කොස්ලන්දේ මීරියබැද්දේ පවුල් 58ක 330 දෙනකුගෙන් පාසල් ගිය රුවන් 75 දෙනකු ජීවතුන් අතර සිටින බව බදුල්ල දිසාපති රෝහණ දිසානායක මහතා කොස්ලන්ද දෙමළ මහා විද්‍යෘලයයේදී මහින්ද රාජපක්ෂ ජනපතිට දැනුම් දුන්නේය.
ඒ අනුව නාය ගිය පෙදෙසේ සිටි 255 දෙනකු ගැන තොරතුරක් නැත.
ජනපති නිලධරයින්ගෙන් ප්‍රශ්න කළේ නායයෑමේ අවදානමක් ඇති පෙදෙසක සිටි එම පවුල් සදහා විකල්ප ඉඩම් දුන්නේද යන්නයි.
දිසාපති රෝහණ දිසානායක මහතා:මීට කළින් ඉඩම් දුන්නා .පවුල් 30ක් ඉවත්ව ගියා.
ජනපති: අවදානම් සහිත ඉඩම්වල සිටින සියලු දෙනාම ආරක්ෂා සහිත ඉඩම් වලට යැවීමට පියවර ගන්න.ඒ සඳහා වතුවල සහායත් ලබා ගන්න.
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
255ක් ආගිය අතක් නෑ
ප්‍රනාන්දු Thursday, 30 October 2014 07:47 AM
දැන්වත් මේ මිනිසුන්ට ස්ථිර විසඳුමක් ලැබුනොත් හොඳයි (නි)
විරාජ් Thursday, 30 October 2014 08:03 AM
සියලු දෙනාම ඉක්මණින් සොයාගන්න ලැබෙනවා නම්.. (නි)
ශේරෝන් Thursday, 30 October 2014 08:22 AM
පොලිස් නිල සුනඛයෙක් ගේන්න (නදී)
තිසේරා Thursday, 30 October 2014 08:38 AM
රුවන් 75 ක් කියන්නේ මොකක්ද ? (නදී)
විරාජ් Thursday, 30 October 2014 08:44 AM
හැමදාම ඉස්තාලේ දොර වහන්නේ අශ්වයා ගියාට පස්සේ. (නදී)
දොන් සුරේෂ් දෙන්ළිල් ජයසිංහ Thursday, 30 October 2014 08:49 AM
නියමයිනේ (නදී)
උපාලි Thursday, 30 October 2014 09:20 AM
මේ අයට ඉවත් වෙන්න කිව්වා නම් ඒගැන හොයන්නත් ඕනෑ. තව ටික දවසකින් මේක අමතක වෙයි. නැවත කොහේහරි ආපදාවක් වුණාම තමයි ඇස් උඩයන්නේ. (නි)
නලින් Thursday, 30 October 2014 10:18 AM
පව් අහිංසක මිනිස්සු. කවුරු කවුරුත් උදවු කරන එක තමයි වටින්නේ. (නි)
නලින් Thursday, 30 October 2014 10:18 AM
පව් අහිංසක මිනිස්සු කව්රු කව්රුත් උදව් කරන එක තමයි වටින්නේ. (නදී)
සම්පත් Thursday, 30 October 2014 10:19 AM
නියම ජනහිතකාමී නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමා (නදී)
නිරාන් සෞදි Thursday, 30 October 2014 10:22 AM
මේ නායගිය ප්‍රදේශයේ තිබුන්න නිවාස ඉවත්කරන්න කියා මීට ඉහතදී මේ වත්ත බාර සමාගමට දැනුම් දී තිබුනද එසේ කිරීමට ඔහුන් ක්‍රියා නොකළ නිසා විශාල විපතක් සිදු විය. රජය මේ වතු සමාගමට විරුද්දව ගන්නා පියවර කුමක්ද ? රටේ නීතියෙන් රිංගලා යන්න තියෙන මේ හිදැස් වසන තුරු අපට නිරතුරුවම බැට කණ්න සිදු වේවි (නදී)
සමීර සාලින්ද Thursday, 30 October 2014 11:25 AM
දැන් බොරුවට කෑ ගහලා වැඩක් තියේද ? චීනයට දෙන ඉඩම් වලින් කොටසක හරි මෙයාල පදිංචි කළා නම් මෙවන් විපතක් වේවිද (නදී)
කොඩී Thursday, 30 October 2014 12:32 PM
හැම දේම ජනාධිපතිතුමා කියනකන් නිලදාරින්ට තේරෙන්නේ නැති හැටි (නදී)
ජිලෝ Thursday, 30 October 2014 06:33 AM
2005 සිට දිසාපතිවරුන් සහ පළාත් සභාව මොනවාද කළේ. දැන් යනවා බලන්න. මිහිදන් වූ අයට නිවන්සුව! මෙම විපතට වග කිව යූත්තන්ට මෙලොවත් එලොවත් නරකාදියක් වේවා (නදී)
චන්දිමා Thursday, 30 October 2014 06:40 AM
ඔය ආපදා කලමණාකරනයට පත්කරල ඉන්න ඇමතිවරු වැඩ කරලා තියෙන්නෙ සුපුරුදු විදියටම. අශ්වයා ගියාට පස්සෙ තමයි එයාලට ඇස් ඇරෙන්නේ. (නදී)
ඩිලෝන් වික්ටෝරියන් ඩොමිනිකස් Thursday, 30 October 2014 06:43 AM
මේ වගේ විපතක් අායමත් නොවේවා කියා මා ප්‍රර්ථනා කරමි. ස්වාමීනි අප ලංකාව රැකදේවා (නදී)
ලසිත් Thursday, 30 October 2014 06:49 AM
දැන් මේ දරුවන්ට යන කල දසාව කුමක්ද ? හරිම කනගාටුයි. (නදී)
අශෝක Thursday, 30 October 2014 06:53 AM
අපි කොයි කවුරුත් අවදානම කියන එක ඒ තරමටම ගණන් නොගත්තත් මේවගේ දෙයකින් හරි පාඩමක් ඉගෙනගනිමු. මියගිය අය මොනවගේ වුණත් එයාලා ඔක්කොම අපේ අය.ඒ අපේ අය වෙනුවෙන් ජීවතුන් අතර ඉන්න එයාලගේ අය මගේ අය මෙන් රැකගනිමු. මියගිය අයට නිවන් සුව පතමු!!! (නි)