IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


25 වැනි ‘කැලණි සටනේ’ ගුරුකුල ජයග‍්‍රහණයට ආලෝකය හරස් වෙයි

කැලණිය ගුරුකුල විදුහල සහ ශ්‍රී ධර්මාලෝක විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති 25 වැනි ‘කැලණි සටන’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය.

තරගයේ දෙවැනි සහ අවසන් දින වූ ඊයේ (28) අයහපත් අලෝක තත්ත්වය හේතුවෙන් තරගය අවසන් කරන විට ලකුණු 265 ක ජයග‍්‍රාහි ඉලක්කය සඳහා දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටි ධර්මාලෝක විදුහල කඩුලූ 9 ක් දැවී ලකුණු 133 ක් ලබා දැඩි අසීරු තත්ත්වයක පසුවිය.

තරගයේ අවසන්  ඕවරයේ පන්දු 5 ක් ඉතිරිව තිබියදී අයහපත් අලෝකය හේතුවෙන් තරගය අත්හිටුවීය.

රොෂාන් අනුරුද්ධ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ධර්මාලෝක පළමු ඉනිමේ පළමු කඩුලූ තුන පිට පිටම දවා ගනිමින් කඩුලූ ත‍්‍රිත්වයක් සමගින් ලකුණු 57 කට කඩුලූ 8 ක් දවා ගනිමින් දක්‍ෂතම පන්දු යවන්නා සහ තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ධර්මාලෝක විදුහලේ සුලාජ් ගයාෂාන් දක්‍ෂතම පිතිකරු ලෙස ද, කුසල් අෂේන් දක්‍ෂතම පන්දු රකින්නා ලෙස ද, සම්මාන ලැබූහ. 

ගුරුකුල විදුහල පළමු ඉනිම 208

(හෂාන් දුමිඳු 30, කසුන් මධුසංඛ 25, රොෂාන් අනුරුද්ධ 31, ශෂින් දිල්රංග 30, නලීන් පෙරේරා 24, නාමල් පැතුම් 34, ප‍්‍රමුත් හර්ෂික 24/2, ජනක පැතුම් 47/2, ජුලාන් කනිෂ්ක 6/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 169 (ශෂින් දිල්රංග 38, ලිසුල ලක්‍ෂාන් 57, රොෂාන් අනුරුද්ධ නොදැවී 51)

ධර්මාලෝක විදුහල පළමු ඉනිම 113

(කුසල් අෂේන් 33, රොෂාන් අනුරුද්ධ 38/5, ජයමාල් වන්නිආරච්චි 8/3, නලීන් පෙරේරා 32/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 9 ට 133 (සුලාජ් ගයාෂාන් 55, රවිඳු තිවංක 23, රොෂාන් අනුරුද්ධ 19/3, නලීන් පෙරේරා 26/3, නාමල් පැතුම් 13/2)  

 



අදහස් (0)

25 වැනි ‘කැලණි සටනේ’ ගුරුකුල ජයග‍්‍රහණයට ආලෝකය හරස් වෙයි

චතුරංග Saturday, 30 March 2013 03:03 PM

මේක තියුනු තරගයක් නෙමෙයි. ගුරුකුල ජයගන්න තිබුන අවස්ථාව නැතිවුනේ.(නදී)

:       0       0

නාරංගොඩ Saturday, 30 March 2013 03:09 PM

ඒ අපේ හෑදියාව දෑන් අපි හෑදිලා.(නදී)

:       0       0

රීසා Saturday, 30 March 2013 03:52 PM

ආඩම්බරයි.

:       0       0

සමීර Saturday, 30 March 2013 01:07 PM

ගුරුකුල ඉදිරියටම යමු...! ඔබට අප්‍රේල් 7 එක්දින තරඟය ජයග්‍රහනය කිරීමට ද අපෙන් සුබ පැතුම් ! (ස)

:       0       0

akinahd Saturday, 30 March 2013 02:37 PM

මෙච්චර තියුනු තරගයක් වලියක් නැතුව ඉවර කර ගත්ත එකට කන්ඩායම් දෙකටම ස්තුතියි. ඔබලා රටට ආදර්ශයක්! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 811 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 462 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 343 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 606 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 399 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1102 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site