහි මූලික අරමුණ. සමාජ මාධ්‍ය සමග සංවාදගත වන තරුණ කණ්ඩායම්වල එකමුතුවෙන් විවිධ ප්‍රදේශවලට ගෙනියන්න කතාබස් කරල තිබෙනවා. මේ අර්බුදයට විසඳුම් ලෙස මාධ්‍යවල බැන බැන ඉන්නවට වඩා ධනාත්මකව වැඩක් කළ යුතුයි යන තැන ඉඳගෙනයි මේ කටයුත්ත අපි සිදුකරන්නේ. ලංකාවේ සමහර නිර්මාණකරුවො හිතාගෙන ඉන්නවා අතීත සම්ප්‍රදායම මෙහි ස්ථාපිත කරගත යුතුයි කියා. එතන තමයි මැජික් එක තියෙන්නේ කියල එයටත් විකල්පයක් හඳුන්වාදීම තමයි මෙහි අරමුණ. මෙය සිදුකළ යුත්තේ මං වගේ ගීපද රචකයෙක් නෙවෙයි. ලසිත්ල වගේ අය එක්ක වැඩ කළ යුත්තේ සංගීතඥයො. මොකද ඔහුට දක්ෂතාවක් තිබෙනවා. ඔහුට සංගීත සංයෝජනය පවා කළ හැකියි. ඔහුගේ ගායන විලාසය වෙනස්. ඔහුගේ ගිටාරයත් එක්ක රසික පිරිසට සුහදව ගනුදෙනු කළ හැකියි. එය පුළුල්ව කළයුතු වැඩක්. නමුත් දැනට අපි මෙහෙම කරගෙන යනවා.

 

අලුතින් හැදෙන සංගීත සංරචනාවල හැසිරීම කෙබඳුද?

ලසිත් - මෙහෙමයි .. මං කියන්නෙ හැමදෙයක්ම තිබිය යුතුයි. හෝටලයක් වුණාම අඹ මාළුව විතරක් නෙවෙයි රටකජු පවා තියෙන්නෝන. හැබැයි දැන් යන්නෙ එකම ආකෘතියක. ලංකාවෙ දැනට ජනප්‍රිය ගීත එකම ආකෘතියකයි තිබෙන්නේ. එකම කෝඩ්වල එකම මෙලඩියෙ තමයි ගමන් කරන්නේ. ඒ නිසා ලොකු ඒකාකාරී බවක් තිබෙනවා.

චාමින්ද - අනික තමයි අපිට අවශ්‍යතාව තිබෙන්නේ ඒකාකාරී සංගීතයේ රැඳිලා ඉන්න. මෙයින් ගලවගන්න අපි හමුවෙන සංගීත සන්ධ්‍යාවල ගිටාරයත් අරන් සාහිත්‍යය ගැන කතා කරමින් විවිධ ක්ෂේත්‍රවල සහෘදයො එක්ක සංවාදශීලී වෙන්න අපිට අවස්ථාව ලැබෙනවා. නමුත් එළියෙ ඉන්න අයට ඒ අවස්ථාව අඩුයි. එනිසා මෙයට දෝෂාරෝපණය කරනවාට වඩා එක පියවරක් ඉදිරියට තැබීමයි අවශ්‍ය. වෙනස් රසිකත්වයක් තිබෙන අයට අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියා.

 

සමහරු කියනවා ඉස්සර තිබුණේ කවි දැන් තමයි සින්දු හැදෙන්නෙ කියල. මේ කතාව ඇත්තද?

ඉස්සර වුණත් එළිසමය රැකලා ස්ථායී සහ අන්තරා කොටස් දෙකනේ තිබුණෙ. ඒ ආර කැඩුණු එක ලොකු දෙයක්. ඉස්සරත් එහෙම වෙලා තිබෙනවා. නමුත් දැන් ඒක වැඩියි.

චාමින්ද - නිදහස් ආකෘතික ලක්ෂණ තිබෙන ගීත වර්තමානයේ බිහිවෙනවා. එයින් අතළොස්සක් තමයි හරියට දැනගෙන නිර්මාණය කරන්නෙ. සුභාවිත ගීත කියල එක පිරිසක් කියනවා. ලෝකෙ එහෙම එකක් නෑ. ලෝක සංගීතයේ මෙවැනි බෙදීම් නෑ. එහෙම ඇරෙන්න ලංකාවෙ හරි ලේසියට සුභාවිත ගීත රැකගන්න ඕනෙ වගේ කතන්දර කියනවා. රැකගන්න නම් එහි විවිධත්වය දැනගත යුතුයි. ඉන්දියානු සංගීතයේත් ගසල් සහ කර්ණාටක සංගීතය වෙන්න පුළුවන්. අපි මේ දිනවල අහනවා කවාලි වැනි ආරවල ගීත. ඒවා සංගීතයේ ප්‍රභේද. හැත්තෑව දශකයේදීත් විවිධත්වයක් සහිත ගීත තිබුණා. ඒ විවිධත්වය තමයි ගිලිහිලා තිබෙන්නෙ. අපි මේ පොකට් කොන්සර්ට් හරහා ගේන්න හදන්නෙත් මේ විවිධත්වය. නදීක ගුරුගේ ,නදීක ජයවර්ධන වැනි සංගීතඥයන් වගේම නවකයනුත් ඉදිරියට ගෙන යා යුතුයි. වෘත්තීය කුහකත්වය අතෑරලා අලුත් අයත් එක්කත් වැඩ කරන්න ඕන.

මේ ගැන වැඩි විස්තර දැනගන්න ඔබටත් මේ දෙපළට කතා කරන්න පුළුවන්

අයේෂ් -0713405013

ලංජය 0777123844

 

 

සටහන ඉඳුනිල් සින්දු

 

2016-09-20-ent-43



අදහස් (0)

24 වැනිදා රෑ හතට පොකට් කොන්සර්ට් එකක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1029 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1304 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 84 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 851 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 374 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1178 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39486 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site